Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අපරාධ රැසකට සම්බන්ධ හිටපු හමුදා සෙබළුකු වන ” කළුතර බෝම්බුවල පුස් කොටා” නමැත්තා මෙහෙයවන යතුරුපැදි සොර කල්ලියකට අයත් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 11 කු රුපියල් ලක්ෂ 50 කට අධික වටිනා යතුරු පැදී සමග අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. අත්අඩංගුවට පත්වූවන් අතර යතුරුපැදි කාර්මිකයන් දෙදෙනෙක්, යතුරුපැදි අලෙවිකරුවන් දෙදෙනෙක් වන බව පොලිසිය කියයි. එම සැකකරුවන් සොරා ගෙන තිබූ යතුරුපැදි 11 ක් කොටස් කරන ලද යතුරුපැදියක් මෙන්ම සොරකමට යොදාගත් ත්‍රීරෝද රථයක්ද ප්‍රධාන සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10300 ක් ද පොලිස් භාරයට ගෙන ඇත.
මර්බන් වර්ගයේ බොර තෙල් නැව් තොග හතරක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 2026-01-01 දින සිට 2026-04-30 දින දක්වා මාස හතරක කාලයක් සඳහා මර්බන් වර්ගයේ බොරතෙල් නැව් තොග 04 ක් මිල දී ගැනීම සඳහා, ගබඩා ගත ටැංකි වලින් නිකුත් කිරීමේදී ගෙවීමේ ක්‍රමවේදය සහ ලංකා බැංකුව විසින් නිකුත් කරන ලද ණයවර ලිපියක් හරහා දින 30 කින් ගෙවීමේ ක්‍රමවේදය යන විකල්ප දෙක යටතේ, ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලියාපදිංචි සැපයුම් කරුවන්ගෙන් ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 06ක් ඉදිරිපත්ව ඇත. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් අදාළ ලංසු ඇගයීමෙන් අනතුරුව කරනු…
අල්ලස් කොමිසම විසින් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ගොනුකර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 14 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියමකළේය. මනුෂ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම පිළිබඳව කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. ඉකුත් රාජයේ සමයේ ඊශ්‍රායලයට කෘෂිකාර්මික රැකියා සඳහා සේවකයින් යැවීමේදී සිදුවී ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරන විමර්ශනයකට අදාළව තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂි ඇප ලබා දෙන ලෙස ඉල්ලා මනුෂ නානායක්කාර මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරියන් විසින් ඇල්පිටිය ප්‍රාදේශීය සභා කාර්‍යාලය ඉදිරිපිටදී උදෑසන විරෝධතාවක් දක්වනු ලැබීය .” සමරිසි අපට එපා.” “මන්ත්‍රි දීමනා ගන්නෑ කියා ඇල්පිටිය ජනතාව මුලා කළේ ඇයි .” පාසල් පද්ධතිය වලපල්ලට දානවද?කොණ්ඩම් දරුවන් හට ” යනුවෙන් ලියූ පුවරු ඔවුන් ප්‍රදර්ශනය කළාය. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම අද පෙරවරුවේ ආරම්භවූ අතර ඊට පෙර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරියන් පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සටන් පාඨ කියමින් සභාව ඉදිපිට සිට විරෝධතා දැක්වූ අතර පසුව එම පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් සභාවට ඇතුළු වූහ . සභාවේ කටයුතු සාමාන්‍ය පරිදි සභාපති වරයා විසින් කරගෙන යනු ලැබීය .
බස් රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් නොවැම්බර් අවසානයේ බඳවා ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. අමාත්‍යවරයා මේ බව කීවේ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ පරිපුරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා වන විවාදය අරඹමිනි. කාන්තා රියැදුරුවරියන් සහ කොන්දොස්තරවරියන් නොවැම්බර් අවසානය වන විට බඳවා ගන්නවා. ඒ වගේම මෙට්රෝ බස් සේවය අප පටන් ගන්නවා.බස් ටිකට් එකෙන් මාටියා ගැසීම ප්‍රසිද්ධ දෙයක්.ඒ නිසා කාඩ් ගෙවීම් ක්‍රමයක් හැදීමේ ඉල්ලීම තිබුනා.නොවැම්බර් 30 වන විට දැනට තිබෙන බස් ටිකට් මැෂින් වලින් බැංකු කාඩ් මගින් ගෙවීම් කරන්නට පහසුකම් ලබා දෙනවා.තවමත් පොදු මගී ප්‍රවාහනය තියෙන්නේ නරක තත්ත්වයේ.එය විසඳන්න සැමගේ උදව්ව…
පොලිස් ස්ථානාධිපතිවරුන් තිස් දෙනෙකු කිසිදු හේතුවක් නැතුව මාරු කර යවා ඇතැයි සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද කිසිදු වැඩපිළිවෙලක් නැතුව මාරු කර ඇතැයි ඔහු කීවේය. පොලිස් ස්ථානාධිපතිවරුන් ස්ථාන මාරු කිරීමේ තීරණය ගැනීමේ බලය තිබෙන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවට බව කී මන්ත්‍රීවරයා මොකක්ද මේ අද කරන්නේ යයිද විමසා සිටියේය. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ ප්‍රශ්නය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ කාරක සභාවට යොමු කරමු. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා: පොලිසියේ මාරුවීම් එක් අතකට අද පැවරිලා. පොලිස් කොමිසම ආණ්ඩුවේ රූකඩයක් කරගන්න බැහැ. පඹේක් කරගන්න බැහැ. පොලිස් කොමිසම සතු බලතල පොලිස්පතිවරයාට පැවරීම ගැන විපක්ෂයේ…
ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම වෙත ඉදිරිපත් කළ යෝජනාවට අදාළ මහජන අදහස් ලබා ගැනීම අදින් අවසන් වේ. සියලු පළාත් ආවරණය වන පරිදි පසුගිය සැප්තැම්බර් 18 වෙනිදා සිට මහජන අදහස් ලබාගැනීම ආරම්භ වු අතර අද අවසන් සැසිය බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. විදුලි ගාස්තු සංශෝධනයට අදාළ යෝජනා මඟින් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි ගාස්තුව සියයට 6.8කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබේ. මහජන උපයෝගීතා කොමිසමේ අධ්‍යක්ෂ ජයනාත් හේරත් මහතා සඳහන් කළේ, සියලු අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් අවසන් තීරණය මේ මස දෙවන සතියේ දී ප්‍රකාශය කිරීමට නියමිත බවය.
සංචාරක ක්ෂේත්‍රයේ නියුතු ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ආචාර්ය ධර්ම ඉහල නැංවීම සඳහා විශේෂ පුහුණුවක් ලබාදීමට රජය තීරණය කර තිබේ. රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙයි. එහි එක් පුහුණු වැඩසටහනක් කොළඹ 7 හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේදී අද (8) දවස පුරා පැවැත්වෙන බව ජනාධිපති කාර්යාලය කියයි.
පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවධානමක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය ප්‍රකාශ කරයි. වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 39401 ක් වාර්තාවී ඇතැයි ද ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය ලංකාදිපයට පැවසුවාය. ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 21 දෙනෙකු මේ වසර තුළ මියගොස් ඇතැයිද විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළාය. ඔක්තෝම්බර් මාසයේ මේ දක්වා ඩෙංගු රෝගින් 431 ක් වාර්තා වී තිබේ. සමස්ථ ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පලාතෙන් වාර්ථා වී ඇතැයිද ඇය පැවසුවාය.
කොළඹ වරායෙන් බහාලුම් 323 ක් පරීක්ෂා කිරීමකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි සඳහන් යෝජනාවක් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් විසින් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට පාර්ලිමේන්තු කාර්යාලයේදී ඊයේ (7) බාර දෙනු ලැබීය. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මදුමබණ්ඩාර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කවින්ද ජයවර්ධන හර්ෂණ රාජකරුණා ජේ.සි අලවතුවල සහ ඩී.වී චානක යන මහත්වරු සහභාගි වූහ. ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ගේ සංගමය බහාලුම් නිදහස් කිරීමේ අක්‍රමික ස්වරූපය සැලකිල්ලට ගනිමින් මෙම බහාලුම්වල අන්තර්ගතය පිළිබඳව තමන් හට වගකීම බාරගත නොහැකි බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති බැවින්ද එම බහාලුම්වලින් මත්ද්‍රව්‍ය ආයුධ හෝ වෙනත්…
