Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩායමක් ඇමරිකාවට පිටත්ව ගිය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දඹුල්ලේ දී ඊයේ (20)පැවසීය. බද්දේ බලපෑම අවම වන පරිදි විසඳීමකට පැමිණීමට හෝ එවැනි බදු පැනවීමක් වලක්වා ගැනීම සඳහා රජය උත්සාහ කරන බවද ජනාධිපතිවරයා කීය. ලෝකය අපට ඕන විදිහට හසුරවන්න බැරි බව කී ජනාධිපතිවරයා ලෝකයේ ආර්ථිකයට, ආරක්ෂාවට විවිධාකාරයෙන් බලපාන තීන්දු තීරණ, විවිධ රාජ්‍යයන් විසින් ගන්නා නමුත් එම තීරණ වලට බලපෑම් කරන්න හැකියාවක් නොමැති බව සඳහන් කළේය. “එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බද්දක් ගහපු හැටියේ කට්ටියක් ප්‍රීතියෙන් පිනා ගියා.බද්ද…
ශ්‍රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ස්ටෙෆනි ට්‍රෙම්බ්ලේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළාය. ඒ අනුව සාමාජිකයන් 193 දෙනකුගෙන් යුත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 2025 වසරේ සඳහා ගෙවිය යුතු සියලුම මුදල් ගෙවා අවසන් කළ 93 වැනි රට බවට ශ්‍රී ලංකාව පත්වූ බව ද ඇය පැවැසුවාය. සංවර්ධනය වෙමින් පවතින රටක් වන ශ්‍රී ලංකාව සිය හිඟ සාමාජික ගාස්තු ගෙවා අවසන් කිරීම පිළිබඳව ස්තුතිවන්ත වන බව ද ඇය ප්‍රකාශ කළාය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට වැඩිම හිඟ මුදලක් ගෙවීමට ඇත්තේ ඇමෙරිකා…
නැවත කිසි දිනක ගොවීන්ගේ කෘෂි නිෂ්පාදන තුට්ටු දෙකට විකුණන්න ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුව ජන හමුවකදී පැවසීය. ආරම්භක පියවරක් ලෙස රජය වී මිලදී ගැනීමට වී අලෙවි මණ්ඩලයට කෝටි 500ක් දුන් බව කී ජනාධිපතිවරයා සතොස වී මිලදී ගන්නට තවත් සැලැස්මක් හැදූ බව පැවසීය. ඕනෑ කෙනෙක් ගොවීන්ට වැඩිපුර මුදල් දී වී මිලදී ගත්තාට කමක් නැති බව කී ජනාධිපතිවරයා හැබැයි සහල් පාලන මිලට විකිණිය යුතු බව සඳහන් කළේය. අඩුවට යන හැම වී ඇටයක්ම ආණ්ඩුව මිලදී ගන්නවා. තවදුරටත් ගොවි ජනතාවට තමන්ගේ අස්වැන්න විකුණගන්න බැහැ කියලා අස්වැන්න කුණු කොල්ලයට ගියා කියලා හඬා වැටෙන්න අවශ්‍ය නෑ. මිල ස්ථාවර කර ගැනීම සඳහා මැදිහත්…
ලාල් කාන්ත මහත්තයා ඇත්ත ප්‍රකාශ කරන මිනිහෙක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා කරගෙන ගිය වැඩපිළිවෙළ ඉදිරියට කරගෙන යන බව ලාල් කාන්ත ඇමැතිවරයා පවසා තිබෙන්නේ යැයි කී සේනසිංහ මහතා නමුත් ආණ්ඩුවේ අනිත් පිරිස් ඇත්ත කතා කරන්නේ නැතැයි ද පැවසීය. ” රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළ තවත් කෙටි කාලයකින් අවසන් වෙනවා. ඒ වැඩපිළිවෙල අවසන් වුණාට පස්සේ ණය ගෙවන ක්‍රමවේදය , විදෙස් රටවල් සමග ගනුදෙනු කරන ආකාරය , බදු සහන ලබාගන්නා ආකාරය වැනි කිසිම දෙයක් සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුවට කිසිදු ඉදිරි වැඩපිළිවෙළක් නෑ. වර්තමාන ආණ්ඩුවට ප්‍රශ්න වලට මුහුණ දෙන්න අද්දැකිම් නෑ යනුවෙන්ද කොළඹදී මාධ්‍ය හමුවක්…
පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඟවා තැබූ කොටස් ඇතුළු සම්පූර්ණ වාර්තාව පරීක්‍ෂණ සඳහා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට තමා අද බාර දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොළොන්නරුවේදී පැවසීය. අදාල පාස්කු කොමිෂන් සභා වාර්තාව ඉතා හොඳින් අධ්‍යයනය කොට පරීක්ෂණ සඳහා යොදාගන්නා ලෙස තමා දැනුම් දුන් බවද ජනාධිපතිවරයා කීය. “2019 පාස්කු ඉරිදා බලය ලබා ගැනීමේ අරමුණින් මේ රටේ විශාලම ඛේදවාචකය සිදුවුණා.2019 අප්‍රේල් මාසයේ සිට 2024 වසරේ සැප්තැම්බර් දක්වා පරීක්ෂණවල අරමුණ වී තිබුණේ සැබෑ සැලසුම්කරුවන් යටපත් කිරීමයි.ඔවුන්ගේ අභිප්‍රාය වී තිබුණේ සැබෑ වග උත්තරකරුවන් සැඟවීමයි.අප බලය ලබාගෙන මාස හයක් ගතවී තිබෙනවා .අප ඉතා නිරවුල්ව පියවරෙන් පියවර පාස්කු ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවට පැමිණවීම…
දුම්රියේ ගැටී සහ දුම්රියෙන් වැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොලීසිය පැවසුවේ ඊයේ (19) දිනයේදී මෙම අනතුරු සිදුව ඇති බවය. ඒ අනුව පට්ටිපොල පොලිස් වසමේ පැරකුම්පුර හා අඹේවෙල දුම්රිය මාර්ගය පරික්ෂා කිරීමට ගොස් සිටි දුම්රිය කාර්ය සහයකවරයෙකු දුම්රියේ ගැටී ජීවිත්ක්ෂයට පත්ව තිබේ. ඔහු විසින් ඊයේ (19) අලුයම් කාලයේදී එම දුම්රිය මාර්ගය පරික්ෂා කරන අවස්ථාවේදී කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රියේ ගැටී මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ දියතලාව ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි. මේ අතර ඊයේ උදෑසන කාලයේදී උයිලංකුලම පොලිස් වසමේ සිරිනාවක්කුලම ප්‍රදේශයේදී දුම්රියකින් වැටී පුද්ගලයෙකු මියගොස් ඇති බවට උයිලංකුලම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත පොලීසිය විසින් විමර්ශනයක්…
සිරි දළදා වන්දනාවට සහභාගි වන බැතිමතුන්ගේ සංඛ්‍යාව ඉහළයාම හේතුවෙන් කොටුව හා මහනුවර අතර තවත් විශේෂ දුම්රිය දෙකක් ලබන 28 දක්වා ධාවනයට යෙදවීමට දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. ඒ අනුව කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පස්වරු 7.55 ට පිටත් වන දුම්රිය මධ්‍යම රාත්‍රි 12 ට මහනුවරට ළඟාවන අතර එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයෙන් පස්වරු 8.30 ට පිටත් වී මධ්‍යම රාත්‍රි 12 ට කොළඹ කොටුවට ළගා වන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි. මෙම දුම්රිය යන එන ගමනේදී රඹුක්කන දුම්රිය ස්ථානයේ ද නතර කරන බවද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
රුපියල් විසි හතර කෝටි තිස් ලක්ෂයක් වටිනා කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විදේශීය ගුවන් මගියෙකු අද(20 ) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . මොහු 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි . මොහු මෙම කිලෝ ග්‍රෑම් 04 යි ග්‍රෑම් 855 ක් බර කොකේන් මත්ද්‍රව්‍ය තොගය බ්‍රසීලයෙන් රැගෙන , ඒවා කාඩ්බෝඩ් මත අලවා , ඒවා මත කළු පැහැති කඩදාසි අලවා , එම කාඩ්පත් 02 බැගින් කුඩා බෑග් 07 ක් තුළ අසුරා , පසුව ඒවා තම ගමන් මල්ලෙහි අසුරා ගෙන තිබුණි
යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඊයේ මේ බව ප්‍රකාශ කර ඇත.
මහනුවර දළදා වන්දනාවට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව සඳහා බුද්ධි අංශ නිලධාරීන්ද දහසක් යොදවා ඇති බව පොලිසිය පවසයි. මෙම නිලධාරීන් යොදවා ඇත්තේ පොලිසියේ සහායටය. රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීහු ද ඒ අතර වෙති මේ අතර අනවශ්‍ය බඩු භාණ්ඩ රැගෙන ඒමෙන් වලකින්නැයි පොලිසිය දළදා වන්දනාවේ පැමිණෙන්නන්ගෙන් ඉල්ලීමක් කරයි.