Author: LANKA24X7

මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද(12) රාත්‍රී චීනය බලා පිටත්ව යාමට නියමිතය. අග්‍රාමාත්‍යවරිය අද (12) සිට 15 දා තෙක් චීනයේ සංචාරයේ නිරත වනු ඇත. එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය චීන රජය සහ බීජිං හි පිහිටි එක්සත් ජාතීන්ගේ කාන්තා සංවිධානය එක්ව සංවිධානය කරන “එක් අනාගතයක්: කාන්තාවන් සඳහා නව සහ වේගවත් සංවර්ධනයක්” යන තේමාව යටතේ පැවැත්වෙන කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුව ඇමතීමට ද නියමිතය. මෙම සංචාරයේදී මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං සහ රාජ්‍ය කවුන්සිලයේ අග්‍රාමාත්‍ය ලී චියැං මහත්වරුන් සමඟ අග්‍රාමාත්‍යවරිය ද්විපාර්ශ්වික සාකච්ඡා කිහිපයකට ද සහභාගී වේ.

Read More

වත්මන් රජය යටතේ මෙරටට පැමිණෙන ආයෝජකයන්ගේ සහ ආයෝජන වල සුරක්ෂිතභාවය තහවුරු කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. මෙරට ආයෝජන සඳහා ඇති අවස්ථා, ව්‍යාපාරික පරිසරය සහ නීතිමය තත්ත්ව පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඇමරිකා ව්‍යාපාරික නියෝජිතයින් පිරිසක් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. ශ්‍රී ලංකාවේ මේ වන විට ආයෝජන සඳහා සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර ඇති බවත්, ආයෝජන සම්බන්ධයෙන් පසුගිය රජයයන් යටතේ පැවැති අක්‍රමවත්භාවය වෙනස් කරමින්, වර්තමාන රජය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ, නව නීති සකස් කරමින් සිටින බවත් ජනපතිවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය. ඒ අනුව විදේශ ආයෝජන මෙරටට ගෙන්වා ගැනීම රජයේ…

Read More

දිවයිනේ බොහෝ පළාත්වල අද (12) පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි ඇති විය හැකියි. සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.

Read More

කඳුකර මලයගම් ප්‍රජාවගේ නිවාසලාභීත්ව හිමිකම් පත් ලබා දීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රධානත්වයෙන් හෙට (12) පෙරවරුවේ බණ්ඩාරවෙල මහජන ක්‍රීඩාංගනයේදී සිදු කිරීමට නියමිතව තිබේ. ඉන්දියානු ආධාර යටතේ ක්‍රියාත්මක කෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතියේ හතරවන අදියරේ ප්‍රතිලාභීන් 2,000කට මෙහිදී නිවාස හිමිකම් ලබා දීමට නියමිතය. සුවපහසු නිවසක්, සනීපාරක්ෂක ජීවිතයක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා රජය ඉන්දියානු රජය සමඟ එක්ව මෙරට මලයගම් ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම නිවාස ව්‍යාපෘතිය වැවිලි ප්‍රජාව සඳහා හුදෙක් නිවසක් ලබාදීමක් පමණක් නොව මව්බිමට ජවයක් සපයන “ගෞරවනීය පුරවැසියෙක්” බවට පරිවර්තනය වීමේ මූලික අඩිතාලම වනු ඇත. ඒ අනුව කඳුකර වතු ප්‍රදේශ වල පදිංචිව සිටින මලයගම් ජනතාවගේ ජීවන තත්ත්වය…

Read More

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට හෙට (12) පෙරවරු 10 ට පැමිණෙන ලෙසට විමල් වීරවංශ මහතාට දන්වා ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය පළාත් පාලන මැතිවරණ සමයේදී වීරසිංහගේ සරත් නොහොත් බෙලිඅත්තේ සනාගේ නිවසින් ආහාර ලබා ගත් බව කියන සිද්ධියට ප්‍රකාශ සටහන් කර ගැනීමට මෙලෙස කැදවා වීමට තිබේ. තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශයේ දැනුම් දීම මත ප්‍රකාශයක් ලබාදීම සඳහා පසුගිය අට වැනිදින විමල් වීරවංශ මහතා අදාළ කාර්යාංශයට පැමිණුනද එම අවස්ථාවේ එහි ස්ථානාධිපතිවරයා හදිසියේ රෝගාතුර වීම නිසා වෙනත් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු විසින් වීරවංශ මහතාගෙන් ප්‍රකාශයක් ලබා…

Read More

නීතිඥ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු මහනුවරප්‍රදේශයේ නීතිඥවරයෙකුගේ නීතිඥ භාවය අහෝසිකිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ. විශ්‍රාමිකමේජර් ඩබ්ලිව්. එස්.එල්.එස්. පලිපාන මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීන්දුව ලබාදුන් බව “අද දෙරණ” අධිකරණ වාර්තාකරු පැවසීය. 2006 වසරේ මාර්තු මස පළමු වනදා සහ 2007 වසරේපෙබරවාරි මස 15 වන දා නඩු කටයුත්තක් සම්බන්ධයෙන් ක්‍රියා කිරීම සඳහා තමන් විසින් වගඋත්තරකාර නීතිඥවරයාව පත් කරගෙන තිබූ අතර එම සේවාව වෙනුවෙන්රුපියල් ලක්ෂයක මුදලක් ඉල්ලූ ඔහුට අත්තිකාරම් වශයෙන් රුපියල් 50,000 මුදලක් ලබාදුන් බව පෙත්සම්කරු සඳහන් කර තිබේ. කෙසේවෙතත් පොරොන්දු වූ පරිදි වගඋත්තරකාරනීතිඥවරයා සිය සේවාව ඉටු නොකිරීම හේතුවෙන් තමන් විසින් ලබාදුන් ලේඛන හා මුදල්ආපසු…

Read More

76 වන යුද්ධ හමුදා දිනට සමගාමීව බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයට උසස් කර තිබේ. ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා‍ හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ යන මහත්වරුන් විසින් මෙම නිර්දේශ ලබා දී ඇති බව සඳහන්ය. ඒ අනුව ක්‍රියාන්විතයේදී තුවාල ලබා රණක්‍ෂිතයට පත් බ්‍රිගේඩියර්වරුන් 05 දෙනෙකුගේ සේවය අගයමින් සන්නද්ධ හමුදා සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, ඔවුන් මේජර් ජෙනරාල් නිලයට නිල උසස් කිරීම් සිදුකර ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළේය.

Read More

බන්ධනාගාර ගොඩනැගිලිවල ඇත්තටම මනුස්සයෙකුට ජීවත් විය නොහැකි තත්වයක් පවතින බව අධිකරණ ජාතික ඒකාබද්ධතා සහ බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය. රිමාන්ඩ් බන්ධනාගාරවල දැරිය නොහැකි පිරිසක් රඳවා සිටින බවද ඔහු සඳහන් කළේය. බන්ධනාගාර ලොකු කර වැඩක් නැති බවත් එතනින් එළියට යන වැඩපිළිවෙලක්ද සකස් කළ යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය. විශේෂයෙන්ම මහාධිකරණවලින් ඇප ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අධිකරණ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. මේ අතර බන්ධනාගාරවල රඳවා සිටින රැඳවියන් සංඛ්‍යාව තිස්තුන් දහස ඉක්මවා ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කළේය. වැඩිම රැඳවියන් පිරිසක් රඳවා සිටින්නේ වැලිකඩ බන්ධනාගාරයේය. එම ගණන 3,557ක් පමණි. එහෙත් එහි රඳවා තැබිය හැකි රැඳවියන් ගණන 750ක් බව…

Read More

දරුවන්ට දඬුවම් කිරීම සම්බන්ධයෙන් යෝජිත පනත ක්‍රියාත්මක කිරීමේ දී බටහිර ලෝකයේ රටවල්වලට හොඳයි කියන සියලුම නීති ලංකාවට නොගැලපෙන බව බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ කොළඹදී පැවසූහ. රටේ පවතින සංස්කෘතිය, ආචාරධර්ම සහ ක්‍රමවේදයන්ට ගරු කරමින් මෙම ක්‍රියාවළිය නතර කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ. ශාන්ත ජෝන් බැප්ටිසම් මහා විද්‍යාලයට වසර 150ක් පිරීම නිමිත්තෙන් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් හා ගුරු මණ්ඩලය එක්ව සංවිධානය කළ 150 වන ජුබිලි සැමරුම් දිව්‍ය පූජාවට එක්වෙමින් අගරදගුරුතුමෝ මේ බව පැවසූහ. “දොසක් කිව්වොත් තමන්ට සිත් තැවුලක් සිදුවුනා කියලා චෝදනා කරලා මව්පියන් පොලිසියට අල්ලලා දෙන්න මෙම නව පනත මගින් දරුවන්ට පුළුවන්. මව්පියන්ට මෙහෙමනම් ගුරුවරුන් ගැන කතා කරන්න…

Read More

ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය ධූරයන් දැරූ අවධියේ සිය පුද්ගලික කාර්ය මණ්ඩලයට දේශපාලන හිතවතුන් 15දෙනෙකු නාමිකව බඳවා ගනිමින්, එම සේවකයින්ට වැටුප් හා අතිකාල දීමනා ලෙස ගෙවූ රුපියල් ලක්ෂ අසූවක් අවභාවිතා කරමින් රජයේ මුදල් සපරාදී සාවද්‍ය පරිහරණය කලේ යැයි කියන හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන්ට කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම ඊයේ (10) පැවසීය. හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, අමාත්‍ය පුද්ගලික ලේකම්ව සිටි ඒ මහතාගේ පුත් රමිත් ලක්සෙන් බණ්ඩාර රඹුක්වැල්ල , දියණිය අමාළී නායනිකා රඹුක්වැල්ල හා නිවසේ සේවිකාව වූ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක වන රාජපක්ෂ සුඛයිං පතිරණගේ…

Read More