Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
ශ්‍රී ලංකාවේ කාන්තාවන් සහ ගැහැණු ළමුන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම වැඩි දියුණු කිරීමට මෙන්ම ඔවුන්ගේ ගෞරවය සහ සමානාත්මතාව සඳහා වන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, පවතින මූලධර්ම ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කිරීමටත් කැපවී සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි. මහජන චීන සමූහාණ්ඩු රජයේ ආරාධනයෙන් අද (13) බීජිං නුවර චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ (CNCC) පැවති 2025 කාන්තාවන් පිළිබඳ ගෝලීය නායකයින්ගේ සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මෙම අදහස් පළ කළා ය. චීන ජාතික සම්මේලන මධ්‍යස්ථානයේ වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය ජනාධිපති Xi Jinping සහ ජනාධිපති ආර්යාව Peng Liyuan මහත්මිය විසින් පිළිගනු ලැබුණු අතර චීන ජනාධිපති Xi Jinping ගේ පිළිගැනීමේ කතාවෙන් පසුව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය…
ගල්කිස්ස අධිකරණ භූමියේ දී නීතිඥයකුට පහරදුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගත ව සිටි පොලිස් කොස්තාපල්වරයා රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින්නැයි ගල්කිස්ස මහේස්ත්‍රාත් පසන් අමරසිංහ මහතා නියෝග කළේය. ඉකුත් 10 වැනිදා සිදු වූ එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කොස්තාපල්වරයා අද දින දක්වා රිමාන්ඩ් බාරයට පත් කර තිබුණි.
ගාල්ල බන්ධනාගාරය සී වාට්ටුව තුළ කළ හදිසි සෝදිසියකදී ජංගම දුරකථන හතරක් සොයා ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මෙම දුරකථන වාට්ටුව තුළ සූක්ෂම සඟවා තිබූ බවද බන්ධනාගාර ආරංචි මාර්ග කියයි. මෙම දුරකථන සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව ඊයේ (12) දහවල් මෙම හදිසි මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත. දුරකථන වල හිමිකරුවන් මෙතෙක් අනාවරණය වී නොමැත.
තම නිවසේ වැසිකිළි වලට කාබයිට් නමැති රසායනික ද්‍රව්‍ය යොදමින් සිටියදි වැසිකිළිවල පුපුරා යමෙන් එම පුද්ගලයා තුවාල ලබා මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක සේවය කරනු ලන පිලාන වංචාවල ඩබ්ලිව්.ජී.මනෝජ් නිශාන්ත නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු වැසිකිළි වලේ අපද්‍රව්‍ය දිරා යාමත් දුර්ගන්ධය නැති කිරිමත් සදහා වැසිකිලි වලට කාබයිට් රසායනික ද්‍රව්‍ය දමමින් සිටියදි එක් වරම වැසිකිළිවල පුපුරා යාමෙන් ඔහු තුවාල ලබා ඇත. පසුව අසල්වාසින් විසින් ඔහු කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුලු කරණ අවස්ථාවේම මියගොස් ඇත.
සිය මිතුරන් සිව් දෙනෙකු සමඟ මාතලේ ඇල්කඩුව හුන්නස්ගිරියවත්තේ දිය නෑමට ගිය මහනුවර ප්‍රදේශයේ පාසල් සිසුවෙකු ඊයේ (12)දා පස්වරුවේ දිය ඇල්ලෙන් පහතට වැටි මිය ගොස් ඇති බවත් තවත් සිසුන් දෙදෙනකු තුවාල ලබන ඇති බව පොලිසිය කියයි . මෙසේ අවසනාවන්ත අනතුරට පත්ව මියගොස් ඇත්තේ මහනුවර සුමංගල විද්‍යාලයේ උසස් පෙළ පංතියේ ඉගෙනුම ලබන තරුෂ්ක නවින් ඒකනායක (19) හැවිරිදි සිසුවෙකු වන අතර ඔහු වත්තේගම මීගම්මන ප්‍රදේශයේ පදිංචි අයෙකි. තුවාල ලැබු අනෙක් සිසුන් දෙදෙනා මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි. මෙම සිසුන් තිදෙනා තවත් මිතුරකු සමඟ මාතලේ හුන්නස්ගිරිය වත්තේ දිය ඇල්ලක දිය නෑමට ගොස් ඇති අතර මෙම පාසල් සිසුන් තිදෙනා සමඟ පැමිණ ඇති…
මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම්වලින් ශ්‍රී ලාංකිකයන් ලබාගෙන ඇති ණය මුදල්වලින් සියයට 82.6 ක් වාහන සහ රන් ණය බව ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ සඳහන් වේ. ඉන් සියයට 63.2 ක් වාහන ඇපයට තබා ලබාගත් ණය බවත් තවත් සියයට 19.4 ක් රන් භාණ්ඩ ඇපයට තබා ලබාගත් ණය බවත් එම වාර්තාවේ දැක්වේ. එසේම මෙම වසරේ දෙවැනි කාර්තුව අවසන් වනවිට මෙරට මූල්‍ය සමාගම්වලින් ණය සහ අත්තිකාරම් මුදල් ගැනීම් පසුගිය වසරේ දෙවැනි කාර්තුවට සාපේක්ෂව සියයට 35.1 කින් ඉහළ ගොස් ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. එසේම මෙම වසරේ දෙවැනි කාර්තුව අවසානය වනවිට වාහන සඳහා ලබාගෙන…
මත්ද්‍රව්‍ය සහ දේශපාලකයා අතර විශාල ඥාතීත්වයක් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බණ්ඩාරවෙලදී ඊයේ (12)පැවසීය. දරු පරපුර මත්ද්‍රව්‍ය වලට ගොදුරු වීමේ අනතුර ගැන සෑම විටම අසන්නට ලැබෙන බව කී ජනාධිපතිවරයා එය රාජ්‍ය යාන්ත්‍රණයට පමණක් අවසන් කළ හැකි දෙයක් නොවන අතර ඒ සඳහා ජනතාවගේ සහය අවශ්‍ය බව සඳහන් කළේය. “චිත්‍රය භයානකයි.මේ කළු ව්‍යාපාරය සෑම තැනකම අතු පතර විහිදවා පැතිර තිබෙනවා.පොලිසිය තුළ,හමුදාව තුළ,රේගුව තුළ ආදී ක්ෂේත්‍ර ගණනාවක මෙය පැතිර තිබෙනවා. මත්ද්‍රව්‍ය සහ දේශපාලකයා අතර විශාල ඥාතීත්වයක් තිබෙනවා.විශාල ලෙස මුදල් සංසරණය වෙනවා. නිල හමුදා කඳවුරු වල තිබෙන ආයුධ පාතාලයට එනවා.අපට තෝරාගත හැකි මාවත් දෙකක් තිබෙනවා. එකක් මෙය නොදැක්කා වගේ ඉදිරියට යාමයි.නැති නම්…
මාතලේ ලග්ගල මොරගහකන්ද ජලාශයේ නැරඹුම් ස්ථානය අසල අඩි 20 ක පමණ ප්‍රපාතයක තිබී උරයක දමා තිබූ ගිනි අවි උණ්ඩ 1163ක් ඊයේ (12) සොයා ගත් බව නාඋල පොලිසිය පවසයි. මේ දිනවල පවතින වියළි කාලගුණ තත්වය නිසා මොරගහකන්ද ජලාශයේ ජල මට්ටම අඩුව ඇති අතර ජලාශයේ ධීවර කර්මාන්තයේ නියැලුණු පුද්ගලයකු එම ජීව උණ්ඩ සහිත උරය දැක නාවුල පොලිසිය වෙත දැනුම් දී ඇත. එම පණිවිඩයට අනුව ක්‍රියාත්මක වූ නාවුල පොලිස් ස්ථානාධිපති ඇතුළු කණ්ඩායම විසින් අදාළ උණ්ඩ සහිත උරය පොලිස් භාරයට ගෙන තිබේ. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ විමර්ශනයේදී අදාළ පතුරම් කවුරුන් විසින් කුමන දිනයක ගෙනවිත් දැමුවේද යන්න පිළිබඳව අනාවරණය වී නොමැත. සොයාගත් උණ්ඩ අතර…
විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් පසුගිය සැප්තැම්බර් මාසයේදී මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 695.7 ක මුදල් ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවත් එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 25.2 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම දත්ත වාර්තාවල දැක්වේ. ඒ අනුව මෙම වසරේ පළමු මාස 9 තුළ විදේශ ගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.81 ක මුදල් ප්‍රමාණයක් ඒවා ඇති බවත් එය පසුගිය වසරේ පළමු මාස 9 ට සාපේක්ෂව සියයට 20 ක වර්ධනයක් බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත වාර්තා පෙන්වා දුන්නේය. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් මිලියන 555.6 ක…
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ සිද්ධියට සම්බන්ධවූ නීතිඥවරයාගේ හැසිරීම ගැන තමා දැඩි ලෙස කනස්සල්ල පළ කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය. ඔහුගේ අශෝභන හැසිරීම අධිකරණයට කළ අපහාසයක් හැටියට සලකන බව පැවසූ අමාත්‍යවරයා රාජකාරියට බාධා කර අධිකරණයට අගෞරවයක් ඇති කරමින් හැසිරුණු එම නීතිඥවරයා සම්බන්ධයෙන්ද ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කළේය. නීතියට උඩින් කිසිවකු හෝ නැතැයිද ඔහු ප්‍රකාශ කළේය. ගල්කිස්ස අධිකරණයේදී නීතිඥවරයකු සමග ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණු පොලිස් නිලධාරියාට අගතියක් වෙනවා නම් ඔහු වෙනුවෙන් පෙනී සිටින බවද අමාත්‍යවරයා සඳහන් කළේය. පොලිසිය බාර අමාත්‍යවරයා විදියටත් පොලිස් දෙපාර්තමේන්තුව හැටියටත් ඒ සඳහා අවශ්‍ය මැදිහත්වීම් කරන බවද ඔහු සඳහන්…
