Author: LANKA24X7

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි ඉන්දීය ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මෙම මත්ද්‍රව්‍ය තොගය ටොෆි සහ චොකලට් ඇසුරුම් ලෙස සකස් කර සිය ගමන් මලු තුළ සූක්ෂම ලෙස සඟවා ගෙන රැගෙන ඒමට උත්සාහ කර තිබුණි. මෙලෙස අත්අඩංගුවට පත්ව තිබුණේ 45 හැවිරිදි ඉන්දියාවේ චෙන්නායි නුවර ජංගම දුරකථන අලෙවි සැලක් පවත්වා ගෙන යන ව්‍යාපාරිකයෙකි. ඔහු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි ග්‍රෑම් 40ක ප්‍රමාණයක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගෙන තිබේ. මේ අතර රුපියල් ලක්ෂ විසි පහක් පමණ වටිනා විස්කි බෝතල් 88 ක් තීරු බදු නොගෙවා, කටුනායක…

Read More

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතාව පත්කර තිබේ. පෙබරවාරි මස 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාපතිවරයා විසින් එම පත්කිරීම සිදුකර ඇත. යුද හමුදාවේ 45 වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධුරයේ සේවය කළ මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ, ගජබා රෙජිමේන්තුවට අනියුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙකි. මාතලේ ප්‍රදේශයේදී උපත ලද ඔහු, මාතලේ විජය විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන අතර, 1989 වසරේ දී කැඩෙට් නිලධාරියෙකු ලෙස යුද හමුදාවට එක්වී තිබේ.

Read More

මහරගම අපේක්ෂා රෝහල සඳහාවූ පරිත්‍යාග ගිණුමේ තිබූ රුපියල් කෝටි හතළිහක අරමුදල් 2022 හා 2023 වර්ෂයන්හිදී කිසිදු ඵලදායි කාර්යයක් සඳහා භාවිත කර නොතිබූ බවජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. මේ අතර ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට පරිත්‍යාග ලෙස ලැබී තිබූ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න මුදලක් අරමුදලේ අරමුණු ඉටුකර ගැනීම සඳහා යොදවා නොතිබූ බවද එම වාර්තාවෙ දැක්වෙ විවිධ ව්‍යාපෘති හතරකට අදාළව මෙම පරිත්‍යාග ලැබී ඇතැයි පැවසෙන්නේ 1998 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා කාලයේදීය. මේ අතර කොළඹ රීජ්වේ ආර්යා ළමා රෝහලට ශල්‍යකර්ම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා පරිත්‍යාගශීලයකුගෙන් ලැබී තිබූ රුපියල් කෝටියකට වැඩි මුදලක්ද අදාළ කාර්යයන් ඉටු කිරීම සඳහා…

Read More

කොළොන්නාව ගංවතුර පාලනය සඳහා නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුව ඉදිරිපත් කළ වාර්තාවේ ඇතුළත් කොළොන්නාව ගංවතුර පාලනය කිරීම සඳහා වූ නිර්දේශ සහ ඒ අනුව ගත හැකි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡාවක් ඊයේ පැවැත්විණි. අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ පැවැති එම සාකච්ඡාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් නිපුනාරච්චි හා කොළොන්නාව සම්බන්ධීකරණ කමිටු සභාපති, තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහත්වරු ද සහභාගී වූහ. කොළොන්නාව ගංවතුර වැළැක්වීමේ කමිටු වාර්තාවෙන් ලබා දී ඇති නිර්දේශ ක්‍රියත්මක කරමින්, ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම් දුන් අග්‍රාමාත්‍යවරිය මීලඟ කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී එම ක්‍රියාමාර්ග ගැනීම සහ නිර්දේශ…

Read More

ප්‍රධාන පක්ෂ සියල්ල මේවන විට කඩා වැටී අවසන් බවත් සමගි ජනබලවේගයේ අවසන් ජනාධිපතිවරණය පසුගිය ජනාධිපතිවරණය බවත් එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය. මහනුවර නුගවෙල තිළිණ උත්සව ශාලාවේ ඊයේ (04) වන දා සවස පැවැති පාක්ෂික හමුවක දී ඒ මහතා එසේ කීය. එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී එක්සත් ජනරජ පෙරමුණෙන් තරඟ කිරීමට අපේක්ෂිත අපේක්ෂක අපේක්ෂිකාවන් දැනුවත් කිරිම සඳහා මෙම හමුව සංවිධානය කර තිබිණ‍ හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී ධනුෂක මල්වැව මහතා විසින් සංවිධානය කර තිබූ මෙම හමුවේ දී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය. 1948 ඉඳලා මෙරට තිබුණ ප්‍රධාන සාම්ප්‍රදායික පක්ෂ සියල්ල මේ වන විට බිඳ…

Read More

දුම්කොල ලයිටර සහ පිහි තලයක් අඩංගු පාර්සලයක් ගාල්ල බන්ධනාගාරය තුලට දමා තිබිය දී ඊයේ (04)වන දා සවස සොයාගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි. බන්ධනාගාරයට යාබද ජේල් පාරේ පිහිටි තාප්පයට උඩින් කිසියම් පුද්ගලයෙකු විසිකර තිබු පාර්සලයක් බන්ධනාගාර නිලධාරින් විසින් සොයාගෙන පරීක්ෂා කිරීමේ දී එහි තිබි දුම්කොල 30ක් ලයිටර් 03ක් සහ යකඩ කපන කියත් තලයකින් සාදන ලද පිහි තලයක් සොයාගත් බව ගාල්ල බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

Read More

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු සහ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් ධවල මන්දිරයේ දී පැවැත්විණි. ට්‍රම්ප් ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු, ඔහු හමුවීමට පැමිණි පළමු රාජ්‍ය නායකයා නෙදන්යාහුය. පලස්තීන ගාසා තීරයේ ඊශ්‍රායල හමාස් අර්බුදය සහ බටහිර ඉවුරේ පලස්තීනුවන් සම්බන්ධයෙන් ඇති අර්බුදය රාජ්‍ය නායකයන් දෙදෙනාගේ සාකච්ඡාවට බදුන් විය. පලස්තීනුවන්ට ජෝර්දානයේ වෙනම ඉඩම් ලබා දීමට ට්‍රම්ප් කර ඇති යෝජනාව සම්බන්ධයෙන් ද රාජ්‍ය නායකයන්ගේ අවධානය යොමු විය. මේ වනවිට ඊශ්‍රායල රජය සහ හමාස් සංවිධානය අතරේ සටන් විරාමයක් පවතී. එම සටන් විරාමය සාර්ථක කර ගැනීම සිදුවූයේ තම මැදිහත් වීම නිසා යැයි ට්‍රම්ප් පවසා ඇත. ඒ සම්බන්ධයෙන් නොබෙල් ත්‍යාගය හිමිවිය යුතු නොවේදැයි ධවල මන්දිරයට පැමිණ…

Read More

ඌව පළාතේත් මඩකළපුව, අම්පාර, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලසවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

Read More

අම්බලන්තොට රුහුණු රිදියගම දියවර ගම්මානයේ නිවසක අද දහවල් පිය පුතු දෙපළක සිදු වූ පිහිය ඇණුමකින් දෙදෙනාම තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇත. පුතා මව සමඟ ඇතිකරගත් ආරවුලක් හේතුවෙන් එය බේරිමට ගිය පියාගේ නලල ප්‍රදේශයට පිහියකින් ඇනීම නිසා තුවාල සිදු වි ඇති අතර, එම පිහියම ගෙන පියා පුතාගේ වම් ඇලයට අනීමෙන් තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. පුතාගේ ඇඟේ වැදුනු පිහිය සමග දෙදෙනාම රෝහල් ගත කර ඇත. පුතාගේ ඇඟේ තිබෙන පිහිය ගැනිම සඳහා තුවාල කරු කරාපිටිය රෝහල වෙත මාරු කර යැවිමට නියමිත බව හම්බන්තොට රෝහල් ප්‍රකාශකයෙක් කිය. මත් කුඩු වලට ඇබ්හි වි සිටි පුතා සිය නිවසේ ඇති රුපවාහිනි යන්ත්‍රය විකිණිමට…

Read More

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි රුවන්ඩා මහකොමසාරිස් කාර්යාලයේ ශ්‍රී ලංකාව පිළිබඳ රුවන්ඩා ජනරජයේ මහ කොමසාරිස් Jacqueline Mukangira මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුව තිබේ. ඊයේ (03) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම හමුව සිදු වූ බව සඳහන් වේ. ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අන්‍යෝන්‍ය අවශ්‍යතා පිළිබඳ මෙම සාකච්ඡාවෙදී අවධානය යොමු ව ඇත. ශ්‍රී ලංකාව සමග ශක්තිමත් රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික සබඳතා අඛණ්ඩව පවත්වාගෙන යාමට රුවන්ඩාවේ අපේක්ෂාව පිළිබඳ මහකොමසාරිස්වරිය එහිදී යළිත් අවධාරණය කර තිබේ. දෙරට අතර වෙළෙඳාම, ආයෝජනය සහ දැනුම හුවමාරුව පුළුල් කිරීම සඳහා ද්විපාර්ශවික සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිලිබඳව සාකච්ඡා කෙරිණ.

Read More