Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් උසස් පෙළ විභාගය ඇතුළු සියලු විභාගයන් දින නියමයක් නොමැතිව කල් දැමීමට තීරණය කළ බව ශ්‍රී ලංකා විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා ලියනගේ මහත්මිය පවසයි. ඒ අනුව ඉදිරි දින කිහිපයේ දී උසස් පෙළ විභාගය නොපැවැත්වීමට තීරණය කළ බව ඇය සඳහන් කර සිටී. විභාග කොමසාරිස් ජනරාල්වරිය පැවසුවේ දිවයිනේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිත පාසල් හා මහාමාර්ග ගංවතුරෙන්, පස්කඳු කඩාවැටීම් හේතුවෙන් අවහිර වී ඇති අතර පාසල් දරුවන්ගේ සහ කාර්ය මණ්ඩලවල අපහසුතාවය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවය. ඒ අනුව දෙසැම්බර් 05 දක්වා පැවැත්වීමට නියමිතව තිබූ උසස් පෙළ විභාගය මෙලෙස දින නියමයක් නොමැතිව කල් දමා තිබේ. එමෙන්ම 12 ශ්‍රේණියේ සිසු සිසුවියන්…
නාවලපිටිය පැරණි දුම්රිය අංගනය පාරේ නිවසක් මතට අද (28) පස්කන්දක් කඩා වැටීමෙන් එකම පවුලේ තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, බිරිඳ, නැන්දම්මා සහ මාස තුනක බිලිඳෙකු බව නාවලපිටිය පොලීසිය පැවසීය. නාවලපිටිය ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ නිවසට පස් කන්ද කඩා වැටුණු බවත්, ප්‍රදේශවාසීන් සහ නාවලපිටිය පොලිස් නිලධාරින් එක්ව අනතුරට පත් වූවන් බේරාගැනීමට විශාල උත්සහයක් ගත්තද එය ව්‍යර්ථ වී ඇති බව වැඩිදුර සඳහන් වෙයි.
පොළොන්නරුව මනම්පිටිය පාලම මත සිරවී සිටි පුද්ගලයින් 13දෙනෙකු Bell-212 හෙලිකොප්ටර් යානයකින් නිරුපද්‍රිතව බේරා ගෙන තිබේ. ගුවන් හමුදා හිගුරක්ගොඩ කදවුරේ අංක 7 හෙලිකොප්ටර් බලඝනයට අයත් යානයකින් මෙම මෙහෙයුම සිදු කර ඇත. මේ වන විට ඔවුන් ආරක්ෂිත ස්‍ථාන වෙත යොමු කර ඇති බව ද වාර්තා වේ.
කැලණි ගංගා නිම්නයේ පහත් බිම් වලට මහා ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. කැළණි ගංඟා ද්‍රෝණියේ ධාරා ප්‍රදේශවල බොහෝ ස්ථාන වලට මේ වනවිට අධික වර්ෂාපතනයක් ලැබෙමින් පවතින අතර එම වර්ෂා තත්ත්වය ද, කැළණි ගඟ ඉහළ ද්‍රෝණියේ පිහිටි ජලාශ වලින් පිටකරනු ලබන ජල ප්‍රමාණය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් කැළණි ගංඟා ද්‍රෝණිය තුළ නඩත්තු කරනු ලබන ගංඟා ජල මාපකවල ජල පිට්ටම් විශ්ලේෂණය අනුව ඉදිරි පැය 48ක කාලය තුළ ඇහැලියගොඩ, නෝර්වුඩ්, යටියන්තොට, ගලිගමුව, රුවන්වැල්ල, බුලත්කොහුපිටිය, දෙහිඕවිට, සීතාවක, දොම්පේ , පාදුක්ක, හෝමාගම, කඩුවෙල, බියගම. කොළොන්නාව, කැළණිය, වත්තල හා කොළඹ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලට අයත් කැළණි ගංඟා නිම්නයේ පහත්බිම් ප්‍රදේශ වලට මහ…
වර්ෂාව සහ ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 56 දෙනකු මේ වන විට මියගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි. බදුල්ල දිස්ත්‍රික්කයේ පමණක් නාය යාම හේතුවෙන් පුද්ගලයන් 30 දෙනකු මියගොස් ඇත. හපුතලේ කහගොල්ල ප්‍රදේශයේ නාය යාමකින් එකම පවුලේ මවක් සහ පුතුන් දෙදෙනකු මියගොස් ඇතැයි දිස්ත්‍රික් ලේකම්වරයා සඳහන් කරයි. තවත් පුද්ගලයන් 21 කු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.
දින කිහිපයක් තිස්සේ අඛණ්ඩව පවතින අයහපත් කාලගුණික තත්ත්වය සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ සිදුවන දරුණු ආපදා තත්ත්වයන් අද 28 තවදුරටත් ඉහළ යමින් පවතින බවත් විවිධ ප්‍රදේශවලින් නායයාම් ගංවතුරට කොටුවී සිටින තැනැත්තන් වාර්තා වෙන බවත් බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරන යාන්ත්‍රණය ශක්තිමත් කර ගනිමින් දැඩි පරිශ්‍රමයක් දරමින් ආපදා හඳුනා ගනිමින් ඊට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ක්‍රියාත්මක වීම සිදුවන බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ. හපුතලේ කහගල වත්තේ ලයින් පේලියක සිදුවූ නාය යාමකින් තිදෙනෙකු ඊයේ රාත්‍රියේ ජීවිතක්ෂයට පත් වී තිබේ. තිස්පහ හැවිරිදි මව දහ හතර හැවිරිදි දියණිය දහය හැවිරිදි පුතා මෙහිදී ජීවිතක්ෂයට පත් වී තිබේ. බදුලු ඔය පිටාර ගැලීමත් සමග බදුලු රෝහලද ජලයෙන්…
ආපදා සහන සේවා කටයුතු සඳහා රුපියල් බිලියන 1.2 ක මුදලක් වෙන් කළ බව රජය පවසයි. ඊට අමතරව අවශ්‍ය මුදලක් වෙතොත් ඉල්ලා සිටින ලෙස ජනාධිපති අනුර දිසානායක මහතා රාජ්‍ය පරිපාලන ,පළාත් සභා සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා මගින් සියලු දිසාපතිවරුන් දැනුවත් කර ඇත . ජනාධිපති අනුර දිසානායක මහතා සහ දිසාපතිවරුන් අතර මාර්ගගත සාකච්ඡාවක් අද(28) උදෑසන නවයට පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා පැවසීය.
නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ උලපනේ ගඩොල් බෝක්කු ආසලින් මාර්ගයට පස් කන්දක් කඩා වැටි එහි තිබු ලී මෝලක් සහ නිවාස කීපයක් පහළ දුම්රිය මාර්ගයට දක්වා අද (28) දින අලුයම නාය ගොස් ඇත. එනිසා නාවලපිටිය ගම්පොළ මාර්ගයේ නාවලපිටිය නගරයෙන් සම්පූර්ණයෙන්ම වසා දමා ඇති බව පස්බාගේ කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල කරුණාරත්න මහතා කියා සිටියේ. අනතුරෙන් තුවාල ලැබු අයකු ගම්පොළ ශික්ෂණ රෝහල වෙත ඇතුලත් කළ බවත්, තවත් කිහිප දෙනෙකු අනතුරෙන් අතුරුදහන් වී ඇති බවයි සිද්ධිය ඇසින් දුටුවන් පවසන්නේ. මේ වන විටත් එම නායයෑම සක්‍රියවන් පවතින අතර, එම ප්‍රදේශයට නැරඹීම සඳහා ඇතුළත් වෙමින් වළකින ලෙසයි නාවලපිටිය පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි. තවද නාවලපිටිය ප්‍රදේශය තුළ තවත්…
යාන් ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශ වලට අධික වර්ෂාපතනයක් ලැබෙමින් තිබෙන නිසා සහ යාන් ඔය පිටවාන මගින් මේ වන විට ජලය පිට කරමින් පවතින බැවින් ද යාන් ඔය පහල ප්‍රදේශ වලට මහ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස යාන් ඔය පහල ප්‍රදේශ වල වෙසෙන මහජනතාවගෙන් සහ ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් කුච්චවේලි, පදව් ශ්‍රී පුර, පදවිය, කැබිතිගොල්ලෑව, ගෝමරන්කඩවල, හොරොව්පතාන, මොරවැව, කහටගස්දිගිලිය හා ගලෙන් බිඳුණුවැව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වල යාන්ඔය ආශ්‍රිත පහත් බිම් වල වෙසෙන ජනතාව සහ…
අයහපත් කාලගුණික තත්වය පිළිබඳ අවධානය යොමු කර සියලුම දුම්රිය ධාවනය අත්හිටුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. මගේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ අවධානය යොමු කර මෙම තීරණය ගත් බවත් ආරක්ෂාව තහවුරු වූ වහාම නැවත දුම්රිය ධාවනය ආරම්භ කරන එම දෙපාර්තමේන්තුව උසස් නිලධාරියෙක් කීය.
