Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ සිට ඇල්පිටිය අධිකරණය වෙත අද (11) දහවල් සැකකරුවන් රැගෙන යමින් සිටි පොලිස් ජීප් රථය තුළදී දරුණු ගැටුමක් හටගෙන තිබේ. එහිදී එක් සැකකරුවෙකු විසින් නඩු භාණ්ඩයක් ලෙස සීල් කර තිබූ තහනම් මත්ද්‍රව්‍ය සහිත වීදුරු බෝතලයකින් තවත් සැකකරුවෙකුට පහර දී ඇති අතර, ඉන් බරපතල තුවාල ලැබූ සැකකරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත. පහරදීම සිදුකළ උතුරු මාගල ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිස් භාරයේදීම යළි අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා පොළතුපළාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නඩු භාණ්ඩයක් ප්‍රහාරය සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
පොලිස් නිලධාරියකු ලෙස රඟපා උපකාරක පංතියකට සහභාගි වී ආපසු එමින් සිටි අවුරුදු 14 මාස 10 ක් වයසැති දැරියක කළුතර ප්‍රධාන පාලම යටට ගෙන ගොස් දූෂණය කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට දකුණු කළුතර පොලිසිය පරීක්ෂණ පවත්වයි. ඉකුත් 08 වැනිදා උපකාරක පංතියකට සහභාගි වීමට ගිය දැරිය එය අවසන්වී මතුගම කොළඹ බස් රථයකින් රාත්‍රී 7.00 ට පමණ කළුතරට පැමිණ තිබේ. ඉන් අනතුරුව නිවසට යෑම සඳහා කළුතර බස් නැවතුම් පොළෙන් කළුතර – පානදුර බස් රථයකට ගොඩ වී සිටියදී මුඛ ආවරණයක් පැළඳ සිටි නාඳුනන අයකු ජනේලයට තට්ටු කර තමා පොලිස් නිලධාරියකු බව අඟවා විස්තර ලබා ගැනීමට පිටතට එන ලෙස දැනුම්දී ඇත. ඒ අනුව පිටතට…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව අද (11) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ දීර්ඝ කාලයක් පුරා විභාග වූ නඩුවේ තීන්දුව එලෙස අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා පසුගිය 13 වනදා නඩුව කැඳවූ අවස්ථාවේදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීම අද දිනයට කල් තැබිණි. මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම නඩුව දිර්ඝ කාලයක් පුරා විභාග කෙරිණි. පසුගිය අරගලය සමයේ 2022 මැයි මස 9 වන දින නිට්ටඹුව ප්‍රදේශයේදී පොළොන්නරුව දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරීයා ලෙස කටයුතු කළ අය පහරදී…
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී දර්ෂණ මැදවත්ත මහතා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු මේ මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අධිකරණ වාර්තාකරු සඳහන් කළේ අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුවන්ගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කළ බවය. ජාතික ජල සම්පාදන මණ්ඩලයේ සභාපතිවරයාට නිල වාහන දෙකක් තිබියදී ටොයෝටා ප්‍රාඩෝ වර්ගයේ මෝටර් රථයක් කුලී පදනම මත ලබාගැනීමට කටයුතු කිරීම තුළින් සභාපතිවරයාට වාසි සැලසෙන ආකාරයෙන් ක්‍රියා කිරීම හරහා රජයට රුපියල් එක්කෝටි විස්හත් ලක්ෂ පනස්දහසක් පාඩු කොට දූෂණය…
ඉන්දියාවේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් වැඩම කෙරුණු සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව අද (11) පෙරවරු 6ට අවසන් කෙරුණි. සර්වඥ ධාතූන් වහන්සේ අද පෙරවරුවේම යළි ඉන්දියාව බලා වැඩම කරවීමටද නියමිතය. ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ ඓතිහාසික දෙව්නිමෝරි පුදබිමෙන් සොයාගනු ලැබූ බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාව හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේදී සිදුකෙරුණේ පසුගිය 5 වැනිදා සිටය. දිවයිනේ නන්දෙසින් පැමිණි සැදැහැවතුන් විශාල පිරිසක් පසුගිය දින කිහිපයේදීම සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගත්තේය. ඊයේ රාත්‍රියේත් ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීම සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් පැමිණ තිබුණි. අද පෙරවරුවේ දෙව්නිමෝරී සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් තේවාව පැවැත්වීමෙන් අනතුරුව පෙරවරු 9.45ට පමණ රිය පෙරහරකින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත වැඩම කරවීමට නියමිතය. ඉන් අනතුරුව…
ත්‍රිකුණාමලය බුදුපිළිම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු පිරිස අද (11) යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. ඒ අනුව ත්‍රිකුණාමලය කොටුව පාරේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලය කල්‍යාණවංශ තිස්ස හිමියන්, පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන්, පූජ්‍ය ත්‍රිකුණාමලය සුඛිතවංශ තිස්ස හිමියන් සහ පූජ්‍ය නන්ද හිමියන්ද ඇතුළු 10 දෙනෙක් මෙලෙස අද යළි අධිකරණයට ඉදිරිපත් කෙරිණි. මෙම පිරිස පසුගිය 9 වැනිදා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර එහිදී අද (11) දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ත්‍රිකුණාමලය නගරයේ වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසර කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කළේයැයි වෙරළ සංරක්ෂණ…
2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පංති, දේශන, සම්න්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධ කිරීම හෝ එවැනි දෑ ළඟ තබා ගැනීම ද සපුරා තහනම් වෙයි. කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් අදාළ නිතී උල්ලංඝනය කිරීම සිදුකළහොත් ඒ පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙස විභාග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ නියුතු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු සහ ගුරු උපදේශකවරයෙකු අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ. දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන් අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. පැමිණිලිකරු සේවය අතහැර යාම හේතුවෙන් ඔහු නැවත සේවයේ පිහිටුවා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දෙහිඅත්තකණ්ඩිය කළාපන අධ්‍යාපන කාර්යාලයට කර තිබූ අනුයුක්තය දීර්ඝ කර ගැනීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා අල්ලස් වශයෙන් රුපියල් 50,000ක මුදලක් සැකකරුවන් ඉල්ලා තිබේ. එහිදී එම මුදල අල්ලස් වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාව වත සැකකරුවන් දෙපළ අද පස්වරුවේ දෙහිඅත්තකණ්ඩිය කලාප අධ්‍යාපන කාර්යාලය තුළදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.…
හෙට (12) දින සිට පවතින වියළි කාලගුණික තත්ත්වයේ වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවල ඇතිවිය හැකි වැසි ස්වල්පයක් හැරුනුවිට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවය. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මේ අතර හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන්වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුය පවසයි. දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත…
ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්වීමට සිදු තිබේ. ඒ පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අයර්ලන්තය සමඟ පැවති පළමු තරගයේදී ආබාධයකට ලක්වීම හේතුවෙන්ය. වනිඳු හසරංග වෙනුවට දුෂාන් හේමන්තව බොහෝදුරට කණ්ඩායමට කැඳවනු ඇති බව වාර්තා වෙයි. ඊයේ දිනයේදී වනිඳු MRI පරීක්ෂණයකට මුහුණ දුන් වනිඳු හසරංගගේ ආබාධ තත්ත්වය සුව නොවීම හේතුවෙන්, මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කරන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේය. ශ්‍රී ලංකාව සහභාගීවන මීළඟ තරගය එළැඹෙන 12 වැනිදා ඕමානය සමඟ පැවැත්වෙන අතර තරගය එය පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංණයේදී පැවැත්වීමට නියමිතයි.
