Author: LANKA24X7

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුබද්ධ සංවිධාන වල⁣ට ජාතික කැඳවුම්කරුවන් ඊයේ (13) පත් කෙරිණි. පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කැඳවුම්කරුවන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය බත්තරමුල්ල නෙළුම් මාවත පක්ෂ කාර්‍යාලයේ දී පැවැත්විණි . ඒ අනුව පොදුජන බස් රථ වෘත්තිකයන්ගේ සංවිධානයට සී.බී. රත්නායක,පොදුජන ජාතික සංවිධාන ව්‍යාපාරයට සරත් වීරසේකර, පොදුජන පෙරමුණ නීතිඥ සංවිධානයට මොහාන් ද සිල්වා, පොදුජන ඉංජිනේරු පෙරමුණට ඉන්දික අනුරුද්ධ,පොදුජන මැණික් ව්‍යාපාරිකයන් හා පතල් කරුවන්ගේ පෙරමුණට ප්‍රේමලාල් ජයසේකර,පොදුජන ත්‍රීරෝද රථ හිමියන්ගේ සංවිධානයට ප්‍රසන්න රණවීර,පොදුජන වැවිලි භෝග වගාකරුවන්ගේ සංවිධානයට ජානක වක්කුඹුර,පොදුජන හෝටල් සහ සංචාරක වෘත්තිකයන්ගේ සංගමයට අරුන්දික ප්‍රනාන්දු ,රාජ්‍ය ගුරු සේවක සංවිධානයට ශාන්ත බණ්ඩාර, පොදුජන රාජ්‍ය නිලධාරීන්ගේ…

Read More

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණයේදී පැනගැගී ඇති ගැටලු පිළිබඳව සාකච්ඡා කිරීමට බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා සහ ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර කොළඹ බලශක්ති අමාත්‍යංශයේදී ඊයේ (13) පස්වරුවේ පැවැති සාකච්ඡාව අතරතුරදී වෘත්තීය සමිති නියෝජිතයන් දෙදෙනෙක් ඉවත්කිරීමත් සමඟ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවිය. එහිදී විදුලිබල අමාත්‍යංශයේ සහ විදුලිබල මණ්ඩලයේ ආරක්‍ෂක අංශය ඒකාබද්ධ ජාතික නිදහස් විදුලි සේවක සංගමයේ සභාපති ප්‍රියන්ත මදුකුමාර සහ ලේකම් සමින්ද මාදුගොඩ ගමගේ මහතා යන මහත්වරු සාකච්ඡාවෙන් ඉවත් කළ අතර විදුලිබල අමාත්‍යංශයේ ආරක්‍ෂක නිලධාරීන් කීපදෙනෙක් සමින්ද මාදුගොඩ ගමගේ මහතා ඉහළ මහලේ සිට ඇදගෙන ගොස් එළියට දැමූ ආකාරය දැකගත හැකිවිය. එහිදී පොරබැදීමෙන් තුවාල ලැබූ යැයි කී චමින්ද ගමගේ මහතා 1990 ගිලන්…

Read More

යෝජිත වතු කම්කරු වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වැවිලි සමාගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (13) පස්වරුවේ පැවැත්විණි. පසුගිය අයවැයෙන් රාජ්‍ය සේවයේ සහ පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීමට සමගාමීව වතු කම්කරුවන්ගේ දෛනික වැටුප ඉහළ නැංවීමේ යෝජනාව පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. වතු කම්කරු ජනතාවට ජීවත් වීමට සරිලන වැටුපක් ගෙවා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරිමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා එම වැටුප් වැඩි කිරීමේ ක්‍රමවේදය පිළිබඳව වතු සමාගම් නියෝජිතයන් සමඟ සාකච්ඡා කළේය. වැවිලි කර්මාන්ත කරුවන් මුහුණ දෙන අභියෝග පිළිබඳවද වැවිලි සමාගම් නියෝජිතයන් විසින් මෙහිදී ජනාධිපතිවරයා දැනුවත් කරන ලදී. වැවිලි කර්මාන්තය නඟා සිටුවීමේ රජයේ ප්‍රතිපත්තිය මෙහිදී…

Read More

වර්තමානයේ ලංකා කාන්තාව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉදිරියට පැමිණ සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ තංගල්ල කාල්ටන් නිවසේ සිට සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි. මහින්ද රාජපක්ෂ මහතා මෙසේද පවසයි. තංගල්ල කාල්ටන් නිවසට පැමණි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාන්තා සංවිධානයේ සමාජිකාවන් සමඟ සුහද කතාබහක යෙදිණි. එම අවස්ථාව සඳහා බිරිඳ ශිරන්ති රාජපක්ෂ ද සම්බන්ධ වූ අතර එහිදී කාන්තා සංවිධානයේ වත්මන් සහ ඉදිරි කටයුතු පිළිබඳව කරුණු ඉදිරිපත් කරන ලදී. වර්තමානයේ අප රටේ කාන්තාව ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේ ඉදිරියට පැමිණ සිටියි. දේශපාලනික හා සමාජයීය ක්ෂේත්‍ර තුළ කාන්තාවට කළ හැකි කාර්යභාරයට හොඳම උදාහරණය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියයි. ඇය මෙරට දේශපාලන ක්ෂේත්‍රය…

Read More

දිවයිනේ හෝ ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. බස්නාහිර, සබරගමුව,මධ්‍යම,වයඹ සහ ඌව පළාත්වලත් ගාල් සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ක පමණ තද වැසි ඇති වේ. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකියි.

Read More

සංවිධානාත්මක අපරාධකල්ලිි නායක ගනේ මුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙරටින් පලා ගොස් සිටි ඉෂාරා සෙව්වන්දි නැමැති සැකකාරිය නේපාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බුද්ධි අංශ තොරතුරු පවසයි. මෙම සැකකාරිය සමග තවත් පස් දෙනෙකු නේපාල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි උදේ කුමාර වුට්ලර් මහතාගෙන් අප කළ විමසීමකදී කියා සිටියේ එම තොරතුරු සනාථ කර ගැනීම සඳහා නේපාල පොලිසිය සමඟ සම්බන්ධ වෙමින් පවතින බවයි. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක සංජීව කුමාර සමර රත්න නොහොත් ගනේ මුල්ල සංජීව නමැත්තා කොළඹ අධිකරණ සංකීර්ණයක් තුළදී නීතිඥ වෙස්ගත් වෙඩික්කරුවෙකුගේ වෙඩි පහරින් ඝාතනයට ලක්විය. එහිදී සිදු කළ විමර්ශනවලට අනුව මෙම…

Read More

කොළඹ කෙසෙල් වත්ත වේල්ල වීදිය නිවාඩු නිකේතනයකට ගොස් සේවකයන් දෙදෙනකුට කිසිදු හේතුවක් නොමැතිව පහර දුන් බව කියන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කෙසෙල් වත්ත පොලිසියකියයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මධ්‍යම අපරාධ කොට්ඨාසයට අනුයුක්ත රාජකාරී කරන කොස්තාපල්වරුන් දෙදෙනෙකි. පහර කෑ සේවකයන් දෙදෙනා රෝහල් ගතව ඇත. ඉකුත්12 වෙනිදින සවස 5.45 ට පමණ සිවිල් ඇඳුමින් සැරසී පැමිණ තිබූ සැකකාර කොස්තාපල් වරුන් දෙදෙනා එක් සේවකයෙකුගෙන් ඔහුගේ දුරකථනය ඉල්ලා දුරකථනයක් නොමැති බව පැවසීමෙන් අනතුරුව කමිසයේ කොළරයෙන් අල්ලා පහර දී බිම පෙරලාගෙන පහර දුන් බවත් අනෙක් සේවකයාටද පහරදී නිවාඩු නිකේතයෙන් පිටතට රැගෙන ගිය බවත් පහර දුන්න අය හොඳින් හඳුනන බවත් එම අය පොලිස් නිලධාරීන්…

Read More

රටේ තුන්වැනි පුරවැසියා වගේම පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කතානායකතුමා පාර්ලිමේන්තුවට බොරු කියා නොමග යවලා ඇති බවත් පාර්ලිමේන්තුවේ ගෞරවය රකින්න ඉන්න පුද්ගලයාම පාර්ලිමේන්තුවේ ගෞරවය කෙළසීම බරපතල සිදුවීමක් බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්‍යවරයෙක් වන නීතිඥ උදය ගම්මන්පිල මහතා අද (13) පැවසීය. කෝට්ටේ පිහිටි පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ අද (13) පැවැති මාධ්‍ය හමුවේදී පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා එසේ පැවසීය. විපක්ෂයෙන් අරුණ ජයසේකර නියෝජ්‍ය ආරක්ෂක ඇමතිතුමාට එරෙහිව භාරදුන් විශ්වාසභංග යෝජනාව විවාදයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමත් සමඟ පාර්ලිමේන්තුවේ ගෞරවය බරපතල කෙළසීමකට ලක්වූ බවත් නියෝජ්‍ය ඇමතිවරයෙකුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙනා පළමු වතාව මෙන්ම විශ්වාසභංග යෝජනාවක් විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කළ පළමු අවස්ථාව ලෙස එය පාර්ලිමේන්තු…

Read More

හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් වසර දෙකක් භූගත උමං තුළ රඳවා සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් ඉතිරි 13 දෙනා ද ජාත්‍යන්තර රතුකුරුස සංවිධානය හරහා ඊශ්‍රායල හමුදාව වෙත භාර දී තිබේ. මේ අනුව අද (13) දිනයේදී, ජිවත්ව සිටින ප්‍රාණ ඇපකරුවන් 20 දෙනාම ඊශ්‍රායල හමුදා භාරය පත්වූ අතර ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය. එමෙන්ම හුවමාරුවක් ලෙස නිදහස් කිරීමට නියමිත පලස්තීන සිරකරුවන් 1,966 දෙනා ද ඊශ්‍රායල බන්ධනාගාරවල බස් රථවලට ගොඩ වී ඇති බව සඳහන් වේ. මෙම පිරිසට අමතරව පැහැරගෙන හමාස් භාරයේ සිටි 39 දෙනා පිළිබඳව කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය පවසයි.

Read More

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්න් ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඇමතීම සඳහා මේ වන විට ඊශ්‍රායලය වෙත පැමිණ තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා පසුව ගාසා සාම සමුළුවට සහභාගී වීම සඳහා ඊජිප්තුවට යනු ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Read More