Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මන්නාරම ප්‍රදේශයේ පදිංචි පෙදරේරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු රෂාන්ත ගොඩවෙල මහතා විසින් ඊයේ බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවම නියම කර තිබේ. මෙසේ දඬුවම් නියම වූයේ මන්නාරම ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙකුටය. 2022 වසරේ නොවැම්බර් මස 03 වනදා අයිස් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී පොලීසිය විසින් මන්නාරම, එලුතූර් හන්දිය අසලදී මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි. ඉන් අනතුරුව 2008 අංක 1 දරන මදන ඖෂධ සහ මනෝවර්ථක පනත යටතේ මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා ගොනුකර තිබුණි. නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේ, විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයෙන් තොරව…
අද (10) උදෑසන ජනාධිපති කාර්යාලයේදී නව අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබේ. 2026 වසරට අදාළ අයවැය හා සමගාමීව රජයේ සංවර්ධන ඉලක්ක වේගවත් හා කාර්යක්ෂම කිරීම වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකිරීමට රජය තීරණය කර ඇත. ඒ අනුව අද දිනයේ දිවුරුම් දුන් නව අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් පහතින් දැක්වේ. බිමල් නිරෝෂන් රත්නායක – ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක – වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය වෛද්‍ය එච්.එම්. සුසිල් රණසිංහ – නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යවරු ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු – මුදල් සහ ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් – නිවාස ඉදිකිරීම් සහ…
පාතාලේ අග මුල හොයන කොට අක්මුල් ගිහින් නවතින්නෙ කාල්ටන් එකේ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “කුඩු මඩින කොට විපක්ෂයත් කුඩු පට්ටම් වෙලා.ලංකා ඉතිහාසයේ පළමු වතාවට කැබලි වූ විපක්ෂය එක තැනකට වැටිලා තියෙනවා.පාතාලෙට කුඩු වලට සම්බන්ධ කණ්ඩායම් එක ගොඩක ඉන්නවා. අනෙක් පැත්තේ සැබෑ බුද්ධිමත් උගත් ප්‍රගතිශීලී මිනිස්සු ඉන්නවා. අනුර දිසානායක විශාල දේශපාලන ආදර්ශයක් ලබා දී තියෙනවා. වරප්‍රසාද අතහැර තියෙනවා.ජා.ජ.බ ආවේ නැත්නම් ඔය කුඩු ඇල්ලෙයිද? එහෙම නම් තරුණ තරුණියෝ මේ කුඩු ටික බොනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.
ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වහලෙක් විය යුතු නැතැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ කොළඹ දී ඊයේ (9)පැවසූහ. රටේ ජනතාවගේ විශාල දරිද්‍රතාවය ගැන මූල්‍ය අරමුදලට වැටහීමක් නැතැයි කී කාදිනල් තුමෝ එහි කොන්දේසි වෙනස් කර ගැනීමට කටයුතු කළ යුතු යැයි ද කීහ. කොළඹ අග රදගුරු මැදුරු දේවස්ථානයේ පැවැති දේව මෙහෙයකදී කාදිනල් තුමෝ මේ බව කීහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කාදිනල් තුමෝ, අපගේ ඉතිහාසය සහ සභ්‍යත්වය හැදිලා තියෙන්නේ බෞද්ධ දර්ශනය මතයි.එය රටට උරුම වූ ප්‍රධාන පෙළේ දායාදයක්.අවුරුදු 2600ක කාලයක් තිස්සේ පැවතෙන උරුමයක් සහිත අපට පිටරට වලින් එන දේවල් හොඳ ද නරක ද කියා තේරුම් ගැනීමේ හැකියාව තියෙනවා. විදේශ රට වලින් එන චින්තන…
මෙම වසරේ පළමු කාර්තුවට සාපේක්ෂව දෙවැනි කාර්තුවේ දී මෙරට පුද්ගලික අංශයේ සේවකයන් පිරිස ඉහළ යද්දී, රාජ්‍ය අංශයේ සේවකයන් පිරිස ලක්ෂ 2කින් පමණ පහළ වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ. පළමු කාර්තුවේ දී මෙරට රාජ්‍ය සේවකයන් පිරිස 1,302,185 ක් වී ඇති බවත් එය දෙවැනි කාර්තුවේදී 1,165,094 ක් දක්වා අඩු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ. එසේම පළමු කාර්තුවේ දී මෙරට පෞද්ගලික අංශයේ සේවකයන් පිරිස 3,808,235 ක් බවත් දෙවැනි කාර්තුවේදී එය 3,814,313 ක් දක්වා වැඩි වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ. එසේම පළමු කාර්තුවේ දී 8,461,936 ක් වූ මෙරට ආර්ථික වශයෙන් සක්‍රීය ජනතාව දෙවැනි…
සජබ නායකත්වය යටතේ එජාප සමඟ පොදු ගමනකට සමුගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණඩලයේ අනුමැතිය ලැබුණ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය. සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී මෙම අනුමැතිය ලැබුණු බව ප්‍රේමදාස මහතා සඳහන් කළේය. මේ ගමන සමගි ජන බලවේගයේ නායකත්වයෙන් ඉදිරියට යන බවත් එහි දී පක්ෂ දෙකේ අනන්‍යතාව පවත්වා ගනිමින් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
මිරිහාන ස්ටැන්ලි මාවත හෝටලයක පිහිනුම් තටාකයක ගිලී මිය පස් හැවිරිදි දරුවාගේ මරණය සම්බන්ධයෙන් දරුවා ඉගෙනුම ලබන පෙර පාසලේ සහකාර විදුහල්පතිවරයා ඇතුළු හත් දෙනකු අත්අඩංගුවට ගත් බව මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි. අත් අඩංගුවට ගත් අය අතර ක්‍රීඩා සම්බන්ධීකරණ නිලධාරී, ළමුන් භාරව සිටි ගුරුවරු දෙදෙනකු ,පෙර පාසල් සේවිකාවක හා පිහිනුම් උපදේශකයින් දෙදෙනකු ද වන බව පොලිසිය කියයි. මියගිය දරුවා පුද්ගලික පෙර පාසලක අධ්‍යාපන ලබන අතර ඉකුත් අටවෙනි දින පාසලේ දරුවන් කණ්ඩායමක් පුහුණුකරුවකු යටතේ එම හෝටලයේ පිහිනුම් කටයුතු සිදු කරමින් සිටියදී ඉතා අවාසනාවන්ත ලෙස දරුවා දියේ ගිලීම හේතුවෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබිණි.
නැගෙනහිර, මධ්‍යම,ඌව,දකුණු සහ සබරගමුව පළාත්වලත් පොලොන්නරුව,මුලතිව කිලිනොච්චි සහ යාපනය දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමන පසු තැනි තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරු 1.0 පමන පසු ස්තාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයෙදි වැසි ඇති විය හැකියි.
හපුතලේ කහගොල්ල වත්ත තේ කර්මාන්ත ශාලාව වසා දැමීමට ගෙන තිබෙන බව කියන තීරණයට විරෝධය පා කහගොල්ල වත්තේ කම්කරුවන් විශාල පිරිසක් අද (09) දහවල් හපුතලේ බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයට කහගොල්ල ප්‍රදේශයේදී පැමිණ දැවැන්ත විරෝධතාවක නිරත වූහ. කහගොල්ල තේ කර්මාන්තශාලාව වසා දමා එය බෝවවත්ත තේ කර්මාන්ත ශාලාවට සම්බන්ධ කිරීමට ගෙන ඇති තීරණයට මෙසේ කම්කරුවෝ විරෝධය පෑහ. මෙම වතුකම්කරුවන් පවසා සිටියේ මේ තීරණය හේතුවෙන් ඔවුන්ගේ රැකියා හා සියළු දෛනික කටයුතු සම්පූර්ණයෙන්ම අඩ පණ වන බවයි. මේ පිළිබඳව වගකිවයුත්තන් විශේෂ අවධානය යොමු කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ.
දරුණුගනයේ අපරාධකරුවන් රඳවා සිටින බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ A,C හා D වාට්ටුවල තිබී ජංගම දුරකථන 29ක් සොයාගෙන තිබේ. මෙම ජංගම දුරකථන හමුව ඇත්තේ බන්ධනාගාර බුද්ධි හා උපක්‍රමික බලකාය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව අද (09) සිදුකළ පරීක්ෂා කිරීමකදීය. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා සඳහන් කළේ, අදාළ දුරකථන සොයාගත් වාට්ටුවල ප්‍රබල අපරාධකරුවන් රඳවා සිටින බවයි. එමෙන්ම මරණ දඬුවම නියමව සිටින “දෙමටගොඩ චමින්ද” රඳවා සිටින සිරමැදිරියේ තිබී ද ජංගම දුරකථනයක් සොයාගෙන තිබේ. මහපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “වෙලේ සුදා”ගේ සිරමැදිරියේ හා “මිදිගම රුවන් “ගේ සිරමැදිරියේ තිබී ජංගම දුරකථන හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
