Author: LANKA24X7

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් වගකීම භාරගන්නා බව නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කනගාටුවට පත්ව ඇතැයි ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටක් කියා සිටියේය. අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, තමා යටතේ ඇති ආයතනයක මෙවැනි ගැටුමක් හට ගත් බැවින් එහි වගකීම තමාට භාරගැනීමට සිදුවන බවය. කෙසේවෙතත් මේ වනවිට තත්ත්වය සමතයකට පත්කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, කාගේ හෝ ජීවිතයක් අහිමි වීම අනුමත කළ නොහැකි බවත් ඉදිරියේ දී මෙැවනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් පැවසීය. මෙම ගැටුම පතාලයේ කල්ලි දෙකක් අතර ඇති වූ දෙයක් බවද…

Read More

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 25දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. ඒ අතර බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙක් සහ රැඳවියන් සිව් දෙනෙකු සිටින බව වාර්තා වේ. මෙම ගැටුම හේතුවෙන් 100කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බවද වාර්තා වේ. අද පෙරවරුවේ යළිත් මීගමුව බන්ධනාගාරය තුළ නොසන්සුන්කාරී තත්වයක් හට ගැණුනි. එහිදී රැඳවියන් බන්ධනාගාරය ඉදිරි දොරටුවෙන් පිටතට ඒමට කළ උත්සාහයත් සමඟ තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය සමඟ විශේෂ කාර්ය බලකාය ද යොදවනු ලැබීය. අප වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ බන්ධනාගාරය තුළින් වෙඩි හඬ කිහිපයක්ම ඇසුණු බවය. කෙසේවෙතත් උදෑසන 10.00ට පමණ ඇති වූ මෙම උණුසුම් තත්ත්වය හමුවේ රැඳවියන් පාලනය කර…

Read More

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව තවත් 50කට අධික පිරිසක් මේ ගැටුමෙන් තුවාල ලබා රෝහල්ගත කර සිටී. මීගමුව රෝහල පැවසුවේ, මිය ගිය අයගේ හා තුවාල ලැබූ ඇතැමුන්ගේ සිරුරවල වෙඩි ප්‍රහාරවලින් සිදුවූ තුවාලද දක්නට ලැබුණු බවය. මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද උදෑසන සංවිධානාත්මකව සිදුකළ පහරදීම්වලින් මෙම ගැටුම හටගත් අතර තත්ත්වය පාලනයට වෙඩිතැබීමටද ආරක්ෂක අංශවලට සිදුවුණි. අද උදෑසන මෙම සිද්ධිය ඇතිවූයේ ඊයේ (05) බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන් තත්ත්වය මැදියම් රැය වන විට පාලනය කර තිබූ පසුබිමකය. කෙටිකාලීන සිරකරුවන් හා රිමාන්ඩ් සැකකරුවන් 1,800කට අධික පිරිසක් රඳවා සිටින…

Read More

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් පහත වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. “ඔපෙක් ප්ලස් (OPEC+) සංවිධානය විසින් එළඹෙන අගෝස්තු මාසය සඳහා වන නිෂ්පාදන ඉලක්ක ඉහළ නැංවීමත් සමඟ මෙලෙස ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පහළ වැටී ඇති බව සඳහන්. එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා යළිත් සාමාන්‍ය පරිදි තෙල් අපනයනය ආරම්භ වීම මෙලෙස ලෝක සැපයුම ඉහළ යාමට හේතු වී ඇති බවය. ඒ අනුව, බ්‍රෙන්ට් (Brent) බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 71.78ක් දක්වා පහළ ගොස් ඇති අතර, අමෙරිකානු WTI බොරතෙල් බැරලයක් ඩොලර් 68.48ක් ලෙස සටහන්ව ඇත.

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු – මැද සහ වයඹ පළාත්වලත් රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇති විය හැකි බවද සඳහන්.

Read More

විශ්වයේ ජීවය පැවතීමට සුදුසු තවත් සුවිශේෂී බාහිර ග්‍රහලෝකයක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව තිබේ. පෘථිවියේ “ලඟම අසල්වැසියා” ලෙස හඳුන්වනු ලබන මෙම ග්‍රහලෝකය නම් කර ඇත්තේ GJ 3378b යනුවෙනි. පිටසක්වල ජීවය සෙවීමේ ගවේෂණවලදී හමුවූ ඉතාමත් බලාපොරොත්තු තැබිය හැකි ග්‍රහලෝකයක් ලෙස මෙය මේ වන විට විද්‍යාඥයන්ගේ දැඩි අවධානයට ලක්ව ඇත. පෘථිවිය මෙන් දෙගුණයකටත් වඩා විශාලත්වයෙන් යුත් මෙම ග්‍රහලෝකය අයත් වන්නේ Super-Earth ගණයටයි. මෙය අපට සාපේක්ෂව ආසන්නයෙන් පිහිටි Red Dwarf නම් තරුවක් වටා කක්ෂගතව පවතී. මෙම සොයාගැනීමේ ඇති විශේෂත්වය වන්නේ ග්‍රහලෝකය පිහිටා ඇත්තේ එම තරුවේ “වාසයට සුදුසු කලාපය” හෙවත් “රන්වන් කලාපය” තුළ වීමයි. යම් ග්‍රහලෝකයක මතුපිට ද්‍රව ජලය පැවතීමට අවශ්‍ය සුදුසුම උෂ්ණත්වය පවතින්නේ…

Read More

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ඒ අනුව මධ්‍යම, උතුරු, උතුරුමැද පළාත් සහ රත්නපුර, හම්බන්තොට, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ. ඉදිරි පැය 24 සඳහා මෙය වලංගු වන අතර, අදාළ ප්‍රදේශවල විටින් විට පැ.කි.මි 40 – 50 පමණ තද සුළං ඇති විය හැකිය.

Read More

ඩෙංගු රෝගය මර්දනය හා පාලනය සම්බන්ධයෙන් මහජනතාවට, මාධ්‍යවේදීන්ට මෙන්ම ඩෙංගු මර්දන කටයුතුවල නිරත රාජ්‍ය නිලධාරීන්ට සහ ස්වේච්ඡා සේවකයන්ට නිවැරදි, විශ්වසනීය හා කඩිනම් තොරතුරු ලබාදීමේ අරමුණින් ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇත. ඒ අනුව තම ප්‍රදේශවල මදුරුවන් බෝවන ස්ථාන තිබේ නම්, 011-7966366 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනෙහි අතිරේක ලේකම් එස්.පී.සී. සුගීශ්වර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී. GeographicReference මෙම ජාතික ඩෙංගු මෙහෙයුම් මැදිරිය සඳුදා සිට සිකුරාදා දක්වා – පෙ.ව. 8.00 සිට ප.ව. 4.00 දක්වාත්  සෙනසුරාදා – පෙ.ව. 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වාත් ක්‍රියාත්මක වන බවද සඳහන්. මෙම දුරකථන අංකය ඔස්සේ ඩෙංගු රෝග ව්‍යාප්තිය පිළිබඳ තොරතුරු ලබා ගැනීම,…

Read More

හදිසි අනතුරු හේතුවෙන් වාර්ෂිකව දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත අහිමි වීම හා ලක්ෂ සංඛ්‍යාත පිරිසක් තුවාල හා ආබාධිත තත්ත්වයට පත්වීම සැලකිල්ලට ගනිමින් ජනතාව අතර අනතුරු නිවාරණය පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම සඳහා 11 වැනි ජාතික අනතුරු නිවාරණ සතිය හෙට (06) සිට ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව හෙට සිට එළැඹෙන 10 වැනි දින දක්වා මෙම අනතුරු නිවාරණ සතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත. මෙරට රජයේ රෝහල්වල නේවාසික ප්‍රතිකාර සඳහා ඇතුළත්වන රෝගීන්ගෙන් සැලකිය යුතු ප්‍රතිශතයක් හදිසි අනතුරු හේතුවෙන් ප්‍රතිකාර ලබන අතර වැටීම්, මාර්ග අනතුරු, සේවා ස්ථානවල සිදුවන අනතුරු, දියේ ගිලීම් සහ නිවාස ආශ්‍රිත අනතුරු ඒ අතර ප්‍රධාන ස්ථානක් ගන්නා අතර සෞඛ්‍ය සේවාවට…

Read More

අකුරේගොඩදී නීතීඥවරයෙකු හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටි තවත් අයෙක් මාලදිවයිනේදී එරට ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ඊයේ (04) පස්වරුවේ දිවයිනට රැගෙන එනු ලැබීය. එම සැකකරු වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබාදී ඇති බවට චෝදනා එල්ල වෙයි. ඔහු වැඩිදුර විමර්ශන සඳහා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට භාරදී තිබේ.

Read More