Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අද (10) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙයි. තඹුත්තේගම, තලාව සහ ගල්නෑව ප්‍රදේශවල ජනතාවට සුරක්ෂිත හා පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් අංගමුව ජලාශය ජල මූලාශ්‍රය කරගනිමින් ක්‍රියාත්මක කළ තඹුත්තේගම ජල සම්පාදන ව්‍යාපෘතිය මඟින් තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය, තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටසක් සහ ගල්නෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොටසක් ආවරණය කරමින් ජනතාවට සුරක්ෂිත පානීය ජලය සපයයි. මෙම ව්‍යාපෘතිය මඟින් ග්‍රාම නිලධාරී වසම් 42ක් ආවරණය වන අතර, පුද්ගලයින් 91,810 දෙනෙකුට ප්‍රතිලාභ හිමි වේ. එමෙන්ම නව ජල සම්බන්ධතා 25,000ක් ලබාදීම තුළින් දහස් සංඛ්‍යාත ජනතාවට ගුණාත්මක, සුරක්ෂිත හා විශ්වාසනීය පානීය ජල පහසුකම් හිමි වී…
ඩෙංගු මර්දනයේදී ඉතා වෙහෙසකර කාර්යභාරයක් සිදුකරන කොළඹ දිස්ත්‍රික්කයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 8 දෙනෙකුට ද ඩෙංගු රෝගය වැලදී තිබේ. අද (09) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ, කොළඹ දිස්ත්‍රික් ශාඛාවේ සභාපති අමිත් කුමාර මහතා මේ බව අනාවරණය කළේය. ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සෙසු පිරිසට ද ඩෙංගු වැලදී ඇති අතර, කොළඹ දිස්ත්‍රික්කය පුරාවට මේ වනවිට ඩෙංගු වසංගත තත්ත්වය වර්ධනය වෙමින් පවතින බවය. ජූනි මාසය පුරා සිදුකළ ඩෙංගු වැටලීම්වලදී වගකීම් පැහැරහැරිය පුද්ගලයින් 1,186 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ අතර, ඒ මඟින් රුපියල් එක්කෝටි දෙලක්ෂ විසිපන් දහසක දඩ ආදායම් උපයා ගැනීමට හැකි වු බවද අමිත් කුමාර මහතා සඳහන් කළේය. ජුනි…
ක්ෂණික සහ කෙටිකාලීන විසඳුමක් ලෙස, බේරේ වැවට මුහුදු ජලය ඇතුළු කර ඒ හරහා වැව පිරිසිදු කිරීමේ විශේෂ තාක්ෂණික ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ. ඒ සඳහා පූර්ණ මූල්‍ය දායකත්වය ලබා දීමට ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෙකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා එකඟතාවය පළ කර ඇත. වැවේ පිරිසිදු භාවය සහ අලංකාරය තිරසාරව පවත්වා ගැනීම සඳහා වන දිගුකාලීන සැලසුම්, මෙවර රජයේ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති අතර ඒ සඳහා කොළඹ මහා නගර සභාව, නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ආයතන ඒකාබද්ධව කටයුතු මෙහෙයවනු ලබයි. හුණු පිටිය ගංගාරාම විහාරාධිපති, පූජ්‍ය ආචාර්ය කිරින්දේ අස්සජී නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්…
නාසා ආයතනයට අයත් ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය ආධාරයෙන් ප්ලූටෝ ග්‍රහලෝකය සහ සෙනසුරුගේ විශාලතම චන්ද්‍රයා වන ටයිටන් මත මෙතෙක් හඳුනාගත නොහැකි වූ අද්භූත රසායනික සලකුණක් සොයා ගැනීමට තාරකා විද්‍යාඥයන් සමත්ව ඇත. පවත්නා විද්‍යාත්මක දත්ත ගබඩාවල ඇති කිසිදු රසායනික ද්‍රව්‍යයකට මෙය සමාන නොවන අතර, මෙම සොයාගැනීම ඇතුළත් පර්යේෂණ වාර්තාව ‘Astronomy & Astrophysics’ සඟරාවේ පළ කිරීමටද අනුමැතිය ලැබී තිබේ. විද්‍යාඥයන් දුරස්ථ ලෝකයන්හි පවතින රසායනික ද්‍රව්‍ය හඳුනාගනු ලබන්නේ, අදාළ අංශු මඟින් ආලෝකය අවශෝෂණය කරගන්නා ආකාරය අධ්‍යයනය කරන ‘වර්ණාවලි වික්ෂේපණය’ (Spectroscopy) නම් තාක්ෂණයෙනි. සෑම රසායනික ද්‍රව්‍යයකටම මිනිස් ඇඟිලි සලකුණක් මෙන් අනන්‍ය වූ ආලෝක සලකුණක් පවතී. නමුත් මෙවර ප්ලූටෝ සහ ටයිටන් යන ලෝක දෙකෙන්ම මයික්‍රොමීටර 5.113ක…
මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් වෙනත් බන්ධනාගාර වෙත මාරුකර යවා තිබේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊයේ (08) දිනයේදී අදාළ රැඳවියන් වාරියපොළ සහ බෝගම්බර යන බන්ධනාගාර වෙත මාරුකර යවා ඇති බවය. අදාළ බන්ධනාගාරයේ රඳවා සිටි විදේශීය කාන්තා රැඳවියන් පිරිසක් ද ඒ අතර වන බව සඳහන්ය. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග එහි රඳවා සිටි කාන්තා රැඳවියන් පිරිසක් ද විරෝධතාවයක නිරතව වී සිටියහ. කෙසේ වෙතත් මේ වන විට එම විරෝධතාවය අවසන් කර ඇති අතර ක්‍රමානුකුලව එම රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත යොමුකරමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සි. ගජනායක මහතා සඳහන් කළේය. මේ අතර මීගමුව බන්ධනාරයේ පිරිමි රැඳවියන් වෙනත් බන්ධනාගාර…
කිසිදු බලපත්‍රයක් නොමැතිව ළඟ තබාගෙන සිටි ගජමුතු දෙකක් විකිණීමට තැත් කළ පුද්ගලයෙකු සහ ඒ සඳහා ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වැටලීම සිදු කර ඇත්තේ ඊයේ (08) උදෑසන කාලයේදීය. කොම්පඤ්ඤවීදිය පොලිස් වසමට අයත් මෙට්‍රෝ නිවාස සංකීර්ණය අසලදී මෙම ගජමුතු විකිණීම සඳහා සූදානමින් සිටියදී වටලනු ලැබූ අතර, අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත භාර දී ඇත. අත්අඩංගුවට පත් සැකකරුවන් අවුරුදු 38, 46 සහ 47 යන වයස්වල පසුවන්නන් වන අතර ඔවුන් තලවතුගොඩ, මීතලාව සහ දොලොස්බාගේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය…
අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “විහාරගොඩ විශ්ව” නමැත්තාට අයත් බව සැලකෙන T56 වර්ගයේ ගිනිඅවියක මැගසිනයක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. 2026 ජූලි 08 වන දින ඇල්පිටිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සහ පොලිස් කණ්ඩායම් එක්ව විහාරගොඩ ප්‍රදේශයේ සිදුකළ ඒකාබද්ධ වැටලීමකදී විහාරගොඩ දුම්රිය මාර්ගය අසල සඟවා තිබියදී මෙම මැගසිනය සොයාගෙන ඇත.
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට ( 09) දිනය සඳහා වලංගු වන පරිදි, අද (08) දින මෙම නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය වලංගු වේ. මඩකලපුව, අම්පාර සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශ වල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු ” මට්ටමක පැවතිය හැකි බව වැඩිදුරටත් දැනුම් දී ඇත.
ඉරානය සමඟ පැවති සටන්විරාමය අවසන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසීමත් සමඟ අද (08) ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 6%කට ආසන්න ප්‍රමාණයකින් එකවරම ඉහළ ගොස් තිබේ. මින් මැදපෙරදිග කලාපයේ නැවතත් යුදමය තත්ත්වයක් ඇතිවීමේ සහ තෙල් සැපයුමට බාධා පැමිණීමේ බියක් හටගෙන ඇති බව විදෙස් වාර්තා පවසයි. ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් මිල 5.95% කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 78.50ක් වූ අතර, අමෙරිකානු (WTI) බොරතෙල් මිලද 5.95කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 74.60ක් දක්වා වැඩි වී ඇත.
සංවිධානාත්මක අපරාධකරුවන්ට සහය වෙමින් ව්‍යාජ ලෙස ලේඛන සකස් කර ඉඩම් බැහැර කිරීමේ මහා පරිමාණ ජාවාරමකට සම්බන්ධ බවට චෝදනා මත ඉඩම් රෙජිස්‌ට්‍රාර්වරියක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුවේ මූල්‍ය අපරාධ විර්මශන ඒකකය මඟින් සිදුකරන ලද දීර්ඝ විර්මශනයකට අදාළව ඊයේ (07) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. සැකකාරිය කොළඹ ප්‍රදේශයේ ඉඩම් රෙජිස්‌ට්‍රාර් කාර්යාලයක සේවය කරමින් එහි පවතින පත්තිරු සහ වෙළුම් ඔප්පුවල දෙවන පිටපත් බාහිර පාර්ශවයන් වෙත ලබාදීමට කටයුතු කර තිබේ. එමෙන්ම සංවිධානාත්මක අපරාධ සඳහා සෘජුවම ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම, නීත්‍යානුකූල අයිතිකරුවන් නොදැනුවත්ව ව්‍යාජ ලේඛන සකස් කොට, අදාළ ඉඩම් වෙනත් පාර්ශවයන් වෙත බැහැර කිරීමට කටයුතු කිරීම ඇයට එල්ල වල…
