අනතුරුව එම පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී, අනෝජන් සිවරාසා නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය මැදිහත්වීම සිදුකරන ලෙස ඉල්ලා සිටියේය.
එහිදී අනෝජන් සිවරාසාට තම පවුලේ සාමාජිකයන් සමඟ දුරකථනයෙන් අදහස් හුවමාරු කරගැනීම සඳහා එරට බලධාරීන් විසින් ලබාදී තිබූ වේලාවේදී ඔහුගේ පවුලේ සාමාජිකයන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සිටියේය.
ඒ හේතුවෙන් විපක්ෂ නායකවරයාටද එම අවස්ථාවේදී අනෝජන් සිවරාසා සමඟ දුරකථනය ඔස්සේ අදහස් හුවමාරු කරගැනීමට අවස්ථාව හිමිවුණි.

