Author: LANKA24X7

රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර පිළිබඳව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා මෙම නඩුකරය සැප්තැම්බර් මස 30 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. මෙම නඩුකරය අද (08) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර උද්‍රෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවය. ඒ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සමදරී පියසේන මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්  මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර ගොනු…

Read More

රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 325ක් සමඟ පුද්ගලයෙකු එඬේරමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වත්තල, එඬේරමුල්ල, සන්ෆ්ලවර් ගාර්ඩ්න්ස් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු සන්තකයේ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 325ක් සොයාගෙන තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “බ්ලුමැන්ඩල් රවී”ගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු බවය. සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන සඳහා එඬේරමුල්ල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.

Read More

මීගමුව බන්ධනාගාරයේ ඩෙංගු රෝගය වැළඳීමෙන් රැඳවියන් 40කට ආසන්න ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පළවන වාර්තා අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කරුණු පැහැදිලි කිරීමක් කළේය. ඒ අද (07) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීය. එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එලෙස ඩෙංගු රෝගය වැළඳීමෙන් රැඳවියන් 40ක් ජීවිතක්ෂයට පත්වූ බවට පළවන වාර්තා අසත්‍ය බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “ඒක සම්පූර්ණයෙන් අසත්‍ය කතාවක් 40ක් මැරුණානම් මෘත දේහ තියෙන්න එපැයි. ඕනෑම රෝගියෙකුට අවශ්‍ය කරන ප්‍රතිකාර තියෙනවා. කාට හරි උණ රෝගය තිබෙනවානම්, කිහිප දෙනෙකුට උණ රෝගය තිබුණා  කළින් දවසේ එහෙම වාර්තා වෙලා තිබුණේ එක්කෙනයි එයාටත් ප්‍රතිකාර කළා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් කිසිදු ආකාරයේ පැමිණිල්ලක් ලැබිලා තිබුණේ…

Read More

දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල සිටින ජ්‍යේෂ්ඨ නිලධාරීන් හෙට (08) පෙරවරු 7.30වන විට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ. මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මේ බව පැවසීය. අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ මීගමුව බන්ධනාගාරයේ ඇති වූ තත්ත්වය ගැන සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම කැඳවීමට තීරණය කළ බවය. එමෙන්ම අනෙකුත් බන්ධනාගාරවල මෙවැනි ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සඳහන් කළේය.

Read More

වසරේ ගතවූ මාස කිහිපය තුළ මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ජූලි මාසය තුළ පමණක් රෝගීන් 7,038ක් වාර්තා වී ඇති බව එම ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ, වෛද්‍ය කපිල කන්නංගර මහතා සඳහන් කළේය. සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් වැඩිම රෝගීන් ප්‍රමාණයක් එනම් සියයට 52.40ක ප්‍රතිශතයක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වන අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති රෝගීන් ගණන 12,663කි. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 12,582ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,191ක් වාර්තා වී ඇත.

Read More

ජූලි මාසය සදහා පළමුවැනි පාර්ලිමේන්තු රැස්වීම් සතිය අදින් (07) ආරම්භ වේ. අද සිට ලබන 10 වන දින දක්වා පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළේය. අද දිනයේ දී දූෂණ විරෝධී පනතේ ඇති නියෝග සහ පුරාවස්තු ආඥා පනත යටතේ ඇති නියෝග විවාදයට ගෙන අනුමත කිරීමට නියමිතව තිබේ. හෙට දිනයේ දී ගෙවීම් සහ බේරුම් කිරීමේ පද්ධති පනත යටතේ නියෝග, රේගු ආඥා පනත යටතේ වන නියෝග, මෝටර් වාහන පනත යටතෙ ඇති නියෝග සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ වන නියෝග විවාදයට ගැනීමට නියමිතය. බදාදා දිනයේ දී විපක්ෂය විසින් ගෙනඑන විදේශ ශ්‍රමිකයින්ගේ ගැටලු පිළිබද සභාව කල් තැබීමේ විවාදය පැවැත්වීමට ද නියමිත…

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය නිමාවට පත්වන විට, ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 2ක් දැවී ලකුණු 92ක් ලබා සිටියේය. ඒ අනුව කොදෙව්වන්ට වඩා ලකුණු 142ක් ඉදිරියෙන් සිටිමින් තරගයේ අවසන් දිනයට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානමින් සිටියි. තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය ප්‍රථම ඉනිම සඳහා කඩුලු 9ක් දැවී ලකුණු 549ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට (Declare) තීරණය කළේය. ශ්‍රී ලංකා පළමු ඉනිම ශක්තිමත් කළ ළහිරු උදාර පන්දු 248කදී හතරේ පහර 21ක් සහ හයේ පහර 5ක් සමඟින් විශිෂ්ට ලකුණු…

Read More

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශන කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. එ් සඳහා වන අධිකරණ නියෝගයක් ද මේ වනවිට ලබාගෙන ඇති බව සඳහන්ය. එහි ඊයේ (05) සහ අද (06) යන දෙදින තුළ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදුවීමෙන් පුද්ගලයින් 26 දෙනෙකු මිය ගොස් ඇත. ඉන් රැඳවියන් 19 දෙනෙකු මෙන්ම බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙකු ද සිටින බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව කියාසිටියේ, අද (06) පස්වරුවේ මීගමුව බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදීය. බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවියන් 54 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබමින් සිටින බවද පැවසු අමාත්‍යවරයා, බන්ධනාගාරය…

Read More

නවීකරණය කරන ලද නාරාහේන්පිට දුම්රිය ස්ථානය නැවතත් ජනතා පරිහරණයට පත්කිරීම අද (06) පෙරවරුවේ සිදු කෙරිණ. ඒ, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙනි. මෙම දුම්රිය ස්ථානයේ සංවර්ධන කටයුතු සිදු කරනු ලැබුවේ, රාජ්‍ය – පෞද්ගලික හවුල්කාරිත්වයෙන් දිවයින පුරා දුම්රිය ස්ථාන 100ක පහසුකම් වැඩිදියුණු කර නවීකරණය කිරීමේ ‘සිහින ගමනාන්තය’ වැඩසටහන යටතේය. ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන්, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන්, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය මගින් තිරසර ව්‍යාපෘතියක් ලෙස ‘සිහින ගමනාන්තය’ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙමින් පවතී. කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර සහ කිරුලපන උප දුම්රිය ස්ථාන අතර පිහිටා ඇති නාරාහේන්පිට දුම්රිය ස්ථානය, වසර ගණනාවකින් ප්‍රතිසංස්කරණයකට ලක් නොකිරීම…

Read More

මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් වගකීම භාරගන්නා බව නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. එමෙන්ම අදාළ සිද්ධිය සම්බන්ධයෙන් තමා දැඩි කම්පනයට සහ කනගාටුවට පත්ව ඇතැයි ද අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටක් කියා සිටියේය. අද (06) පස්වරුවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ, තමා යටතේ ඇති ආයතනයක මෙවැනි ගැටුමක් හට ගත් බැවින් එහි වගකීම තමාට භාරගැනීමට සිදුවන බවය. කෙසේවෙතත් මේ වනවිට තත්ත්වය සමතයකට පත්කර ඇතැයි ද පැවසු අමාත්‍යවරයා, කාගේ හෝ ජීවිතයක් අහිමි වීම අනුමත කළ නොහැකි බවත් ඉදිරියේ දී මෙැවනි තත්ත්වයක් ඇති නොවීමට කටයුතු කළ යුතු බවත් පැවසීය. මෙම ගැටුම පතාලයේ කල්ලි දෙකක් අතර ඇති වූ දෙයක් බවද…

Read More