Author: LANKA24X7

ඇටවීරගොල්ලෑව, කෝන්ගොල්ලෑව ප්‍රදේශයේදී ජීව අත්බෝම්බයක්, T56 ජීව පතරොම් 52 ක් හා 09mm ජීව පතරොම් 30ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඇටවීරගොල්ලෑව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 48ක් වන ඇටවීරගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි හිටපු යුද හමුදා සෙබළෙකි. ඇටවීරගොල්ලෑව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් සහභාගී වූ වොෂින්ටන් රාත්‍රී භෝජන සංග්‍රහයකදී වෙඩි තැබූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයාට අමෙරිකානු ජනාධිපතිවරයා ඝාතනය කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර ඔහු වැරදිකරු වුවහොත් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳීමට සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සිදුවීම අමෙරිකා එක්සත් ජනපදය තුළ පවතින දේශපාලන ප්‍රචණ්ඩත්වයේ නවතම සිදුවීම වේ. පසුගිය සැප්තැම්බර් මාසයේදී කොන්සර්වේටිව් දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන චාලි කර්ක් රැලියකදී වෙඩි තබා ඝාතනය කරන ලදී. ඊට මාස කිහිපයකට පෙර මිනසෝටා ප්‍රාන්තයේ ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරියක සහ ඇගේ සැමියා ද මරා දමන ලදී. ට්‍රම්ප් ද 2024 ජනාධිපතිවරණ ව්‍යාපාරය අතරතුර දෙවතාවක්ම ඝාතන ප්‍රයත්නයන්ගේ ඉලක්කය බවට පත්විය.

Read More

මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි සැකකරුවන් දෙදෙනෙකු බන්ධනාගාරයෙන් පලායාමට තැත්කිරීමේදී බන්ධනාගාර නියාමකවරයෙකු එය වැලැක්වීමට යාමේදී ඇදවැටීමකින් සැකකරුවෙක් මියගොස් තිබේ. කෙසේවෙතත්, මියගිය සැකකරුවාගේ ඥාතීන් ප්‍රකාශ කළේ, බන්ධනාගාර නිලධාරීන් සිදුකළ පහරදීමකින් මරණය සිදුවූ බවට සැකයක් පවතින බවය. මත්ද්‍රව්‍ය චෝදනාවකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් දෙදෙනෙකු (27) පෙරවරු 11ට පමණ මැගසින් බන්ධනාගාරයෙන් පලායාමට උත්සහ කර ඇති බව සඳහන්ය. එහිදී ක්‍රියාත්මක වූ බන්ධනාගාර නියාමකවරයෙකු ඔවුන් සමඟ පොරබැදීමේදී සිදුවූ ඇදවැටීමෙන් එක් සැකකරුවෙක් මියගොස් අනෙක් සැකකරු හා අදාළ නිලධාරීයා තුවාල ලබා ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල…

Read More

බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු සහ කැමිලා රැජින සිව්දින සංචාරයක් සඳහා අමෙරිකා එක්සත් ජනපදය වෙත පැමිණි තිබේ. චාල්ස් රජුගේ පාලන කාලය තුළ සිදුවන වඩාත්ම ඉහළ පෙළේ සහ වැදගත් රාජ්‍ය සංචාරය වන මෙය, බ්‍රිතාන්‍ය පාලනයෙන් අමෙරිකාව නිදහස ලැබීමේ 250 වැනි සංවත්සරය සනිටුහන් කරන අතර, දශක දෙකකට පසු බ්‍රිතාන්‍ය රජෙකු එරටට පැමිණි පළමු අවස්ථාව ද වේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ මෙලානියා ට්‍රම්ප් විසින් මෙම දෙපළ උණුසුම්ව පිළිගත් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මාධ්‍ය ප්‍රධානීන්, වොෂින්ටනයේ ප්‍රභූන් මෙන්ම අමෙරිකානු සෙනෙට් සභික ටෙඩ් කෲස්, භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් සහ අනෙකුත් රටවල තානාපතිවරුන් ඇතුළු පිරිසක් සමඟ චාල්ස් සහ කැමිලා යුවළ සුහද පිළිසඳරක ද යෙදී ඇත. මෙම…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, දකුණු පළාතෙත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී වැසි ඇති විය හැකි බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව සහ උතුරු-මැද පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් අනුරාධපුර, කුරුණෑගල සහ බදුල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Read More

“ ඒහි පස්සිකෝ “ ජාත්‍යන්තර සාම පාද යාත්‍රාවේ අවසන් දිනය අදයි. අද (28) දහවල් 12ට කැලණිය රජමහා විහාරස්ථානයෙන් ආරම්භ වන සාම පාගමන නිදහස් චත්‍රරස්‍රය දක්වා ගමන් කිරීමට නියමිතව තිබේ. අනතුරුව පස්වරු 4ට නිදහස් චත්‍රරස්‍රයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් විශේෂ රාජ්‍ය උත්සවයක් පැවැත්වීමට නියමිතය. එහිදී ජනාධිපතිවරයා විසින් පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු නියෝජිත පිරිසට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුර පැළයක් නිල වශයෙන් භාර දීම සිදුකෙරුණු ඇත. නිදහස් චතුරස්‍රයේ සිට පස්වරු 5.30ට යළි ආරම්භ කෙරෙන පාගමන කොළඹ ගංගාරාම විහාරස්ථානයට ලගාවීමෙන් පසු නිමාවට පත් වේ.

Read More

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබේ. බදු ආදායම පුළුල් කිරීම, බදු අනුකූලතාව උපරිම කර ගැනීම සහ හිඟ බදු අය කර ගැනීම ඇතුළු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ විභවතාව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළත්, එම දෙපාර්තමේන්තුව 2026 වසරේ මේ දක්වා ළඟා කර ගෙන ඇති ප්‍රගතියත් මෙහිදී සමාලෝචනයට ලක් කෙරිණි. මෙම අරමුණු ඉටු කර ගැනීමේදී ආයතනය තුළ සිදු විය යුතු ප්‍රතිව්‍යුහගතකරණ සහ ඩිජිටල්කරණ ක්‍රියාවලිය පිළිබඳව ද එහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ඒ අනුව ජාතික e-invoicing පද්ධතිය හඳුන්වා දීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ ඊට අදාළ නීතිමය ප්‍රතිපාදන පිළිබඳවද විමසා…

Read More

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ප්‍රමුඛ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. හෙට (28) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටු රැස්වීමේදී මේ පිළිබඳ අවසන් තීරණය ගනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. ශම්මි සිල්වා මහතා 2019 වසරේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට මුල්වරට තේරී පත් වූ අතර ඔහු එතැන් සිට මේ දක්වා වසර 7ක කාලයක් සභාපති ධුරයේ කටයුතු කළේය.

Read More

මින් ඉදිරියට වේගසීමා තරයේ පිළිපදිමින් දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බව ලොකමෝටිව් ඔපරේටිව් ඉංජිනේරුවන්ගේ සංගමයේ සභාපති ජීව ගුණවර්ධන මහතා පවසයි. ඒ හේතුවෙන් දුම්රිය ධාවනයේ යම් ප්‍රමාදයක් ඇති විය හැකි බව ද ඔහු අවධාරණය කළේය. පසුගියදා වාද්දුවේදී පීලිපැනීමට ලක්වූ සාගරිකා දුම්රියේ රියදුරන්ගේ සේවය නතර කිරීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙම තීරණය ගෙන තිබේ. කෙසේ වෙතත් මෙය වෘත්තීය ක්‍රියාමාර්ගයක් නොවන බව ද ජීව ගුණවර්ධන මහතා අවධාරණය කළේය.

Read More

කුරුණෑගල, හෙරලියාවල අලකොළදෙනිය අතුරු මාර්ගයේ දී මීගමුව කුරුණෑගල ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ යතුරු පැදියක්, පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන කාණුවකට වැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අනතුරින් යතුරුපැදිකරු තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇත. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 43ක් වන කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. කුරුණෑගල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More