Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
කල්පිටිය කන්දකුලිය ධීවර තොටුපළින්, ධීවර රැකියාව සදහා පිටත්ව ගිය ධීවරයෙකු අකුණක් වැදී මුහුදට වැටීමෙන් අතුරුදන්ව ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි. මෙසේ අතුරුදහන්ව ඇත්තේ කල්පිටිය කන්දකුලිය පදිංචි 41 හැවිරිදි ඇන්ටන් දිසානායක ලක්ෂ්මන් දිසානායක නම් දෙදරු පියෙකි. මෙම ධීවරයා සමග තවත් ධීවරයින් දෙදෙනෙකු ඊයේ (25) පස්වරුවේ ධීවර රැකියාව සදහා තොටුපළින් පිටත්ව ගොස් ඇත. එම ධීවරයින් දෙදෙනා පොලිසියට ප්රකාශ කොට ඇත්තේ,වෙරළේ සිට කිලෝ මීටර 16 ක් පමණ දුර දියඹ මුහුදේ ධීවර කටයුතුවල නිරතව සිටිය දී ඇද හැලුණු වර්ෂාවත් සමග අකුණක් තම යාත්රාවට පතිත වූ බවය.ඒ සමගම අකුණ වැදුණු ධීවරයා මුහුදට වැටුණු බවත් ය.
ඉන්දුනීසියාව ආසන්නයේ සුලාවේසී දූපතේ එරට වේලාවෙන් අද (26) උදෑසන 6.55ට පමණ භූකම්පනයක් සිදුව තිබේ. රික්ටර් පරිමාණයේ ඒකක 6.1ක යුතුව අදාළ භුකම්පනය සිදුව ඇති බව විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
මෙරට සියලුම ආරක්ෂක අංශ එක්ව අත්අඩංගුවට ගැනීමට සොයන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ලේ සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකරු ලෙස සැළකෙන ඉෂාරා සෙව්වන්දි නමැති කාන්තාව තෙබුවන රන්නගල වතුයායේ මත්ද්රව්ය ජාවාරම්කරුවෙකුට අයත් නිවසක සැඟවී සිටින බවට ලද තොරතුරක් අනුව එම නිවස ක්ෂණිකව වැටලීමත් සමඟම එහි සිටි කාන්තාවක් නිවසින් පලා ගොස් කැලෑ වැදුණු බව තෙබුවන පොලිසිය කියයි. ඒ සමගම සිදු කළ මෙහෙයුමේදී එකී කාන්තාව කුඩා දරුවකු සමග කැලෑව තුළ සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බවත් සිදුකළ විමර්ශනවලදී එකී කාන්තාව ඉෂාරා සෙව්වන්දි නොවන බවත් එනමුත් ඇයගේ රූපයට බොහෝ සෙයින් සමානකම් ඇති තැනැත්තියක් බව බැලූ බැල්මට පෙනෙන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි. එම සැකකාරිය සමග නිවසේ…
වියළි කාලගුණයත් සමඟ තාප විදුලි බලාගාර රැසක් ක්රියාත්මක කිරීම නිසා විදුලි නිෂ්පාදනය සඳහා වන පිරිවැය ඉහළ ගොස් ඇති බවත් ජල විදුලියෙන් දහවල් කාලයේ සියයට 20 ක් සහ රාත්රී කාලයේ සියයට 40 ක් ලෙස විදුලිය මෙම දිනවල ජනනය කරන බවත් විදුලිබල මණ්ඩලයේ මාධ්ය ප්රකාශක, ඉංජිනේරු ධම්මික විමලරත්න මහතා ඊයේ (25) පැවසීය. වර්ෂාව අධික කාලයේදී තාප විදුලිබලාගාර නවත්වා හැකි උපරිමයෙන් ජල විදුලිය ජනනය කළ ද මේ අවස්ථාවේදී පවතින ජලය ආරක්ෂා කිරීමට පිළිබඳව අවදානය යොමුකර ඇති බව කී විමලරත්න මහතා ලබන අප්රේල් හෝ මැයි කාලය තුළ නැවත වර්ෂාව බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය. විදුලිබල මණ්ඩලය මේ පිළිබඳව පුරෝකථනය කර අවශ්ය සැළසුම් සකස්…
අයවැයෙන් වෙන්කර ඇති මුදල් නිසි අයුරින් අදාළ කාර්යයන් සඳහා ඵලදායීව සහ සාධාරණව යෙදවීම රාජ්ය නිලධාරීන්ගේ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. සීමිත මූල්ය රාමුව තුළ වුවද, සංවර්ධන ප්රමුඛතා සහ ජනතා අවශ්යතා හඳුනා ගනිමින් මෙවර අයවැයෙන් ප්රතිපාදන වෙන්කර ඇති බවද ජනාධිපතිවරයා කීය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අමාත්යාංශ ලේකම්වරුන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (25) පැවැති සාකච්ඡාවේදී මේ බව අවධාරණය කෙරිණි. ඒ අනුව වියදම් කළමනාකරණයේ දී රාජ්ය නිලධාරීන් නිසි වගවීමකින් කටයුතු කිරීමේ අවශ්යතාවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. රාජ්ය සේවය පිළිබඳ ජනතාව තුළ පවතිනුයේ යහපත් ආකල්පයක් නොවන බවද මෙහිදී පැවසූ ජනාධිපතිවරයා, රාජ්ය සේවය තුළ පවතින අකාර්යක්ෂමතාව ඊට හේතුව…
සංවිධානාත්මක අපරාධ කල්ලි ප්රබල සාමාජිකයකු බව කියන මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් කෙහෙල්බද්දර පද්මේ නැමැත්තාගේ බිරිඳගේ මහ ගෙදර වීඩියෝ කළ පුද්ගලයන් දෙදෙනකු පන්නල නගරයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්ය කොට්ඨාසය කියයි. එම සැකකරුවන් දෙදෙනා සමග ඔවුන් පැමිණි යතුරු පැදිය , වීඩියෝ කිරීමට යොදාගත් ජංගම දුරකථනය සහ හොරෙයින් මත්කුඩු මිලි ගෑම් 4610 ක් පොලිස් බාරයට ගෙන ඇත. කොළඹ අලුත්කඩේ අංක පහ මහේස්ත්රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී ඉකුත් 19 වෙනි දින සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාව නීතිඥ වෙස්ගත් වෙඩික්කරුවෙකු යොදවා ඝාතනය කිරීම සංවිධානාත්මක අපරාධ කල්ලියේ ප්රබලම චරිතයක් වූ කෙහෙල්බද්දර පද්මේ සිය පියාගේ ඝාතනයට පළිගැනීමක් ලෙස අමිත් ගම්ලත්ගේ තිලිණ සම්පත් නොහොත් කමාන්ඩෝ…
පාර්ලිමෙන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි මුල්ය අපරාධ නඩුව විභාග කරන කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව මුහුණු පොතේ යම් යම් සටහන් තැබු පුද්ගලයන් පිළිබඳ වාර්තාවක් නොපමාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහාධිකරණ ප්රධාන රෙජිස්ට්රාර්වරයාට ඊයේ නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතාට එරෙහිව මුහුණු පොතේ යම් යම් සටහන් තැබු පුද්ගලයන් අධිකරණයට අපහාසයක් කර ඇති බවට පැමිණිලි කරමින් කොළඹ මහාධිකරණ ප්රධාන රෙජිස්ට්රාර්වරයා කළ පැමිණිල්ලකට අනුව එලෙස නියෝග කළේය. ‘පොද්දල ජයන්ත’ සහ ‘සනත් බාලසුරිය’ නමැත්තන්ගේ මුහුණු පොත් මඟින් පසුගිය 21 වැනිදා මුහුණු පොතේ සිට සංසරණය වන සටහනක් උපුටා දක්වමින් කොළඹ ප්රධාන මහාධිකරණ රෙජිස්ට්රාර් එස්.ඒ.අයි. රංජිත් මහතා මෙම පැමිණිල්ල කර ඇත.…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්රදේශවල සවස් කාලයේදී හෝ රාත්රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. නැගෙනහිරසහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය,පොළොන්නරුව, ගාල්ල, මාතර, කළුතර සහ රත්නපුරදිස්ත්රික්කවලත්ඇතැම් ස්ථාන වලට මි.මි. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.
රුපියල් එක් කෝටි විසි ලක්ෂයක් වටිනා ” කුෂ් ” මත්ද්රව්ය තොගයක් , මෙරටට රැගෙන පැමිණි විදේශීය ගුවන් මගී කාන්තාවක් අද(26) කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී , රේගු මත්ද්රව්ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . ඇය 38 හැවිරිදි ඉන්දීය ජාතික කාන්තාවකි . ඇය තායිලන්තයේ බැංකොක් නුවර සිට මෙම මත්ද්රව්ය තොගය රැගෙන හොංකොං නුවරට ගොස් එතැන් සිට කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ , රසකැවිළි අඩංගු පැකට් කීපයක් තුළ , මෙම ” කුෂ් ” මත්ද්රව්ය කිලෝ ග්රෑම් 01 යි…
වත්මන් ආණ්ඩුවේ මංගල අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද (25) පස්වරුවේ පැවැත්වුණි. ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 155ක් සහ විරුද්ධව ඡන්ද 46ක් ලැබුණි. කිසිඳු මන්ත්රීවරයෙකු ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී නොසිටියේය. ඒ අනුව කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ අයවැය දෙවනවර කියවීම වැඩි ඡන්ද 109කින් සම්මත වූ බවය. 2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවෙනි වර කියවීම හෙවත් ‘අයවැය කථාව’ මුදල් අමාත්යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 17 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. අනතුරුව පෙබරවාරි 18 සිට අද (25) දක්වා, දින 7ක් විසර්ජන පනත් කෙටුම්පත (අයවැය) දෙවෙනි වර කියවීමේ විවාදය පැවැත්විණි. මේ අනුව කාරක සභා අවස්ථා විවාදය පෙබරවාරි 27 සිට මාර්තු 21…
