Author: LANKA24X7

මෙරට පරිහරණයට තහනම් රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා ” ඊ ” දුම් වැටි තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි. එම සැකකරු සමග ඊ දුම් වැටි 620 ක් පොලිස් භාරයට ගෙන ඇත. වැල්ලවත්ත ස්ටැෆ් පාරේ සුවඳ විලවුන් සහ චොකලට් අලෙවියේ යෙදෙන ස්ථානයක ඊ දුම් වැටි හොර රහසේ අලෙවි කරන බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව අදාල ස්ථානය වටලා දුම්වැටි තොගය පොලිස් භාරයට ගෙන හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි

Read More

ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට එළැඹෙන සෙනසුරාදා (09) ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය පවසයි. ඒ අනුව උදෑසන 10.00 සිට පස්වරු 08.00 දක්වා පැය 10ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව සඳහන්ය. නිට්ටඹුව, කන්දහේන, මාපගොල්ල, කෝංගස්දෙනිය, පින්නගොල්ලවත්ත, කෝලවත්ත, ගොරකදෙනිය, රණ්පොකුණුගම නිවාස යෝජනා ක්‍රමය, බටලීය, අත්තනගල්ල, පස්යාල, ඌරාපොල, දික්කන්ද, මීවිටිගම්මානය, මාඉඹුල, මාතලාන, හග්ගල්ල, අලවන, කලල්පිටිය, ඇලමුල්ල යන ප්‍රදේශවලට මෙසේ ජල සැපයුම අත්හිටුවනු ඇත. එබැවින් එම ප්‍රදේශවල පාරිභෝගිකයින්ට අවශ්‍ය ජලය ගබඩා කර තබා ගැනීමට කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

Read More

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට යතුරුපැදියක් ලබාදීමට කරුණු සලකා බලාගෙන යන බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද( 07) පැවසීය. ඔවුන්ට දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමු වී ඇතැයි ඔහු සඳහන් කළේය.

Read More

පාවිච්චි කර නැවත බාර දීම සඳහා මන්ත්‍රීවරුන්ට ලබන අයවැයෙන් වාහනයක් ලබාදීමට අපේක්‍ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. “ලබන අයවැයෙන් මන්ත්‍රීවරුන් සඳහා මන්ත්‍රී කාලයට පාවිච්චි කොට නැවත බාරදීම සඳහා සහන වාහනයක් ලබාදීමට අපේක්‍ෂා කරනවා. බලය ලබා ගැනීම සඳහා කටයුතු කරන්න. හැබැයි කුමන්ත්‍රණ කරන්න එපා යනුවෙන්ද ජනාධිපතිවරයා මෙහිදී කීය.

Read More

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 12 ග්‍රෑම් 160ක් සමඟ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී අද (07) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකින් අනතුරුව මෙම සැකකරුවන්ව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුවන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. සැකකරු අවුරුදු 42ක් සහ සැකකාරියන් අවුරුදු 22 හා 43 වයස්වල පසුවන ඉන්දීය ජාතිකයන් බව සඳහන්ය. සැකකරුවන් ශ්‍රී ලංකාවට මෙම මත්ද්‍රව්‍ය ආනයනය කිරීම, සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රඳවා තබා ගෙන වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමට නියමිතය.

Read More

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා තමන් ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය දුන් තීන්දුව ප්‍රතිශෝධනය කර තමන්ව අපේක්ෂිත ඇප මත මුදාහරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 01 වෙනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම පෙත්සම අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු ඉන්ද්‍රිකා කාලිංගවංශ මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවාය. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි එහි සහකාර අධ්‍යක්ෂිකා සුලෝචනා හෙට්ටිආරච්චි මහත්මිය සඳහන් කළේ, මෙම නඩුකරයට අදාළ නොතීසි තම කොමිසම වෙත ලැබී නොමැති බවය. දැනගන්නට ලැබුණ…

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (07) දින රැස්වීමට නියමිතව තිබේ. කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1.30ට ව්‍යවස්ථාදායක සභාව රැස්වීමට නියමිතයි. මේ අතර පොලිස්පති ධුරයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ඉවත් කිරීමේ ලිපිය ඊයේ (06) දිනයේ ඒ මහතා වෙත භාරදෙනු ලැබීය. මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරින් විසින් අදාළ ලිපිය ඔහුගේ නිවස වෙත ගොස් එම භාරදුන් බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරියෙකු සඳහන් කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වු යෝජනාව පසුගියදා පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත වුණා. එම යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් ලැබුණු අතර විපක්ෂව කිසිදු ඡන්දයක් හිමි වුයේ නැත. කෙසේවෙතත් රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා පමණක් යෝජනාවට ඡන්දය ලබාදීමෙන් වැළකි සිටියේය. ඒ…

Read More

සමාජයේ විවිධ හේතූන් වර්තමානයේ පාසල් සිසුන් යම් මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි මානසික සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරේ සිදුකළ සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇති බවය. සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න මහත්මිය සඳහන් කළාය. එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු විශේෂඥ වෛද්‍ය ලක්මිනි මාගොඩරත්න මහත්මිය. “2024 වර්ෂයේ ශ්‍රී ලංකාවේ පාසල් සෞඛ්‍ය සමීක්ෂණයක් තිබ්බා එතනදී අපේ දරුවන්ගේ දත්ත බැලුවහම 22.4% දරුවෝ තනිකමින් පෙළෙනවා. මේ පාසල් යන අවුරුදු 13 – 17 වයස්වල ළමයි 11.9%ක් කිව්වා රෑට නිදාගන්න අමාරුයි එයාලා මොනවාහරි දේකට කනස්සල්ලට පත්වෙන නිසා…

Read More

සීමාවාසික පුහුණූව අවසන් කළ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1408 දෙනකු බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා ඇතැයි සෞඛ්‍ය අමාතයාංශය පවසයි. ඒ අනුව 2024 ඔක්තෝම්බර් 29 දිනට සීමාවාසික පුහුණූව අවසන් කළ පිරිස් සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට යටතේ ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් ලෙසින් පත්වීම් ලබාදීම සඳහා අයදුම්පත් කැඳවා ඇතියි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (වෛද්‍ය සේවා) II වෛද්‍ය එච්.එම්.අර්ජුන තිලකරත්න මහතා සඳහන් කරයි. ඉහත තනතුරු සඳහා සුදුසුකම් ලද වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ මානව සම්පත් කළමනාකරණ හා තොරතුරු පද්ධතියට පිවිස අයදුම් කරන ලෙස ඔහු පවසයි. සියලු අයදුම්කරුවන් අගෝස්තු 11 වන දින මධ්‍යහන 12.00 ට පෙර මාර්ගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් යොමු කරන ලෙස ද ඔහු…

Read More

ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්ද අනූ හයකින් පාර්ලිමේන්තුවේදී ඊයේ පස්වරුවේ සම්මත විය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 121ක් ලැබුණු අතර ඊට විරුද්ධව ලැබුණේ ඡන්ද 25 ක් පමණි. සමග ජන බලවේගයේ මන්ත්‍රීවරු පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ. සමස්ත බලශක්ති ක්ෂේත්‍රය ඒකාබද්ධ කර පුළුල් බල ශක්තිය ආයතනයක් ස්ථාපිත කිරීමට මෙම පනතෙන් ප්‍රතිපාදන සැලසේ. මෙයට අමතරව විදුලි සේවකයන්ගේ අයිතීන් සුරැකීමද මෙම පනත් කෙටුම්පතේ තවත් අරමුණකි. බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා පනත් කෙටුම්පත විවාදය සඳහා ඉදිරිපත් කළේය.

Read More