Author: LANKA24X7

මියන්මාරයේ හිටපු නායිකා අවුන් සාන් සුකී ට තවත් වසර 7ක සිර දඬුවමක් නියම කිරීමට එරට හමුදා අධිකරණයක් නියෝග කර තිබේ. ඒ අනුව ඇයගේ සම්පූර්ණ සිර දඬුවම් කාලය වසර 33කි. 2021 පෙබරවාරි මාසයේදී මියන්මාර හමුදා නායකයින් සුකී ව බලයෙන් ඉවත්කර එරට පාලනය අල්ලා ගත්තේය. අනතුරුව චෝදනා 19 සම්බන්ධයෙන් ඇයට එරෙහිව මාස 18ක් පුරා නඩු විභාග පැවැත්වුණි. ඊයේ (30) ඇයට එරෙහිව නගා තිබු අවසාන චෝදනා 5 සම්බන්ධයෙන් පැවති නඩු විභාගයේ තීන්දුව අනුව ඇය දූෂණ චෝදනා සඳහා වැරදිකරු බව තීන්දුකර තිබුණි. එහි සඳහන් ව ඇත්තේ රජයේ අමාත්‍යවරයෙක්ට නිසි ක්‍රමවේද අනුගමනය නොකර හෙලිකොප්ටර් යානයක් ලබාදී ඇති බවය.

Read More

රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් වූ චක්‍රලේකයක් නිකුත් කර තිබේ. ඒ අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා 2023 වර්ෂයට රුපියල් 4,000ක උපරිමයකට යටත්ව මෙම විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර ඇත. සියලුම අමාත්‍යංශ, පළාත් පාලන ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එම දැනුම්දීම සිදුකර තිබේ. මෙම අත්තිකාරම් ගෙවීම 2023.01.01 දින ආරම්භ විය යුතු අතර 2023.02.28 දිනෙන් අවසන් කළ යුතුය.

Read More

ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතා ඝාතනය සිදුවූ ස්ථානයේ තිබී සොයාගත් උපකරණ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අවසර ලබාදී තිබේ. බොරැල්ල පොලීසිය විසින් එම උපකරණ සොයාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් රසපරීක්ෂක වාර්තාවක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණි. ඒ අනුව අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ අවසරය ලබාදී තිබුණි.

Read More

දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත තත්ත්වයක් පවතී. දිවයින වටාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණවේ. මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වාත් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. (40-50) පමණ වැඩිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වාත්, මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වාත් වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

Read More

ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබාදීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය කළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. මෙරට පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නේවාසික සම්බන්ධ්කාරකවරයා පවසන්නේ මේ වනවිට ඊට ඩොලර් මිලියන 101.5ක් ලැබී ඇති බවය. ඒ අනුව ආධාර අත්‍යවශ්‍යම පුද්ගලයින් මිලියන 3.4ක් සඳහා මානුෂීය ආධාර ලබාදීම ට නියමිතය.

Read More

15 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් ආගම වෙනස් කර විවාහ කරගැනීමට සූදානමින් සිටි තරුණයෙකු සහ ඔහුගේ මාමා කෙනෙකුව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. මාමා යනුවෙන් හඳුන්වන පුද්ගලයා විසින් මෙම විවාහය සඳහා උපදෙස් ලබාදී ඇති අතර ඔහු විසින් දැරියව සඟවා තබා ගැනීමට නවාතැන් ද ලබාදී ඇත. එම දැරිය ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර දඹුල්ල නිකවටවන ප්‍රදේශයේ 24 හැවිරිදි තරුණයකු එලෙස ඇයව පැහැරගෙන ගොස් තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් පොලීසියට තොරතුරු ලබාදී තිබුණේ නිකවටවන ප්‍රදේශයේ මුස්ලිම් ජනතාව විසිනි. සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් විමර්ශන සිදුකර තිබුණි. සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම පාසල් සිසුවිය මීට මාස 02කට…

Read More

ගෝලීය කොවිඩ් අවදානම යළි ඉහළ යාම හමුවේ ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ අවදානයෙන් පසුවීම වැදගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පෙන්වා දෙන්නේ, කොවිඩ් අවදානම වළක්වා ගැනීම සඳහා නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන්ට අනුගතවීමට ජනතාව පියවර ගතයුතු බවය. චීනයේ කොවිඩ් ව්‍යාප්තිය ඉහළ යාමත් සමග මේ වන විට රටවල් රැසක් කොවිඩ් පාලනය සඳහා යළි කොන්දේසි පැනවීමට පියවර ගෙන තිබේ. ඉන් ශ්‍රී ලංකාවට පවතින බලපෑම පිළිබඳ වැඩිදුරටත් පැහැදිලි කරන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා, “රෝගය අපිට බරපතළ ප්‍රශ්නයක් ලෙස පෙනුනේ නැති වුණාට මේ රෝගය අවසන් වෙලා නැති නිසා රෝගය නැවත වැඩිවීමට අවදානමක් නැතුවා…

Read More

කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය දෙසැම්බර් මාසයේදී පහළ ගොස් තිබේ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසන්නේ නොවැම්බර් මාසයේ 61%ක්ව පැවති උද්ධමනය දෙසැම්බර් මාසයේදී 57.2% දක්වා අඩුවී ඇති බවය. එසේම නොවැම්බර් මාසයේ 73.7%ක්ව පැවති ආහාර උද්ධමනය දෙසැම්බර් මාසයේදී 64.4% දක්වා අඩුවී ඇති බවද එම දෙපාර්තමේන්තුව පවසයි.

Read More

2023 ජනවාරි මස 1 වන දින සිට නිකුත් කරනු ලබන වාහන අංක තහඩු සඳහා පළාත් අක්ෂරයක් සඳහන් නොවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිෂාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කර සිටියේ, රථවාහන ලියාපදිංචියේදී සහ පැවරීමේදී අංක තහඩුවේ පළාත් අක්ෂරය ඉවත්කරන බවය. මේ අතර 2023 වසරේ මුල් කාර්තුවේ සිට රියදුරු අකුසලතා ලකුණු ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ද ඒ මහතා පැවසීය.

Read More

රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා පත්කළ කමිටුවේ නිර්දේශ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. අවුරුදු 60 සම්පූර්ණ වන රාජ්‍ය සේවකයින් විශ්‍රාම යාම හමුවේ රාජ්‍ය සේවය තුලනාත්මක ආකාරයෙන් පවත්වාගෙන යාම සඳහා වන තීන්දු තීරණ ගැනීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පසුගියදා පත්කෙරුණි. ඒ අනුව රාජ්‍ය සේවකයින් විශාල පිරිසක් හෙට (31) දිනයේ විශ්‍රාම යාමට නියමිතව ඇති බැවින් ඇති වන පුරප්පාඩු සම්බන්ධයෙන් සොයාබලා ඊට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමේ වගකිම එම කමිටුවට පැවරි තිබේ. එහිදී සීමිත නව බඳවා ගැනීම් සිදුකිරීමට අවශ්‍යව ඇත්නම් එම බඳවා ගැනීම් සඳහා වූ නිර්දේශ අදාළ කමිටුව විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට භාරදීමෙන් අනතුරුව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත්…

Read More