Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තිස් වසරක යුද්ධය හේතුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කරමින් ගම්පහ නගරය මධ්‍යයේ ඉදිකරන ලද ” රණවිරු ස්මාරකය ” විශ්‍රාමික මේජර් ජෙනරාල් ජේ.ආර්.අම්පෙමොහොට්ටි මහතාගේ ප්‍රධානත්වයෙන්,77 වන නිදහස් දිනය සැමරූ අද (4) පෙරවරුවේ විවෘත කළේය. ගම්පහ රණවිරු සංසදය මගින් මෙම ස්මාරකය ඉදිකොට ඇති අතර මෙහි පිහිටුවා ඇති පළකයෙහි ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල පදිංචිව සිටියදී දේශය වෙනුවෙන් සටන් වැද දිවි පිදූ රණවිරුවන් සිය දෙනෙකුගේ පමණ නම් සදහන්ව ඇත. වැඩමවා සිටි මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ඣායනා කරද්දී අම්පෙමොහොට්ටි මහතා විසින් රණවිරු ස්මාරකය නිරාවරණය කළ අතර මෙම අවස්ථාවට ගම්පහ රණවිරු සංසදයේ සභාපති සුමිත් රණවීර , ලේකම් කුමාරි ඇන්තනී , අනුශාසක උපාලි දයානන්ද යන මහත්වරුන්ද…
77 වන ජාතික නිදහස් දිනයට සමඟාමීව අද (04) දින යාපනය එක්සත් තරුණ සංගමය විසින් සිංහල, දමිළ, මුස්ලිම් සියලු ජනකොටස් ඒකරාශී කර ගනිමින් යාපනය නගරය කේන්ද්‍ර කර ගනිමින් නිදහස් දින වැඩසටහනක් පවත්වා ඇත. එහිදි ජාතික කොඩි රැගත් රථ පෙළපාලියක් හා පා ගමනක්ද , පන්නෙයි කලපුව ආශ්‍රිත වෙරළ ප්‍රදේශයේ විචිත්‍රවත් සරුංගල් සංර්දශණයක් හා බෝට්ටු සවාරියක්ද පවත්වා ඇත.
උතුරු මැද පළාතේ පාසල්වල 2024 අවසන් වාර විභාගයේ 11 ශ්‍රේණිය සිංහල සහ බුද්ධාගම ප්‍රශ්නපත්‍ර සැලසුම් සහගතව ඉතා සූක්ෂම අයුරින් පාර්සල්වල මුද්‍රා කඩා පිටතට ගෙන ජංගම දුරකථනයකින් ඡායාරූප ගත කළ තඔුත්තේගම ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයෙකුට වට්ස්ඇප් ඔස්සේ යැවීම තුළින් රජයට රුපියල් එක් කෝටි පහළොස් ලක්ෂයකට අධික මුදලක් අලාභ සිදුකළැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ වැඩබලන විදුහල්පතිවරයෙකු මේ මස 7 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා විසින් මෙම නියෝගය ලබාදී තිබුණි. මෙම ප්‍රශ්නපත්‍ර වංචාවට සම්බන්ධ බවට සැක කෙරෙන අනෙකුත් සැකකරුවන්ද වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර කොට්ඨාස…
යුද්ධයේ මුවාවෙන් රට තුළ බිහි වූ ඒකාධිපති වියරුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පවසති. එනිසා පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම වෙනුවෙන් වහාම වත්මන් ව්‍යවස්ථාව අහෝසි කර නව ව්‍යවස්ථාවක් ගෙන එන ලෙස ජනපති ඇතුළු වත්මන් රජයෙන් ඉල්ලා සිටින බව කාදිනල් හිමියෝ සඳහන් කළහ. 77 වන නිදහස් දිනය නිමිත්තෙන් අද (04) උදෑසන බොරැල්ලේ සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ දී පැවති දිව්‍ය පුජාවට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවසූහ. ජනාධිපති ව්‍යවස්ථාව නැමති ඒකාධිපති ක්‍රමයට පාර කපා දුන් නීති රාමුව තුළ නායකයින් තමන්ට ලැබුණු අසීමිත බලය අවභාවිත කළ බව ද කියා සිටි කාදිනල් හිමි, මෙහි…
පාර්ලිමේන්තුවට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ගෙවන ලද රුපියල් අට කෝටියකට වැඩි වවුචරපත් 122කට අදාළව එම ගෙවීම් ලබාගත් තැනැත්තාගෙන් එසේ ගෙවීම ලබාගත් බවට තහවුරුවක් ලබාගෙන නොතිබූ බවත් එය නීති රීති හා රෙගුලාසි වලට අනුකූල නොවූ ක්‍රියාවක් බවත් ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ. මුදල් ගෙවීම් කිරීමේදී නියමිත තැනැත්තාට මම මුදල් ගෙවූ බවට තහවුරු කරගත යුතු වූවද එසේ ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ. මෙම රුපියල් කෝටි අටකට වැඩි මුදල ගෙවා ඇතැයි පැවසෙන්නේ 2023 වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාලයේ ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහාය. මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2023 වර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති…
ඡන්දහිමි නාම ලේඛනයට සියලු පුරවැසියන් ඇතුලත් විය යුතු බැවින් සුදුසුකම් ලැබු ඡන්දහිමියන් අත් නොහැරෙන අකාරයට ඡන්ද හිමි නාම ලේඛනය සකස් කරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් (ජාතික මැතිවරණ) රසික පීරිස් මහතා පැවසීය. සෑම වර්ෂයකම පෙබරවාරි මස 01වැනිදා ඡන්දහිමියන් සඳහා ලියාපදිංචි වීමේ දිනය බැවින් එදිනට තමන් පදිංචිව සිටින ලිපිනය ඡන්දහිමි නාම ලේඛනයට ඇතුලත් වන බවත් එම දිනයට වයස අවුරුදු 18 සම්පූර්ණ වීම යන කාරණා සැළකිල්ලට ගෙන ප්‍රධාන ඡන්දහිමි නාම ලේඛනයට නම් ඇතුලත් කිරීමට කටයුතු කරන බවත් රසික පීරිස් මහතා පැවසුවේය. ඡන්දහිමි නාම ලේඛනයට පුරවැසියන්ගේ නම් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ඔහු…
කොළඹ වරායේ බහාලුම් තදබදයට විසඳුමක් ලෙස ඉතා කෙටි කාලයක් තුළ කඩිනමින් සකස් කළ බ්ලුමැන්ඩල් පරිශ්‍රයේ අක්කර 2.5 ක පමණ කොටසක් තාවකාලිකව බහාලුම් අංගනයක් ලෙස ඊයේ (3) විවෘත කළේය. කොළඹ වරායේ බහාලුම් තදබදය පසුගිය සති කිහිපයේ රටේ වඩාත් අවදානය යොමුවූ ගැටලුවක් විය. බහාලුම් 300 කට ආසන්න ප්‍රමාණයක් නිසි පරිදි පරීක්ෂණ කිරීම සඳහා වරාය තුළ අවම වශයෙන් දින තුනක පමණ කාලයක් ගතවීමෙන් තදබදය ඉහළ ගියේය. එම ගැටලුවට සෘජුව මැදිහත් වු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පත් කළ කැබිනට් අනු කමිටුවේ තීරණය මත වරාය සීමාවෙන් පිට බ්ලූමැන්ඩල් ඉඩමේ අක්කර 5 ක ප්‍රමාණයෙන් 2.5 ක කොටසක් නිසිපරිදි සකස් කර කෙටි කාලීන විසඳුමක් ලෙස ජනවාරි…
ආහාර දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන රටපුරා ගබඩාවල ඇති ආහාර ද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 1,623 ක් මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව නිර්දේශ කර ඇති බව ආහාර කොමසාරිස් උපුල් ශාන්ත ද අල්විස් මහතා ඊයේ (3) පැැවසීය. සහල්, පරිප්පු සහ තෙල් ඇතුළු ද්‍රව්‍ය 2022 වසරේ සිට ගබඩා කර ඇති බවත් එම ද්‍රව්‍යවලින් ඉතිරිව තිබෙන මෙට්‍රික්ටොන් 1,623 ක ප්‍රමාණයක් 2024 ඔක්තෝබර් මස ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී සෞඛ්‍ය සහ රසපරීක්‍ෂණ යන දෙපාර්තමේන්තුව වෙත තත්ව පරීක්‍ෂණකට යොමු කිරීමට තීරණ්‍ය කළ බවත් ඒ මහතා කීය. එම තත්ව පරීක්‍ෂාවෙන් පසුව එම ද්‍රව්‍ය මිනිස් පරිභෝජනයට නුසුදුසු යැයි ජනවාරි මස දැනුම් දී තිබූ බව කී අල්විස් මහතා ඒවායේ විදෙස් සහ දේශීය…
පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් මුහුණ දෙන ගැටළු අවම කොට අවශ්‍ය තිරසාර විසඳුම් ලබාදීම සඳහා උපදේශක කමිටුවක් පිහිටු වීමට අවශ්‍ය ක්‍රියාදාමය ආරම්භ කර ඇත. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය දියුණු කිරීමට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය සඳහා මාර්ගෝපදේශ පැපයීම ඉලක්ක කර ගනිමින් මෙම උපදේශක කමිටුව පිහිටුවීමට අපේක්ෂා කරන අතර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයේ සංවර්ධනය සඳහා විවිධ ආයතන යටතේ ක්‍රියාත්මක වන සියළු පාර්ශවකරුවන් එක් කණ්ඩායමක් ලෙස සම්බන්ධීකරණය කරමින් එකී අංශය විධිමත් ලෙස දියුණු කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ දායකත්වය ද ඇතිව මෙම උපදේශක සභාව ක්‍රියාත්මක කෙරෙනු ඇත. මුදල් ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන…
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධතියෙහි ධාරිතාව වැඩි කිරීම සඳහා ජපානය විසින් යෙන් මිලියන 300ක (රුපියල් මිලියන 565ක්) ප්‍රදානයක් ලබා දීමට කටයුතු කර තිබේ. මීට අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී සිදු වූ අතර ජපානයේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු උප අමාත්‍ය සයමා (ඉකුඉනා) අකිකෝ මහත්මිය සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඊට අත්සන් තැබූහ. මෙම ප්‍රදානය මගින් පළාත් පාලන ආයතනවල අපද්‍රව්‍ය කළමනාකරණයෙහි ධාරිතාව වැඩිදියුණු කිරීම සඳහා කසල ප්‍රවාහනයට කම්පැක්ටර් රථ 28ක් සපයනු ලබන අතර, ඉන් බස්නාහිර පළාතට රථ 14ක්, නැගෙනහිර පළාතට රථ 08ක් සහ උතුරු පළාතට රථ 06ක්…
