Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ජනාධිපතිවරණයේ නිල ප්‍රතිඵල ලැබෙන තෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම පාර්ශවවලින් ඉල්ලීමක් කරයි. ඇතැම් සමාජ මාධ්‍ය ජාලාද නිල ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීම කරන්නේය. මේ අතර ඡන්දය ප්‍රකාශ කරන මධ්‍යස්ථානයන්හි සහ ඒ අවට ප්‍රදේශවල මැතිවරණ නීති කඩ කරන්නන්ට එරෙහිව දඬුවම් ලබාදෙන බවද සභාපතිවරයා කීවේය. ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද ගණන් කිරීම පස්වරු 4.15 ට පමණ ආරම්භ කිරීමට නියමිතය. ගණන් කිරීම අවසන්වී ප්‍රතිඵල ලැබුණු පසු ඒවා මාධ්‍යයට නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි. ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති ඡන්ද කාර්යාල ඉවත් කිරීම…
සමාජ මාධ්‍යයන්හි මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව අදාල පාර්ශවවලට නියෝග ලබාදී ඇතත් තවමත් ඒ ප්‍රචාරක කටයුතු සිදුවන බව වාර්තාවේ. මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ උසස් නිලධාරියකුගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තාක්ෂණික කාරණා හේතුවෙන් සමාජ මාධ්‍යවලින් මැතිවරණ ප්‍රචාරක කටයුතු නතර කිරීම ප්‍රායෝගිකව දුෂ්කරවී ඇති බවයි. සමාජ මාධ්‍ය ප්‍රචාරක කටයුතුවලට සම්බන්ධ අසූවකට ආසන්න පිරිසක් මැතිවරණ කොමිෂන් සභාවට කැඳවා ඒවා නතර කරන ලෙසට පසුගියදා උපදෙස්දී තිබිණ. මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ අතිරේක මැතිවරණ කොමසාරිස් (නීති) චින්තක කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම ප්‍රචාරක කටයුතු නතර කරන ලෙසට දිගින් දිගටම උපදෙස් දුන් බවයි. එසේම මැතිවරණ කොමිෂන් සභාව…
දේශපාලන කටයුතුවල නියැලී ජනාධිපති අපේක්ෂකයන් ප්‍රවර්ධනයට කටයුතු කළ බව කියන හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් නව දෙනෙකු මැතිවරණ රාජකාරී කටයුතුවලින් ඉවත් කළ බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී එම්.පී සුමනසේකර මහතා පැවසීය. දේශපාලන කටයුතුවල නිරතව සිටි රාජ්‍ය නිලධාරීන් 19 දෙනෙකු සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයට පැමිණිලි ලැබී තිබිණ. ඒ අනුව විමර්ශන පවත්වා ඉන් නිලධාරීන් නව දෙනකුගේ මැතිවරණ රාජකාරි කටයුතු මෙසේ අත්හිටවූ හම්බන්තොට සහකාර මැතිවරණ කොමසාරිස් ජයාන් ලක්මාල් මහතා පැවසීය. තවත් නිලධාරිනියක සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවද ඔහු කීවේය. මෙසේ පැමිණිලි ලැබුණු පිරිසට වෛද්‍යවරු තිදෙනෙක්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක්. විදුහල්පතිවරු නවයක්, නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් සහ ගුරුවරු සිවු දෙනෙක් සහ සමෘද්ධි කළමනාකරුවෙක් ඇතුළත්…
අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේ සේවය කළ ශාලාධිපති ඇතුළු තිදෙනෙකුගේ සේවය අත්හිටුවිමට පියවර ගෙන ඇති බව උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එස්.එම්.ඩබ්.සමරකෝන් මහතා ඊයේ (19)දින පැවසිය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශාලාධිපතිවරයා ඇතුළු මෙම තිදෙනා ගෙන් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්ව පසුගියදා ප්‍රකාශ සටහන් කොට ගෙන තිබුණි. පසුගිය 15 වැනි දින අනුරාධපුර,රත්මලේ තිස්ස විදුහලේ පහ වසර ශිෂ්‍යත්ව විභාග මධ්‍යස්ථානයේදි විභාගය පැවැත්විමට පෙර පළමු විභාග ප්‍රශ්න පත්‍රය එම විභාග මධ්‍යස්ථානයේ සහකාර ශාලාධිපතිවරයා විසින් සිය ජංගම දුරකතනයෙන් ජයාරැප ගත කොට උපකාරක පංති පවත්වන ගුරුවරු පිරිසකට යවා ඇති බවට සිදුකළ මුලික විමර්ශණයේදි තහවුරැවු බවද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා මෙහිදි පැවසිය. ඒ අනුව එම ශිෂ්‍යත්ව විභාග…
මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ. අනිද්දා පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා ඡන්ද මධ්‍යස්ථාන 13,421ක ඡන්ද විමසීම පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය. ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ඊයේ (18) මධ්‍යම රාත්‍රි 12.00න් අවසන් වු අතර මැතිවරණය පැවැත්වෙන කාලසීමාව දක්වා වු කාලය නිහඬ කාලය ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. මෙම කාලසීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචාරණ කටයුත්තක් තහනම් වන අතර මැතිවරණ නීති රීති උල්ලංඝනය කරන ඕනෑම පාර්ශයක් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමට පොලීසියට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය. ජනාධිපතිවරණය පැවැත්වීමට අවශ්‍ය සියලු මූලික කටයුතු මේ…
පුපුරණ ද්‍රව්‍ය සමග සැකකරුන් සිව්දෙනෙකෙු අත්අඩංගුවට ගෙන තිබේ. නාඋල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ (18) අලුයම නාඋල බිබිල ප්‍රදේශයේ සිදුකළ වැටලීමක දී මෙම සැකකරුවන් ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය අංශය පවසයි. එහිදී සැකකරුවන් සතුව තිබී සේවා නූල් සවි කරන ලද ඩෙටනේටර් 05ක්, වෝටර් ජෙල් කූරු 03ක් සහ වයර් රෝලක් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 38, 49, 50 සහ 65 යන වයස්වල පසුවන කටුගස්තොට, ගම්පොළ, ඇළහැර හා උඩලගවින්න ප්‍රදේශයවල පදිංචිකරුවන් වේ. නාඋල පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරුවලින් කුඩා දැරියක්, කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 05 දෙනෙකු ජීවිත්කෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (18) එම අනතුරු සිදුව ඇති බවය. අම්පාර – කාර්තිවු මාර්ගයේ මාවඩිපල්ලි ප්‍රදේශයේදී පුද්ගලික් බස් රථයක් යතුරුපැදියක ගැටී සිදුවූ අනතුරකින් 14 හැවිරිදි දැරියක් මියගොස් තිබේ. සමන්තුරය දෙස සිට කාර්තිවු හන්දිය දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක් එම දිශාවටම ධාවනය වූ යතුරුපැදියක පිටුපස ගැටී එම අනතුර සිදුව තිබුණි. අනතුරින් යතුරුපැදිකරු සහ පසු පැදිකාරිය ලෙස සිටි පැදිකරුගේ දියණිය බරපතළ තුවාල ලබා සමන්තුරය රෝහලට ඇතුළත් කිරීමේදී දියණිය මියගොස් ඇත. එලෙස මියගොස් ඇත්තේ, සාලි පාර, සමන්තුරය 10 ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි දැරියකි. මේ අතර වව්නියාව -…
එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍රභේදයක් විය හැකි බවත් විද්‍යාඥයෝ අනතුරු ඇඟවූහ. මෙම නව ප්‍රභේදය ප්‍රථමවරට පසුගිය ජූනි මාසයේදී ජර්මනියෙන් හඳුනාගෙන ඇති අතර එතැන් සිට එක්සත් රාජධානිය, ඇමෙරිකාව සහ ඩෙන්මාර්කය ඇතුළු රටවල් කීපයක එක්ස්.ඊ.සී ප්‍රභේදය ආසාදනය වූ කොවිඩ් රෝගීන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. විශේෂඥයන් පවසන පරිදි එක්ස්.ඊ.සී ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් පැවැත එන්නක් බවත් සරත් සෘතුවේ පැතිරීමට උපකාර වන නව විකෘති කිහිපයක් එක්ස්.ඊ.සී සතුව වන බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය. කෙසේ නමුත් එක්ස්.ඊ.සී ප්‍රභේදය වැළඳුනහොත් එය උත්සන්න වීමේ අවස්ථාව කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබාගත් පුද්ගලයන්ට අවම…
නිවැසියන් බියගන්වා රුපියල් ලක්ෂ 14ක මුදලක් සොරාගත් බව කියන පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (18) නියෝග කළේය. කොළඹ පහළොව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී මුදල් සොරා ගත් බවට ලද පැමිණිල්ලකට අනුව මෝදර පොලිසිය මගින් සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත භාරයට පත් කෙරිණි. බ්ලූමැන්ඩල් පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු, පොලිස් සැරයන්වරයෙකු සහ කොළඹ උතුර බුද්ධි කොට්ඨාසයේ නිලධාරියෙකු මෙලෙසරක්ෂිත බන්ධනාගාර ගත කළේය.
ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. අයහපත් කාලගුණ තත්වයක් ඇතිවුවහොත් ඉන් ඡන්ද විමසීමට බාධා ඇතිවීම වැළැක්වීම සහ ඊට කල්තියා සූදානම්වීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් මෙසේ වාර්තාවක් ලබාගත් බවද ඔහු කීවේය. මෙයට අමතරව හෙට (20) සිට පැය තුනෙන් තුනට කාලගුණ වාර්තාවක් ලබා ගැනීමට කටයුතු කරන බවද සභාපතිවරයා කීවේය. මේ අතර අයහපත් කාලගුණයෙන් සහ ආපදාවලින් ඡන්ද විමසීමට බාධා ඇතිවීම වැළැක්වීම සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන්ට පසුගියදා උපදෙස් දුන්නේය. හදිසි ගංවතුර තත්වයක් ඇති වුවහොත් මුහුණදීම සඳහා ඔරු සහ අගුල්…
