Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රුපියල් කෝටි 2 කට වඩා වැඩි හෙරොයින් කිලෝ 1 ක්, ග්‍රෑම් 738 සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 504 ක් සමග සැකකරුවෙකු ඊයේ (19) රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. පොලිස් විශේෂ කාර්ය බලකාය ශ්‍රී ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදීී ඇත. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි හේමාල් ප්‍රශාන්ත මහතාගේ උපදෙස් පරිදි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඉන්දියාවේ සිට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් මෙරටට ගෙන්වන ලද බීඩී කොළ උර 37 ක්, කල්පිටිය කන්ද කුලිය වෙරළ තීරයේ දී ලොරි රථයකට පටවමින් සිටිය දී එක් සැක කරුවෙකු ද සමගින්අද ( 20 ) අලුයම කල්පිටිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත. මනාව කපා සකසන ලද බීඩී කොළ උර ලොරි රථය තුළ පළමුව පටවා,රථ පරීක්ෂා කරන නිළධාරීන් නොමග යැවීමට, වෙළද පල වටිනාකමින් අඩු බාල මසුන් පෙට්ටි පිටතින් පටවා තිබිණි. උර 37 තුළ බීඩී කොළ කිලෝ ග්‍රෑම් 110 ක් තිබුණ අතර,එහි වෙළද පොළ වටිනාකම ලක්ෂ 110 ක් බව කියයි.
ඊශ්‍රායලයේ යුද තත්ත්වය තවත් තීව්‍ර වුවහොත් ආසන්න රටවල ගුවන්යානා යවා එහි සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට දැනටමත් සාකච්ඡා කර තිබෙන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (19)පැවසීය. ඊශ්‍රායලයේ සිටින ලාංකිකයන් ලංකාවට පැමිණීමට අවශ්‍ය යැයි මෙතෙක් පවසා නැති බව කී අමාත්‍යවරයා ඔවුන් ඊශ්‍රායලයේ ආරක්ෂක විධික්‍රම පාවිච්චි කරමින් සිටින බව සඳහන් කළේය. ඊශ්‍රායලයේ ගුවන්තොටුපළ මේ වන විට වසා දමා තිබෙන අතර ව්‍යාපාර සඳහා ඊශ්‍රායලයට ගිය දෙදෙනෙක් ලංකාවට පැමිණිය යුතු බව කියා තිබු බවත් ඔවුන්ට ලංකාවට පැමිණීමට පහසුකම් සපයමින් සිටින බවත් අමාත්‍ය විජිත හේරත් මහතා කීය. ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකිකයන් විසි දහසක් පමණ සිටින අතර ඉරානයේ ශ්‍රී…
ගාල්ල මහ නගර සභාවේ මංගල සභා රැස්වීම අද (20) උදෑසන ආරම්භවීමට නියමිතය. සභිකයන් 36 දෙනකුගෙන් සමන්විත ගාල්ල මහ නගර සභාවේ 50% වැඩි සභික ධූර සංඛ්‍යාවක් කිසිදු පක්ෂයකට හිමි නොවීම හේතුවෙන් එහි නගරාධිපතිවරයා සහ උප නගරාධපතිවරයා තෝරා ගැනීම අද (20) විශේෂ කොමසාරිස් ඉදිරියේ දී සිදුකෙරෙනු ඇත. මෙවර පළාත් පාලන මැතිවරණයෙන් ගාල්ල මහ නගර සභාවට ජාතික ජන බලවේගයෙන් සභිකයන් 17 දෙනකු, සමගි ජන බලවේගයෙන් සභිකයන් 09 දෙනකු, එක්සත් ජාතික පක්ෂයෙන් සභිකයන් 05 දෙනකු සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සභිකයන් 03 දෙනකු සහ පොදුජන එක්සත් පෙරමුණෙන් සභිකයන් 02ක් පත්ව තිබේ.
වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ඉකුත් ආණ්ඩුවේ හිටපු අමාත්‍යවරුන් ඇතුළු දේශපාලනඥයන් 28 දෙනකුගේ දේපොළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පවසයි. ඊට අමතරව හිටපු මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ වත්කම් සම්බන්ධයෙන්ද එම කොට්ඨාශය විමර්ශන ආරම්භ කර ඇත. අයථා ලෙස ඉපයූ මුදල්වලින් දේපොළ ලබාගෙන ඇති බවට පාර්ශව කීපයක් විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත කළ පැමිණිලිවලට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇති බව එම කොට්ඨාශය පවසයි. ඒ අනුව පාර්ලිමේන්තුවරුන් වන මන්ත්‍රී නාමල් රාජපක්ෂ, චාමර සම්පත් දසනායක, රෝහිත අබේගුණවර්ධන, හිටපු අමාත්‍ය වරුන්වන මහින්ද යාපා අබේවර්ධන, මහින්ද අමරවීර, පවිත්‍ර වන්නි ආරච්චි,…
දේශීය මුං අස්වැන්න ලැබී මාස ගණනාවක් තිස්සේ නිසි මිලකට විකුණා ගැනීමට නොහැකි වීම නිසා තමන් දැඩි අසීරුතාවකට පත්ව ඇතැයි දේශීය මුං ගොවීහු පවසති. පසුගිය කන්නේ මුං ඇට ඇස්වන්න නිවෙස්වල තබාගන දෙවැනි කන්නේ ද අස්වැන්න ලැබීමට ආසන්නව තිබෙන බවත් පෙන්වා දෙන ගොවීහු විදේශීය රටවලින් මුං ඇට ගෙන්වීම නිසා මෙම තත්ත්වයට හේතුව බව මාතලේ විල්ගමුව ප්‍රදේශයේ ගොවීහු චෝදනා කරති මාතලේ විල්ගමුව ප්‍රදේශයේ බහුලව ගොවීන් දේශීය මුං ඇට, කවුපි, උඳු ,තල ආදී ධාන්‍ය වර්ග වගා කරති. ගොවින් සඳහන් කරන්නේ මේ වන විට විදේශීය රටවලින් ගෙන්වන ලද මුං ඇට විශාල වශයෙන් වෙළඳපොලේ පැවතීම නිසා තමන් දේශීය නිෂ්පාදනය කරන ලද මුං ඇට කිලෝවක් රුපියල් 400ක…
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය, මහනුවර,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කීපයක් ඇති වේ. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදි හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිතවැසි ඇති විය හැකියි.
ඉරානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සියල්ල සූදානම් නමුත්, ප්‍රහාරයක් එල්ල කරනවාද නැද්ද සම්බන්ධයෙන් ඉදිරි සති දෙක තුළ තීරණය කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පැහැදිලි කර ඇත. ට්‍රම්ප් මේ වනවිට ඉරානයට යටත් වන්නැයි අණ දී ඇති අතර, ඉරානය එය තරයේ ප්‍රතික්ෂේප කර ඇත. ඊට අමතරව, ඊශ්‍රායලය ඉරානයට එරෙහිව දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලට තමන් උපරිම අයුරින් සහාය දෙන බව ද ට්‍රම්ප් පවසා ඇත. මේ අතර, ඉරානය සහ ඊශ්‍රායලය අතර සතියකට වැඩි කාලයක් පවතින යුද ආරවුල මධ්‍යයේ, දෙපාර්ශ්වයෙන්ම දිගින් දිගටම ප්‍රහාර හුවමාරු කරගනිමින් සිටී. විදෙස් වාර්තා පැවැසුවේ, ඊශ්‍රායලය ඉරානයේ ජල න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයට පහර දී විනාශ කළ බවය. ඊශ්‍රායලය මෙසේ ඉරානයේ…
2025 ජුනි 30 වන දින සිට “චීන වීසා මාර්ගගත අයදුම්පත් පද්ධතිය” නිල වශයෙන් දියත් කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කර සිටී. නිවේදනයක් නිකුත් කරමින්, තානාපති කාර්යාල ප්‍රකාශකයෙකු විසින් මෙම යාවත්කාලීන කරන ලද නව වීසා අයදුම් කිරීමේ ක්‍රියා පටිපාටියෙහි ප්‍රධාන වෙනස්කම් සහ නිතර අසනු ලබන ප්‍රශ්න පිළිබඳව අවධානය යොමු කළේය. සරල කරන ලද අයදුම් කිරීමේ ක්‍රියාවලිය ජුනි 30 වන දින සිට, අයදුම්කරුවන් https://consular.mfa.gov.cn/VISA/ හි නිල ද්වාරය හරහා තම වීසා අයදුම්පත් මාර්ගගතව ඉදිරිපත් කළ යුතුය. අයදුම්කරුවන් තම විද්‍යුත් තැපැල් ලිපිනය භාවිතා කර ගිණුමක් නිර්මාණය කළ යුතුය, අයදුම්පත්‍රය සම්පූර්ණ කළ යුතු අතර අවශ්‍ය සියලුම උපකාරක ලියකියවිලි උඩුගත කළ යුතුය. අයදුම්පත…
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල බහු ආංශික තාක්ෂණික ආර්ථික සහයෝගීතාව සඳහා වන එකමුතුවේ මහලේකම් තානාපති අම්බ් ඉන්ද්‍රා මනි පාණ්ඩේ මහතා අතර හමුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද(19)සිදු විය. මෙම හමුවේ දී විවිධ බිම්ස්ටෙක් මුලපිරීම් යටතේ කලාපීය සහයෝගීතාව මෙන්ම සෞඛ්‍ය, තාක්ෂණික සහ ඩිජිටල්කරණය ඇතුළු සහයෝගීතාවයේ ප්‍රධාන ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කෙරිණි. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ, විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන අංශයන් හි ප්‍රගමනය උදෙසා රජය ගෙනයන වැඩපිළිවෙල පිළිබඳව මහලේකම්වරයා සිය ප්‍රශංසා ව පළ කළ අතර, බටහිර සහ දේශීය වෛද්‍ය අංශ දෙකම ඉහළ නැංවීමට BIMSTEC සහ ශ්‍රී ලංකාව අතර අනාගත සහයෝගීතාවයේ ශක්තිමත්භාවය මෙන්ම ඊට අදාළ…
