Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී ඊයේ 6 වන වරටත් රැස් විය. ආහාර කමිටුව රැස්වූයේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර යන මහත්වරු ද අමාත්‍යාංශ ලේකම්වරුන්ගෙන් සමන්විත ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ සෙසු සාමාජික සාමාජිකාවෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්ළි බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා ඊයේ (21) පැවසීය. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිටිහි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ(21) පැවති මාධ්‍ය හමුවේදී ඉන්දික අනුරුද්ධ මහතා එසේ පැවසීය. පාස්කු බෝම්බ ප්‍රහාරයේ මහ මොළකරු අප්‍රේල් 21 වැනිදාට කළින් හෙළිකරන්නේ යැයි ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ බවත් එම ප්‍රකාශය මත ජනාධිපතිවරයා විශේෂ හෙළිදර්වක් කරමින් ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණයක් ඉටුකරනු ඇතැයි බොහෝ දෙනෙක් විශ්වාස කළ බවත් අනුරුද්ධ මහතා කීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ‘පාස්කු’ ප්‍රහාරය හරහා බලය ගත් බවට ද වර්තමාන…
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල ජන රැළියේදී පැවසීය. එම අවුරුදු පහ මාර ඇතුළත ගොඩක් දේවල් යට ගහන්නත් හංගන්නත් පුළුවන් කම තිබූ බව කී ජනාධිපතිවරයා දැන් මාලිමා ආණ්ඩුව යටතේ අරඹා ඇති පාස්කු විමර්ශන වලින් සාර්ථක ප්‍රතිඵල අත්පත් වෙමින් තිබෙන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වාර්තා කර තිබෙන්නේ යැයිද කීය. පළාත් පාලන මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය පැවැත්විණි.
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ. ජාතික හැඳුනුම්පත, වලංගු රියදුරු බලපත්‍රය, වලංගු විදේශ ගමන් බලපත්‍රය, මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කරන තාවකාලික හැඳුනුම්පත සහ ජාතික හැඳුනුම්පත වෙනුවට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් නිකුත් කරනු ලබන තොරතුරු තහවුරු කිරීමේ ලිපිය එම ලියවිලි වේ. මෙම පිළිගත් ලියවිලි අතරින් ඕනෑම එකක් ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ද එම කොමමිසම සදඟන් කරයි.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහාර එල්ල කළ බව එරට හමුදාව චෝදනා කළේය. යුක්රේනයට ප්‍රහාර එල්ල කිරීමට පැමිණි ඩ්‍රෝන 96 න් 89 ක් සාර්ථකව විනාශ කර දැමූ බවද යුක්රේන හමුදාව පැවැසුවේය. රුසියාව ප්‍රකාශයට පත්කළ සටන් විරාමය ඔවුන් විසින්ම කඩකර දැමූ බව යුක්රේන හමුදාව චෝදනා කළේය. එම චෝදනාවලට පිළිතුරු දෙමින් රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියේ රුසියාව සටන් විරාමය ප්‍රකාශයට පත්කළ කාලය තුළදී එය අකුරටම පිළිපැද්ද නමුත් මේ වනවිට නැවත රුසියාවේ යුද මෙහෙයුම් ආරම්භ වී තිබෙන බවයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල දුන් බව පැවසෙන නීතිඥවරියක ලෙස වෙස් ගත් ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සහ කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකසා විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා තවමත් අත්අඩංගුවට ගැනීමට හැකිවී නැතැයි පොලිස් මූලස්ථානය පවසයි. ඉෂාරා සෙව්වන්දි නමැත්තිය එම වෙඩි තැබීමේ සිද්ධිය සිදුවූ පසුගිය පෙබරවාරි මස 19 වැනිදා සිට අතුරුදන්ව සිටින අතර ඇය මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති කාලය මාස දෙකකට වැඩිය. හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ…
පළාත් පාලන ඡන්ද විමසීම සඳහා ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 60 ක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය නියම කර තිබේ. මෙම පෙත්සම් නිසි කාල සීමාව තුළ ඉදිරිපත් කර නොතිබීම සැලකිල්ලට ගෙන මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන බව අභියාචනාදීකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කර තිබුණි. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර ඇත. මෙම පෙත්සම් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව තීරණය ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා උප්පැන්න…
නැගෙනහිර, ඌව, මධ්‍යම සහ උතුරු මැද පළාත සහ හම්බන්තොට, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්ක සඳහා ප්‍රබල අකුණු සහ තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අද (21) රාත්‍රී 11 දක්වා අදාළ නිවේදනය වලංගු වේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
නිට්ටඹුව – කිරිඳිවැල මාර්ගයේ මනමාල වංගුව ප්‍රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් සෙබළුන් 22 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළු කර ඇත. තුවාල ලැබු අය අතර බස් රථයේ ගමන් ගත් රියදුරු සිටින බව පොලීසිය පවසයි. ඔවුන්ගෙන් 20 දෙනෙකු ප්‍රථිකාර ලබාගෙන පිටව ගොස් ඇති අතර රියදුරු සහ යුධ හමුද සෙබළෙකු තවදුරටත් රෝහලේ ප්‍රථිකාර ලබයි. අද (21) උදෑසන එම අනතුරු සිදුව ඇති බව පොලීසිය පවසයි. ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
සමහර ඇමැති බංගලාවල වටිනා කොටස් ගලවාගෙන ගොස් ඇති බව පෙනී යන්නේ යැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. ඇමැති බංගලා රැසක් කැලෑ වැදී ජරාවාස වී ඇතැයිද අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය. කාලයක් තිස්සේ පාවිච්චි නොකිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇත.මේ අතර ඇමති බංගලා අතුරින් කිහිපයක් පාවිච්චියට ගත නොහැකි අන්දමට අබ ලන්ව ඇතැයි අමාත්‍යාංශය පවසයි. පාවිච්චියට ගැනීමට පෙර ඒවා පිළිසකර කිරීමට සිදුවන බවත් ප්‍රතිසංස්කරණය සඳහා මුදල් සොයා ගැනීම ගැටළුවක් බවත් අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය. කොළඹ නගරයේ ඇමැතිවරුන්ට වෙන් කෙරුණු බංගලා පනහක් පමණ පවතී. මෙම බංගලා පාවිච්චි නොකිරීමට නව රජයේ අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. මෙම ඇමති…