Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
වෛද්‍යවරුන් අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව සංශෝධනය කිරීමට පියවර ගෙන තිබේ. රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඊට අදාළ ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව විශේෂඥ වෛද්‍ය නිලධාරී, රජයේ වෛද්‍ය නිලධාරී, දන්ත ශල්‍ය වෛද්‍ය නිලධාරී, රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරී යන තනතුරුවල අනිවාර්යය විශ්‍රාම ගැනීමේ වයස් සීමාව සංශෝධනය කර තිබේ. එම සංශෝධනයට අනුව දැනටමත් වයස අවුරුදු 63 සම්පුර්ණ කර ඇති වෛද්‍යවරුන් ලබන දෙසැම්බර් 31 වන දිනට ප්‍රථම විශ්‍රාම ගැනීම සිදුකළ යුතුය. මේ වන විට වයස අවුරුදු 62 සම්පූර්ණ වී ඇති වෛද්‍යවරුන් තම වයස අවුරුදු 63 සම්පුර්ණ වීමේ…
බොක්ෂිං ක්‍රිඩාවෙන් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කරදුන් දක්ෂ බොක්ෂිං ක්‍රිඩකයකුවූ එම්. එස්. දිනූෂ ලක්ෂාන් ක්‍රිඩකයා මහනුවරදී කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදී කපා කොටා පුච්චා හන්තාන සුළං ක්‍රිඩාංගණය ආසන්න පාඵ ප්‍රදේශයක දමා ගොස් සිටියදී හමුවූ බව ඔහුගේ ඥාතීහු පවසති. මහනුවර රෝහල් පටුමඟේ පිහිටි සිය නිවසේ නිදා සිටියදී යතුරු පැදියක් සම්බන්ධයෙන් වූ ගණුදෙනුවක් පිළිබඳව කතා කරගැනීමට යැයි පවසමින් පුද්ගලයකු රෝහල් පටුමඟ හංදියට කැඳවාගෙන ගොස් එහිදී ත්‍රී රෝද රථ දෙකකින් පැමිණි මැර කණ්ඩායමක් යොදවා තම පුතුට යකඩ පොඵවලින් පහරදී පැහැරගෙන ගොස් ඇති බවට දිනූෂ ලක්ෂාන්ගේ මව වූ වී. කේ. පෙරේරා මහත්මිය පැවසුවාය. කෙසේ නමුත් තම පුතුගේ ජංගම දුරකථනය හෝ ක්‍රියාත්මක නොවීම…
අධිකරණ කටයුතු පැවැත්වෙමින් තිබියදී උසාවියේ ප්‍රධාන ගේට්ටුව ඉදිරිපිටට පැමිණ උද්ඝෝෂණයක් පවත්වා අධිකරණයට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ලබන ජනවාරි මස 31 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව ඇතුළු අට දෙනකුට අද සිතාසි නිකුත් කළේය. ඒ අනුව මෙලෙස සිතාසි නිකුත් වූයේ දුමින්ද නාගමුව, අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමි, රත්කරව්වේ ජිනරතන හිමි, පොකුණුවිට පියසෝම හිමි, රංගන ශිල්පී ජොහාන් අප්පුහාමි, අමල් සාලින්ද, අංජන රොද්‍රිගූ සහ ප්‍රියන්තා මාලා ප්‍රනාන්දු යන අයවලුන් වෙතය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාල…
රට බංකොළොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකවම කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ණය බරින් නිදහස් වූ මෙන්ම ණය ගෙවීමට හැකි ආර්ථිකයක් ගොඩනඟන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා ජපන් සබඳතාවලට 70 වසරක් සපිරීමට සමගාමීව ටොයෝටා ලංකා සමාගම කඩවත ප්‍රදේශයේ ඉදිකළ මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. “අද වියට්නාමයේ ආර්ථිකය ෆෝමියුලා වන් රේසින් කාර් එකක් වගේ. අපේ ආර්ථිකය තාම ත්‍රීවිල් එකක් වගේ. ඉතින් අපි කොහොමද සිංගප්පූරුවේ ධාවන තරගයට යන්නේ. අනෙක් රටවලට තියෙනවා ෆෝමියුලා වන් රේසින් කාර්. අපිට පුළුවන් ද ත්‍රීවිල් එකකින් ගිහින් තරග කරන්න. මේක හොඳයි ජනතාවට එදිනෙදා ගමන් යන්න.…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය මුදලට අමතරව ශ්‍රී ලංකාව තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 8 ක මුදලක් ලබන වසරේ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා රොයිටර්ස් පුවත් සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. ඉන් ඇමෙරිකානු ඩොලර් බිලියන 5ක් බහු පාර්ශ්වීය නියෝජිතායතන ඔස්සේ ලබා ගැනීමටත් තවත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3 ක මුදලක් රාජ්‍ය වත්කම් ප්‍රතිව්‍යුහගතකිරීමෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් සබ්රි මහතා එම සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ. ඇතැම් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකිරීමෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2 – 3 ත් අතර මුදලක් ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උනන්දු බවත් ඉන් රාජ්‍ය භාණ්ඩාගාරය සහ නිල සංචිත ශක්තිමත් වන…
සමාජ මාධ්‍ය ක්‍රියාකාරී ඩිලාන් සේනානායක තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්වීමෙන් රෝහල් ගත කර ඇති බව වාර්තා වනවා. නුගේගොඩ, පාගොඩ පාරේදී ඔහුට මෙලෙස තියුණු ආයුධ ප්‍රහාරය එල්ල වී ඇත්තේ. සිදුවීමෙන් තුවාල ලැබූ ඩිලාන් සේනානායක මේ වන විට කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.
සිමෙන්ති මිල අඩුකර තිබේ. ඒ අනුව INSEE Sanstha, INSEE Mahaweli Marine Plus යන වෙළෙඳ නාම යටතේ අලෙවි කෙරෙන කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා අඩුකර තිබේ. මෙයට සමගාමීව ටෝකියෝ සහ අල්ට්‍රාටෙක් සමාගම් ද සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2750ක් දක්වා අඩුකර ඇති බවට වාර්තාවෙයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව මෙම මස 16 වනදා සිට නැවත ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් පවසන්නේ පූර්ණ ධාරිතාවයකින් යුතුව පිරිපහදුවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවය. එම නිවේදනය පහතින්.
පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සිදුකළ මෙහෙයුමකදී හෙරොයින් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම මෙහෙයුම සිදුකර ඇත්තේ අංගොඩ ප්‍රදේශයේදීය. එහිදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් හෙරොයින් කිලෝ 12කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට සමත්ව ඇත.
ලංකා රග්බි ආයතනයේ සභාපති ධූරයෙන් තමන් ඉවත් කිරීමට ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ මහතා ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා රිස්ලි ඉල්ලියාස් මහතා අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කළේය. එහි වගඋත්තරකරුවන් ලෙස ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ, එම අමාත්‍යාංශයේ ලේකම්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ශ්‍රී ලංකා රග්බි ආයතනය නම් කර තිබේ. පෙත්සම්කරු කියා සිටින්නේ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ඉකුත් 8 වනදා නිකුත් කළ නියෝගයක් මගින් ශ්‍රී ලංකා රග්බි ආයතනයේ සභාපති ධුරයෙන් තමන් ඉවත්කර ඇති බවය. එවැනි නියෝගයක් නිකුත් කිරීමට ක්‍රීඩා අමාත්‍යවරයාට බලයක් නොමැති බව පෙන්වා දෙන පෙත්සම්කරු එය ක්‍රීඩා පනතේ ප්‍රතිපාදන ඉක්මවා ගොස් කටයුතු කිරීමක් බව සඳහන් කරයි. ක්‍රීඩා අමාත්‍යවරයාගේ මෙම තීරණය නීතියට…
