Author: LANKA24X7

වෙනත් නිලධාරීන් පාවිච්චි කරන වාහන ගැනීමට නොහැකි හෙයින් දැනට පාවිච්චි කරන වී එයිට් ඇතුළු සුපිරි වාහන ඉදිරියටත් පරිහරණයට ඉඩ දෙන්නැයි ආයතන ප්‍රධානීන් පිරිසක් රජයෙන් ලිඛිතව ඉල්ලීමක් කර ඇත. තමන්ගේ පරිහරණයට අලුතින් වාහන ගැනීමට සිදුවුවහොත් මේ මොහොතේදී ඒ සදහා අතිරේක මූල්‍ය පිරිවැයක් දැරීමට සිදුවනු ඇතැයිද එම ප්‍රධානීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත. මේ අතර පාර්ලිමේන්තු සභානායක කාර්යාලයේ වැඩි එන්ජින් ධාරිතාව සහිත සුපිරි සුඛෝපභෝගී වාහන දෙකක් විකිණීමට මිල ගණන් කැඳවනු ලැබුවත් තක්සේරු මිල ගණන්වලට අනුව එම වාහන මිලදී ගැනීමට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත්ව නැතැයි වාර්තාවේ මේ හේතුවෙන් එම වාහන දෙක සඳහා යළි ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇත. රජයේ ආයතන සන්තකයේ පවතින සුපිරි වාහන වෙන්දේසි…

Read More

තමාගේ නිවස බාර දෙන්නැයි තවමත් ලිපියක් තමාට ලැබී නැති බවත් ලිපියක් ආවොත් භාර දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. මෙ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු අයි එස් අයි එස් සංවිධානය බව ඇමරිකාවේ සී අයි ඒ සංවිධානය නිකුත් කළ වාර්තාවෙන් පැහැදිලි වන්නේ යැයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය. පාස්කු ඉරු දින ප්‍රහාරය සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් රහස්‍ය තොරතුර හෙළි කරන්නේද නොකරන්නේ ද යන්න ආණ්ඩුව තීරණය කළ යුතු බවද ඔහු සඳහන් කළේය. පාස්කු මහමොළකරු සෙවීමට අද අවශ්‍යව ඇත්තේ එක් අයකුට පමණක් බව පැවසූ හිටපු ජනාධිපතිවරයා තමාට මේ රටේ නැවත ජනාධිපති වීමට අවශ්‍යතාවක් නැතැයිද ප්‍රකාශ කළේය.…

Read More

මධ්‍යම පළාත, කෑගල්ල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල හැරුණු විට දිවයිනේ සෙසු සියළුම ප්‍රදේශවල අද (21) මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුර, උතුරු මැද, වයඹ, බස්නාහිර, දකුණ සහ නැගෙනහිර යන පළාත්වල මෙන්ම රත්නපුර සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 39 ත් 45 ත් අතර දක්වා ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුව කියයි. ඉන් වන බලපෑම් අවම කරගැනීම සඳහා ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, අධික වෙහෙසකාරී කටයුතු සීමා කිරීම සහ සෙවන ඇති ස්ථානවල හැකි පමණ විවේක ගැනීම ආදිය කළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Read More

යාපනය පේදුරුතුඩුවේ නිවසක් කොල්ල කෑමට ගිය තරුණයෙකු එල්ල කළ පිහි පහරකින් වයස අවුරුදු 69 ක් පමණ වන කාන්තාවක් මියගොස් ඇති බව පේදුරුතුඩුව පොලිසිය සඳහන් කරයි. කොල්ලකෑමට ලක්වූ නිවස තුළ කාන්තාවන් දෙදෙනකු පමණක් ජිවත්ව ඇති අතර එහිදී එක කාන්තාවක් ඊයේ (20) උදෑසන පල්ලියට ගොස් තිබේ. මෙම අතරවාරයේදී කොල්ලකෑමට පැමිණි අසල්වැසි තරුණයෙකු විසින් නිවසේ සිටි අනෙක් කතට පහරදී පිහි ප්‍රහාරයක්ද එල්ල කොට ඇති අතර එහිදී අදාළ කාන්තාව ජිවිතක්ෂයට පත්ව තිබේ. කොල්ලයට පැමිණි 20 හැවිරිදි තරුණයා පේදුරුතුඩුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Read More

කුඩාඔය , මහයාය ප්‍රදේශයේදී ඊයේ (20) අකුණු සැර වැදී සිව්දරු මවක් මියගොස් ඇතැයි පොලීසිය කියයි .මෙලෙස මියගොස් ඇත්තේ ඇතිලිවැව මහආරගම මහයාය ප්‍රදේශයේ පදිංචි ඩී.එම් නන්දා මාලනී (38) නැමති කාන්තාවකි.ඇය නිවාස ආසන්නයේ පිහිටි වගාබිමේ පොද වැස්සේ වැඩකරමින් සිටියදී සවස පහට පමණ අකුණු සැර වැදීමෙන් තුවාල ලබා දෙහිගස්හංදිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මෙලෙස මියගොස් තිබේ.

Read More

ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය. වන්නි දිස්ත්‍රික්කයේ ඉරට්ටපෙරියකුලම් නගර ශාලාවේ පැවති ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමින් ඇය එසේ පැවසුවාය. කිසිම දරුවකුට පාසල් අධ්‍යාපනය මඟ හැරීමට ඉඩ නොතබමින් දහතුන් වසරක අධ්‍යාපනය සියලු දරුවන්ගේ අයිතියක් ලෙස තහවුරු කරමින් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදුණු පුළුල් අධ්‍යාපන ක්‍රමවේදයක් හඳුන්වා දෙන බවත් එම පුළුල් අධ්‍යාපන පරිවර්තනය කිරීම උදෙසා පාසල් දරුවන්ගේ විෂය නිර්දේශය, ගුරුවරුන්ගේ ඉගැන්වීම් ක්‍රමවේදය, විභාග ක්‍රමවේදය, පාසල්වල පන්තිකාමර ආකෘතිය සහ යටිතල පහසුකම් යන සියලු ක්ෂේත්‍ර වෙනස් විය යුතු බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.…

Read More

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෑත කාලීන ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කිරීම සඳහා ඇමෙරිකානුවෝ දහස් ගණනක් නැවත වතාවක් විදී බැස විරෝධතා පවත්වති. ඇමරිකානු විප්ලවීය යුද්ධය ආරම්භ වී 250 වැනි සංවත්සරයට සමාගාමීව මෙම විරෝධතා පැවැත්වුණු අතර එය “50501” ලෙස හඳුන්වා තිබිණ. ප්‍රාන්ත 50 විරෝධතා 50 ක් එක් ව්‍යාපාරයක් එහි අදහස විය. ධවල මන්දිරය ඉදිරිපිට සහ බොහෝ නගරවල ටෙස්ලා අලෙවි නියෝජිත ආයතන ඉදිරිපිට සිට ජනපති ට්‍රම්ප්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විරෝධතාකරුවෝ සිය කණස්සල්ල පළ කළහ. වර්තමානයේ දේශපාලන විරෝධතා ඇමෙරිකාව තුළ බහුලව දක්නට ලැබුණත් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දෙවැනි ධුර කාලයේ පළමු දින 90 තුළදී ගෙන ඇති ක්‍රියාමාර්ග ඔහුගේ ඡන්දදායකයන් සියයට 45 ක් අනුමත කරන බව නවතම…

Read More

කතෝලික සහ අනිකුත් ක්‍රිස්තියානි දේවස්ථානවල අහිංසක බැතිමතුන් සහ වෙනත් ස්ථානවල මිනිසුන් ඉලක්කර කරමින් 2019 වසරේ සිදුකළ ‘පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය’ පිළිබඳව ස්වාධීන සහ අපක්‍ෂපාතී විමර්ශනයක් සහතික කිරීම සඳහා වර්තමාන රජය යම් යම් ධනාත්මක පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව ‘පාස්කු ඉරුදින’ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් පවසයි. රජය ඒ සඳහා මේ දක්වා ගෙන ඇති උත්සහය අගය කරන අතරම කඩිනම් සහ යුක්තිය පිළිබඳ සාධාරණ ලෙස විමර්ශනවල අවසාන ඉලක්කය වියයුත්තේ අපරාධකරුවන් කවුරුන්ද යන්න සහ එම මෙලෙච්ඡ ක්‍රියාවට ආධාර අනුබල දුන්නවුන් කවුරුන්ද යන්න තහවුරු කරගැනීම බව ද එහි සඳහන් වේ.

Read More

මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හාබර් ඉංජිනේරු සමාගම එල්ල කරන චෝදනාව මාර්ග සංවර්ධන අධිකාරිය ප්‍රතික්ෂේප කර ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. කිලෝමීටර් 35 ක දුරින් යුත් 2011 වසරේදී ආරම්භ කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස සඳහා ගෙවීමට ඇති රුපියල් බිලියන 7.91 ක හිඟ මුදල ගෙවා අවසන් කරන ලෙස චයිනා හාබර් ඉංජිනේරු සමාගම මාර්ග සංවර්ධන අධිකාරියට එන්තරවාසියක් ඒවා තිබූ අතර එම හිඟ මුදල ගෙවා අවසන් කිරීම සඳහා චයිනා හාබර් ඉංජිනේරු සමාගම මාර්ග සංවර්ධන අධිකාරියට පසුගිය 31 වැනිදා දක්වා…

Read More

මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය. ලෝක ලේඛනයට මෙම වසරේදී ලෝක උරුම ලේඛන 74 ක් එක් කිරීමට යුනෙස්කෝ සංවිධානය කටයුතු කළේය. පානදුර රන්කොත් විහාරයේ තැන්පත් කර ඇති මෙම ලේඛන හතරෙහි විශාල ඓතිහාසික, සංස්කෘතික, අධ්‍යාත්මික සහ බුද්ධිමය වටිනාකමක් ඇති බව යුනෙස්කෝ සංවිධානය පැවැසුවේය. ක්‍රිස්තියානි සහ බෞද්ධ ආගමික භක්තියකයන් අතර සමහිය ඇති කිරීමේ අරමුණින් මෙම ලේඛන නිර්මාණය වී තිබුණු බවද යුනෙස්කෝ සංවිධානය ප්‍රකාශ කළේය. මූලධර්මීය කරුණු සම්බන්ධයෙන් විවෘත සංවාදයක් ගොඩානගා ගත යුතු බවට ආගමික නායකයන් අතර හුවමාරු වූ ලිපි මෙන්ම සමස්ත…

Read More