Author: LANKA24X7

මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වී ඇත. ඔහු ඉල්ලා අස්වීමේ ලිපිය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට භාරදී ඇතැයි වාර්තාවේ. මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුණු සූරියප්පෙරුම මහතා මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කිරීමට නියමිතය. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය දැරූ මහින්ද සිරිවර්ධන මහතා පසුගියදා විශ්‍රාම ලැබූ අතර ඔහු ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ධූරයක වැඩ භාර ගැනීම සඳහා පිටත්ව යෑමට නියමිතය. සූරියප්පෙරුම මහතා කළමනාකරන ගණකාධිකාරීවරුන්ගේ වරලත් ආයතනයේ ( CIMA) සාමාජිකයෙකු ලෙස සුදුසුකම් ලබා කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනයෙන් එම්බීඒ උපාධිය සහ කළමනාකරණ සහ විද්‍යා විශ්ව විද්‍යාලයෙන් ව්‍යාපාර ජාලකරණය සහ කාර්ය සාධනය පිළිබඳ ආචාර්ය උපාධිය ගත්තේය. පෞද්ගලික…

Read More

මෑතකදී වැඩි කෙරුණු පාර්ලිමේන්තු නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ මාසික කෑම බිල අඩු කිරීමට පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව ඊයේ (20) තීරණය කළේය. මේ අනුව පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ රුපියල් හාරදහසක මාසික කෑම බීල රුපියල් තුන්දහසක් දක්වාද සාමාන්‍ය සේවකයන්ගේ රුපියල් 2500 කෑම බිල රුපියල් 2000 දක්වාද අඩු කෙරෙනු ඇත. පාර්ලිමේන්තු නිලධාරීන් සහ සේවකයන්ගේ කෑම බිල මෑත භාගයේදී සංශෝධනය කෙරුණු තුන්වෙනි අවස්ථාව මෙයයි. නිලධාරීන්ගේ සහ සේවකයන්ගේ ඉල්ලීම අනුව එම මිල ගණන් මෙසේ අඩු කෙරුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. සියලු දීමනා කප්පාදු කර ඇති තත්වය යටතේ පාර්ලිමේන්තුවේ මාසික කෑම බිල දරාගත නොහැකි බව පවසමින් එහි සේවකයෝ පිරිසක් පාර්ලිමේන්තු භෝජනාගාරයෙන් ආහාර නොගන්නා බවට පාර්ලිමේන්තු ප්‍රධානීන්ට…

Read More

ග්‍රාමීය ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කෙරෙන වන අලි ගැටලුව විසඳීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ වන අලි ගැටලුව විසඳීම පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පස්වරුවේ පැවති සාකච්ඡාවේදීය. මෙහිදී වන අලි ගැටලුව බහුලව පවතින අනුරාධපුර, පුත්තලම, පොළොන්නරුව, අම්පාර, හම්බන්තොට, මොනරාගල, කුරුණෑගල, බදුල්ල සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණු අතර, මෙයට අදාළව, ඒ ඒ දිස්ත්‍රික්කවල පවතින ගැටලු දිසාපතිවරු විසින් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කරන ලදී. එසේම වනජීවී දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු, රථ වාහන අවශ්‍යතා සහ රාජකාරී කර ගෙන යාමේදී මුහුණ දෙන…

Read More

ඊශ්‍රායල ප්‍රහාර නතර වන තුරු තමන්, ඇමරිකාව සමඟ කිසිම ආකාරයක සාකච්ඡාවලට එළඹෙන්නේ නැතැයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි අවධාරණය කරයි. ඉරාන විදේශ අමාත්‍යවරයා මෙසේ පැවැසුවේ, සාකච්ඡාවලට එන්නැයි ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප්, කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමිනි. ඉරානයට පහරදීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සදහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සති දෙකක කාලයක් ලබා ගන්නා බව ද පවසා ඇත.

Read More

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිංහරාජ වනාන්තරය හරහා මාර්ගයක් ඉදි කිරීම, නීතියට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (20) අවසර ලබා දුන්නේය. පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පරිසරවේදීන් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ. මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කරුණු තහවුරු කිරීමෙන් අනතුරුව, එය ඉදිරියට පවත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු තිබෙන බවට තීන්දු කළ විනිසුරුවරයා ඉන් අනතුරුව අදාළ පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය. ඒ අනුව අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, පරිසර අමාත්‍යවරයා, වනජීවී අමාත්‍යවරයා, හිටපු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ ඇතුළු…

Read More

පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරේ සිටි රැඳවියෙකු පලා ගොස් ඇති බව පල්ලෙකැලේ පොලිසිය කියයි. දූෂණ චෝදනා මත පල්ලෙකැලේ එළිමහන් සිරකඳවුරේ වගා අංශයේ යොදවා සිටි රැඳවියෙකු එසේ පලා ගොස් ඇති බවට බන්ධනාගාර නිලධාරීන් විසින් පොලිසියට පැමිණිලි කොට තිබේ. කදුරුවෙල මුස්ලිම් කොළණියේ පදිංචි 25 හැවිරිදි රැඳවියකු එසේ පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පල්ලේකැලේ පොලිසිය විමර්ශන ආරම්භ කොට තිබේ.

Read More

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරාගැනීම සඳහා වන නිලවරණය පැවැත්වීම අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමේ සිද්ධියට අදාළ පෙත්සම අභියාචනාදීකරණය වෙතින් අද (20) ඉල්ලා අස්කරගෙන තිබේ. මෙම පෙත්සම අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරු සඳහන් කර සිටියේ, මෙම නඩුකරය හේතුවෙන් සමන් දේවාලය පෙරහැර කටයුතුවල ප්‍රමාදයක් ඇතිවන හෙයින් මහජන සුභසාධනය සැලකිල්ලට ගෙන අදාළ පෙත්සම ඉල්ලා අස්කරගැනීමට අවසර දෙන ලෙසයි. ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට විනිසුරුවරයා අවසර ලබා දුන්නේය.

Read More

බලංගොඩ ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තේරී පත්වූ රංජිත් උදය කුමාර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ අනුව පුරප්පාඩු වූ සභාපති ධුරය සඳහා බලංගොඩ ප්‍රාදේශීය සභාවේ තේරීම්භාර නිලධාරී සුරංග අඹගහතැන්න මහතා විසින් ගමඇතිගේ ආරියදාස මහතාව නව සභාපති ලෙස තෝරා පත්කර ඇත. අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී තිබේ.

Read More

කහට ගස් දිගිලිය, ඇල්ල වැව ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය නිලධාරීන්ට පහරදී නිලධාරීන් සන්තකයේ තිබූ ගිනි අවියක්, උණ්ඩ දහයක් සහ මැගසීනයක් කොල්ල කෑ සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බව කහට ගස් දිගිලිය පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කහට ගස් දිගිලිය, රන්පත් විල, සීප්පු කුලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 ත් 36 ත් අතර පසුවන සැකකරුවන් පිරිසකි. සැකකරුවන් සන්තකයේ තිබී ගිනි අවිය දමා තිබූ බෑගය, පිහියක්, විදුලි පන්දමක් ඇතුළු දේපළ සොයාගෙන ඇති අතර ගිනි අවිය ඉකුත් 13 දා සොයා ගත් බව පොලිසියකියයි.

Read More

හැටන් – මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊයේ (19) ධාවනය වූ ලංගම හා පෞද්ගලික බස් රථ ඇතුළු වාහන 44ක් තාවකාලිකව ධාවනයෙන් ඉවත් කිරිමට මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිලධාරීන් කටයුතු කර තිබේ. බගතොලුව ප්‍රදේශයේ දී මෙම වාහන පරීක්ෂාව සිදුකර ඇති අතර, එහිදී වාහන 115ක් හදිසි පරීක්ෂාවට ලක්කර ඇත. ගුණාත්මක සහ ආරක්ෂිත ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම සහ රිය අනතුරු අවම කිරිමේ අරමුණින් සිදුකළ මෙම පරීක්ෂාවේදී, අධික ලෙස වායු විමෝචනය තිබූ වාහන, අඩුපාඩු සහිතව ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ වාහන මෙලෙස ධාවනයෙන් තාවකාලිකව ඉවත්කර තිබේ. එමෙන්ම මගීන්ගේ ජීවිතවලට අවදානමක් සහිත බස් රථ ඇතුළු වාහනවල සවිකර තිබූ උපාංග ගලවා ඉවත් කිරීමටත්, මෙම වාහන පරීක්ෂාවේදි මෝටර් රථ පරික්ෂකවරුන්…

Read More