Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගත යුත්තේ විද්‍යාත්මකව බැවින් සතා සිව්පාවා ගහ කොළ මෙන්ම මානව සම්පත ගැන දත්ත අතිශය වැදගත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. වන ජීවීන් සම්බන්ධයෙන් කටයුතු කරන වන ජීවී දෙපාර්තමේන්තුවේ මානව හා භෞතික සම්පත් වර්ධනය විය යුතු බවත් හරිත ආර්ථික හා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් කතා කලාත් ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන්නේ නම් එහි වැඩක් නොැමැති බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය. මැත කාලයෙ සිට පරිසර ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ඇති ඇති උනන්දුව වැඩි වීම සුබවාදී බවත් වන අලි ගැටලුව වනජීවී පරිසර හා ස්වාභාවික සම්පත් පිලිබද ආංශික අධික්ෂණ කාරක සභාවට එක්වෙමින් ඔහු පැවසීය. මේ පිළිබඳ තොරතුරු දත්ත සම්බන්ධයෙන් සොයන කණ්ඩායම් වැඩි…
දිවයිනේ ප්‍රදේශවලට අපරභාගයේදී හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව, මධ්‍යම, සබරගමුව සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ඇතිවිය හැකියි.
ඉදිරි මැතිවරණ ඉලක්ක කරගනිමින් ත්‍රෛනිකායික ජාතික භික්ෂු එකමුතුව විසින් බලගන්වන රට හදන මග ප්‍රතිපත්ති ප්‍රකාශනය මේ මස මේ මස 14 වැනි දින මිහින්තලා රජ මහා විහාර පරිශ්‍රයේ මැද මළුවේ දී එළිදක්වන බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති . එම ප්‍රතිපත්ති ප්‍රකාශනය පසුගිය (09දා) මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන්ට පිළිගැන්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේ පැවසූහ . “නිදහසෙන් පසු තට්ටුමාරු ක්‍රමයට මේ රට පාලනය කළ බලලෝභී කණ්ඩායම් මේ වන විට රට බංකොලොත් රටක් බවට පත් කොට තිබෙනවා. එසේම ඔවුන් විසින් ජනතාවගේ ජීවත්වීමේ අයිතියද අහෝසි කර තිබෙනවා . අද වනවිට රටේ ජාතික ආරක්ෂාව පවා දැඩි තර්ජනයකට ලක්වෙලා තිබෙනවා…
කුසල් මෙන්ඩිස් එක්දින පිටියේ සිය තුන්වන ශතයකය රැස්කිරීමට සමත්විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව දැන් පැවැත්වෙන තරගයේදී ඔහු මෙම දක්ෂතාවය දැක්වීය. පන්දු 65කදී ගොඩනැගූ කුසල් මෙන්ඩිස්ගේ ශතකයට හතරේ පහර 13ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය. ලෝක කුසලාන ක්‍රිකට් තරගයදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු රැස්කළ වේගවත්ම ශතකය ලෙස එය ඉතිහාසයට එක්විය.
ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල සියලුම රජයේ පාසල් හෙට (11) සිට යළි විවෘත කරන ලෙස දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයා දැනුම්දී තිබේ. පවත්නා අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් එම දිස්ත්‍රික්කවල සියලූම පාසල් දින දෙකක් වසා තැබීමට පසුගිය දා තීරණය කෙරුණි. ඒ අනුව ඊයේ (09) දින සහ අද (10) එම දිස්ත්‍රික්කවල සියලුම පාසල් වසා දැමුණි. මේ වනවිට දකුණු පළාතට වර්ෂාවේ යම් අඩුවීමක් ඇති බව ද වාර්තා වේ.
වැල්ලව පොලිස් වසමේ, කිරිඳිවැල්මඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි. ඊයේ (09) රාත්‍රී කාලයේදී එම ඝාතන සිදුව ඇති අතර, පහරදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 41 හැවිරිදි අයෙකි. මියගිය පුද්ගලයා බීමතින් පැමිණ මවට පහරදීම හේතුවෙන් උරණ වූ පියා සහ වැඩිමහල් සොහොයුරා විසින් ඔහුට පහරදී ඇතැයි පොලීසිය පවසයි. පියා සහ වැඩිමහල් සහෝදරයා මියගිය පුද්ගලයාට සැරයටියකින් සහ අතින් පයින් අමානුෂික ලෙස පහරදීම හේතුවෙන් ඝාතනය වී තිබේ. ඝාතනය සම්බන්ධයෙන් 75 හැවිරිදි පියාව සහ 43 හැවිරිදි මියගිය පුද්ගලයාගේ වැඩිමහල් සහෝදරයාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
කොළඹ කුරුණැගල මාර්ගයේ පුහුරිය හන්දිය අසලදී සිදු වූ රිය අනතුරකින් රාත්‍රී ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරායෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ (09) රාත්‍රීයේ පොල්ගහවෙල පොලිස් ස්ථානයට අනුයුක්ත පොලිස් නිලධාරීන් තිදෙනෙකු රාත්‍රී ජංගම සංචාර රාජකාරී කැබ් රථයක් මාර්ගය අසල නවතා මාර්ගයේ ගමන්ගත් වාහන හා පුද්ගලයින් පරීක්ෂා කරමින් සිට තිබේ. එම අවස්ථාවේ දී කන්තලේ දෙස සිට කඩුවෙල දෙසට වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් මාර්ගය අයින් වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයෙකුගේ ශරීරයේ ගැටී ඇත. පසුව පොලිස් කොස්තාපල්වරයා මාර්ගයේ ඉදිරියට විසිවී ගොස් ඉදිරියෙන් නවතා තිබූ කැබ් රථයක පිටුපස ගැටී බරපතළ තුවාල ලබා තිබේ. පොලිස් කොස්තාපල්වරයාව පොල්ගහවෙල රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර…
පක්ෂ මාරු කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැන් ඉන්නේ තිගැස්මෙන් බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදෙන තීන්දුවත් සමඟ මේ තිගැස්ම ඇතිවී තිබෙන්නේ යැයිද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය. කෘෂිකර්ම අමාත්‍යංශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නසීර් අහමඩ් මහතා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ගැන ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍යවරයා මේ බව පැවසීය. පක්ෂ මාරු කළ සමහරුන් ඇමැති තනතුරු දරන බවද තමන්ගේ මන්ත්‍රීකම මෙන්ම ඇමැති තනතුරු අහිමි වේයැයි යන බියක් ඔවුන්ට තිබෙන්නේ යැයිද අමාත්‍යවරයා සඳහන් කළේය. අදාල බිය ඔබට නැද්දැයි මාධ්‍යවේදීන් විමසූ විට අමාත්‍යවරයා කීවෙි තමා පක්ෂය මාරු නොකළ බැවින් එවැනි බියක් තමාට ඇති…
නසීර් අහමඩ් ඇමතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් නඩු තීන්දුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී කටයුතු කරන මන්ත්‍රීවරුන්ට කිසිසේත් බලපෑමක් නොවන බව නිදහස් ජනතා සභාවේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ඊයේ (9) පැවසීය. නාවල නිදහස ජනතා සභාව ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා එසේ පැවසීය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර නව ජන මතයක් සහිතව එම ක්‍රියාවලිය කළ යුතු බවත් නැගී එන මහජන විරෝධය මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව ප්‍රතිත්‍රස්ත පනත ගෙන ආ බවත් පීරිස් මහතා කීය.
මාතරට බලපා ඇති ගංවතුර තත්වය සමග නිල්වලා ගගේ සිටීන කිඹුලන් විශාල ප්‍රමාණයක් ගොඩබිමට පැමිණ ඇති බව ජනතාව පවසති. මෙම කිඹුල් උවදුර හේතුවෙන් බොහෝ පිරිස් සහන සේවා කටයුතුවල නිරත වීමට ද දැඩි මැලිකමක් දක්වති. එම නිසා ඇතැම් ස්වෙච්ඡා සංවිධාන හා පරිත්‍යාගශීලීන් ආපදා ප්‍රදේශවලට නොයා තම ආධාර තොග විපතට පත් ජනතාවට බෙදා දීම සදහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ආරක්ෂක අංශ වෙත භාර දෙන අයුරු දැක ගත හැකි විය. විශේෂයෙන්ම මාතර නගරයේ කාණුවල මෙන්ම ඇල වේලී,කුඹුරුවලද පසුගිය දින කිහිපයේ කිඹුලන් රැසක් සිටින අයුරු දැක ගත හැකි විය. මාතර කොටුව නිල්වලා ගං මෝය කටින් මුහුදට ගසා ගෙන ගිය කිඹුල් පැටවුන් කිහිප දෙනෙකු ද හමු…