Author: LANKA24X7

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් අපොස උසස් පෙළ විභාගය අද 27 සහ හෙට 28 දෙදින තුළ නොපැවැත්වෙන බව විභාග කොමසාරිස් ජෙනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිවේදනය කරයි. එම දින දෙකට අදාල විෂයන් පැවැත්වෙන දිනයන් පසුව දැනුම් දෙනු ලබන බවත් විභාග කොමසාරිස් ජෙනරාල්වරිය නිවේදනය කර තිබේ.

Read More

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල දියතලාව අතර දුම්රිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනයට බාධා සිදුව ඇතයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි . වර්ශාවත් සමග දුම්රිය මාර්ගයට විශාල ගල්පර්වත ය සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ අංක 1015 උඩරට මැණිකේ දුම්රිය ළඟාවෙමින් තිබු අතර,දුම්රිය රියැදුරු කල්වේලා ඇතිව දුම්රිය මාර්ගයට වැට් තිබු පස්කන්ද දැක දුම්රිය නවතා ගැනිම නිසාවෙන් විශාල අනතුරක් වැලකී ගියබව දුම්රිය බලධාරින් සදහන් කළේය .

Read More

ශ්‍රි ලංකාවට ගිනිකොණ දෙසින් පැවැති අඩු පීඩන කලාපය මේ වන විට අවපාතයක් දක්වා මඩකළපුව සිට කිලෝමීටර් 210ක් ගිනිකොණ දෙසින්, අක්ෂාංශ 5.9°N සහ දේශාංශ 82.6°E ආසන්නයේ කේන්ද්‍රගතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. එය උතුරට බරව වයඹ දෙසට ගමන් කරමින් ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් තීව්‍ර වීමට බොහෝ දුරට ඉඩ ඇත මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ පවතින තද වැසි සහ තද සුළං තත්වය තවදුරටත් බලාපොරොත්තුවේ වේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධයෙන් නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානය යොමුකරන ලෙස ඉල්ලා සිටියි දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත…

Read More

බදුල්ල දිස්ත්‍රික්කය පුරා දින කිහිපයක සිට දිවා රාත්‍රී අකණ්ඩව පවතින තද වැසි හේතුවෙන් ඉතා දරුණු ආපදා රැසක් මේ 27 උදෑසන වන විට වාර්තා වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේය. මේ වන විට ජීවිත හානි කීපයක්ම සිදුවී ඇති බවද ආපදා සහන කණ්ඩායම් පැවසූහ. අයහපත් කාලගුණය මධ්‍යයේ මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය. වැලිමඩ කැප්පෙටිපොළ නිවාස තුනක් නායාමට ලක්වීමෙන් පසුව මුදාගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. පස්සර වෙලන්ගස්තැන්න පියා සහ 15 හැවිරිදි දියණිය නිවස තුළ සිටියදී පස් කන්දට යට වී ඇති බවත් යුද හමුදා බට පිරිස් මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවත් සඳහන්වේ. මඩොල්සිම වැරැල්ල…

Read More

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපයය ඊයේ (25) මධ්‍යම රාත්‍රී පමණ වන විට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පැවතුණි. එය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස ද ඉල්ලා සිටී. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති අතර, දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම්…

Read More

මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා නාමපුවරු ගැලවීමේ සිද්ධියට සම්බන්ධ වාලච්චේන කෝරලේපත්තු ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සැකකරුවන් පස්දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ. ඒ එම ප්‍රාදේශීය සභාවේ සභාපති, උප සභාපති ඇතුළු සිව්දෙනෙකු අද (25 වාලච්චේන මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ භාර වීමෙන් අනතුරුවය. එහිදී වාලච්චේන මහේස්ත්‍රාත් එම්. අයි. අහමඩ් රතිප් මහතා නියෝග කළේ සැකකරුවන් එක් අයෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කිරීමටය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පැමිණිල්ලක් මත මඩකලපුව, වාලච්චේන කිරාන් පුරාවිද්‍යා කාර්යාලය මගින් පවත්වාගෙන යන පුරාවිද්‍යා ස්ථානවලට ගමන් කරන දිශා පුවරු ගලවා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි වාලච්චේන ප්‍රාදේශීය සභාවේ සභාපති…

Read More

වවුනියාව හොරොව්පතාන මාර්ගයේ අසළ පිහිටි වෙළෙඳසැළක ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා වවුනියාව මහ නගර සභා ගිනි නිවීමේ ඒකකය ගිනි නිවීමේ රථ මේ වන විට යොමු කර ඇතැයිද සඳහන් වේ.

Read More

කල්කුඩා පොලිස් වසමේ පාසිකුඩා මුහුදු තීරයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු රළ පහරකට හසු වී අතුරුදන් වී ඇති බවට කල්කුඩා පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත. මෙලෙස අතුරුදන් වූ පුද්ගලයා වයස අවුරුදු 39 ක් වූ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. පොලිස් ජිවිතාරක්ෂක නිලධාරීන්, නාවික හමුදා ජීවිතාරක්ෂක නිලධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව අතුරුදන් වූ පුද්ගලයා සෙවීමේ මෙහෙයුම්වල නිරතව සිටී. කල්කුඩා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

මාදම්පිටිය, මිහිජය සෙවණ ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01කට අධික තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මාදම්පිටිය පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01යි මිලිග්‍රෑම් 310ක් සමග එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය. සැකකරු 28 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read More

මහනුවර, පහළ කඩුගන්නාව ප්‍රදේශයේ වෙළඳසැලක් මතට පස් කඳු කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මියගොස් තිබේ. සිව්දෙනෙකු මේ වනවිට රෝහල් ගත කර ඇත. ගනේතැන්න ප්‍රදේශයේ නුවර-කොළඹ ප්‍රධාන මාර්ගය අසල පිහිටි වෙළඳසැලක් මතට අද (22) උදෑසන මෙම පස් කඳු කඩා වැටීම සිදුව තිබුණි. මේ හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වී තිබේ. මෙම අනතුරින් එම වෙළඳසැලෙහි සිටි කිහිප දෙනෙකු සුන්බුන් තුළ සිරවී සිටින බවට වාර්තා වෙයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් මුදා ගැනීම සඳහා මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර ඇති බවය. සුන් බුන් අතර සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු මුදාගෙන මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ. අප වාර්තාකරු සඳහන් කළේ…

Read More