Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බුත්තල කතරගම ප්‍රධාන මාර්ගයේ පහළොව කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ. අදාළ මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය. තුවාල ලැබූ දෙදෙනා බුත්තල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව එක් අයෙක් වැඩිදුර ප්‍රතිකාර සදහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යවා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගෝනගංආර පොලීසිය විසින් ක්‍රියාත්මකය.
ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දෛනික කාලගුණ අනාවැකිය සිදු කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව පළාතේ සහ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපේක්ෂා කරන බවය. බස්නාහිර සහ වයඹ පළාත්වල සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇති විය හැකිය. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇති බව ද සඳහන්ය. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු-මැද පළාතේ සහ මොණරාගල, පුත්තලම, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. (40-50) පමණ තද සුළං ඇති වේ.
උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනය නිකුත් කර තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් හෙට (12) දිනය සඳහා වලංගු වන පරිදි, අද (11) පස්වරු 5.00ට මෙම නිවේදනය නිකුත් කර ඇත. මුලතිව්, වවුනියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල සඳහා මෙම නිවේදනය වලංගු වේ. ඒ අනුව එම දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශයන්හි දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ” අවධානය යොමු කළ යුතු ” මට්ටමක පැවතිය හැකි බව එහි වැඩිදුරටත් සඳහන්.
හෝමුස්හිදී වාණිජ නෞකා තුනකට පසුගියදා එල්ලවූ ප්‍රහාරය තමන් අතින් වූ වැරැද්දක් බවට, ඉරානය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයින්ට පෞද්ගලිකව පවසා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. අදාළ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස අමෙරිකාව ඉරානයට අවස්ථා දෙකකදී දැවැත්ත ප්‍රහාරයක් එල්ල කළ අතර, ඉන් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් දේපොළ හානි රැසක් සිදුවිය. කෙසේ නමුත් එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයද මැදපෙරදිග පිහිටි අමෙරිකානු කඳවුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ලකර තිබුණි. එවන් පසුබිමක ඉරානය අදාළ ප්‍රහාරය අත්වැරැද්දක් බවට පිළිගත් බව අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත. ඉරානය පවසා ඇත්තේ වානිජ නෞකාවලට ප්‍රහාර එල්ලකර ඇත්තේ, සාම සාකච්ඡා අඩපණ කිරීමේ උනන්දුවෙන් සිටින කණ්ඩායමක් විසින් බවය. දෙරට අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවල…
දණ්ඩනයට නියමවූ බන්ධනාගාර රැඳවියන්ට ජනාධිපති පොදු සමාව දීම සඳහා ක්‍රමානුකුල, සාධාරණ සහ විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේදයක් සඳහා සකස් කරන ලද වාර්තාව විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයෙෂා ජිනසේන වෙත භාරදී තිබේ. මෙම වාර්තාව අධිකරණ අමාත්‍යාංශයේදී ඊයේ (10) භාරදීමට කටයුතු කර තිබුණි. 2025 ජුනි 25 දින කැබිනට් මණ්ඩලය විසින් දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 34 (1) ව්‍යවස්ථාවේ අතුරු විධානය ඇතුළුව අනෙකුත් නීති ආඥා පනත් සහ නඩු තීන්දු ද, අධ්‍යයනය කරමින් බන්ධනාගාර ක්ෂේත්‍රයේ පවතින පරිපාලනමය ක්‍රියා පටිපාටියන්හි අඩුලුහුඩුකම් සකස් කොට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ධිකරණයේ විශ්‍රාමික විනිසුරු එස්. තුරෙයිරාජා මහතාගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කරන…
මීගමුව බන්ධනාගර ගැටුමෙන් ජීවිතක්ෂයට පත්වූ නිලධාරීන් 8 දෙනාට බන්ධනාගාර දෙපාර්තමේන්තුව උසස් වීම් ලබාදී තිබේ. මීගමුව බන්ධනාගාරයේ ඛේදවාචකයෙන් බන්ධනාගාර නිලධාරීන් 8දෙනෙක් හා රැඳවියන් 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණි. සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර කෙරුණු අතර ඒ අනුව මේ වනවිට විමර්ශන මීගමුව රෝහලේ හා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගෙන් හා රැඳවියන්ගේ ප්‍රකාශ ලබාගැනීම ආරම්භ කර තිබේ. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන නිලධාරීන් හා රැඳවියන් 29 දෙනෙකුගෙන් මේ වනවිට ප්‍රකාශ සටහන්කරගෙන ඇත. ඒ අතර සිටින සියලුම රැඳවියන් කටුවැල්ලේගම සුරේෂ්ගේ පාර්ශ්වයෙන් පහරකෑමට ලක්වී ඇති බව පොලිසිය පවසයි. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බන්ධනාගාර නිලධාරීන්ගෙන්ද මේ වනවිට ප්‍රකාශ සටහන් කරගෙන ඇති…
අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය විසින් විශ්වාසභංග යෝජනාවක් අත්සන් කර තිබේ. මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ නොසන්සුන්තාවය නිසා ඝාතනය වූ බන්ධනාගාර නිලධාරීන්ගේ මෙන්ම රැඳවියන්ගේ ද ආරක්ෂාව පිළිබඳව සිය වගකීම සහ වගවීම ඉටු නොකිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඒ මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට විපක්ෂය තීරණය කර ඇත. ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවට අද (10) පාර්ලිමේන්තුවේදී අත්සන් තබා තිබේ.
හම්බන්තොට සිට පොතුවිල් දක්වා සහ මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (10) පෙ.ව 11ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට දින පෙ.ව 11 දක්වා වලංගු වෙයි. ඒ අනුව, හම්බන්තොට සිට පොතුවිල් දක්වා මන්නාරම සිට පුත්තලම හරහා හලාවත දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩි වන අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වේ. එබැවින්, මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් නිකුත් කරනු ලබන ඉදිරි නිවේදන පිළිබඳව, අවධානයෙන් පසු වන ලෙසත් ධීවර හා නාවික ප්‍රජාවගෙන්…
වී අලෙවි මණ්ඩලය මගින් එළැඹෙන සඳුදා (13) වැනිදා සිට වී මිලදී ගැනීම් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා පැවසුවේ ඒ අනුව මේ දිනවල වැඩිම වී අස්වනු නෙලන ප්‍රදේශ ආශිතව වී ගබඩා විවෘත කරමින් වී මිලදී ගැනීම් ආරම්භ කරන බවය. ඒ අනුව උතුරු නැගෙනහිර සහ අම්පාර යන ප්‍රදේශ ආශ්‍රිතව දැනට වී අස්වනු බහුල වශයෙන් නෙලීම ආරම්භ වී ඇති බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව වී මිලදී ගැනීම් සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය. වී අලෙවි මණ්ඩලය වී මිලදී ගනු ලබන්නේ නාඩු කිලෝ එකක් රුපියල් 120, සම්බා වී…
ප්‍රවීණ ගායන ශිල්පීනී මරියසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයක් හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය අද (10) අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ. මිය යන විට ඇය 68 වියෙහි පසුවුවාය. බටහිර ආරේ වේග රිද්ම ගායිකාවක වන ඇය කැන්ඩි ළමිස්සි, රහසයි සොඳුරු ජීවේ, සිහින නෙළුම් මල්, නෙළුම් මලේ පෙති කඩලා, කුමරාණනේ, යොවුන් සීන ලෝකේ, පහන් නොවන රැසක ඇතුළු ගීත ගණනාවක් ගායනා කර තිබේ.
