Author: LANKA24X7

හෘද සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ශීඝ්‍ර වර්ධනයක් නිරීක්ෂණය වන බව මෙරට හෘද, උරස් ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි. එහි ලේකම් විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය නාලක දිසානායක මහතා (14) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ, ඒ අතරින් සැලකියු යුතු පිරිසක් තරුණ ප්‍රජාව වන බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ ශෛල්‍ය වෛද්‍ය නාලක දිසානායක මහතා, ‍”ලෝකේ වැඩිහිටියන්ගේ මරණවලින් බහුතරයක් සිදුවන්නේ හෘදය වස්තුව ආශ්‍රිතව සිදුවන්නාවූ හෘදයාබාධවලින්. හෘදයාබාධ ඇතිවන්නේ කිරීටක ධමනිවල අවහිරතාවලින්. කිරීටක ධමනිවල සංකීර්ණ අවහිරතාවලට තියෙන මූලික විසඳුම හෘද ශල්‍යකර්මයක්. මේකේ නම බයිපාස් සැත්කම. දැන් බයිපාස් සැත්කම් සඳහා පැමිණෙන රෝගීන්ගේ ගොඩාක් වැඩි වෙලා තියෙනවා. තරුණ කට්ටියට වැළඳෙන ප්‍රමාණය ගොඩක් වැඩි වෙලා තියෙනවා. ඉස්සර අපි දැක්කොත් අවුරුදු…

Read More

තෛපොංගල් උත්සවය නිමිත්තෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තෛපොංගල් දින සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබේ. සිය පණිවිඩය මගින් ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ සශ්‍රීකත්වය සහ කෘතගුණ දැක්වීම සංකේතවත් කරන තෛපොංගල් උත්සවය සරු අස්වැන්නක් පමණක් නොව අනාගතය පිළිබඳ ධෛර්යකින් සහ විශ්වාසයකින් යුතුව නව ගමනක් ආරම්භ කිරීමටද ආරාධනා කෙරෙන අවස්ථාවක් බවය. මෑතකාලීනව මුහුණ දුන් විශාලතම ස්වභාවික ව්‍යසනයෙන් අනතුරුව, ජාතියක් ලෙස යළි ගොඩනැඟීමේ අපේක්ෂා දල්වාගෙන, මහත් පරිශ්‍රමයකින් සහ දැඩි අධිෂ්ඨානයෙන් යුතුව එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට අප සියලුදෙනා එක්ව උර දී සිටින බවද ජනාධිපතිවරයා පවසයි. එම වැඩපිළිවෙළ සමග තව තවත් ශක්තිමත්ව ඇත්වැල් බැඳ ගැනීමට පෙරට එන ලෙස සශ්‍රීකත්වයේ අපේක්ෂා පෙරදැරි කරගත් මෙම තෛපොංගල් දිනයේදී…

Read More

මෝටර් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගොඩගම – පාලටුව අන්තර් හුවමාරුවේදී අධිවේගී මාර්ග පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එහිදී සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 06ක් සහ හෙරොයින් කිලෝග්‍රෑම් 06ක පමණ ප්‍රමාණයක් තිබූ බව සඳහන් ය.

Read More

ආණ්ඩුව විසින් යෝජනා කර ඇති විදුලි ප්‍රතිපත්තියෙන් පාරිභෝගිකයන්ට මෙන්ම පූනර්ජනනීය බලශක්ති අංශයට ද දඬුවම් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි. සිය X ගිණුමෙහි සටහනක් තබමින් ඔහු ප්‍රකාශ කළේ, එමඟින් අඩු ආදායම්ලාභීන් වින්දිතයන් බවට පත් කරන බවය. වීදි ලාම්පු සඳහා පාරිභෝගිකයන්ගෙන් ගාස්තු අය කිරීමේ යෝජනා සහ එක් ඒකකයක් සඳහා රුපියල් 67ක ගාස්තුවක් අය කරන කාල භාවිත ක්‍රමවේදයක් පැනවීමේ උත්සාහයන් අසාධාරණ බව ද ඔහු පෙන්වා දෙයි. ජනතාව වීදි ලාම්පු සඳහා ගාස්තු ගෙවීම ප්‍රතික්ෂේප කළහොත් එමඟින් නීතිය හා සාමය පවත්වා ගැනීමට අහිතකර බලපෑමක් ඇති කරනු ඇති බවද අදාළ සටහනේ සජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කර තිබේ. දිවා කාලයේදී පාරිභෝගිකයා විසින් භාවිතා කරනු ලබන…

Read More

තායිලන්තයේ දුම්රියක් මතට දොඹකරයක් කඩාවැටීමෙන් දුම්රිය පීලි පැන පුද්ගලයින් 22ක් ඡීවිතක්ෂයට පත්ව 30කට වැඩි පිරිසකට තුවාල සිදු වී තිබේ. බැංකොක් සිට තායිලන්තයේ ඊසානදිග පළාත දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක් අද (14) උදෑසන මෙලෙස අනතුරට ලක්ව තිබේ.

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීම පෙබරවාරි 11 වනදින දක්වා කල්තැබීමට ගම්පහ ස්ථීර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ ගැටුම් ආශ්‍රිත ලිංගික ප්‍රචණ්ඩත්වය ජාත්‍යන්තර නීතිය බරපතළ ලෙස උල්ලංඝනය කර ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් වාර්තාවක් මඟින් හෙළිකර තිබේ. එහි වැඩිදුරටත් සඳහන්ව ඇත්තේ, අතීතයේ සිදුකර ඇති ලිංගික හිංසනයන් ප්‍රසිද්ධියේ පිළිගැනීමට හෝ අධිකරණමය නෛතික ව්‍යුහයක් තුළ වින්දිතයින්ට සාධාරණය ඉටුකිරීමට රජය කඩිනමින් අවධානය යොමුකළ යුතු බවය. ලංකාවේ ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනය වර්තමානයේ දැඩිව සිදුවෙමින් පවතින අතර, එමෙන්ම එවැනි සිදුවීම්වලට මුහුණදෙන වින්දිතයින් ඒවා නිහඬව විඳදරා ගනිමින් සිටින බවද එහි සඳහන්ය. ගැටුම් හා සම්බන්ධ ලිංගික හිංසනයන් පිළිබඳව කටයුතු කිරීමට නෛතික රාමුවක් තිබීම අනිවාර්යය බවද සඳහන් කර ඇති එහි වින්දිතයින්ගේ ගරුත්වය ආරක්ෂා කිරීම අත්‍යාවශ්‍ය අරමුණක් විය යුතු බවට ද අවධාරණය කර ඇත.…

Read More

පුත්තලම අට්ටවිල්ලුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂය තිබේ. පොලීසිය පැවසුවේ, ඊයේ (13) රාත්‍රියේ යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවය. අනතුරින් තුවාල ලැබූ පැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කිරීමේදී එක් පැදිකරුවෙකු මියගොස් ඇති අතර අනික් පැදිකරු වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරුකර යැවීමේ දී මියගොස් තිබේ. තුවාල ලැබු පසුපැදිකරුවන් දෙදෙනා ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්. අනතුරට හේතුව මෙතෙක් අනාවරණ නොමැති බව පොලීසිය පැවසුවේය.

Read More

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි වැලිමඩ දිසා අධිකරණයේ රෙජිස්ටාර්වරයා තවදුරටත් ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. මෙම සැකකරු අද (12) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුසවිතාන මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මෙම තීන්දුව ලබා දී තිබුණි. මෙම සැකකරු සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන කටයුතු තවදුරටත් පැවැත්වෙන බව මෙහිදී අල්ලස් කොමිසම අධිකරණයට දන්වා තිබේ. ඒ අනුව අදාළ සැකකරු ලබන 27 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළේය. වැලිමඩ දිසා අධිකරණයේ වසර තිහක් පමණ විභාග වූ ඉඩම් නඩුවක තීන්දුව පරිදි භුක්තිය නිසියාකාරව භාරදීම සඳහා පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ…

Read More

ඊලෝන් මස්ක්ගේ X සමාජ මාධ්‍ය වේදිකාව තුළ භාවිත වන Grok කෘත්‍රිම බුද්ධි (AI) මෙවලම මගින් කාන්තාවන්ගේ රූප විකෘති කර අඩනිරුවත් රූප නිර්මාණය කිරීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. බ්‍රිතාන්‍ය මාධ්‍ය නියාමක ආයතනය වන Ofcom විසින් මෙම පරීක්ෂණයක් ආරම්භ කර ඇත. X සමාජ මාධ්‍ය වේදිකාවට සමගාමීව එක් කර ඇති Grok AI භාවිතයෙන් නිර්මාණය කළ ලිංගික රූප විශාල වශයෙන් සමාජ මාධ්‍ය තුළ පළ වීම හේතුවෙන් මහජනතාව අතරත් දේශපාලන වටාපිටාව තුළත් දැඩි විරෝධයක් මතුවීමෙන් අනතුරුව මෙම පියවර ගත් බව Ofcom සඳහන් කර තිබේ. මෙම පරීක්ෂණය Online Safety Act පනත යටතේ සිදු කෙරෙන අතර, එම නීතිය උල්ලංඝනය වී ඇති බව තහවුරු වුවහොත්…

Read More