ඉන්දුනීසියාවේ මධ්‍යම දූපත් සමූහය ආසන්නයේදී අද (15) රික්ටර් මාපකයේ 7.7ක ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ භූ කම්පනයෙන් අනතුරුව රික්ටර් මාපකයේ 5.9, 5.6 සහ 6.1 යන අගයන්වලින් පසු කම්පන 3ක්ද සිදුව ඇති බවය.
ඒ අනුව එරටට සුනාමි අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කිරීමටද පියවර ගෙන ඇතැයිද වාර්තා වේ.
මේ අනුව එරට ජාතික භූ විද්‍යා ඒජන්සිය විසින් වෙරළ තීරයෙන් සහ ගං ඉවුරුවලින් ඉවත්ව සිටින ලෙසද ඉල්ලා තිබේ.
මෙරටට භූ කම්පන අවදානමක් නෑ
මේ අතර ඉන්දුනීසියාවේ හටගත් මෙම භූකම්පනය අනුව මෙරට ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයද නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සඳහන්ව ඇත්තේ ඉන්දුනීසියාවේ හටගත් මෙම භූකම්පන තත්ත්වයෙන් මෙරටට සුනාමි අවදානමක් නොමැති බවය.
ඒ අනුව මුහුදුබඩ ප්‍රදේශවල සාමාන්‍ය ජන ජීවිතය ආරක්ෂා සහිත බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

