Subscribe to Updates
Get the latest creative news from FooBar about art, design and business.
Author: LANKA24X7
නුගේගොඩ රැළියේ ශබ්ද විකාශන යන්ත්‍ර මගින් උසස් පෙළ සිසුන්ට බාධා ඇති නොවිය යුතුයි – පොලිසියෙන් නියෝගයක්
නුගේගොඩ දී අද(21) පැවැත්වෙන මහජන රැළියේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට බාධාවක් ඇති නොවන ලෙසට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන්නැයි පොලිසිය අදාළ සංවිධායකයින්ට දැනුම් දී තිබෙනවා.. නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ දී පැවැත්වීමට නියමිත මහජන රැළියක් සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සඳහා පොලිසියෙන් අවසර ඉල්ලා තිබෙනවා. අද(21) පෙරවරු 8.30 සිට උදෑසන 10.40 දක්වාත් / පස්වරු 2.00 සිට පස්වරු 5.00 දක්වාත් අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් එහිදී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතයේ දී පවතින නීතිවලට අනුව කටයුතු කරන ලෙසයි පොලිසිය දැනුම් දෙන්නේ. එමෙන්ම සිසුන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට මෙන්ම විභාග කටයුතු අවසන් වීමෙන් පසු යළි පිටවයාමට…
දිවයින පුරා මත්ද්‍රව්‍ය සැපයුම අඩාල කිරීමේ මෙහෙයුම් අඛණ්ඩවම ක්‍රියාත්මකයි. ඊයේ(19) දිනයේ පමණක් සිදුකළ මත්ද්‍රව්‍ය මෙහෙයුම්වලින් 1065 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ දිනය තුළ මත්ද්‍රව්‍ය සම්බන්ධ වැටලීම් 1087ක් සිදුකර තිබෙනවා. එහිදී හෙරොයින් ග්‍රෑම් 404ක් සහ අයිස් ග්‍රෑම් 872ක් සිය භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ. ඊයේ දිනයේ දී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 1065 දෙනාගෙන් 28 දෙනෙකු රදවාගෙන ප්‍රශ්න කිරීමට රැදවුම් නියෝග ලබාගෙන තිබෙනවා. පුනරුත්ථාපනයට යොමුකළ සංඛ්යානව 34ක්. මේ අතර පොලිස් විශේෂ මෙහෙයුම යටතේ ඊයේ දිනයේ දී පුද්ගලයින් 31,557 දෙනෙකු පරීක්ෂා කර තිබෙනවා. සැකපිට අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 692ක්. අපරාධ සම්බන්ධයෙන් 17 දෙදෙනෙකු සෘජුව හදුනාගෙන තිබෙනවා. වරෙන්තුකරුවන් 311 දෙනෙකු සහ විවෘත වරෙන්තුකරුවන් 156…
කොටහේන ප්‍රදේශයේ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය නොවැම්බර් මස 7 වන දින කොටහේන පොලිස් වසමේදී කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් ගිනිඅවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමයි මොහුට එරෙහි චෝදනාව. කොළඹ අපරාධ කොට්ඨාසයට ලද තොරතුරක් මත ඊයේ (19) හසලක, කොලොන්ගොඩ ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී වෙඩික්කරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී වෙඩික්කරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 300ක් සොයා ගෙන ඇති අතර, මොහු වයස අවුරුදු 39ක් වන කඩුවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. සැකකරු රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත්තේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ 2009 වසරේ දී නීති විද්‍යාලයට ඇතුලත් වුවද ඔහු ඒ සඳහා සුදුසුකම් සපුරා නොමැති බව සහ නීති විද්‍යාලයයේ ඔහුගේ ලිපි ගොනුවේ ඔහුගේ උපාදි සහතිකය නොමැති බවට අනාවරණය වී ඇති බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරනවා . ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (19) පර්ලිමේන්තුවෙදී අදහස් දක්වමින් . නාමල් රාජපක්ෂ මහතා නීති විද්‍යාලයට ඇතුලත් වීමේ ක්‍රියාවලිය සැක සහිත බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ . එමෙන්ම 2006 සිට 2009 දක්වා ලන්ඩනයේ city විශ්වවිද්‍යාලයෙන් ඉගෙනුම ලබා උපාධිය සම්පුර්ණ කර ඇති පදනම මත 2009 වසරේ දී ශ්‍රී ලංකා නීති විද්‍යාලයට ඇතුලත් වී තිබෙනවා. නාමල්…
බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඊයේ (18) දින පස්වරුවේ ඇද හැලුණු අධික වර්ෂෘවත් සමග කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී ඇති බව අප වාර්තාකරු පවසනවා. පහත් බිම් රැසක් ජලයෙන් යට වීම නිසා බගවන්තලාව ප්‍රදේශයේ වතු යායන් ගණනාවකට පිවිසීමට තිබූ මාර්ග රැසක්ද ජලයෙන් යට වී ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. මේ අතර, මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාව සහ තද සුළං තත්වය හේතුවෙන් නල්ලතන්නිය මරේ වතුයායේ සිට නල්ලතන්නිය දක්වා ධාවනය වූ ත්‍රීරෝද රථයක් මතටඊයේ (18) දින පස්වරු 5:00ට පමණ ගසක් කඩා වැටීමෙන් එමත්‍රීරෝද රථයට දැඩි අලාභ හානි සිදු වී…
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 සඳහා පත්වීම් ලිපි ප්‍රදානය ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්නගේ සහ තැපැල්පති රුවන් සත්කුමාරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණා. ප්‍රාථමික ශිල්පීය නිලධර ගණයේ III වන ශ්‍රේණියේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 40 සම්පූර්ණ කිරීම සඳහා පසුගිය ජුනි මාසයේ නිකුත්කරන ලද ගැසට් පත්‍රයට අනුව අයදුම්පත් 1500කට අධික ප්‍රමාණයක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ලැබී තිබුණු අතර එම අයදුම්කරුවන් ප්‍රායෝගික පරීක්ෂණයකට සහ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණයකට යොමු කර ඊට අඳාළ සුදුසුකම් නිසි අයුරින් සම්පූර්ණ කල 36 දෙනෙකු සඳහා මෙම පත්වීම් ලිපි ලබා දීම සිදු වුණා. මෙම නවක තැපැල් රියදුරන්ට ඊයේ (18) සිට…
රන්මිහිතැන්න ටෙලි සිනමා උද්‍යානය පුද්ගලික ආයෝජනයකින් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය
රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තු කිරීම (DBFOM) ආකෘතිය යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස සුදුසු ආයෝජකයෙකු තෝරා ගැනීම සඳහා 2024-07-22 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා. එමෙන්ම, රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනය සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ සභාපතිත්වයෙන් යුතු නිලධාරි කමිටුව විසින් ද එම සිනමා උද්‍යානයේ උපයෝගිතාව වැඩි කිරීම සහ ආදායම ඉහළ නැංවීම සඳහා සුදුසු වාණිජමය ආකෘතියකට අනුගතව එය ක්‍රියාත්මක කිරීම සඳහා දේශීය හා විදේශීය ආයෝජකයන්ගෙන් අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවන ලෙස නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව, රන්මිහිතැන්න ජාතික ටෙලි සිනමා උද්‍යානය වසර 30ක කාලයක් සඳහා සැලසුම් කිරීම, ගොඩනැගීම, මූල්‍යනය, ක්‍රියාත්මක කිරීම…
රුපියල් එකොලොස්කෝටි තිස්හය ලක්ෂ හැත්තෑදහසක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගත් බව රේගු නිලධාරීන් ප්‍රකාශ කළා. රාජසන්තක කරන ලද ගුවන් ගමන් මලු සහ භාණ්ඩ රඳවා තබන ගුදම් ගබඩාව තුළ තිබි මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයා ගෙන තිබෙනවා. මාස 9ක කාලයක් ගමන් මලු භාර ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවීම හේතුවෙන් එය විවෘත කර පරීක්ෂා කිරීමට රේගු නිලධාරීන් කටයුතු කළා. එහි තිබි කිලෝ ග්‍රෑම් 11යි ග්‍රෑම් 367ක කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකිව තිබෙනවා. පසුගිය මාර්තු මාසයේ දී තායිලන්තයේ සිට පැමිණි ගුවන් මගියෙකු ඒවා ගුවන් තොටුපළ පැමිණිමේ පර්යන්තයේ දී අතහැර ගොස් ඇති බවටයි විමර්ෂණවලදී හෙළිවුණේ.
විෂ මත් ව්‍යසන පරදන “රටම එකට” ජාතික මෙහෙයුමේ දෙවැනි අදියර දකුණු පළාතෙන් ඇරැඹීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව රටම එකට ජාතික මෙහෙයුමේ දකුණු පළාත් වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තංගල්ල මහජන ක්‍රීඩාංගනයේදී ලබන බ්‍රහස්පතින්දා (20) පස්වරු 3ට පැවැත්වේ. විෂ මත් ව්‍යසන පරදන ” රටම එකට” ජාතික මෙහෙයුම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝබර් 30 වැනිදා ඇරැඹිණි. මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජාතික මෙහෙයුම් සභාවක් මේ වන විට පිහිටුවා ඇති අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා පුළුල් මහජන සහාය ලබා ගැනීමේ යාන්ත්‍රණය ලෙස දිස්ත්‍රික් මෙහෙයුම් සභා, ප්‍රාදේශීය…
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ තනතුර සඳහා සිය වෘත්තිය සමිතියේ කටයුතු කළ පුද්ගලික ලේකම්වරියක රජයේ නිලධාරීන්ට බලපෑම් කර අත්තනෝමතිකව බඳවා ගත්තේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල ඇපමත මුදා හැරීමටට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන සැකකරු සම්බන්ධයෙන් විමර්ශන බොහෝ දුරට අවසන්ව ඇති බැවින් ඇප ලබාදීම සම්බන්ධයෙන් විරුද්ධ නොවන බවට අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ ඇප නියම කළේය. සැකකරුට රුපියල් ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුගේ විදෙස් ගමන් තහනම්…
