Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තියට සහ ඇයගේ සමීපතයින්ට අයත් බැංකු ගිණුම් 13ක් තහනම් කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (09)කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. තහනම් කර තිබෙන බැංකු ගිණුම් අතර මෙම සැකකාරියගේ බැංකු ගිණුම් පහක් පවතින බවත් පොලීසිය පැවසුවේය. අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකෙරුණි. ඉන් අනතුරුව අදාළ සැකකාරිය ලබන 23 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම වුණි.
මහරගම නගර සභාවේ මාසික මහා සභා රැස්වීම (09) දා අද පැවති අතර ඊට පෙර විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් එක්ව රජය ගෙන ගෙන ඒමට නියමිත සමරිසි නීතිය හා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට එරෙහිව නගර සභාව ඉදිරි පිට උද්ඝෝෂණ පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණයක නියැලිණි. එහිදී සමරසි නීතිය අපිට එපා, සමරිසි නෙවෙයි එන්.පී.පී .රිසි , ගුරුවරයා දංගෙට ගෝලයා අපායට , සමලිංගික පාරාදීශයකට ආරාධනා කිරීම ලැජ්ජයි, රට දිනවන එන්.පී.පී වැඩ පිළිවෙල සම ලිංගික පාරාදීසයක්ද යනුවන් සඳහන් පුවරු ප්‍රදර්ශනය කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ. පසුව ඔවුන් විරෝධතා පුවරු අතැතිව උද්ඝෝෂණ පාඨ කියමින් මහා සභා රැස්වීම පැවති සභා රැස්වීමට සහභාගි වුණි. මෙම අවස්ථාවට…
බීඩි මිල හෙට (10) සිට ඉහළ දමන බව සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සහ බීඩිකොළ, දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමය පැවසීය. මෙම මිල ඉහළ දැමීමත් සමග අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක් රුපියල් 15 ක් දක්වා ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක් රුපියල් 13 ක් දක්වා ද, සිල්ලර මිල ඉහළ යන බව ද එම සංගමය කීය. අගල් දෙකයි කාල ප්‍රමාණයේ බීඩියක මිල රුපියල් 10 ක ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක මිල රුපියල් 9.50 ක ද, පැවැති බව එම සංගමය සඳහන් කළේය. බීඩියක් සඳහා පැවැති රුපියල් 2 ක බද්ද වර්තමාන ආණ්ඩුව රුපියල් 3 ක් දක්වා ඉහළ දැමීම සහ සෙසු වියදම්…
කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොලේ පළමු මාස අටේ ගුවන් මගීන් හැසිරවීම සියයට 14 කින් වර්ධනය වී ඇතැයි ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාග පවසයි. 2024 පළමු මාස අටේ ගුවන් මගීන් 58 37 351 දෙනෙකු හසුරුවා ඇති අතර 2025 වර්ෂයේ පළමු මාස අටේ එම අගය 66 30 728 කි. එය 2024 පළමු මාස අටට සාපේක්ෂව සියයට 13.59 ක වර්ධනයකි. 2025 පළමු මාස අටේ වැඩිම මගී පිරිසක් හසුරුවා ඇත්තේ අගෝස්තු මාසයේ වන අතර එම අගය 922 993 කි. ඉදිරි සංචාරක සමය ආරම්භ වීමත් සමඟම නව ගුවන් ගමන් වාර සඳහා ඇති ඉල්ලුම ඉහල ගොස් ඇති බවත් ඉදිරි සංචාරක සමයේද සංචාරක පැමිණීමේ වර්ධනයක් බලාපොරොත්තු වන බව…
ලයිපොසොමාල් වර්ගයේ ඇම්පොටෙරිසින් බී වයල් මිලිග්‍රෑම් 50 වයල් 40,000 ක ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ක්‍රිප්ටොකොකල් මෙනින්ජයිටීස් සහ අන්තරංග ලිච්ඡෙනියාසිස් ඇතුළු ජීවිත අවදානමක් ඇති කරන දිලීර ආසාදන වලට ප්‍රතිකාර කිරීමේදී, විශේෂයෙන් දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධති ඇති පුද්ගලයින් සඳහා භාවිත කරනු ලබන ඉහත සඳහන් එන්නත් වයල් 40,000 ක් ප්‍රසම්පාදනය සඳහා ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවා තිබේ. ඒ සඳහා ලංසු 4ක් ලැබී ඇත. අදාළ ලංසු සම්බන්ධයෙන් වූ ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය මත පදනම්ව අවම ලංසුකරු වන ඉන්දියාවේ Bharat Serums and Vaccines Limited. (Manufacturer: Bharat Serums and Vaccines Limited., India) වෙත මුළු පිරිවැය ඇමෙරිකා ඩොලර් 680,000.00 ක මුදලකට අදාල ප්‍රසම්පාදනය පිරිනැමීමට…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි කරන ලෙස බලධාරීන්ට කරන බලපෑම යටතේ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය තෙවැනි අදියර වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීරණ වී සිටින බවත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාවලිය තුළ ජනතාව අපහසුතාවට පත්කිරීමේ ක්‍රියාමාර්ගවලට එළඹීමේ කිසිඳු අදහසක් නොමැති බවත් එම සංගමයේ සභාපති ඉංජිනේරු සමන් ඉලුක්තැන්න මහතා මාධ්‍ය කළ විමසුමකදී පැවසීය. බලධාරීන් ලංවිම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිවැරදි ආකාරයට කරනු ඇතැයි තව දුරටත් විශ්වාස කරන බව කී ඉලුක්තැන්න මහතා වැඩ වර්ජනයක් දක්වා යෑමට කිසිඳු අදහසක් නොමැති බව ද සඳහන් කළේය. බලශක්ති අමාත්‍යවරයා, බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, පීඑස්ආර්එස් නිලධාරීන්, ලංකා විදුලිබල මණ්ඩයේ සභාපතිවරයා සහ උප සභාපතිවරයා යන පාර්ශව සමඟ කිසිඳු සම්බන්ධතාවක් නොපැවැත්වීමට සහ රැස්වීවලට සහභාගි…
නල්ලතන්නිය මස්කෙළිය සමාගමට අයත්, ලක්ෂපාන වත්තේ තේ කර්මාන්ත ශාලාවේ අද (09) අලුයම හට ගත්ත හදිසි ගින්නක් හේතුවෙන් එම කර්මාන්ත ශාලාවේ විශාල ප්‍රමාණයක් දැවී විනාශයට පත් වී ඇති බව නල්ලතන්නිය පොලිසිය පවසයි. අද අලුයම හටගත් මෙම ගින්න නිවා දැමීමට නල්ලතන්නිය පොලිසිය, මවුස්සාකැලේ යුද හමුදා කඳවුරේ නිලධාරීන්, විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් එම වතුයායේ කම්කරුවන් සමග එක්ව මහත් පරිශ්‍රමයක් දැරිය. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බවත් නල්ලතන්නිය ලිසිය පවසයි.
මිරිහාන ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 5 හැවිරිදි සිසුවකු පිහිනුම් පුහුණුවීම් කරමින් සිටියදී දියේ ගිලීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කිරීමෙන් පසු මිය ගොස් ඇති බව මිරිහාන පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ නුගේගොඩ තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචි නෙතුර වික්‍රම හේරත් නැමැති සිසුවෙකි. එම ජාත්‍යන්තර පාසලේ ගුරුවරුන් සමඟ පාසල් දරුවන් 30 දෙනකු පමණ එම පිහිනුම් පුහුණුවීම් සඳහා නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි එම පිහිනුම් තටාකයට ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. අනතුරුව පුහුණුකරුවන්ගේ මග පෙන්වීම යටතේ සිසුන් එම පිහිනුම් තටාකයේ පුහුණුවීම් සිදුකරමින් සිටියදී මෙම සිසුවා දියේ ගිලී ඇති අතර අනතුරුව දරුවා අසාධ්‍ය තත්ත්වයෙන් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව…
ලෝක තැපැල් දිනය යෙදී තිබෙන ඊයේ (09) දිනයේ සියලු තැපැල් සේවකයකයන් කළු පටි පැළඳ රාජකාරියට වාර්තා කරන බව තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසීය. අතිකාල දීමනා වංචාකාරී ලෙස ලබා ගන්නා බවට තැපැල්පතිවරයා සිදු කළ ප්‍රකාශය හරහා තැපැල් සේවකයන්ගේ තනතුරේ ගරුත්වය කෙළසීමට කටයුතු කළ බවත්, ඒ අනුව කළු පටි පැළඳීමේ ක්‍රියාවලිය සිදු කරන බවත් කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය. එමෙන්ම තැපැල්පතිවරයාගේ එම ප්‍රකාශයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මංජුල බණ්ඩාර ජයසුන්දර මහතා පැවසීය. කෝටි ගණනක මුදලක් අතිකාල දීමනා ලෙස සේවකයන් ඇඟිලි සලකුණ තැබීමෙන් තොරව ලබාගෙන ඇති බවට තැපැල්පති රුවන් සත්කුමාර මහතා…
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද(09) පස්වරු 1.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර පළාත ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිවන අතර , ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං මඟින් සිදුවිය හැකි අනතුරු, අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
