Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බිත්තර තොග සඟවන්නන්ට එරෙහිව නීතිමය පියවර දැඩි කිරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඒ අනුව බිත්තර තොග සඟවන්නන්ට එරෙහිව සිදු කරන වැටලීම් වැඩි කරන බව ද පාරිභෝගික අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය. විශේෂයෙන් වෙළෙඳ පොළට බිත්තර සැපයීම සීමා කිරීමක් හෝ බිත්තර තොග නිකුත් කිරීම සීමා කිරීමක් හෝ කරන්නේ නම් ඔහුන්ට විරුද්ධ නීතිමය පියවර ගැනීමටත් ඒ පිළිබඳව සොයා බලන ලෙස පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇති බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කළහ. මේ අතර පසුගිය දිනවල රුපියල් 28,35 අතර අලෙවි කළ බිත්තරයක සිල්ලර මිල මේ වනවිට රුපියල් 40,45 දක්වා ඉහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.
මාධ්‍ය මගින් පළකරන මහනුවර ප්‍රදේශයේ නිවසක සඟවා තිබී හමුවූ බව කියන සැප වාහන දෙකක් පිළිබඳව මාගේ සම්බන්ධයක් ඇති බවට ඔප්පු කළ හොත් දේශපාලනයෙන් සමුගන්නා බව හිටපු වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය . හිටපු අමාත්‍ය වරයා මේ බව සදහන් කළේ ඊයේ පස්වරුවේ කළුතර දී මාධ්‍යට විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි. මහනුවර ප්‍රදේශයේ නිවසක රුපියල් කෝටි හයක් පමණ වටිනාකමකින් යුත් බී. එම්. ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ පෙජරෝ වර්ගයේ ජීප් රථයක් සඟවා තිබී මහනුවර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගත්බවට මාධ්‍ය මගින් වාර්තා කර තිබුණි . වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය වරයා මෙසේ පැවසීය . මුලින්ම කිව්වා එම වාහන සම්බන්ධයෙන් මගේ බෑනා කෙනෙක්…
මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් කර තිබූ තැබයි ඡන්ද අයදුම්පත් අතරින් අයදුම්පත් 21160ක් ප්‍රතික්ෂේප වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි තැපැල් ඡන්ද අයදුම්පත් හත් ලක්ෂ පනස් නව දහස් දෙසිය දහයක් ඉදිරිපත්ව තිබූ බව මැතිවරණ කොමිසම සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැවසීය. මේ අනුව පිළිගෙන ඇති තැපැල් ඡන්ද අයදුම්පත් සංඛ්‍යාව හත් ලක්ෂ තිස් අටදහස් පනහකි. තැපැල් ඡන්ද භාර ගැනීමේ කටයුතු මේ වන විට අවසන් ව ඇතැයි කොමිසම පවසයි. ඡන්ද විමසීම සඳහා ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම ලබන 23 ආරම්භ කරන බව කොමිසම සඳහන් කරයි. මේ අතර අපේක්ෂකයන් සඳහා ගුවන් කාලය වෙන් කිරීම කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අද (22)සිදුකිරීමට නියමිතය.
සම්ප්‍රේෂණ ජල සැපයුම් මාර්ගයක ඇතිවූ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයට අද (22)දහවල් 12 වන තෙක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුවන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව වත්තල, මාබෝල, ජා ඇල සහ කටුනායක-සීදුව නගර සභා ප්‍රදේශ සහ වත්තල, බියගම, මහර, ජා ඇල, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා කලාප සඳහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙයි. මේ නිසා උස ස්ථාන වල ජල සැපයුමට බාධා එල්ලවෙතියි ජාතික ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය කියයි.
වෙළඳපොලේ පොල් ගෙඩියක මිල සීඝ්‍ර ලෙස ඉහළ යමින් ඇතැම් ප්‍රදේශ වල පොල් ගෙඩියක් රුපියල් 180 ත් 200 ත් අතර මිලකට අලෙවි වන බව පාරිභෝගිකයෝ පවසති.පතරමක කුඩා ප්‍රමාණය පොල් ගෙඩියක් රුපියල 120ත් 150 ත් අතර මිලකට අලෙවි වන බව ද ඔවුහු සඳහන් කරති. වෙළඳපොලේ මේ දිනවල පොල් හිඟයක් පවතින බව ද පාරිභෝගිකයෝ පවසති.පොල් ගෙඩියක් රුපියල් 80ත් 100ත් අතර තොග මිලකට වෙලෙන්දන් මිලදී ගන්නා බවද පොල් වගාකරුවන් සඳහන් කරයි. මේ අතර කොළඹ ඇතැම් ප්‍රදේශවල තැඹිලි ගෙඩියක් රුපියල් 160ත් 200ත් අතර මිලකට අලෙවි වන බවත් පාරිභෝගිකයෝ පවසති.
සිවිල් පුද්ගලයන්ට පසුගිය කාලයේදී නිකුත් කර තිබූ ගිනි අවිවලින් දැනට බාරදී ඇත්තේ පනහකට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව ආරක්ෂක අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය කාලයේදී සිවිල් පුද්ගලයන්ට ගිනි අවි බලපත්‍ර 1650 ක් නිකුත් කර තිබිණ. සිවිල් පුද්ගලයන්ට ලබා දී ඇති ගිනි අවි සහ පතුරම් ලබන මස 7 වැනිදාට පෙර බාර දෙන ලෙස රජය පසුගියදා දැනුම් දුන්නේය. එම ගිනි අවි සහ බාරදිය යුත්තේ වැලිසර පිහිටි රජයේ වාණිජ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව වෙතය. ජීවිත ආරක්ෂාව සඳහා ලබාදී ඇති සියලුම ගිනි අවි මෙසේ රජයේ බාරයට ගන්නේ එම අවි පිළිබඳව සමාලෝචනය කිරීමෙන් පසු නැවත ලබාදීමේ පදනම මතය. නියමිත දිනයට පෙර ගිනි අවි සහ පතුරම් බාර…
උපකාරක පන්ති යන බව පවසා ඊයේ (20) උදෑසන නිවසින් පිටව ගිය බව කියන 17 හැවිරිදි සිසුවියන් දෙදෙනකුගෙන් එක් සිසුවියකගේ මළ සිරුර මහියංගණය ලොග්ගල්ඔයේ තිබූ අද (21) උදේ හමු වි ඇතැයි පොලීසිය කියයි. ඇය සමඟ ගිය අනෙක් සිසුවිය මේ වන විට රිදිමාලියද්ද පොලිසිය බාරයේ පසුවන බවද පොලීසිය කීවේය. මෙම සිසුවියන් දෙදෙනා එකම පාසැලේ ඉගෙනුම ලබන මිතුරියන් බවද අනාවරණය වී තිබේ. එම සිසුවිය ඊයේ රාත්‍රී මහ මග ගමන් කළ යතුරු පැදියකට අතදැමු අවස්ථාවේ යතුරු පැදිකරු විසින් රිදීමාලියද්ද පොලිසියට අයත් ආදාඋල්පත මාර්ග බාධයකයේ නිලධාරින්ට මෙම සිසුවිය බාරදී ඇතැයි පොලිසිය පවසයි. මොවුන් බදුල්ල නගරයේ උපකාරක පන්තියකට සහභාගී වීමට යන බව පවසා ඊයේ (20) උදේ…
අනතුරට පත්ව තුවාල ලබා නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ රෝගියා කොළඹ ජාතික රෝහල වෙත කඩිනමින් යොමු නොකළැයි උරනව වෛද්‍යවරයෙකුට පහරදී දේපළවලට අලාභ හානි සිදුකල පුද්ගලයන් 7 ක් අත්අඩංගුවට ගත් බව මුල්ලේරියාව පොලිසිය කියයි. අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් දෙදෙනෙකුද වන බව පොලිසිය කියයි. මාලාවේ ප්‍රදේශයේ පැවති සාදයකින් පසු යතුරුපැදියකින් යමින් සිටියදී අනතුරට පත්ව නැගෙනහිර කොළඹ මූලික රෝහල වෙත රැගෙන ආ 21 හැවිරිදි පුද්ගලයෙකුට නැගෙනහිර කොළඹ මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ සේවයේ යෙදී සිටි වෛද්‍යවරයා විසින් අවශ්‍ය ප්‍රතිකරමින් එම රෝගියා කොළඹ ජාතික රෝහල යොමු කිරීම සඳහා කටයුතු කරමින් සිටියදී මෙම පහරදීම සිදුකර ඇතැයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. පිරිසක් බාහිර…
පාස්කු ප්‍රහාරය සිදුවන බවට රාජ්‍ය බුද්ධි අංශයෙන් එවකට අපරාධ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න මහතාට දැනුම් දී තිබූ බව පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන පැවැත් වූ කමිටුවේ වාර්තාවේ සඳහන් වන්නේ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. රවී සෙනෙවිරත්න මහතා මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයාය. ගම්මන්පිල මහතා මෙසේ පැවසුවේ එම විමර්ශන වාර්තාවේ කරුණු හෙළිදරව් කිරීම සඳහා අද පැවැත්වූ විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදීය. ජනාධිපතිවරණයට පෙර ජනපති රනිල් වික්‍රමසිංහ පත් කළ කමිටුව දුන් වාර්තාව සම්බන්ධයෙන් ඔහු මෙම කරුණු ඉදිරිපත් කළේය. විශ්‍රාමික විනිසුරු එස් අයි.ඉමාම් මහතා එම විමර්ශන කමිටුවේ සභාපතිවරයාය. සහරාන් ඇතුළු පිරිස කතෝලික පල්ලි ඉලක්ක කර ගනිමින් මරාගෙන මැරෙන ප්‍රහාරයක්…
දුම්රිය මාර්ගයේ ඇති වූ දෝෂයක් හේතුවෙන් කොටුව – මරදාන අතර දුම්රිය ධාවනය ප්‍රමාද වී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ වනවිට එහි නඩත්තු කටයුතු ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු පැවසීය
