Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
සූදු ක්රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. ශ්රී ලංකාවේ ඔට්ටු ඇල්ලීම සහ සූදු ආයතන ප්රමිතිකරණය කිරීම, සමාජ හානි අවම කිරීම, සංචාරක ක්ෂේත්රය ප්රවර්ධනය කිරීම හා ආර්ථික වර්ධනය කිරීම සඳහා පුළුල් හා පූර්ණ විෂය පථයක් සහිත ස්වාධීන නියාමන ආයතනයක් ලෙස සුදු ක්රීඩා නියාමනය කිරීමේ අධිකාරිය පිහිටු වීමටත්, ඒ සඳහා පනත් කෙටුම්පත් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් 2023-06-26 වන දින පැවැති අමාත්ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම පනත් කෙටුම්පත් කිරීමේ කාර්යය අඛණ්ඩව කර ගෙන යාම සඳහා වත්මන් අමාත්ය මණ්ඩලයේ ප්රතිපත්තිමය අනුමැතිය අවශ්ය බව නීති කෙටුම්පත් සම්පාදක විසින් දැනුම් දී ඇත. ඒ අනුව, එකී පනත්…
මාලදිවයින හා ශ්රී ලංකාව අතර ඒකාබද්ධ සංචාරක වැඩසටහනක් ක්රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුව තිබේ. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ මාලදිවයින් ජනරජයේ මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (25) පැවැති හමුවේදී මේ පිළිබඳ සාකච්ඡා වී තිබේ. පසුගිය මැතිවරණවලදී ජනාධිපතිවරයා ප්රමුඛ වත්මන් රජය ලබාගත් ජයග්රහණ වෙනුවෙන් මෙහිදී මාලදිවයින් ජනරජයේ සුබ පැතුම් එක් කළ මහකොමසාරිස්වරයා මැතිවරණ ජයග්රහණයෙන් පසුව රට තුළ සිදුව ඇති නව පරිවර්තන පිළිබඳවද සතුට පළ කළේය. මාලදිවයින හා ශ්රී ලංකාව අතර වසර 60ක දීර්ඝ කාලීන මිත්රත්වය ශක්තිමත්ව ඉදිරියටත් පවත්වාගෙන යාම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී තිබේ. දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යෑමට මාලදිවයින දක්වන…
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු මේ වන විට නීතිඥභාවය අත්හිටුවා තිබෙන පුද්ගලයෙකුට බරපතළ වැඩසහිත වසර දෙකක සිරදඬුවම් නියම කළ ශ්රේෂ්ඨාධිකරණය එම දඬුවම වසර 10කට අත්හිටුවන ලෙස නියෝග කළේය.
පොළොන්නරුව, කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයෙන් රැඳවියන් සිව්දෙනෙකු පැන ගොස් ඇතැයි වාර්තා වෙයි. මෙලෙස පැන ගොස් ඇත්තේ, දැඩි ලෙස මත්ද්රව්ය සඳහා ඇබ්බැහි වූවන් බව සඳහන්ය. පැනගිය රැඳවියන් 29ත් 34ත් අතර වයස්වල පසුවන්න බව වාර්තා වෙයි. මින්පෙරද කන්දකාඩු පුනරුත්ථාපන මධ්යස්ථානයෙන් රැඳවියන් කිහිපදෙනෙකුම පැන යාමේ සිදුවීම් වාර්තා වුණි.
උස්වැටකෙයියාව ප්රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට හත් දෙනෙකු අත්අඩංගුවට ගත්බව පමුණු ගම පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර කාන්තාවක් ද සිටින බව පොලිසිය පවසයි. එම ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු පොළොන්නරුව ප්රදේශයේ සැඟව සිටියදී පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.
ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු කිරීමෙන් පසුව මාස නමයක සිර දඬුවමක් හිමිවූ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප ලබාදීමට කොළඹ මහාධිකරණ අද නියෝග කළේය. කොළඹ මහේස්ත්රාත් අධිකරණය මගින් පසුගිය ජනවාරි 09 දින ලබා දුන් මාස නවයක ලිහිල් වැඩ සහිත සිර දඬුවමට එරෙහිව ඥානසාර හිමියන් විසින් ගොනු කළ අභියාචනය සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය. රුපියල් පන්දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් නානසාර හිමියන්ට නියම කොට ඇත. 2016 වසරේ ජූලි මස 16 වනදා කිරුළපන ප්රදේශයේ පැවති මාධ්ය සාකච්ඡාවකදී “ඉස්ලාමය පිළිකාවක්.. එය අතුගා දමන්න ඕනේ.” යනුවෙන් ප්රකාශ කිරීම තුළින් ජාතීන් අතර සංහිඳියාව…
ආණ්ඩුව ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන නිසා සමගි ජන බලවේගය අයවැයට විරුද්ධව ඡන්දය ලබා දෙන බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්රී රංජිත් මණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “අඩු ගණනේ බෙහෙත් මිලවත් අඩු කර නැහැ.යහ පාලන ආණ්ඩුව කාලේ බඩු දාසයක මිල දිගටම අඩු කරලා තිබුණා.මේ අවුරුද්දට සහන මල්ලක් දෙන්නේ මොකද? මේ පළාත් පාලන ඡන්දෙට දෙන අල්ලසක්.ආණ්ඩු කටයුතු කරන්නේ මෙහෙමද? යනුවෙන් මද්දුම බණ්ඩාර මහතා ප්රශ්න කළේය.
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග පවුල් 2278 කට අයත් 7194 ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්යස්ථානය පවසයි. රත්න පුර දිස්ත්රික්කයේ පවුල් 1885 කට අයත් 5776 ක් සහ කලුතර දිස්ත්රික්කයේ පවුල් 393 කට අයත් 1418 ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇති බවත් එම මධ්යස්ථානය පවසයි. කලුතර දිස්ත්රික්කයේ මතුගමත් රත්නපුර දිස්ත්රික්කයේ වැලිගෙපෙල සහ ඇහැලියගොඩ යන ප්රදේශීය ලේකම් කොට්ඨාශවල ජනතාව මෙම තත්වයට මුහුන පා ඇතැයිද එහි ප්රකාශකයකු පැවසීය. මෙම ජනතාව සඳහා බවුසර් මගින් පානිය ජලය බෙදා හැරීම සිදුකරන බවත් ඔහු සඳහන් කළේය.
වී මිලදී ගැනීම සදහා වී මෝල් හිමියන් ලබා ගත් ණය වලින් වෙනත් කටයුතු සිදු කරන්නේ දැයි සොයා බලන්නැයි ආහාර ප්රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්ය කේ.ඩී.ලාල්කාන්ත හා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්ය වසන්ත සමරසිංහ මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් ආහාර ප්රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (24) රැස් වූ අවස්ථාවේ දී මෙම උපදෙස් ලබා දුන්නේය. ඇතැම් වී මෝල් හිමියන් වී මිලදී ගැනීම සදහා ලබා ගත් ණය වලින් වෙනත් කටයුතු සිදු කරමින් සිටින බවට ලැබී ඇති තොරතුරු අනුව මෙම උපදෙස් නිකුත් කර තිබේ.…
විදේශයන් හි සිට මෙරට පාතාල ක්රියාකාරකම් මෙහෙයවන පිරිස් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම සඳහා රාජතාන්ත්රික මට්ටමේ කටයුතු ආරම්භ කර ඇතැයි වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පැවසීය. මත්ද්රව්ය ව්යාපාර මුලික කරගෙන පාතාල ක්රියාකාරකම් මතුව ඇති බවද ඔහු පෙන්වා දුන්නේය. පොලිස්පතිවරයා මෙසේ පැවසුවේ මහජන ආරක්ෂක අමාත්යාංශයීය උපදේශක කාරක සභා රැස්වීමේදීය. මේ අතර විපක්ෂ මන්ත්රීවරුන්ට ආරක්ෂාව දෙන ලෙසට කරන ලද ඉල්ලීම සම්බන්ධයෙන් කාරක සභාවේදී දීර්ඝව සාකච්ඡා කෙරිණ. එම මන්ත්රීවරුන්ට අවශ්ය ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් මන්ත්රීවරුන්ට අැති තර්ජන සම්බන්ධයෙන් විමර්ශනය කරමින් අවසන් වාර්තා සකස් කරමින් පසුවන බවත් කාරක සභා සභාපති මහජන ආරක්ෂක අමාත්ය ආනන්ද විජේපාල මහතා මෙහිදී පැවසීය තක්සේරු…
