Author: LANKA24X7

උඩරට දුම්රිය මාර්ගයේ ඉගුරුඔය ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට දෙවන දිනටත් අද (27) උදෑසන විශාල මාරගසක් කඩා වැටීමෙන් දෙවන දිනටත් ගල්බොඩ නාවලපිටිය අතර දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලන මැදිරිය පවසයි . මෙම ඉගුරුඔය ගල්බොඩ දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට ඊයේ (26) දහවල් දිනයෙත් එම ස්ථානයේදීම විශාල මාරගසක් කඩා වැටීමෙන් ඊයේ (26) දිනයේ ද දුම්රිය ධාවනය ට බාධා සිදුව තිබු බවත් දුම්රිය බළධාරින් කීය . අද (27) උදෑසන මෙසේ දෙවන වරටත් එම ස්ථානයේ විශාල මාරගසක් දුම්රිය මාර්ගයට කඩා වැටී මාර්ගය අවහිර වී ඇති බවත් , මේනිසාවෙන් මහනුවර සිට බදුල්ල බලා අද (27) අලුයම 4.20ට පමන ගමන් ආරම්භ…

Read More

නිවස අසළින් ගලා බසින ඇළ මාර්ගයට වැටුණු සිව් හැවිරිදි දැරියගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළේ තිබි සොයා ගත් බව දිඹුල පතන පොලිසිය පැවසීය. මෙසේ ඩෙවෝන් ඇළේ තිබි හමුවූයේ හැටන් කොටගල රොසිටා ජනපදයේ පදිංචිව සිටි කේතීස්වරම් ජසිතා නැමති දැරියගේ සිරුරයි. මල්වර උත්සවයකට මව සමග යෑම සදහා සිය වැඩිමල් දියණියට ඇදුම් අන්දවා දැරියගේ මව ලෑස්ති වි සිය දියණිය සොයන අවස්ථාවේ දියණිය නිවසේ නොසිටි නිසා අසල්වාසීන්ගේ සහයෝගය ඇතිව දියණිය සොයන අවස්ථාවේ දියණිගේ සිරුර ඩෙවෝන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවෝන් ඇළේ තිබි හමුවී ඇති බව දිඹුල පතන පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේය. මිය ගිය දැරියගේ නිවස ඉදිරිපිටින් ඩෙවෝන් දිය ඇල්ලට…

Read More

මල්ලාවී ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් වැටලීමක නිරත වෙමින් සිටි පොලිස් කණ්ඩායමකට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු තිදෙනකු මල්ලාවි පොලිසිය මගින් අත්අඩංගුව ගනු ලැබ ඇත. මුලතිව් කොට්ඨාශ දූෂණ මර්දන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (26) මල්ලාවී මංගෙයිකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවසක් පරීක්ෂාවට ලක්කර. නීති විරෝධී මත්පැන් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී නිලධාරීන් සැකකරුගේ නිවසේ පරීක්ෂා කිරීමට යාමේදී නිවසේ සිටි කාන්තාවක් ඇතුළු සිව් දෙනෙකු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ඔවුනට, නිවස පරීක්ෂා කිරීමට ඉඩ නොදී පහර දුන් බව මල්ලාවි පොලිසිය සඳහන් කරයි.

Read More

ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශීය මට්ටම දක්වා විමධ්‍යගත කිරීමේ විශේෂ පුහුණ වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව අද (26) මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ජනාධිපති අරමුදලේ සියලු කාර්යයන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දක්වා විමධ්‍යගත කිරීමත් සමඟ ඊට ලැබෙන අයඳුම්පත් සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. ඒ සමඟම පරිගණක මූලික කරගත් නව මාර්ගගත ක්‍රමවේදය (Online System) පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල අදාළ කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම හා පුහුණු කිරීම අත්‍යවශ්‍ය වී තිබේ. ඒ අනුව පළාත් මට්ටමින් ක්‍රියාත්මක පුහුණු වැඩමුළු මාලාවේ නැගෙනහිර පළාත් වැඩමුළුව පැවති අතර අම්පාර, මඩකලපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කයන්හි ජනාධිපති අරමුදල සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන විෂය නිලධාරීහු 100කට වැඩි පිරිසක් ඊට සහභාගි වී සිටියහ. මෙම වැඩසටහන…

Read More

ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් 4536කගේ පුරප්පාඩු පවතින බව එම මණ්ඩලය සඳහන් කරයි. එම මණ්ඩලයේ කටයුතු වලට මෙම සේවක පුරප්පාඩු විශාල වශයෙන් බාධාවක් බව එහි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. කළමනාකරන සේවා දෙපාර්තමේන්තුව විදුලි බල මණ්ඩලයට අනුමත කර ඇති සේවක ප්‍රමාණය 26783කි. එහි දැනට සිටින්නේ සේවකයන් 22247 දෙනෙකු පමණක් බව එම මණ්ඩලය තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබාදී ඇති පිළිතුරක සඳහන්වේ.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව ලබන වසරේ අයවැය සකස් විය යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා ප්‍රකාශ කළේය. ජනපති ට්‍රම්ප් මෙරට අපනයනයන් සඳහා පනවා ඇති තීරු බද්දෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් තිබෙන බව ද ඔහු පවසයි. 2026 වසරේ අයවැය සකස්වීමේදී රජයේ ආදායම ඉහළ දමා ගැනීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතු බවත් ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම් එයට ඇතුළත් විය යුතු බවත් ඔහු පැවසුවේය. බදු නිදහස් කිරීම් ලබාදීම සඳහා වන නීති රාමුව, බදුවලට අනුකූලවන පිරිස ඉහළ දැමීම, බදු පදනම පුළුල් කිරීම සහ රාජ්‍ය මූල්‍යකරණය වැඩිදියුණු කිරීම…

Read More

පොලිස් විශේෂ කාර්ය බළකාය සමඟ කහතුඩුව පාලගම කුරුඳු ඉඩමක දි සිදු වූ වෙඩි හුවමාරුවකදී මරුමුවට පත් වූ හිටපු එස්.එෆ් සෙබළාගේ මළ සිරුර ඔහුගේ ගම්ට ගෙන ගැන ගම්වාසීන් විරෝධය දැක්වීම හේතුවෙන් හෝමාගම පිටිපන පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කිරීමට ඥාතීන් විසින් තීරණය කර ඇතැයි කහතුඩුව පොලිසිය කියයි. සිද්ධියෙන් ඝාතනයට ලක්ව තිබුණේ සංවිධානාත්මක අපරාධ කරුවෙකු වන විදේශ ගතව සිටින කොස් මල්ලි නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු බවකියන හංවැල්ල ජීවන් චාමර පෝරගේ (41) නැමැති හිටපු පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකි. මොරටුව පොලිස් විශේෂ කාර බළකා නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු සැඟවී සිටි එම කුරුඳු ඉඩමේ වාඩිය වැටලීමේදී සිදුවූ වෙඩි හුවමාරුව අතරතුරදී බරපතල තුවාල ලැබීමෙන් අනතුරුව වෑතර රෝහලට…

Read More

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ පියවරක් ලෙස තවත් රටවල් 40කට වීසා ගාස්තු අය නොකිරීමට රජය තීරණය කළ බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් පැවසීය. මීට පෙර රටවල් 7 ක් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට තීරණය කර තිබුණු බවත් එම රටවල් ද සමඟ රටවල් 47 කට වීසා ගාස්තු අය කිරීමකින් තොරව මෙරටට පැමිණිය හැකි බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ‘Hotel Show Colombo 2025’ ප්‍රදර්ශනයට එක්වෙමින් එසේ පැවසූ අමාත්‍යවරයා ඊට අදාළ ගැසට් නිවේදනය කඩිනමින් නිකුත් කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් කීය.

Read More

ලබන වසරේ අයවැය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති අරමුදල් වැඩසටහනේ කැපවීම්වලට අනුකූලව සකස් විය යුතු බවත් ජනපති ට්‍රම්ප් මෙරට අපනයනයන් සඳහා පනවා ඇති තීරු බද්දෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ අවදානමක් තිබෙන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට මෙහෙයුම් ප්‍රධානී එවන් පැපජෝජියෝ මහතා ඊයේ (25) ප්‍රකාශ කළේය. 2026 වසරේ අයවැය සකස්වීමේදී රජයේ ආදායම ඉහළ දමා ගැනීම සඳහා ශක්තිමත් ක්‍රියාමාර්ග ඇතුළත් විය යුතු බවත් ක්ෂේත්‍ර සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කිරීම් එයට ඇතුළත් විය යුතු බවත් ඔහු පැවසුවේය. බදු නිදහස් කිරීම් ලබාදීම සඳහා වන නීති රාමුව, බදු වලට අනුකූලවන පිරිස ඉහළ දැමීම, බදු පදනම පුළුල් කිරීම සහ රාජ්‍ය මූල්‍යකරණය වැඩිදියුණු කිරීම…

Read More

එක්සත් ජනපදය විසින් මෙරට අපනයන මත පනවනු ලැබූ තීරුබදු අඩු කර ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) තානාපති ජේමිසන් ග්‍රියර් (Jamieson Greer) මහතා අතර මාර්ගගත සාකච්ඡාවක් ඊයේ (25) පස්වරුවේ පැවැත්විණි. මෙරටට පනවා ඇති තීරුබදු අඩු කර ගැනීම සහ දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කර ගැනීම මෙම සාකච්ඡාවේ මූලික අරමුණ විය. මෙම මාර්ගගත සාකච්ඡාව සඳහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා සහ එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලයේ (USTR) නිලධාරීහුද සම්බන්ධ වූහ.

Read More