Author: LANKA24X7

මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් සහ එයින් ජනතාව වෙත ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් අද උදෑසන මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සාමකාමී විරෝධතාවක් පවත්වා ඇති බවට වාර්තාවේ. එහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අදාල ඉල්ලීම් ඇතුලත් ලිපියක්ද මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදී ඇත. සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් නතර කරන ලෙස ඉල්ලා විරෝධතාවයන් පැවැත්වෙන අවස්ථාවකදී මෙසේ තවත් ප්‍රදේශවාසීන් කොටසක් පැමිණ මෙම ව්‍යාපෘති සිදුකරන මෙන් අදාල බලධාරීන්ගෙන් මෙහිදී ඉල්ලා ඇත. මෙම අවස්ථාවේදී දෙපාර්ශවය අතර සුළු ගැටුමක්ද ඇතිවී ඇත එහිදි පොලීසිය විසින් එය සමථයකට පත්කර ඇති අතර, මෙම ව්‍යාපෘති සිදු කරන ලෙස ඉල්ලා මන්නාරම…

Read More

තාජුදීන් ඝාතනය ගැන අලුත්ම තොරතුරු ලැබී ඇතැයි අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය මේ අපරාධ කළේ ගමේ සිරිපාල හෝ ඥානරත්න නොවන බව කී හෙතෙම රට පාලනය කරපු අය අපරාධ වසා දැමූ බවද සඳහන් කළේය මේ රජයට මාස 60ක කාලයක් ඇති බවත් තවම ගතවී ඇත්තේ මාස දොළහක් පමණක් බවත් ඔහු කීවේය මාස 48 ඉවර වෙනකොට සියලු දෙනා නීතිය අනුව ඇතුළේ ඉඳීවි යැයිද බිමල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

Read More

කළුතර බන්ධනාගාරයට ඉතා සූක්ෂම ලෙස කලිසම් වාටියේ සඟවා හෙරොයින් මත්කුඩු ලබාදීමට පැමිණි කාන්තාවක් ඇතුළු තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාසය පවසයි . මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි කාන්තාවක සහ තවත් පුද්ගලයකු බව පොලිසිය කීය. බස්නාහිර පළාත් බුද්ධි නිළධාරින්ට ලද තොරතුරක් මත සැකසහිත ත්‍රීවිල් රථය පරීක්ෂා කිරීමේදී බෑගයක තිබූ කලිසමක වාටියේ ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 6 ක් ,ජාවාරම සදහා යොදාගත් ජංගම දුරකථන 2 ක් සහ ත්‍රිරෝද රථය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය. සැකකරුවන් කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

Read More

ඇමැති බංගලා වසා දමා වසරකට ආසන්න කාලයක් ගතවී ඇතත් ඒ සම්බන්ධයෙන් රජය තවමත් ස්ථිර තීරණයකට පැමිණ නැතැයි වාර්තාවේ. මේ හේතුවෙන් එම බංගලා දවසින් දවස ජරාවාස වෙමින් පවතින බව ආරංචි මාර්ග සඳහන් කළේය. ඇමති බංගලා වලට අමතරව පසුගිය කාලයේදී වසා දමා තිබූ ගොඩනැගිලි කිහිපයක් සම්බන්ධයෙන්ද කැබිනට් මණ්ඩලය ඉදිරියේදී තීරණයක් ගැනීමට නියමිතය එම ගොඩනැගිලි කාලයක් රජයේ නිලධාරීන් පාවිච්චි කළ ඒවාවේ. මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ඇමති බංගලා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය ළඟදීම තීරණයක් ගනු ඇති බවයි. ඒ බංගලා ඇතුළු ගොඩනැගිලි සම්බන්ධයෙන් සියලු වාර්තා භාරදී අවසන් බවද ඔහු සඳහන් කළේය.…

Read More

කුලී රථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ ජාතික එකමුතුවේ නියෝජිතයෝ පිරිසක් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කළහ. ප්‍රවාහන ක්‍ෂේත්‍රය හා සම්බන්ධ නීතිමය රාමුව ශක්තිමත් කීරීම අරමුණු කර ගනිමින් මෙසේ කරුණු ඉදිරිපත් කර ඇත්තේ එම අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. මෙහිදී අනු කාරක සභාව පෙන්වා දුන්නේ රියදුරා, මගියා යන සියලු පාර්ශ්වයන්ට සාධාරණ ආකාරයෙන් ප්‍රවාහන අංශය සම්බන්ධයෙන් නිර්නායක සකස් විය යුතු බවයි. කුලී රථ කර්මාන්තය සම්බන්ධයෙන් එම වෘත්තීන්වල නිරතවන පුද්ගලයින්ගේ අදහස් සහ යෝජනා මෙහිදී වැදගත් වන බව අනු…

Read More

රුපියල් මිලියන 194ක බදු මුදලක් නොගෙවා පැහැර හැරියේ යැයි කියන අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල විත්තිකරුට වැට් බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් නොවැම්බර් 25 දින අධිකරණයේ පෙනී සිට කරුණු දක්වන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සජිවිකා ඉයන්දල මහත්මිය සිතාසී නිකුත් කරමින් නියෝග කළාය. අවුරා ලංකා සමාගම වෙනුවෙන් 2019 තුන්වෙනි කාර්තුව සඳහා ලබා දිය යුතු වැට් බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම සිතාසිය නිකුත් කළාය. දෙශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුට අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කර තිබුණද ඔහු පෙනී සිට නොමැති බවය. පැමිණිල්ලේ…

Read More

මෝදර අලුත් මාවත ප්‍රදේශයේ නගර සභා වැඩ බිමක් අසල පාසල් බෑගයක තිබී අත්අඩංගුවට ගත් අත්බෝම්බ 10 ය නිශ්ක්‍රීය කර රජයේ රස පරීක්ෂක වාර්තා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා මෝදර පොලිසියට ඊයේ (01) නියෝග කළේය. ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට ලද තොරතුරක් මත විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මෙම බෝම්බ තොගය අත් අඩංගුවට ගත් බවට බී වාර්තාවක් ගොනුකරමින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළේය. පොලිසියේ වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් අනාවරණය කර ගැනීම සඳහා සීසීටිවී දර්ශන ඔස්සේ විමර්ශන සිදු කරන බවය. ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා බෝම්බ නිස්ක්‍රීය කිරීමට අවසර ලබාදෙමින් රජයේ රසපරීක්ෂක…

Read More

ලෝක ළමා දිනය සැමරෙමින් තිබූ අද දින වයස අවුරුදු හතරක කුඩා දරුවකු නිවස පිටුපස ළිඳට වැටීමෙන් අවාසනාවන්ත ලෙස මියගොස් ඇතැයි නවගගමුව පොලිසිය පවසයි. මෙසේ මරණයට පත්වූයේ ඉහළ බෝමිරිය, පදිංචි ව සිටි සේනුක නිල්ශාන් හෙට්ටිආරච්චි (4) නැමති දරුවෙකි. නීවස පිටුපස ඇති මේ ළිඳ දැලකින් ආවරණය කොට ඇතත් වැඩිහිටි අවධානය මග හැරුනු දරුවා ළිඳට එබී බලන්නට ගොස් ඒ තුලට වැටෙන්නට ඇති බවට පොළිසිය සැක පහල කරයි. අද දින පෙරපාසලට ගොස් එහි ළමා දින උත්සවයටද සහභාගි වී තෑගි භෝග ලබාගෙන නිවසට පැමිණ සෙල්ලම් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ක මියගොස් ඇතැයිද පොලිසියය පවසයි.

Read More

නීතී විරෝධී ලෙසින් ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට ඩිංගි යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් තිබූ කෝටි 14 කට වැඩි වටිනාකමින් යුතු රන් කිලෝ හතරයි ග්‍රෑම් 454 ක්,සැකකරුවන් දෙදෙනෙකු ද සමගින් ඊයේ (1) කල්පිටිය කළපුවේ සින්න අරිච්චල් ප්‍රදේශයේ දී ,කල්පිටිය විජය නාවුක ආයතනයේ මුර සංචාරක යාත්‍රාවක් මගින් අත් අඩංගුවට ගෙන ඇත. ධීවරයින් ලෙසින් වෙස්වලාගෙන ධීවර දැල් ආම්පන්න සහිත යාත්‍රා කරමින් තිබූ මෙම යාත්‍රාව,නාවුක නිළධාරීන් විසින් පරීක්ෂා කර බැළීමේ දී මෙම රන් තොගය අත් අඩංගුවට ගෙන ඇත. සැක කරුවන් දෙදෙනා කල්පිටිය ආණවාසල හා ජනසවිපුර පදිංචි වයස අවුරුදු 25 ක් වන තරුණයෝ වෙති. මෙම රත්‍රං තොගය මුහුදේ දී වෙනත් ඉන්දිය යාත්‍රාවක භාර දීම පිණිස මෙසේ රැගෙන…

Read More

රජය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන වාසි තකා මහජන මතය වෙනතකට යොමු කිරීමට විවිධ සටකපට උත්සාහ දරමින් සිටින්නේ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කරයි. හිටපු යහපාලන ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව රාජපක්ෂවරුන් ඉලක්ක කරගෙන නොයෙක් අභූත චෝදනා ගොඩනැගූ බවද ඔහු සඳහන් කළේය. තජුඩින්ගේ නඩුව සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ලවා බොරු සාක්ෂි කියවීමට එදා හිටපු නිලධාරීන් කටයුතු කළ බව පැවසූ රාජපක්ෂ මහතා එම නිලධාරීන්ම අද ඉහළ පුටුවල වාඩි වී සිටින බවද සදහන් කළේය

Read More