ඇල්ල ප්‍රදේශයේ සංචාරක කර්මාන්තය තවදුරටත් නංවාලීමේ අරමුණින් මාර්ග ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 1000කට අධික වටිනාකමකින් යුත් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති රැසක් මේ වන විට ක්‍රියාත්මක බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා පවසයි.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ, ඇල්ල Waterfall Road මාර්ගය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
වසර 26ක පමණ කාලයක් අලුත්වැඩියා නොකර පැවති, සංචාරකයින් විශාල පිරිසක් භාවිත කරන එම මාර්ගය කොන්ක්‍රීට් යොදා සංවර්ධනය කර ජනතා අයිතියට පත් කෙරිණි.
මීට අමතරව රුපියල් මිලියන 500ක පිරිවැයකින් දුන්හිඳ – බල්ලකැටුව – දෙමෝදර මාර්ගයත්, රුපියල් මිලියන 370ක පිරිවැයකින් ඇල්ල – පස්සර මාර්ගයත් සංවර්ධනය කෙරෙමින් පවතී.
එමෙන්ම කන්දෙකුඹුර මාර්ගය රුපියල් මිලියන 270කින්ද, පියරපන්දොව මාර්ගය රුපියල් මිලියන 59කින්ද සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විට සිදු කර බව අමාත්‍ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

