දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මේ වන විට පවතින ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් ප්‍රමාණය 50ක් වන බව දුම්රිය දෙපාර්තමේන්තු වාර්තාවක සඳහන් වේ.
අදාළ වාර්තාව මගින් හෙළිව ඇත්තේ දෙපාර්තමේන්තුව සතුව පවතින දුම්රිය සංචිතය තුළ දුම්රිය එන්ජින් 98ක ප්‍රමාණයක් පැවතියද මේ වන විට ධාවන කටයුතු සිදු කරනු ලබන්නේ 50ක් පමණක් වන බවය.
එමෙන්ම දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ප්‍රමාණය දුම්රිය එන්ජින් 74ක් වන බවත් එහි සඳහන් වේ.
මේ අතර දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පැවති ධාවනය කළ හැකි දුම්රිය එන්ජින් 53ක සංඛ්‍යාවක් 2024 වසරේ පැවැති බවත් සදහන් වේ.
අදාළ වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ වැඩි වශයෙන් කාර්යාල දුම්රිය සඳහා යොදාගන්නා බලවේග කට්ටල මේ වන විට පවතින්නේ 118ක ප්‍රමාණයක් බවය.
සංචිතය තුළ බලවේග කට්ටල 242ක් තිබෙන අතර සාමාන්‍ය පරිදි සේවාවන් පවත්වාගෙන යාම සදහා අවශ්‍ය ප්‍රමාණය 193ක් වේ.

