Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මෙරට සෑම දිනකම කාන්තාවන් 15ක් පියයුරු පිළිකාවට ගොදුරුවන බැවින් වයස අවුරුදු 20න් පසුව සෑම මසකම ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්දන වැඩසටහන සඳහන් කරයි. වයස අවුරුදු 20- ත් 40 අතර වයසේ පසුවන කෙනෙක් නම් වසර 3කට වරක්ද, අවුරුදු 40 කට වැඩිනම් වර්ෂයකට වරක් සායනික පියයුරු පරීක්ෂාවකට යොමු වන ලෙසද එම ඒකකය පවසයි. එමෙන්ම පියයුරේ හෝ කිහිල්ලේ ගැටිති, පියයුරේ සමේ වල ගැසීම, පියයුරු ඉදිමීම, තන පුඩුවේ අසාමාන්‍ය ශ්‍රාවයක් හෝ ලේ ගැලීමක්, තන පුඩුව ඇතුලට ගිලී යාම (ළඟදී ඇති වුණු), පියයුරුවල වේදනාව, සමේ ඇති වන වෙනස්කම් වැනි රෝග ලක්ෂණ හෝ අවදානම් සාධක වේ නම් වෛද්‍ය උපදෙස් හා…
අනුරාධපුර ගලෙන්බිදුණුවැව ගොවීන් යල කන්නයේ වගා කළ අක්කර දහස් ගණනක ලොකු ලූනු අස්වැන්න නිවෙස්වල ගොඩ ගසා තිබීමෙන් කුණු වී කිලෝ දහස් ගණනක් ඉවත දැමීමට සිදුව ඇතැයි හුරුළුනිකවැව ගොවීහු පවසති. ගුණාත්මක බීජ නොමැතිකම හෝ යහපත් කාලගුණයක් නොමැතිවීම හේතුවෙන් සිය අස්වනු කුණුවීමට ලක් වෙනවාද යන්න සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැති බවත් මේ වනවිට දෛනිකව තම අස්වැන්න තම ගබඩාවලින් තෝරා ප්‍රයෝජනයට ගත නොහැකි ලූනු ඉවත් කිරීමට සිදුව ඇති බව ගොවීහු පෙන්වා දෙති. ලූනු බීජ කිලෝ එකකින් ලූනු අසවැන්න ආසන්න වශයෙන් කිලෝ 3000 ක් බලාපොරොත්තු වන බව පෙන්වා දෙන ගොවීන් චෝදනා කරන්නේ මේ වන විට එක් ගොවියකු ආසන්න වශයෙන් අස්වැන්න කිලෝ පන්සියයකට ආසන්න ප්‍රමාණයක් ඉවත…
සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන කොස්ගොඩ සුජී නමැත්තාගේ මත්කුඩු ජාවාරමේ නිරතව සිටි කාන්තාවක අත්අඩංගුවට ගත් අහුංගල්ල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට දුරකතනයෙන් මරණ තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අහුංගල්ල පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්යාංශයේ ලබාදුන් තොරතුරකට අනුව මෙම උප පොලිස් පරීක්ෂකවරයා ඉකුත්දා (8) බලපිටිය ප්‍රදේශයේදී මෙම කාන්තාව හෙරොයින් මත්කුඩු මිලි ග්‍රෑම් 4200 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. එදින සවස වට්ස්ඇප් සමූහය හරහා නාදුනන පුද්ගලයකු මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබා ගනිමින් අත්අඩංගුවට ගත් කාන්තාවට මහාධිකරණය මගින් ඇප ලබා ගැනීමට හැකිවන පරිදි හෙරොයින් නඩු භාණ්ඩ ඉදිරිපත් කරන ලෙසට පරුෂ වචනයෙන්…
අවබෝධතා ගිවිසුම අත්සන් තබා මාස නවයකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.7 ක වටිනාකමින් යුත් සයිනොපෙක් තෙල් පිරිපහදුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සැලකිය යුතු ප්‍රගතියක් තවමත් අත්කර ගෙන නැතැයි ආරංචි මාර්ග ඊයේ (10) ප්‍රකාශ කළේය. චීනය මෙහෙයුම් කටයුතු සිදුකරන හම්බන්තොට වරාය ආසන්නයේ ඉදිරිකිරීමට යෝජිත සයිනොපෙක් තෙල් පිරිපහදුව මෙරට විශාලතම සෘජු විදෙස් ආයෝජනය ලෙස සැලකෙන බවද ආරංචි මාර්ග පැවැසුවේය. බදු නිදහස් කිරීම් පිළිබඳව සහ පිරිපහදුවේ නිපදවන තෙල්වලින් මෙරට අලෙවි කිරීමට අවසර ලබාදෙන ප්‍රතිශතය සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම තවමත් තෙල් පිරිපහදුවේ ඉදිකිරීම් ආරම්භ නොවීමට හේතුව බව ආරංචි ප්‍රකාශ කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම වසර මුලදී චීනයේ සිදුකළ නිල…
ඉරාන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් ශ්‍රී ලංකාවට නැව්ගත කිරීමට පහසුකම් සැලසූ සමාගම් දෙකක් ඇතුළු ඉරානයේ තෙල් හා ඛනිජ රසායනික වෙළෙඳාමට සම්බන්ධ පුද්ගලයන්, ආයතන සහ නැව් 50 කට ආසන්න ප්‍රමාණයක් ඉලක්ක කර ගනිමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගියදා සම්බාධක පැනවූවේය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සම්බාධක පනවා ඇති සමාගම් දෙක වන්නේ ස්ලෝගල් එනර්ජි ඩීඑම්සීසී සහ මාර්කන් වයිට් ට්‍රේඩිං යන සමාගම්ය. එලෙස සම්බාධක පනවමින් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියේ මෙම පාර්ශව ඉරානයට ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක් උපයා දීමට වක්‍රාකාරයෙන් දායක වී තිබෙන බවත් ඉරාන තෙල් හා ඛනිජ රසායනික වෙළෙඳාම අඩපණ කිරීම සඳහා ඊට සම්බන්ධ පාර්ශ්වයන්ට සම්බාධක පනවන බවත්ය. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට අනුව චීනයට සම්බන්ධකම් ඇති…
නැගෙනහිර,ඌව,මධ්‍යම පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතේ ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තදවැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත ඇති විය හැකියි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කලයේදී වැසි ඇති විය හැකිය.
මහින්දානන්ද සහ නලින් ප්‍රනාන්දුට එරෙහි තවත් නඩුවක මූලික විරෝධතා ඉදිරිපත් කිරීමට දින දෙයි
2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කාර්යාලවලට බෙදාදීම සඳහා ස.තො.ස ආයතනය හරහා කැරම් බෝඩ් 14,000 ක් සහ දාම් ලෑලි 11,000 ක් ආනයනය කිරීම තුළින් රුපියල් මිලියන 39 ක අධික රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරුන් වූ මහින්දානන්ද අලුත්ගමගේ, නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුවේ විත්තිය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මූලික විරෝධතා නොවැම්බර් මස 21 වනදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද (10) නියම කළේය. මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික. සී. රාගල…
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 149 ක මුදලක් වංචාකල පුද්ගලයෙකු ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ පොලිස් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ දින (09) කාර්යාංශය තුළදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිංහාරගේ ජනක සිල්වා නම් අයෙකු වන අතර, ඔහු කැනඩාවේ ස්ථිර පදිංචිය සඳහා ගොස් එරට පුරවැසිභාවයද ලබා ඇති අයෙකි. සැකකරු එම තත්ත්වය උපයෝගි කරගනිමින් මොහු පුද්ගලයින්ගෙන් රැසකගෙන් මුදල් අයකර ඇති අතර, ඔහුගේ ජාවාරමට හසුවූ පුද්ගලයින් දස දෙනෙකු කාර්යාංශය වෙත පැමිණ පැමිණිලි ඉදිරිපත් කර ඇත. ඒ අනුව කාර්යාංශය විසින් මෙම සැකකරු පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර විදේශ ගමන් තහනමක්ද පැනවීමට පියවර ගෙන තිබුණි. පොලිස් උපාය…
සංචාරයන් සඳහා මෙරටට පැමිණි විදේශීය කාන්තාවන් දෙදෙනකුගෙන් ගමන් ගාස්තු සඳහා අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් බලෙන් ලබාගත් ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනෙකු පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 40 හා 48 වයස්වල පසු වූ ඉඹුල්ගොඩ හා වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්ය. ඔවුන් දෙදෙනා සංචාරයන් සඳහා දිවයිනට පැමිණි බ්‍රසීල හා බෙල්ජියම් ජාතික කාන්තාවන් දෙදෙනෙකුගෙන් රුපියල් 10,000ක් හා රුපියල් 30,000ක් ලෙස අයවිය යුතු මුදලට වඩා වැඩි මුදලක් ලබාගෙන ඇත. ඒ සම්බන්ධයෙන් පොලිස් සංචාරක කොට්ඨාසයට ලද පැමිණිලි 2ක් මත සිදුකළ විමර්ශනයකින් අනතුරුව සැකකාර ත්‍රීරෝද රථ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ. සැකකාර රියදුරන් කුරුඳුවත්ත හා කොල්ලුපිටිය පොලිස් ස්ථාන වෙත වැඩිදුර විමර්ශන…
2012 වසරේ ග්‍රීක රජය ආර්ථික වශයෙන් බිඳවැටීමකට මුහුණ දී ඇති බව දක්වමින් ශ්‍රී ලංකා රජයට අයත් මුදල් ග්‍රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්‍රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට වැඩි පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් සිව්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව දෙසැම්බර් මස 17 වනදා විභාගය සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද දින නියම කළේය. නඩුව අද (10) කොළඹ මහාධිකරණ මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටියේය. එහිදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන කිහිපයක් පැමිණිල්ල විසින්…
