Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බලන්ගොඩ දෙහිගස්තලාව මහවත්ත ප්‍රදේශයේ ඇති නිවසක අද (09) දා අලුයම ඇති වු ගින්නක් හේතුවෙන් වයස අවුරුදු හතක පිරිමි දරුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. නිවස ගිනි ගැනිමත් සමග මෙම දරැවා පිලිස්සුම් තුවාල සහිතව බලන්ගොඩ මුලික රෝහලට ඇතුළත් කිරිමෙිදි මෙලෙස මියගොස් ඇත.
2024/ 2025 මහ කන්නයේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, මිරිස්, සෝයා, අර්තාපල් වගා හානි වන්දි ලෙස මෙම වසරේ රුපියල් මිලියන 1,484ක් ගෙවා අවස් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ මේ යටතේ වී, බඩ ඉරිඟු, ලොකු ලූණු, අර්තාපල්, මිරිස්, සෝයා ආදි වගාවන් සඳහා අක්කර 87,690ක වගා කළ ගොවීන් 74,958ක ප්‍රමාණයක් සඳහා අදාළ මුදල් ලබා දී ඇති බවය. එම වගාවන් සිදුකරන ගොවීන් හට නියඟය, ගංවතුර සහ වන අලීන්ගෙන් සිදුවන හානිවලට ලක්වන අවස්ථාවේදී තම වගා බිම් හෙක්ටයාර එකකට රුපියල් 100,000ක උපරිමයකට යටත්ව වන්දි ගෙවීම්ද සිදුකරනු ඇති බවත් එම මණ්ඩලය පවසයි. ගොවි ජනතාව වැඩි වශයෙන් වගා කිරීම…
වත්තල හේකිත්ත, අල්විස්වත්ත ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිදුවීමට තවත් සැකකරුවන් සිව්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් සහ අපරාධයට භාවිත කළ බවට සැක කඩු 4ක් ද පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වනවිට වත්තල පොලීසියට ඉදිරිපත් කර තිබේ. පසුගිය ජූලි 19 වන දා රාත්‍රීයේ දෙමහල් නිවසක් තුළ දී මෙම ඝාතනය සිදුකර තිබුණි. ඝාතනය සිදුවන අවස්ථාවේ මියගිය පුද්ගලයාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ද නිවසේ සිට තිබේ. මියගොස් ඇත්තේ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි අයෙකු වන අතර ඔහු මාස කිහිපයකට පෙර එම ප්‍රදේශයේ නිවසක් කුලී…
එළැඹෙන අ.පො.ස. (උ.පෙළ) විභාගය සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව දීර්ඝ කර ඇත. ඒ අනුව එළැඹෙන 12 වනදා මධ්‍යම රාත්‍රී 12 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දී තිබේ. 2024 නැවත සමීක්ෂණ ප්‍රතිඵල මත 2025 උ.පෙළ විභාගයට අයදුම් කිරීමට බලාපොරොත්තු වන හා ඒ සඳහා අයදුම් කිරීමට ලබා දී තිබූ කාල සීමාව තුළ අයදුම් කිරීමට නොහැකි වූ අයදුම්කරුවන්ට මෙම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාව සලසා දී ඇත. ඒ අනුව මෙම සහන කාල සීමාව කිසිදු හේතුවක් මත තව දුරටත් දීර්ඝ නොකරන බව නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
බස්නාහිර, සබරගමුව, සහ උතුරු පළාත්වලත් නුවරඑළිය, මහනුවර,පුත්තලම,ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති විය හැකි බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව පළාතෙත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ තැනින් තැනට වැසි ස්වල්පයක් ඇති විය හැකියි. වැසි සමග තාවකාලික සුළං තත්වයක් ඇති වේ.
ඉකුත් වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් අසූ දෙදෙනකුට සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී දැන ගන්නට ලැබුණේ මෙම වෛද්‍යවරුන්ගෙන් බොහෝ පිරිසක් විදේශ පුහුණුව සඳහා ගොස් නැවත නොපැමිණි බවයි. ඉහත කාල සීමාවේ දී වෛද්‍යවරුන් හත් දෙනකු ඉල්ලා අස්වී ඇතැයි ද ඔහු කීවේය. ස්ථිර ලෙස වෙනත් සේවාවන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පනස් හත් දෙනකු මුදා හැර ඇති බව පැවැසූ අමාත්‍යවරයා වෛද්‍යවරුන් 233 දෙනකු විශ්‍රාම ගොස් ඇතැයි ද සඳහන් කළේය. ඔහු මෙසේ පැවැසුවේ මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 1139ක…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙරටට පැනවූ තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට පැවැති සාකච්ඡාවලදී විද්‍යුත් වාහන ඇතුළුව ඇමෙරිකානු වාහන තීරු බදු රහිතව මෙරට වෙළෙඳපොළට ගැනීමට අවස්ථාව දෙන්නැයි යෝජනාවක් ඉදිරිපත් වූ බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර වෙළෙඳාමේ දී ශ්‍රී ලංකාවට වාසිදායක අයුරින් තිබෙන වෙළෙඳ හිඟය අවම කර ගැනීම සඳහා ඇමරිකානු පාර්ශ්වය මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ බව ආරංචි මාර්ග පැවැසුවේය. කෙසේ නමුත් ඇමරිකාවේ එම යෝජනාවට රජය එකවර අනුමැතිය නොදුන් බවත් මේ සම්බන්ධව ශ්‍රී ලංකා රජය අදියෙරන් අදියර සලකා බලනු ඇති බවට එහිදී ඇමරිකානු පාර්ශ්වයට දන්වා ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද…
බොරැල්ල සහස්පුර සිරිසර උයන මහල් නිවාස සංකීර්ණය අසලදී සිදු වූ වෙඩි තැබිමෙන් තුවාල වූ එක් අයකු මියගිය බව බොරැල්ල පොලිසිය කියයි. එලෙස මිය ගොස් ඇත්තේ කැලණිය අකුරුෙපිටිය පාර පදිංචිව සිටි එස් මදුෂාන් නැමැති 23 හැවිරිදි තරුණයෙක්. අද දින පැවතීමට නියමිත ක්‍රීඩා තරඟයට සැරසිලි කටයුතු කරමින් සිටි පුද්ගලයන් පස් දෙනකු වාඩි වී සිටියදී යතුරු පැදියකින් පැමිණ ටි 56 ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදු කර තිබූ බව පොලිසිය කියයි. අපරාදය සිදුවූ ස්ථානයේ තිබී උණ්ඩ කොපු 25 ක් පොලිසිය මගින් සොයාගෙන ඇත.
ඌව පළාත් සභාවේ හිටපු අමාත්‍යවරුන්,ආණ්ඩුකාරවරුන් පරිහරණය කළ අධි සුඛෝපභෝගි වාහන විකිණිම සදහා මිල ගණන් කැදවා තිබේන බව නියෝජ්‍ය ප්‍රධාන ලේකම් මුල්‍ය කාර්යාලය කියයි. පසුගිය කාලයේ ඌව පළත් සභාවේ මැති ඇමතිවරුන් හා ආණ්ඩුකාරවරුන් මෙම වාහන භාවිතා කිරම නිසා වාහන නඩත්තුවට සහ ඉන්ධන සදහා විශාල මහජන මුදලක් වැයවී තිබෙන නිසා ජනපතිතුමන්ගේ උපදෙස් පරිදි රාජ්‍ය ආයතන පරිහරණය කරන අති සුඛෝපභෝගි වාහන වැඩි මුදලට විකිණිමට කටයුතු කර තිබේ, මෙම වාහන සදහා ලංසු කැදවා තිබේන අතර අගෝස්තු 25 දින උදේ 10.30ට ඉහළම මිළ ගණන් ලබාදී තිබෙන ගැනුම්කරුවන්ට වාහන විකිණිමට කටයුතු කරයි,
ත්‍රිකුණාමලය – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ පච්චනූර් ප්‍රදේශයේදී අද (08) උදෑසන මෝටර් රථයක් ටිපරයක ගැටී සිදු වූ අනතුරකින් මෝටර් රථයේ ගමන් ගත් අයෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මූතූර් පොලිසිය කියයි. . මෙසේ මියගොස් ඇත්තේ මූතූර්, තෝපූර්, අල්ලෙයි නගර් පදිංචි හිදායතූල්ලා ජෙම්සිත් (34) නැමැති අයෙකි. තුවාල ලබා රෝහල්ගත කළ රියදුරුගේ තත්ත්වය බරපතල බැවින් මූතූර් මූලික රෝහලේ සිට ත්‍රිකුණාමලය මහ රෝහල වෙත මාරු කර යැවූ බව මූතූර් පොලිසියේ නිලධාරියෙක් පැවසීය . ටිපර් රථය මඩකලපුව සිට වැලි පැටවීම සඳහා මූතූර් දක්වා ගමන් කර ඇති අතර ඊට ප්‍රති විරුද්ධ දිසාවෙන් ගමන් ගත් මෝටර් රථය මූනට මූණ හැපීමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
