Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙවැනි පත්‍රිකා අඩංගු පාර්සල් දෙකක් අත්අඩංගුවට ගෙන ඇති අතර එක් පාර්සලයක බර කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 325 ක් වන අතර අනෙක් පාර්සලයේ බර කිලෝග්‍රෑම් තුනයි ග්‍රෑම් 495 ක් වන බව පොලිසිය පැව පැවසීය . සැකකරු සාම්පූර් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සාම්පූර් සංතෝෂපුරම් පදිංචි කරුවෙකුවේ සිද්ධිය සම්බන්ධයෙන් සාම්පූර්ණ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි
සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන්, සහ ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම සම්බන්ධ සේවාවන් මෙලෙස අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කර ඇත. මෙකී සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා විසින් ඊයේ (20) දින නිකුත් කර තිබේ.
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙන්වීමට පියවර ගත් බව වේයන්ගොඩ සියනෑ අධ්‍යාපන විද්‍යා පීඨයේ මැතිවරණ කාර්යාලය පවසයි. මෙසේ නිලධාරී පිරිස නොපැමිණීම හේතුවෙන් එම පුරප්පාඩු පිරවීම සඳහා කොළඹ සිට බස් රථයකින් නිලධාරීන් පිරිසක් කැඳවීමට පියවර ගත් අතර පස්වරු හතර වන විටත් තවත් ඡන්ද මධ්‍යස්ථාන දහතුනක ඡන්ද පෙට්ටි නිකුත් කිරීමට නියමිතව තිබූ බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය .
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමිසමේ අතිරේක කොමසාරිස් (නීති) චින්තක කුලරත්න මහතා පැවසීය. ඇතැම් විට මෙම දඩුවම් දෙකටම යටත් විය හැකි බවද ඔහු කීවේය.
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති. මින් 78ක් යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂකයෝ වෙති. එම නිරීක්ෂකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැමිණෙන අයුරු අප කැමරාවේ සටහන් විය. කොළඹ සිට හැටන් දක්වා පැමිණිමට ප්‍රමාණවත් ලංගම සහ පෞද්ගලික බස් රථ නොමැති විම නිසා ඇතැම් පිරිස් එක් වි කුලි පදනම මත බස් රථ රැගෙන හැටන් දක්වා පැමිණෙන අයුරුද දක්නට ලැබුණි. ජනාධිපතිවරණයේ ජන්දය ප්‍රකාශ කිරිමෙන් අනතුරුව යලිත් සේවා ස්ථාන වෙත යන බවයි එම පිරිස කියා සිටියේ.
තම පක්ෂයට මනාපය ලබා නොදුනහොත් අනවසරයෙන් පදිංචි වී සිටින ඉඩම අවලංගු කරන බවට පවසා අරලගංවිල ඉහළවැව ප්‍රදේශයේ ජාතික ජන බලවේගයේ සාමාජිකාවකට බලපෑම් කළේ යැයි, කියන සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්‍ෂයේ දම්මින්න කොට්ඨාස සංවිධායකවරයා අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය කියයි. කාන්තාව අරලගංවිල පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අදාළ සංවිධායකවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු පොලිස් ඇපමත මුදාහැරීමටද පසුව ඔහුට විරුද්ධව නඩු පැවරීමටද කටයුතු කරන බව අරලගංවිල පොලිසිය සඳහන් කරයි දිඹුලාගල දම්මින්න කොට්ඨාසයේ අදාල සංවිධායකවරයා එම කාන්තාවගේ නිවසට ගොස් පදිංචි ඉඩම අවලංගු කරන බවට බලපෑම් කර, සමගි ජන බලවේගයට ඡන්දය දෙන ලෙසට බලපෑම් කිරීම පිළිබඳව අරලගංවිල ඉහළවැව එම්.ඩී.එල්. චතුරිකා ද සොයිසා…
පසුගිය වසරේ වාර්තා වු ක්ෂය රෝගීන් සංඛ්‍යාවෙන් සියයට 46ක් බස්නාහිර පළාතෙන් වාර්තාවී ඇති බව ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහන පවසයි. ඉන් සියයට 25ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර කොළඹ මහනගර සභා සීමාව තුළින් පමණක් වාර්තා වූ ක්ෂය රෝගින් සංඛ්‍යාව ඉන්දියාව සහ බංග්ලාදේශයට සමානවී ඇති බවද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ක්ෂය රෝග මර්දන හා ළය රෝග පිළිබඳ ජාතික වැඩසටහනේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය සඳහන් කළාය. වාර්තා වන ක්ෂය රෝගීන්ගෙන් වැඩි ප්‍රමාණනයක් පිරිමි පුද්ගලයන් වන අතර දුම්පානය, මත්පැන් පානය කිරීම ඊට හේතුව බව විශේෂඥ වෛද්‍ය මිසායා කාදර් මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීන් පෙන්වා දෙයි. කොළඹ දිස්ත්‍රික්කය තුළ ඡන්ද මධ්‍යස්ථාන 1,204කදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවශ්‍ය සියලු කටයුතු සුදානම් කර ඇති බව දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී ප්‍රසන්න ගිනිගේ මහතා පැවසීය. මේ අතර මූල්‍ය ප්‍රතිපාදන සම්බන්ධයෙන් ගැටලු පැවතියද සියලුම ඡන්ද මධ්‍යස්ථාන සුදුසු පරිදි සකස්කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරන බව ග්‍රාම නිලධාරි සංගම් පවසා තිබේ. සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරි සංගමයේ ප්‍රධාන ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා පැවසුවේ සියලු ග්‍රාම නිලධාරින් ඒ සඳහා එක්වී ඇති බවය. මේ අතර, නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මෙතෙක් ලබා නොගත් ඡන්දහිමියන්ට අද සහ හෙට තමා පදිංචි ප්‍රදේශයේ තැපැල් කාර්යාලයෙන් ඒ්වා ලබාගත හැකි…
ජාතික ආරක්ෂක කවුන්සිලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. ජනාධිපතිවරණය ස්වාධීන හා නිදහස් මැතිවරණක් ලෙස පැවැත්වීමට අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සැලසීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. මැතිවරණ දිනයේ දී රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීම, අපේක්ෂකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම, ජන්ද මධ්‍යස්ථාන හා ජන්ද ගණන් කරන ස්ථාන ආශ්‍රිත ආරක්ෂාව සහතික කිරීම සඳහා මැතිවරණ කොමිසමට අවශ්‍ය පූර්ණ සහාය ලබා දීම පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. එසේම පශ්චාත් මැතිවරණ සමයේදී රට තුළ නීතිය හා සාමය ආරක්ෂා කරමින් ජනතාවගේ දෛනික ජීවිත අඩාල නොවන පරිදි පවත්වාගෙන යාමට හැකි පසුබිම සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක…
