Author: LANKA24X7

ආපදා සහිත ප්‍රදේශවල අඛණ්ඩ සෝදිසි කිරීම් සහ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට ඉන්දීය ගුවන් හමුදාවේ MI-17V5 හෙලිකොප්ටර් යානා දෙකක් ශ්‍රී ලංකාව වෙත ළඟා වී තිබේ. ඊයේ (29) සවස මෙම හෙලිකොප්ටර් යානා දෙක පැමිණි බව ගුවන් හමුදා පවසයි. සහන සේවා සඳහා අත්‍යවශ්‍ය මානුෂීය ආධාර සහ ආපදා සහන ද්‍රව්‍ය සමඟ භට පිරිස් සාමාජිකයින් 22 දෙනෙකු ද එහි පැමිණි ඇති බව සඳහන්ය. මෙම හෙලිකොප්ටර් යානා දෙකෙහි නායකත්වය දරන ලද්දේ වින්ග් කමාන්ඩර් නාගේෂ් කුමාර් සහ වින්ග් කමාන්ඩර් මුකුල් මහජන් විසින්ය.

Read More

“දිට්වා” සුළිකුණාටුව ඊයේ (29) ප.ව.11.30 වන විට යාපනය සිට 130 kmක් උතුරු දෙසින් , අක්ෂාංශ 10.7°N සහ දේශාංශ 80.6°E ආසන්නයේ කේන්ද්‍රගතව වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, මෙම පද්ධතිය උතුරු දෙසට ගමන් කර ඉදිරි පැය 24 තුළ ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට සමාන්තරව ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන බවය. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අද (30) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. උතුර, උතුරුමැද, වයඹ, බස්නාහිර, සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකියි. උතුරු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී.…

Read More

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මේ දක්වා සිදු වූ මරණ ගණන 153ක් දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම පුද්ගලයින් 191දෙනෙකු මේ වනවිටත් අතුරුදන් වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. එම මධ්‍යස්ථානය අද (29) පස්වරු 6.00ට නිකුත් කළ නිවේදනයේ මේ බව සඳහන්ව ඇත. මේ වනවිට දිස්ත්‍රික්ක 25කට අයත් පවුල් 217,263ක පුද්ගලයින් 774,724 දෙනෙකු ආපදාවට ලක්ව තිබේ. එමෙන්ම පවුල් 27,494කට අදාළව පුද්ගලයින් 100,898දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන 798ක රැඳී සිටී.

Read More

ඉදිරි පැය කිහිපයේ දී කොලොන්නාව, කඩුවෙල, සීතාවක, කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසයි. ඒ අනුව එම ප්‍රදේශවලින් ඉවත් නොවී නිවාසවල තවමත් රැදී සිටින ජනතාව හැකි ඉක්මනින් නිවෙස්වලින් ඉවත්ව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කර ඇත. එමෙන්ම කැලණි ගං මිටියාවතේ පදිංචි සහ ගංගා දෙපස සිටින ජනතාවට ද වහාම ඉවත් වෙන ලෙස ඔහු වැඩිදුරටත් දන්වා සිටී.

Read More

රට තුළ පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඇති වී ඇති සන්නිවේදන බාධා හේතුවෙන් ගුවන් නියමුවන් සහ කාර්යමණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකු සම්බන්ධ කර ගැනීමට නොහැකි වී ඇති බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනය කර තිබේ. ඒ අනුව මෙහෙයුම් උපදෙස් ලබා ගැනීම සඳහා වහාම පාලන මධ්‍යස්ථානය අමතන ලෙස සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින්ගෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය ඉල්ලීමක් කර ඇත.

Read More

සුළි කුණාටු තත්ත්වය දිවයිනෙන් බැහැරට ගමන් කිරීමත් සමග සෘජු බලපෑම් ඉවත් වුවද, වක්‍ර බලපෑම් තවදුරටත් පවතින බවත්, ඒ හේතුවෙන් උතුර, උතුරු මැද, ඊසාන දිග සහ මධ්‍යම පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවන වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව පවතින බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කරයි. මීට අමතරව බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මි.මි 50 ඉක්මවන වර්ෂාපතනයක් ලැබෙන අතර අනෙක් පළාත්වලද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වන බව ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් අධික වර්ෂාපතනය අඩු වුවද ආපදා තත්ත්වය තවමත් පහව ගොස් නොමැති බැවින් සිය නිවෙස් කරා යාමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල…

Read More

අයහපත් කාලගුණය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ උද්ගතව ඇති හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින විදේශිය සංචාරකයින් සඳහා වීසා පහසුකම් සැපයීම සම්බන්ධයෙන් ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව අදාළ වීසා පහසුකම සැලසීමේ දී සිදුකරන ලබන ක්‍රියාමාර්ගයන් පහත පරිදි වේ. 1. ගුවන් යානා අවලංගු වීම හා ගමනා ගමන දුෂ්කරතා නිසාවෙන් රටින් පිටවීමට නොහැකිව වීසා අවසන් වූ විදේශිය සංචාරකයින් සඳහා 2025.11.28 දින සිට ඉදිරි දින 7ක් දක්වා කාලයක් සඳහා දඩ හෝ විසා ගාස්තුවකින් තොරව ගුවන් තොටුපොළවලින් පිටවීමට අවස්ථාව සැලසීම. 2. මේ වන විට ශ්‍රී ලංකාව තුළ රැඳී සිටින කෙටි කාලීන හෝ දිගු කාලීන විසා අවසන්ව…

Read More

අනුරාධපුර – පුත්තලම මාර්ගයේ කලා ඔය පාලම මත සැඩ පහරට හසුවූ බස් රථයේ සිට පසුව වහලක් මතට නැඟ සිටි පිරිසෙන් පුද්ගලයින් 34 දෙනෙකු මේ වනවිට ආරක්ෂක අංශ විසින් මුදාගෙන තිබේ. මේ වනවිට එම පිරිස නොච්චියාගම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ බවය.

Read More

දිට්වා සුළි කුණාටුව මේ වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 60ක් බටහිරට බරව වයඹ දෙසින් කේන්ද්‍රගතවී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මෙම පද්ධතියව උතුරට බරව වයඹ දෙසට ගමන් කරනු ඇති බවය. මේ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් උතුරු, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් සඳහන් කර ඇති කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ ඇතැම් ස්ථානවලට මි.මී 200ට වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බවය. එමෙන්ම සබරගමුව සහ බස්නාහිර පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්…

Read More

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් අද (29) දින අලුයම 01.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා වී තිබේ. ඉන්දීයානු රජය විසින් පිරිනැමූ සනීපාරක්ශක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙලෙස රැගෙන ආ අතර, ඉන්දියානු රජය මගින් ලබා දුන් මෙම ආධාර භාර දීමේ අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ Mr. Maitrey Kulkarni, Counsellor (Development Cooperation) Lt. Col. Mandeep Singh Negi (Assistant Defence Adviser) ඇතුළු ඉන්දිය ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි විය. මෙම ආධාර භාර ගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා…

Read More