Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේ දි දුම්රිය මාර්ගයට පස් කන්දක් කඩාවැටීමෙන් මුහුදු බඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබේ. අද අළුයම 3.15 ට අලුත්ගම සිට මරදාන බලා ධාවනය වූ මන්දගාමි දුම්රිය මෙම පස් කන්ද මතින් ගමන් කිරීමේදී දුම්රිය නතර කිරීමට සිදුව ඇත . ප්‍රදේශවාසින්ගේ සහයෙන් පස් ඉවත් කර දුම්රිය ධාවනය යලි යතා තත්ත්වයට පත්කරමින් සිටී. ඒ අනුව එක් දුම්රිය මාර්ගයක් පවතින මාගල්කන්ද ප්‍රදේශයෙන් දුම්රිය ධාවනය මුළුමනින්ම අවහිර වී ඇත.
බස්නාහිර, සබරමුව, දකුණු සහ වයම පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, මධ්‍යම දකුණ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ.
සිය පුත්‍රයාට පිස්තෝලයකින් වෙඩි තැබීමට උත්සහා කළ පියෙකු ආරච්චිකට්ටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පිස්තෝලයක් අතැතිව පුද්ගලයෙකු සිටින බවට ආරච්චිකට්ටුව පොලිසියට ලද දුරකතන ඇමතුමකට අනුව සිදු කළ පරීක්ෂාවකදී අදාළ පුද්ගලයා පිස්තෝලය ද සමග අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයා මීට වසර තිස් පහකට පමණ පෙර සිය පවුල අතහැර වෙනත් ප්‍රදේශයකට පදිංචියට ගොස් ඇති අතර ඒ වන විට ඔහුගේ පුත්‍රයාට වයස අවුරුදු හතරක් වන බව වාර්තා වේ. වෙඩි තැබීමට උත්සහා කළ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පොලීසිය විසින් සිය භාරයට ගත් අදාළ පිස්තෝලය මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් වන අතර එය මිට වසර 15කට පමණ පෙර ආරච්චිකට්ටුව ප්‍රදේශයේ සිටි දාමරිකයෙකු විසින් තමාට ලබා…
නාරම්මල අලහිටියාව ප්‍රදේශයේදී අද (12) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. ලොරි රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව දුරකතන කණුවක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කළේය. අනතුරින් ලොරි රථයේ පිටුපස ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකු එම ලොරි රථයටම යටවී තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රථිකාර සඳහා නාරම්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙලෙස මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 26 හැවිරිදි සහ 29 හැවිරිදි වයස්වල පසුවන වවුනියාව සහ නෙදුන්කේනි ප්‍රදේශවල පදිංචිව සිටි තරුණයින් දෙදෙනෙකි. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර නාරම්මල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
විපක්ෂයේ පක්ෂ වල එකතුව සාර්ථකව ඉදිරියට යමින් පවතින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය. පළාත් පාලන මැතිවරණයේ සිටම සියලු දේශපාලන පක්ෂ එකට එකතු වෙමින් ක්‍රියා කරමින් සිටින බව කී අබේවර්ධන මහතා ඒ ක්‍රියාදාමය මේ වනවිට ඉතාමත් සාර්ථකව ඉදිරියට යන බව සඳහන් කළේය. වඩාත් පුළුල් ක්‍රියාදාමයකින් මැතිවරණයට මුහුණ දීම සඳහා මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බවද අබේවර්ධන මහතා කීය. එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
151 වන ලෝක තැපැල් දිනයට සමගාමීව ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ඇල්ල තැපැල් කාර්යාලයේ සංචාරක නිවාසය සහ මුද්දර කාර්යාංශ කවුළුව විවෘත කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙම ව්‍යාපෘති ද්විත්වයම තැපැල් දෙපාර්තමේන්තුවට අදායම් උත්පාදනය කිරීමේ ව්‍යාපෘති වන අතර, මෙම ව්‍යාපෘති මගින් තැපැල් දෙපාර්තමේන්තුවේ අදායම් තත්ත්වය ඉහළ නංවාලීම ප්‍රමුඛ අරමුණ විය. ශ්‍රී ලංකා තැපෑල මෙරට සංචාරක ව්‍යාපාරය වර්ධනයට දායකත්වය සැපයීමක් ලෙස ද මෙම ව්‍යාපෘති හදුන්වා දිය හැකි බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී කීය. අභියෝගාත්මක අනාගතයකට ශක්තිමත්ව මුහුණ දීමට නව්‍යකරණය හා බැදුණු ධනාත්මක පරිවර්තනයක් අවශ්‍ය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. සංචාරක නිවහනේ…
හෝර්ටන් ජාතික වන උද්‍යානයේ නෙළු වසන්තය නැරඹීමට පැමිණෙන්නේ නම් ජාතික උද්‍යානයේ පවතින නිතී රීති අනුව කටයුතු කළ යුතු බව හෝර්ටන්තැන්න ජාතික උද්‍යාන භාරකාර සිසිර රත්නායක මහතා පැවසිය. සිසර රත්නායක මහතා ඒ බැව් කියා සිටියේ වසර 12 පසු මෙවර නෙළු මල් වර්ග හතරක් එකට පිපී ඇති බවත්, එය නැරඹීම සදහා සති අන්තයේ සහ නිවාඩු දිනවල අධික සංචාරකයන් පිරිසක් සහ වැඩි රථවහන ප්‍රමාණයක් හෝර්ටන්තැන්න ජාතික උද්‍යානය පැමිණෙන බවයි. එසේ එන ඇතැම් පිරිස් ජාතික උද්‍යානයක නීති රීතිවලට පටහැනිව කටයුතු කර ඇති බවත්, එම පිරිස සදහා නීතිය ක්‍රියාත්මක කිරිමට කටයුතු කල බවත් සිසිර රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.
පළාත් සභා ඡන්දයට ඉදිරිපත්වීම සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ඉල්ලා අස්වෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව පළාත් සභාවට තරඟ කරන්නට සූදානම් බව කී විපක්ෂ නායකවරයා කැපකිරීම්,පරිත්‍යාග කර පළාත් සභා ඡන්දය ජයග්‍රහණය කරවන්නට සමගි ජන බලවේගය සූදානම් බව කීය. 2020 පෙබරවාරි මාසයේ ලියාපදිංචි වූ සමගි ජන බලවේගය මේ වන විට දුරකථනය ලකුණෙන් මහමැතිවරණ දෙකකට සහ එක් ජනාධිපතිවරණයකටත් පළාත් පාලන මැතිවරණයකටත් තරඟ කර ඇති බවත් අද වන විට සමගි ජන බලවේගයට පළාත් පාලන මන්ත්‍රීවරුන් හා මන්ත්‍රීවරියන් 1773ක් සිටින බවත් විපක්ෂ නායකවරයා කීය. මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන අධ්‍යාපන තිරසර සංවර්ධන විද්‍යා පීඨය…
මාතලේ රිවස්ටන් සංචාරක කලාපයේ රිවස්ටන් කුළුණ ආශ්‍රිත ප්‍රදේශයේ පරිසර හිතකාමී රථ ගාලක් ඉදිකිරීමට තීරණය කර තිබේ. මධ්‍යම පළාත් වෙළෙද වාණිජ හා සංචාරක දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 4ක් මේ සදහා වැය කිරීමට නියමිතය. සති අන්තයේ දිනවල දෙස් විදෙස් සංචාරකයින් රැසක් මෙම ස්ථානයට පැමිණිම නිසා ඇතිවන අධික වාහන තදබදයට පිළියමක් වශයෙන් හා මෙම ස්ථානයේ පස සේදීයාම වලක්වා ගැනීමේ අරමුණින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කොන්දේසි හා නියාමනයන්ට යටත්ව වාහන ගාල් කිරිම සදහා ස්ථානයක් සකස් කිරීම මෙහි දී සිදුකෙරේ. මෙම ව්‍යාපෘතියට සමගාමිව මෙම ස්ථානයේ ඇති ටිකට් කවුන්ටරය හා පිවිසුම් ගේට්ටුව අලුත් වැඩියා කිරීමට ද නියමිතය. මෙම ස්ථානයේ සමස්ත සංවර්ධන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 10ක මුදලක් වැය…
උහන පොලිස් වසමට අයත් හිමිදුරාව ගම්මානයේ ඊයේ (11) දින සවස ගවයන් බැලීම සදහා ගොස් සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදීම නිසා මියගොස් ඇතිබව, උහන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ උහන හිමිදුරාව ජනපදයේ පදිංචි විජේකෝන් මුදියන්සේලාගේ අජිත් පුෂ්ප කුමාර නැමැති 42 හැවිරිදි අයෙකි. වැසි පැවති අවස්ථාවේ මියගිය අය ගවයින් රැගෙන ඒම සදහා ගොස් සිටියදී ඇතුණු පහරට ගොදුරුවී ඇතිබව මූලික විමර්ශනයේදී අනාවරණයවී ඇත. උහන පොලිස් ස්ථානාධිපති අනුජ ලංකාදේව මහතාගේ මෙහෙවීම මත පොලිස් විමර්ශන ආරම්භකර ඇත.
