මෙරටින් වාර්තා වන ඩෙංගු මරණ සංඛ්‍යාව 64ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම දත්තවලට අනුව වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් 89,033 දෙනෙකු හඳුනාගෙන ඇත.
වාර්තා වී ඇති සමස්ත රෝගීන්ගෙන් 52.94% ක්ම, එනම් රෝගීන් 47,136 දෙනෙකු බස්නාහිර පළාතෙන් හඳුනාගෙන තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයට වන අතර ඉන් රෝගීන් 18,922 ක් (21.25%) වාර්තා වේ.
කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 17,679 ක් (19.86%) සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 6,298 ක් (7.07%) හඳුනාගෙන ඇත.
ඊට අමතරව කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් පමණක් රෝගීන් 3,569 දෙනෙකු වාර්තා වී තිබේ.
එමෙන්ම පසුගිය ජූලි මාසයේදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 29,973කි.
මේ අතර අගෝස්තු මාසයේ මුල් දින 7 තුළ පමණක් රෝගීන් 3,686 දෙනෙකු හඳුනාගෙන ඇත.
කෙසේවෙතත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 119ක් තවදුරටත් ඩෙංගු අධි-අවදානම් කලාප ලෙස සෞඛ්‍ය අංශ විසින් නම් කර තිබේ.

