Author: LANKA24X7

අධික වාහන හිඟය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන රැසක වැඩ කටයුතුවලට දැඩි බාධා මතුව ඇතැයි වාර්තාවේ. රාජ්‍ය ආයතනවල කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යෑමට තවත් වාහන පන් හය දහසක් අවශ්‍ය වන බව රජයට පෙනී ගොස් ඇත. රාජ්‍ය ආයතනවලට වසර 15කින් පමණ වාහන මිලදීගෙන නැති බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. බොහෝ ආයතනවල පවතින අධික වටිනාකම් සහිත අධි සුඛෝපභෝගී වාහන විකුණා ලබා ගන්නා මුදල් වලින් එදිනෙදා පරිහරණයට වැදගත් වන පොඩි වාහන මිලදී ගැනීමට රජයේ විශේෂ අවධානය යොමුව ඇත. මේ අතර රජයේ ආයතනවල වැඩි එන්ජින් ධාරිතාවය සහිත අධි සුඛෝපභෝගෝ වාහන වෙන්දේසි කිරීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක් ගත්තද බොහෝ…

Read More

පොලිස්පති ධූරය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ලබන 12 වැනිදා නැවත රැස්වීමට නියමිතය. පොලිස්පති ධූරය සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නම ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට දැනටමත් නිර්දේශ කර ඇත. මෙම නාමය සලකා බැලීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඉකුත් 7 බ්‍රහස්පතින්දා රැස්වුවද අවසන් තීරණයක් ගෙන නොතිබිණ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පාර්ලිමේන්තු ප්‍රකාශකයකු පැවසුවේ එම සභාවේ සාමාජික මන්ත්‍රීවරුන්ගේ පැමිණීමේ ගැටලුවක් පැවතුණ හෙයින් ඒ පිළිබඳව තීරණයක් ගැනීම මෙසේ කල් ගිය බවයි. පාර්ලිමේන්තුවේ සම්මත වූ යෝජනාවකින් පසු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා විසින් එම ධූරයෙන් නෙරපා හරිනු ලැබීය. ජනාධිපතිවරයා පොලිස්පති ධූරය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට යෝජනා කර ඇත්තේ වැඩබලන පොලිස්පති ප්‍රියන්ත…

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා හිමිනම වැඩවාසය කරනු ලබන බව කියන ඔබේසේකරපුර සදහම් සෙවණ විහාරස්ථානයකට පොලිස් කණ්ඩායම් කීපයක් ගියද එම හිමිනම එහි නොසිටි බව පොලිස් ආරංචි මාර්ග පවසයි. අපේ ජනබල පක්ෂයේ මහලේකම් වශයෙන් කටයුතු කළ හිමිනමක පැහැරගෙන ගොස් පහරදී තර්ජනය කර ජාතික ලයිස්තු මන්ත්‍රීධූරයක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මන්ත්‍රී අතුරලියේ රතනහිමියන්ට එරෙහිව එම පක්ෂයේ මහලේකම් බව කියන හිමිනමක විසින් පැමිණිල්ලක් කොළඹ අපරාධ කොට්ඨාසයට කර තිබුණි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ අපරාධ කොට්ඨාසය ඇතුළු විමර්ශන කණ්ඩායමක් කීපයක් අතුරලියේ රතන හිමියන් අත්අඩංගුවට ගැනීම සදහා ඔබේසේකරපුර සදහම් සෙවණ විහාරස්ථානයට ගොස් ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

Read More

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් යම් ගැටලුවක් පවතී නම් රටේ සාමාන්‍ය නීතිය අනුව ඒ සඳහා කටයුතු කරන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය. රටේ සාමාන්‍ය පුරවැසියෙකුට ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වුවහොත් ක්‍රියාත්මක වන ආකාරයට එහිදී කටයුතු කෙරෙන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. කෙසේ වෙතත් එවැනි තර්ජනයක් තිබේනම් ඔහු ඒ ගැන මුලින්ම කරුණු ඉදිරිපත් කළ යුතු බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය. දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාලයෙන් විවිධ තර්ජන එල්ලවී තිබිණැයි පසුගිය කාලයේදී සඳහන් විය. දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයෙන් නෙරපීමෙන් පසු ඔහුට හිමි විශ්‍රාම වැටුප ආරක්ෂාව නිල නිවාස ඇතුළු සියලු පහසුකම් අහෝසි වී යන්නේය. දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වරප්‍රසාද ඉවත්…

Read More

වරෙන්තු මෙහෙයුමක් අතරතුරදී කඩුවෙල පොලිසියේ නිලධාරීන් සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. තුවාල ලද පුද්ගලයා සිද්ධියත් සමගම පලා ගොස් මුල්ලේරියාව රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුල්ව සිටියදී පොලිස් අත්අඩංගුවට ගත් බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි කඩුවෙල වැලි විට කැකිරිදෙනිය ප්‍රදේශයේ වරෙන්තු මෙහෙයුමක් අතරතුරදි සැකකරු පොලිස් නිලධාරීන්ට කැත්තකින් පහර දීමට තැත් කිරීමේදී පොලිසිය පුද්ගල ආරක්ෂාවේ අයිතිය සඳහා මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය එම පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයකු බවද පොලිසිය කියයි මුල්ලේරියාව රෝහලින් මූලික ප්‍රතිකාර ලබාදීමෙන් අනතුරුව එම සැකකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා පොලිස්…

Read More

රුසියන් යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට තමන්, එලැඹෙන 15 වැනිදා ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවන බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. ට්‍රම්ප් හමුවීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් කැමැත්ත පළ කර ඇත්තේ ට්‍රම්ප් නියෝජිත ස්ටීව් විට්කොෆ් රුසියාවේ මොස්කව් අගනුවරට ගොස්, පුටින් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය. ට්‍රම්ප් සහ පුටින් අතරේ මුහුණට මුහුණ හමුව, ලබන 15 වැනිදා ඇලෙස්කාවේදී සිදුවනු ඇතැයි ද පැවැසෙයි. තමන් ද පුටින් හමුවීමට නොඉවසිල්ලෙන් පසුවන බව, ඇමෙරිකා ජනාධිපතිවරයා පවසා ඇත.

Read More

වනාතවිල්ළුව වීරක්කොලීචොලේ රජයේ රක්ෂිතයේ අක්කර 600 එළි කරමින් සිටි විදේශිකයන් දෙදෙනකු ඇතුළු 12 දෙදෙනකු අත් අඩංගුවට ගත් බව පුත්තලම අඩවි වන කාර්යාලය පවසයි. වනාතවිල්ළුව ප්‍රාදේශීය ලේකම් මිලන්ග ප්‍රභාත් නන්දසේන මහතාට ලැබුණු තොරතුරක් මත ඒ මහතා සංරක්ෂක දෙපාර්තුමේන්තුවේ වනාතවිල්ළුව වන ශ්‍රේෂ්ත්‍ර සහකාරවරුන් හා බීට්ටු වන නිළධාරින් හා වනාතවිල්ළුව පොලීසය එක්ව මෙම වැටලීම සිදු කර ඇත. මල්විල ප්‍රදේශයෙන් වීරක්කොලීචොලේ රජයේ රක්ෂිතයට ඇතුලත් වී ඇති අතර මෙම සැකකරුවන් එම ප්‍රදේශය එළිපෙහෙලි කරන විට මෙම වැටලීම සිදු කර ඇත. සැකකරුවන් සතුව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග ආමාත්‍යවරයා විසින් ඉඩම් කොමසාරිල් ජනරාල් වෙත කෘෂිකර්ම ව්‍යපෘතියක් සදහා ඉඩම් ලබා දෙන ලෙසට කරණ ලද ඉල්ලීමක් සහිත…

Read More

රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයකුට අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. එම සැකකරු සමග හොරයින් මත්කුඩු කිලෝ 1 ගෑම් 66 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 308 ක් පොලිසිය සදහන් කරයි. ගෝනහෙන කඳුරේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව මිනුවන්ගොඩ උන්නාරුව ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී සැකකර සමඟ මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගස් සැකකරු මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37 ක පුද්ගලයෙකි.

Read More

නීති විරෝධීව තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද දුම් වැටි තොගයක් කොටහේන පොලිසියට අයත් ජීප් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල් රියදුරකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. එම සැකකරු සමග දුම් වැටි 24000 ක් අඩංගු කාටුන් පෙට්ටි 120 ක් පොලිස් භාරයට ගෙන ඇත. ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටහෙන විහාරස්ථානයක් අසලදීය. පොලිස් විශේෂ කාර්ය බළකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් වැටලීම සිදුකර ඇත.

Read More

මිලි මීටර් 9 පිස්තොලයක් සමග පොලිස් අණ නොතකා පලා ගිය සැපරියක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව වටවල පොලිසිය කියයි. ගම්පොළ වැලිගල්ල ප්‍රදේශයේ සිට සැකකරු සිය බිරිද සමග නුවරඑලිය දක්වා ජීප් රථය ධාවනය කරවන අවස්ථාවේ වටවල පොලිසිය ඉදිරිපිට රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරින් ජීප් රථය නතර තර පරික්ෂා කරන අවස්ථාවේ ජීප් රථය තුල මිලි මීටර් 9 පිස්තොලයක් තිබෙන බවට දැක සැකකරුගෙන් පිස්තෝලය භාවිතා කිරිම සදහා බලපත්‍රයක් තිබේද යන්න පිලිබදව කරුණු විමසන අවස්ථාවේ සැකකරු ගිනි අවියද සමග ජීප් රථයෙන් නුවරඑලිය දෙසට පලා ගොස් ඇත. සිද්ධිය පිලිබදව වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයාව දැනුවත් කිරිමෙන් අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිස් ස්ථානාධිපතිවරයා ජීප් රථය අත්අඩංගුවට ගන්නා ලෙස…

Read More