ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානයේ සිට ඇල්පිටිය අධිකරණය වෙත අද (11) දහවල් සැකකරුවන් රැගෙන යමින් සිටි පොලිස් ජීප් රථය තුළදී දරුණු ගැටුමක් හටගෙන තිබේ. එහිදී එක් සැකකරුවෙකු විසින් නඩු භාණ්ඩයක් ලෙස සීල් කර තිබූ තහනම් මත්ද්‍රව්‍ය සහිත වීදුරු බෝතලයකින් තවත් සැකකරුවෙකුට පහර දී ඇති අතර, ඉන් බරපතල තුවාල ලැබූ සැකකරු ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත. පහරදීම සිදුකළ උතුරු මාගල ප්‍රදේශයේ පදිංචි සැකකරු පොලිස් භාරයේදීම යළි අත්අඩංගුවට ගෙන ඇති අතර, තුවාල ලැබූ පුද්ගලයා පොළතුපළාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නඩු භාණ්ඩයක් ප්‍රහාරය සඳහා යොදාගැනීම සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.

