ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට ගොඩබිම මෙන්ම මුහුදේ ද එකලෙස ධාවනය කළ හැකි උසස් තාක්ෂණික උභයජල (amphibious) යාත්රාවක් නිපදවා යුරෝපයට අපනයනය කිරීමේ සමාරම්භක උත්සවය අද (10) කොග්ගල නිදහස් වෙළඳ කලාප පරිශ්රයේදී පැවැත්විණි.
නව කර්මාන්ත හා අපනයන පුනරුද ප්රතිපත්තියට සමගාමීව ‘Ocean Voyager International’ ආයතනය විසින් මෙම යාත්රාව නිෂ්පාදනය කර ඇති අතර, මෙය මෙරට නාවික නිෂ්පාදන ක්ෂේත්රයේ දැවැන්ත පෙරළියක ආරම්භයක් ලෙස සටහන් වේ.

