මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් වගකීම භාරගන්නා බව නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කනගාටුවට පත්ව ඇතැයි ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටක් කියා සිටියේය.
අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, තමා යටතේ ඇති ආයතනයක මෙවැනි ගැටුමක් හට ගත් බැවින් එහි වගකීම තමාට භාරගැනීමට සිදුවන බවය.
කෙසේවෙතත් මේ වනවිට තත්ත්වය සමතයකට පත්කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, කාගේ හෝ ජීවිතයක් අහිමි වීම අනුමත කළ නොහැකි බවත් ඉදිරියේ දී මෙැවනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් පැවසීය.
මෙම ගැටුම පතාලයේ කල්ලි දෙකක් අතර ඇති වූ දෙයක් බවද සඳහන් කර සිටි අධිකරණ අමාත්‍යවරයා, ගැටුම විසඳීමට නිලධාරීන් උපරිමයෙන් කටයුතු කර ඇති බවද කියා සිටියේය.

