Author: LANKA24X7

ක්‍රීඩා වල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (07) සිය සහතිකය සටහන් කළේය. ඊයේ පෙ .ව 11.30 සිට ප.ව. 5.00 දක්වා ක්‍රීඩාවල යේදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති (සංශෝධන ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වුණු අතර, ඡන්ද විමසීමකින් තොරව එම පනත් කෙටුම්පත සංශෝධන රහිතව සම්මත විය. මෙම පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා 2025.09.12 දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම පනත ශ්‍රී ලංකාවේ උත්තේජක මර්දන නීතිය, අන්තර්ජාතික නීතිය සමඟ යාවත්කාලීන කිරීම සඳහා 2013 අංක 33 දරන ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති…

Read More

කර්මාන්ත අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාරවලින් රුපියල් මිලියන 757.4 ක ලාභාංශ භාණ්ඩාගාරයට ලබා දුන්නේය. කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ලංකා මිනරල් සෑන්ඩ්, BCC Lanka Limited, ජාතික ලුණු සමාගම, ලංකා පොස්පේට් සමාගම සහ ලංකා කහටගහ ග්‍රැෆයිට් ලිමිටඩ් යන ආයතන නව රජය යටතේ ලබාගත් ලාභාංශ වලින් කොටසක් මෙලෙස භාණ්ඩාගාරයට භාරදී ඇත. කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතාට සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට නිල වශයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම භාරදීම සිදුකර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ හරිත බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් සහාය ලබා දෙන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (Asian Infrastructure Investment Bank – AIIB)සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවසීය. ආසියානු යටිතල පහසුකම් අයෝජන බැංකුවේ සභාපති ජින් ලික්‍යුන් (Jin Liqun) මහතා ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (7)හමු වූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කළේය. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ ණය මුදල් යටතේ මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති ව්‍යාපෘතින්හි ප්‍රගතිය මෙහිදී දීර්ඝ ලෙස සමාලෝචනයට ලක් කෙරුණු අතර ශ්‍රී ලංකාව සමග අඛණ්ඩව කටයුතු කරමින් රටේ ඉදිරි ගමනට සහාය ලබා දෙන බව…

Read More

උතුරු සහ උතුරු – මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවල පස්වරු 1.00 පමන පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදිත් තැනින් තැන වැසි ඇති වේ. උතුරු,උතුරු මැද නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50 වැඩි තරමක තද වැසි ඇති වේ.

Read More

මෙරට සිටින චීන ප්‍රජාව සහ චීනයේ සිටින පිරිසක් එක්ව රුපියල් 800,000ක මූල්‍ය පරිත්‍යාගයක් මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සෙනාසනයට පිරිනමා තිබේ. පසුගිය දා සිදු වූ අවාසනාවන්ත අනතුරින් භාවනායෝගී භික්ෂූන් වහන්සේලා සත්නමක් අපවත්වීම හේතුවෙන් සෙනාසනයේ කේබල් කාර් පහසුකම ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට මෙම මුල්‍ය පරිත්‍යාගය ලබාදී ඇති බව සඳහන්වේ. මෙම කණගාටුදායක සිදුවීම මෙරට සිටින චීන මාධ්‍යවේදිනී යෑං ෂියුවාන් මහත්මිය සිය චීන භාෂා අන්තර්ජාල පුවත් වෙබි අඩවියේ වාර්තා කර ඇති අතර එම පුවත දුටු ශ්‍රී ලංකාවේ සහ චීනයේ පදිංචි චීන ප්‍රජාවේ බොහෝ දෙනා එම පුවතින් කම්පාවට පත්ව ඇත. පසුව ඇයව සම්බන්ධ කරගනිමින් සෙනාසනයේ කේබල් කාර් පහසුකම ප්‍රතිසංස්කරණය සහ ආරක්ෂාව වැඩිදියුණු කිරීමට මුල්‍ය…

Read More

දඹුල්ල ප්‍රදේශයේ පාසලක විද්‍යාගාරයක් තුළ තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගැවීමෙන් පාසල් සිසු සිසුවියන් හත්දෙනෙකු රෝහල්ගත කර තිබේ. රෝහල්ගත කළ සිසුන් අතර පිරිමි දරුවන් පස්දෙනෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු සිටින අතර ඔවුන්ව දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. දඹුල්ල සහකාර පොලිස් අධිකාරි එම්. එස්. කේ. වික්‍රමනායක මහතා සහ දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සුගත් බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පිරිසක් සිද්ධිය වාර්තා වීමත් සමඟ සිසු දරු දැරියන් පිළිබඳව සොයා බැලීම සඳහා රෝහලට ගොස් තිබුණි. සහකාර ‍පොලිස් අධිකාරියේ එම්. එස්. කේ වික්‍රමනායක මහතා සඳහන් කළේ, විද්‍යාලයේ හත්වැනි වසරේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් මෙසේ රෝහල්ගත කොට තිබෙන බවත් විදුහලේ විද්‍යාගාරය පසුගිය නිවාඩු දින කිහිපයේ රිලවුන්…

Read More

පාසල් අතර අසමානතාව අවමකර, දරුවන්ට ලැබීය යුතු අධ්‍යාපන අත්දැකීම්වල ගුණාත්මකභාවය ඉහළ දැමීම මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ මූලික අරමුණ බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. පාසල් අතර අසමානතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් පද්ධතිය තුළ දශක ගණනාවක් තිස්සේ මුහුණ දීමට සිදුව ඇති විවිධ ගැටලු නිර්මාණය වී ඇති අතර බරපතල ගැටලු රාශියකට මූලික වී ඇති බවද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දෙයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති උත්සවයක දී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය. තරගකාරී අධ්‍යාපන රටාව තුළ පාසල් දරුවන්ගේ ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ ඔවුන් මුහුණ දෙන පීඩනය, ගුරුවරුන් මුහුණ දෙන පීඩනය, විදුහල්පතිවරුන් මුහුණ පාන ගැටලු මේ සියල්ලටම මුලික වී ඇත්තේ…

Read More

බොරු සාක්ෂි හදලා අපිව හිරේ දාන්න ගියාට සාර්ථක වෙන්නෙ නැතැයි ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය . ඔහු මෙසේ පැවසුවේ පැල්මඩුල්ල බෝපිටිය ප්‍රදේශයේ ජන හමුවකදීය. නාමල් රාජපක්ෂ මහතා මෙසේද පැවසීය “ජනාධිපතිතුමා ලෝකෙ වටේ සවාරි ගිහිල්ලා ඇවිල්ලා හරියන්නෙ නෑ. රට යන එක හොඳයි, ඒකෙ ප්‍රශ්නයක් නෑ, රාජ්‍ය නායකයා රට නියෝජනය කරමින් ජාත්‍යන්තර සමුළුවලට යන්න ඕනෙ. අපි ඔවුන් හිටපු මානසිකත්වයේ නෑ. හැබැයි ජාත්‍යන්තර සමුළුවකට යනකොට, ඒ රාජ්‍ය නායකයො මුණගැහෙනකොට ඒවායින් අපිට ලැබෙන ප්‍රතිඵල ගැනත් කියන්න ඕනෙ. හොරාට ගිවිසුම් අත්සන් කරලා කඩේ වහලා ඉන්න එපා. .දැන් සමහර රටවල් එක්ක ආණ්ඩුව හොර ගිවිසුම් අත්සන් කරලා තියෙනවා කියලා…

Read More

වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා පිහිටුවීමට ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද ව්‍යවසායකයන්ගෙන් ඉල්ලීමක් කළේය . දැනට රටේ වීදුරු බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇත්තේ එකක් පමණක් බවද ඔහු සඳහන් කළේය. වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමට ඉදිරිපත් වන්නේ නම් රජය ඔවුනට අත හිත දීමට සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Read More

පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් රැසකට බරපතල තුවාල සිදු කිරීමේඅපරාධ රැසක පැදිකරු ලෙස කටයුතු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි. එම සැකකරු සන්තකේ තිබී අයිස් මත්ද්‍රව‍ය මිලිගෑම් 12200 ක් පොලිස් භාරයට ගෙන ඇත .2025 .09.29 වෙනිදින තලවතු ගොඩ වැලි පාර හතරවෙනි පටුමගට හැරෙන හන්දිය අසලදී අත්අඩංගුවට ගත් සැකකරු. රැදයුම් නියෝග මත රඳවාගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී අලුත් කඩේ අධිකරණය තුළ විත්ති කූඩුව තුළ වෙඩි පහරකින් මිය ගිය සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන ගනේ මුල සංජීව පාර්ශවයේ දැනට ඩුබායි රටේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන. දිනේෂ් වසන්ත නොහොත් නේවි වසා සහ තම්මිට සුමිත් යන අයවලුන්ගේ ගෝලයකු…

Read More