2025 වසර තුළදී පමණක් ඉන්දියානුවන්ට ඩිජිටල් මූල්‍ය වංචා හේතුවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 25ක දැවැන්ත මුදලක් අහිමි වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
මෙය 2021 වසරට සාපේක්ෂව 4,300% ක ඉහළ යාමක් වන අතර, පුද්ගලයින් මිලියන 2.5ක් පමණ මෙලෙස වංචාවන්ට ගොදුරු වී ඇති බව සඳහන් වේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා ඉන්දීය මහ බැංකුව (The Reserve Bank of India -RBI) විසින් නව නීති රීති මාලාවක් හඳුන්වා දීමට සූදානම් වන බව සඳහන් වේ.
බොහෝ විට වංචාකරුවන් රජයේ නිල වෙබ් අඩවි වලට සමාන ව්‍යාජ ලින්ක් (Phishing links) කෙටි පණිවිඩ හරහා යොමු කරයි.
උදාහරණයක් ලෙස, රථවාහන දඩ මුදල් ගෙවන ලෙස පවසමින් එවන පණිවිඩවල ඇති ලින්ක් හරහා ගොස් ගෙවීම් කිරීමට යාමේදී, පාරිභෝගිකයාගේ බැංකු ගිණුම්වල ඇති මුදල් සොරාගැනීම සිදු වේ.
මනෝවිද්‍යාත්මකව පුද්ගලයා බියට පත් කර හෝ හදිසියක් ඇති කර (Social Engineering) මෙම වංචා සිදු කෙරේ.
කෙසේ වෙතත්, නීති මගින් පමණක් මෙය පාලනය කළ නොහැකි බවත්, ඉන්දියාවේ වේගයෙන් වර්ධනය වන ඩිජිටල් ගනුදෙනු සමඟ පාරිභෝගික දැනුවත්භාවය ද ඉහළ නැංවිය යුතු බවත් විද්වතුන් අවධාරණය කරති.

