Author: LANKA24X7

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සිය භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53ක් තිබී සොයාගත් බව නාවික හමුදාව පවසයි. මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට වූ සැකයක් මත මෙම ධීවර යාත්‍රාව සිය භාරයට ගෙන අද (17) පෙරවරුවේ ගාලු වරායට රැගෙන එනු ලැබීය. එහිදී සිදුකල සොයාබැලීමේ දී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමට හැකිව ඇත. මේ වනවිට අදාළ ධීවර යාත්‍රාවේ සිටි පුද්ගලයින් පස් දෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

Read More

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ආකාරයට ශ්‍රී ලංකා භූමිය පරිහරණය කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසයි. ඇය මේ බව සඳහන් කළේ, සිය ඉන්දීය නිල සංචාරයට සමගාමීව ඇය ඉගෙනුම ලැබූ දිල්ලි හින්දු විද්‍යාලය වෙත පැමිණි අවස්ථාවේදීය. ඉන්දියාවේ නිල සංචාරයක නිරත අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඊයේ (16) දිනයේ රාජ්‍යතාන්ත්‍රික හමුවීම් කිහිපයකට ද එක්විය. මෙම සංචාරයේ විශේෂ අවස්ථාවක් සටහන් කරමින් අගමැතිනිය ඇය ඉගෙනුම ලැබූ දිල්ලියේ හින්දු විද්‍යාලයේ සංචාරයකට ද එක්විය. මෙහිදී අදහස් දැක්වූ ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය. “හින්දු විද්‍යාලය දැන් අංක එකට ඇවිත්. ඒ ගැන ආඩම්බරයි. අපූරුයි. මම මුලින්ම මෙහෙට එද්දි, PEPSI ඉන්දියාවට ආව විතරයි. ඒ කාලේ ඒක…

Read More

ලොව උසම කන්ද ලෙසින් පිළිගැනෙන අඩි 8,848ක් උසැති එවරස්ට් කන්ද සාර්ථකව තරණය කළ පළමු ගවේෂණ කණ්ඩායමේ අවසන් සාමාජිකයා වූ නේපාලයේ කාංචා ෂර්පා ඊයේ (16) අභාවප්‍රාප්ත විය. පසුගිය දින කිහිපයේ දී රෝගාතුරව සිටි ඔහු කත්මණ්ඩු නුවර දී සිය දිවිසැරිය නිමා කරන විට වයස අවුරුදු 92ක් විය. එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සිං නෝර්ගේ නායකත්වයෙන් යුත් 35 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම 1953 දී වසරේ දී ලොව පළමුවරට එවරස්ට් කඳු මුදුන සාර්ථකව තරණය කරනු ලැබීය. කඳු නැගීමේ අත්දැකීම් නොතිබුණද සති 2කට වඩා වැඩි කාලයක් පැවති මෙම දුෂ්කර ගමනට ඔහුද සහායයෙකු ලෙස එක්ව ඇත. ඒ වනවිට කාංචා ෂර්පාට වයස අවුරුදු 19කි. එතැන් සිට දශක දෙකකට වැඩි කාලයක්…

Read More

රජයේ ඉඩමකින් කොටසක් වගා කටයුතු සිදුකිරීමට ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 12ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබාගත් කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරයෙකු අල්ලස් කොමිසම විසින් ඊයේ (16) අත්අඩංගුවට ගෙන ඇත. මහව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ. අනවසරයෙන් අල්ලාගෙන වගා කටයුතු සිදු කරන ලද අක්කර 20ක පමණ ප්‍රමාණයක රජයේ ඉඩමකින්, අක්කර 12ක පමණ ප්‍රමාණයක් පැමිණිලිකරු වෙත වගා කටයුතු සිදු කිරීම සඳහා එම ඉඩමට සැකකරු විසින් අක්කර බදු ගෙවූ බවට කුවිතාන්සියක් ලබා ඇත. එම අවශ්‍ය කටයුතු සිදුකර දීම සඳහා ලක්ෂ 35ක මුදලක් ඉල්ලා තිබේ. ඉන් ලක්ෂ 10ක මුදලක් ලබාගැනීම සහ ඉතිරි ලක්ෂ 25ක මුදලෙන්…

Read More

පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ ඡායාරූප භාවිත කරමින් මුදල් ඉපැයීමේ ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අද (16) අත්අඩංගුවට ගෙන තිබේ. මූලික විමර්ශනවලදී අනාවරණ වූයේ ෆේස්බුක් ගිණුම්වල තබන සටහන් උපයෝගී කරගනිමින්, සැකකරුවන් අදාළ ජාවාරම සිදුකර ඉන් උපයන මුදලින් මත්කුඩු පානය කරන බවය. පිළිකා සහ වකුගඩු රෝගී දරුවන්ගේ රුව භාවිත කරමින් මෙම පිරිස ව්‍යාජ ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යමින් මෙම ජාවාරමෙහි නිරත වී ඇත. මෙම එක් ගිණුමක පිළිකා රෝගයෙන් පෙළෙන දරුවන්ට උපකාර අවැසි බව පවසමින් පෝස්ට් පළකර තිබූ අතර ඒ පිළිබඳ සංවේදී වූවන් මුල්‍ය පරිත්‍යාග සිදුකර තිබේ. නමුත් අදාළ දරුවන්ගේ ඥාතීන් ෆේස්බුක් සමාජයේ සංසරණය වන අදාළ පෝස්ට් දැක ඒ පිළිබඳ සොයා බලා ඊට සටහන්…

Read More

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගනේමුල්ල සංජීව ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරියක් ලෙස අවශ්‍යව සිටී ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ මෙරට විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් රාජතාන්ත්‍රීක අනුග්‍රහය යටතේ එරටදී සිදුකළ මෙහෙයුමකින් අනතුරුව බව ශ්‍රී ලංකා පොලීසිය පවසයි.

Read More

දකුණු වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ දී මත්ද්‍රව්‍ය අඩංගු බවට සැක කෙරෙන ද්‍රව්‍ය අඩංගු උර විශාල තොගයක් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සොයා ගෙන තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මකවන බවයි.

Read More

පියසි මත සවිකරන සෝලා පැනල සමග ඒකාබද්ධ කරන ලද බැටරි බලශක්ති ගබඩා පද්ධති මගින් විදුලිය මිලදී ගැනීම සඳහා වු නව ගාස්තු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ලංකා විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබේ. මෙම නව ක්‍රමවේදය යටතේ විදුලි ඉල්ලුම වැඩිම කාලය වන පස්වරු 6.30 සිට රාත්‍රී 10.30 දක්වා බැටරි ගබඩා පද්ධතිවලින් මුදා හැරෙන පැයට කිලෝවොට් එකක විදුලි ඒකකයක් සඳහා රුපියල් 45යි ශත 80ක් ගෙවීමට විදුලි බල මණ්ඩලය තීරණය කර ඇත. අධික ඉල්ලුමක් සහිත රාත්‍රී කාලයේ දී ජාතික පද්ධතියට සැපයීම සඳහා දිවා කාලයේ දී සුර්ය ශක්තියෙන් නිපදවන විදුලිය ගබඩා කිරීමට, සුර්ය බලශක්ති නිෂ්පාදකයින්ට බලශක්ති ගබඩා තාක්ෂණ භාවිතා කිරීම දිරි ගැන්වීම මෙම නව ගාස්තු…

Read More

අමෙරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය යාවත්කාලීන කර තිබේ. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් දෙවන අදියර යටතේ මෙම සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇති අතර එහිදී අවදානම් දර්ශක කිහිපයක් එකතු කිරීමට ද පියවර ගෙන ඇති බව වාර්තා වේ. ශ්‍රී ලංකාවේ ඇතිවන නොසන්සුන්තාවයන්, ත්‍රස්තවාදය සහ බිම්බෝම්බ යන යනාදි කරුණු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බව අමෙරිකාව සිය සංචාරක උපදේශනය මඟන් දැනුම් දී ඇත.

Read More

තලාව, රත්මල්ගහවැව පාර ප්‍රදේශයේ මුදුනේගම පාසල අසල හිස් උණ්ඩ කොපු තොගයක් සහ ජීව උණ්ඩ තොගයක් අද (14) සොයාගෙන තිබේ. පොලීසිය පැවසුවේ අදාළ උණ්ඩ තොගය T-56 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිත කරන උණ්ඩ වන බවය. අදාළ උණ්ඩ තොගය තඹුත්තේගම මූලස්ථාන පොලීසිය විසින් සොයාගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පොලීසිය විසින් සිදුකරනු ලබයි.

Read More