Author: LANKA24X7

සබරගමු පළාත් සභාවේ ගරුපත්විම් ලබාදෙන පවසා උපාධිධාරින් 23 දෙනකුගෙන් රුපියල් ලක්ෂ ගණනක මුදල් ලබාගත් බවට සැකපිට පාසල් ගුරුවරියක සහ ඇගේ සැමියා බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසිය කියයි. සැකකාර ගුරුවරිය ඇහැළියගොඩ නගරාසන්න විදුහලක ඉංග්‍රීසි විෂය උගන්වන ගුරුවරියක බවද පොලිසිය පැවසීය. ඇය තිස් අට හැවිරිදි තැනැත්තියකි. කලකට පෙර දේශපාලනඥයකුට සමීපව දේශපාලනය කළ තැනැත්තියක බව ද පොලිසීය පවසයි. එම කාල වකාවනුවේ උපාධිධාරින්ට සබරගමු පළාත් සභාවේ ගුරුපත්වීම් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ දෙක, ලක්ෂ තුන, ආදි වශයෙන් ලබගෙන ඇති බවට පොලිසියට පැමිණිලි ගණනාවක් ලැබී ඇතැයිද, උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය

Read More

සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කෙහෙල්බද්දර පද්මේගේ මෙරට තුළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන තිළිණ සම්පත් හෙවත් වලස් කටා නැමැත්තා අත්අඩංගුවට ගත් බව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය කියයි. එම සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් පොලිස් භාරයට ගෙන ඇත. ඒ කෙහෙල්බද්දර පද්මේගේ සමීපතම ගෝලයාවන පස් දේවා නම් පුද්ගලයාගෙන් රඳවාගෙන ප්‍රශ්න කළ පසු හෙළිකළ තොරතුරුවලට අනුවයි. වලස් කටා නැමැත්තා සීදුව ප්‍රදේශයේදී මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ලද තොරතුරක් අනුව අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී සිදුකළ පරීක්ෂා කිරීමේදී මෝටර් රථයේ සඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 550ක් සොයා ගත් බව පොලිසියකියයි ඔහු ගණේමුල්ල ප්‍රදේශයේ 36 හැවිරිදි පදිංචිකරුවෙකි

Read More

පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීම නීතිය සැමට එක සමානව ක්‍රියාත්මක කිරීමට පූර්වාදර්ශයක් බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් කොළඹදී පැවසූහ. රාජ්‍ය නිලධාරීන්, දේශපාලඥයන් ඇතුළු ඕනෑම කෙනෙකු සම්බන්ධයෙන් තරාතිරම නොබලා මේ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇතැයිද උන්වහන්සේ සඳහන් කළහ. කතෝලික සභාව කොළඹදී කැඳවූ මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් තවදුරටත් මෙසේද කීවේය. “දේශබන්දු තෙන්නකෝන් මහතාට තිබූ චෝදනා සම්බන්ධයෙන් චෝදනාපත්‍රයක් භාරදීලා ඒ පිළිබඳ කමිටුවක් පත් කරලා ඒ කමිටුවෙන් එම චෝදනා විමර්ශනය කළා. ඒ චෝදනාවලින් වැඩි ප්‍රමාණයකට ඔහු වැරදිකරු බවට වන වාර්තාවක් පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙනවා. එහි ඉදිරි පියවර විදියට පාර්ලිමේන්තුවේ බහුතරයකින් ඔහු ඉවත් කිරීමේ යෝජනාව සම්මත කරගත්තා. ඒ…

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන පරිශ්‍රයට බෝතලයක දමාගත් ඇසිඩ් වැනි ද්‍රාවණයක්, පිහියක් සහ කරාටේ ක්‍රීඩාවේදී යොදා ගන්නා නංචක්කුවක් අතැතිව ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයකු ඊයේ (06) වන දා අත්අඩංගුවට ගෙන තිබේ. පෙරහර මාර්ගයේ යටිනුවර හන්දියේ මාර්ග බාදකයේ පෙරහර මාර්ගයට ඇතුළුවන්නන්ගේ ශරීර පරීක්ෂාව සිදු කරමින් සිටි පොලිස් නිලධාරීන්ට එම සැක කටයුතු පුද්ගලයා හමුව තිබේ. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු සමග පැමිණි ඔහුගේ දියණියට තර්ජන ඇති බැවින් එම භාණ්ඩ රැගෙන ආ බව පවසා ඇති බව පොලිසිය කියයි. එම සැකකටයුතු පුද්ගලයා සහ ඔහුගේ දියණිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

මහරගම නාවින්න බස් නැවතුම්පළ ඉදිරිපිටදී හයිලේවල් මාර්ගයේ කූලි රථ සමාගමක ලියාපදිංචි යතුරුපැදියක යමින් සිටි පුද්ගලයකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ තරුණයකු කලුබෝවිල ශික්ෂණ කෝහලට ඇතුලත් කළ බව මහරගම පොලිසිය පවසයි. තුවාල ලබා ඇත්තේ දෙහිවල කළුබෝවිල විමලසාර මාවතේ තරුණයෙකි. මෙම පුද්ගලයා නුගේගොඩ දෙස සිට මහරගම දෙසට යතුරුපැදියක යමින් සිටියදී එම දෙසටම ධාවනය වූ තවත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු පිස්තෝල වර්ගයේ ගිනි අවියකින් වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි. වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මීටර් දහයක් පමණ දුරට දිවගොස් වැටී ඇති බව පොලිසිය කියයි. සිද්ධිය වාර්තා වීමත් සමඟ…

Read More

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් මඩකළපුව,අම්පාර සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ගිගුරුම් සහිත වැසි සමග තාවකාලිග සුළං ද ඇති විය හැකියි.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අද (06) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත පැමිණ තිබේ.

Read More

අගෝස්තු මස 10 වැනි දින පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්ව විභාගය නිමිත්තෙන් අද (06) මධ්‍යම රාත්‍රියෙන් පසු ශිෂ්‍යත්ව විභාගය අවසන් වන තෙක් එම විභාගය සඳහා උපකාරක පන්ති පැවැත්වීම තහනම් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පන්ති සංවිධානය කිරීම සහ එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම තහනම් බවය. එමෙන්ම එම විභාගය සඳහා අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සහ ඒවා බෙදා හැරීම, විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් හෝ සමාජ මාධ්‍ය මඟින් ප්‍රසිද්ධ කිරීම හෝ ඒවා ළඟ තබා ගැනීම…

Read More

අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීන්ගෙන් කොන්දේසි විරහිතව සමාව අයදීමට සූදානම් බව ස්නායු ශල්‍ය උපකරණ වැඩි මිලට විකුණුවේ යැයි කියන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරියගේ දියණිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී ජයතුංග මහත්මිය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් ඊයේ (05) ප්‍රකාශ කළාය. අදාළ සමාව අයදීමෙන් නොනැවතී එසේ සමාව ගත් බවට දැන්වීම් පළකිරීමට සූදානම් බවත් ,තමන්ට එරෙහි විමර්ශනය එසේ සමථයකට පත්කර අනාගතය සකසා ගැනීමට ඉඩ ලබා දෙන ලෙසත් සැකකාර හේමාලී විජේරත්න අධිකරණයෙන් ඉල්ලා සිටියාය. අල්ලස් කොමිසමේ නිලධාරීන්ට මරණීය තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් ඇප මත සිටින හේමාලී විජේරත්න සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම මහතා මෙම කරුණු…

Read More

භෞතික සහ ආධ්‍යාත්මික වශ‌යෙන් නටබුන් වූ රාජ්‍යය දේහය පිළිබඳ ස්වයං විවේචනයක් සිදු කරමින් නූතන රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට ලබන වසරේ අයවැය ප්‍රතිපාදන වෙන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අනාවරණය කළේය. නූතනත්වයේ සංස්කෘතියකට රාජ්‍ය සේවය ගෙන යා යුතු බවත් එය ආරක්ෂා කිරීමට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය. නටබුන් වූ රාජ්‍ය සේවය නවීකරණය කිරීම සඳහා එහි භෞතික පහසුකම් වැඩිදියුණු කිරීමට ලබන වසරේ අයවැයේදී ප්‍රමුඛ අවධානය යොමු කර ඇති බව ජනාධිපතිවරයා කියා සිටියේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේදී ඊයේ (05) පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ (SASA)…

Read More