Author: LANKA24X7

රථ වාහන හැර ආනයනය තහනම් කර තිබූ සෙසු සියලුම භාණ්ඩවල තහනම ඉවත් කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. එම තහනම ඉවත් කිරීම ඊයේ (9) සිට ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

Read More

ඊශ‍්‍රායලයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගන්නා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දුන්නේය. ඊශ්‍රායලයේ සිදු වූ මෑත කාලීන ප්‍රහාර සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ඊශ්‍රායල ජනතාවට එමගින් ඇතිවී තිබෙන බලපෑම් පිළිබඳ තම දැඩි අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් පැවසීය. මීට අමතරව සංචාරකයින් සහ සේවකයින් ලෙස මෙරටට පැමිණ සිටින ඊශ්‍රායල ජාතිකයින්ට නැවත සිය රට බලා යාමට අවශ්‍ය පහසුකම් සලසන ලෙසත්, ශ්‍රී ලංකාව තුළ ඔවුන්ට අවශ්‍ය ආරක්ෂාව සපයන ලෙසත් ජනාධිපතිවරයා පොලිස් දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේය. ඊශ්‍රායලය සහ පලස්තීනය යන ද්විත්ව රාජ්‍ය සංකල්පයට…

Read More

ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගිය පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකා සයිනැබ් අබ්බාස්ට ඉන්දියාවෙන් පිටවෙන්නැයි නියෝග කර තිබේ. ලෝක කුසලානය සඳහා ඉන්දියාවට ගිය සයිනැබ් අබ්බාස්, ඉන්දියාවේ සිට ඩුබායි බලා ගොස් ඇතැයි අනාවරණය වීමත් සමඟ මෙම අර්බුදය නිර්මාණය වී ඇත. සයිනැබ් අබ්බාස්ට විරුද්ධව පැමිණිලි කර ඇත්තේ පාකිස්තාන ජාතිකයකු බව ද පැවැසෙයි. ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට පැමිණි සයිනැබ් ඩුබායි ගියේ ඇයිදැයි මෙතෙක් අනාවරණය වී නොමැත

Read More

මේ වනවිටත් මැතිවරණ කල් දමා ඇති ආණ්ඩුව ලබන වසරේදී පැවැත්වීමට නියමිත මැතිවරණ කල් දැමීම සඳහා අවශ්‍ය කූට උපක්‍රම සහ පිඹුරුපත් සකස් කරමින් සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මැතිවරණ කල් දැමීම හෝ නොපවත්වා සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල කරන බරපතල ප්‍රහාරයක් බැවින් එයට එරෙහිව ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවත් නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා සඳහන් කරයි. එම නිවේදනයේ තවදුරටත් මෙසේද සඳහන් වේ.

Read More

බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ සී.ටී. ස්කෑන් පරීක්‍ෂණ අත්හිටුවීමට සිදුව ඇති බව රජයේ විකරණ විද්‍යා තාක්‍ෂණ වේදීන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය. එම සංගමය පවසන්නේ සී.ටී. ස්කෑන් යන්ත්‍ර සඳහා සේවා සපයන ආයතන සමඟ ගිවිසුම් යාවත්කාලීන නොකිරීම නිසා නඩත්තු කටයුතු ඇනහිටීමෙන් මෙම තත්වය උද්ගත වී ඇති බවත් මෙය බරපතල තත්වයක් බවත්ය. එම රෝහල් පරිපාලනය සී.ටී. ස්කෑන් යන්ත්‍ර සේවාව නැවතත් ආරම්භ කිරීමට විකල්ප ක්‍රම සොයමින් සිටින බව ද වාර්තා වේ.

Read More

මෙරට සංචාරයක් සඳහා පැමිණ අනුරාධපුර සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ස්විට්සර්ලන්තය ජාතික යුවලක් සතු රුපියල් ලක්ෂයකට ආසන්න වටිනා පාවහන් යුගලක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කල බව අනුරාධපුර සංචාරක පොලීසිය පවසයි. එම යුවල අනුරාධපුර පූජා නගරයේ සංචාරය කිරීමෙන් අනතුරුව නවාතැන් ගත් හෝටලයට ගොස් විවේක ගන්නා අවස්ථාවේදී මෙම සොරකම සිදුව ඇති බව පොලීසිය කියයි. පැමිණිලිකාර විදෙස් ජාතිකයා සාමාන්‍ය පාවහන් යුගලක් සංචාරය සඳහා භාවිතා කර, නැති වූ පාවහන් යුගල නවාතැන් ගත් හෝටලයේ ඉදිරිපස විවෘත ආලින්දයේ පිළිගැනීමේ කවුළු ඉදිරිපස ගලවා තිබී ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ. නවාතැන් ගත් හෝටලයෙන් පිටව යාමට පැමිණ බැලීමේදී ගලවා තබා තිබූ එම ස්ථානයේ එම පාවහන් යුගල නොමැති බව…

Read More

ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය හෙට (10) සිට ආරම්භ කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ. එහි දුර නාවික සැතපුම් 60කි. එම එක් ගමන්වාරයක් සඳහා ප්‍රවේශපත්‍රයක මිල ඉන්දීය රුපියල් 7500ත් 8000ත් අතර පමණ වන බවද එම වාර්තා සඳහන් කරයි. එසේම එම මුදල ගෙවා ප්‍රවේශපත්‍රයක් ලබාගන්නා අයෙකුට කිලෝ 40ක භාණ්ඩ ප්‍රමාණයක් රැගෙන යාමේ අවස්ථාව ද හිමිවන බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි. මෙම එක් ගමන්වාරයක් සඳහා පැය 3ක කාලයක් ගතවන බව සඳහන් ය. මෙලෙස ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර බෝට්ටු සේවයක් ආරම්භ කරන්නේ වසර 40කට පසුවය. මීට අදාළ පෙරහුරුවක් පසුගියදා සිදුකළ බවද ඉන්දීය මාධ්‍ය…

Read More

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් තුනක් ඉදිරිපත් කර තිබේ. රජයේ හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය රංග කලංසූරිය විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කළේය. යුනෙස්කෝ ආයතනයේ හිටපු අධ්‍යක්ෂ විජයානන්ද ජයවීර හා මාධ්‍ය නීති සංසදය විසින් අනිත් පෙත්සම් 2ක් ඉදිරිපත් කරනු ලැබීය. එම පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයාව නම්කර තිබේ. පෙත්සම්කරුවන් කියා සිටින්නේ සමාජ මාධ්‍ය නියාමනය කිරීමට යැයි සඳහන් කරමින් රජය විසින් මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර තිබෙන බවයි. මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත විධිවිධාන වලින් මාධ්‍යවේදීන්ගේ නිදහස බරපතළ ආකාරයෙන් කප්පාදුවීමක් සිදුවන බවත් පෙත්සම්කරුවන් පෙන්වා දෙයි.…

Read More

ඊශ්‍රායලයට පලස්තීන හමාස් සංවිධානය එල්ලකළ දරුණු ප්‍රහාර හේතුවෙන් මැද-පෙරදිග උණුසුම් වී තිබේ. විශේෂයෙන්ම මෙම තත්ත්වය ලෝක තෙල් මිල වැඩිවීමට බලපෑ හැකි බව ජාත්‍යන්තර විචාරකයෝ පවසති. හමාස් සංවිධානය ට උදව් කරනු ලබන්නේ ඉරානය යි. විවිධ වෙළෙඳ බාධක පනවා තිබුණද ආසියානු වෙළෙඳපොළට ඉරාන බොර තෙල් සැපයුම නොකඩවා සිදුවෙයි. නමුත් ඊශ්‍රායලය – පලස්තීන ගැටුම් තවත් උත්සන්න වුවහොත් ඉරාන බොර තෙල් සැපයුමට ද බාධා එල්ලවීම නොවැලක්විය හැකි කරුණකි. මේ තත්ත්වය හමුවේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 4කින් පමණ අද (09) ඉහළ ගොස් තිබුණි. එහි මිල දැක්වුණේ ඩොලර් 86ක් ලෙසයි.

Read More