Author: LANKA24X7

රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති සෑම බදාදා දිනය සඳහා රජයේ පාසල් ද නිවාඩු ලබා දී ඇති බැවින් රජයේ අනුමත පෞද්ගලික පාසල් ද එම දිනයේ නොපැවැත්වීමට ඉල්ලීමක් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

Read More

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන රෝහලකට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් 400දෙනෙකු මියගොස් තවත් 250දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම ප්‍රහාරය පකිස්ථානය විසින් එල්ල කර ඇති බවට ඇෆ්ගනිස්ථානය චෝදනා කර ඇත. කෙසේ වෙතත්, පාකිස්ථානය එම චෝදනාව ප්‍රතික්ෂේප කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

Read More

ආසියානු වෙළෙඳපොළේ අද (17) පෙරවරුව වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.8%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 103.08ක් ලෙස වාර්තා වී තිබේ. එමෙන්ම අමෙරිකානු බොරතෙල් මිලද 3%කින් පමණ ඉහළ ගොස් ඩොලර් 96.25ක් ලෙස සටහන් ව ඇති බවද සඳහන් වේ. හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කර ඇති බවට වාර්තා වීමත් සමග ඊයේ (16) දිනයේ තෙල් මිල සුළු වශයෙන් පහත වැටුණි. මේ අතර බලශක්ති අවශ්‍යතා සඳහා ගල්ෆ් කලාපයේ තෙල් මත යැපෙන ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ආසියානු කොටස් වෙළෙඳපොළ දර්ශක අද (17) සුළු වශයෙන් ඉහළ අගයකින් ආරම්භ විය.

Read More

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට එළැඹෙන බදාදා (17) සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මේ බව ප්‍රකාශ කළේය. එමෙන්ම අනෙකුත් වැඩකරන සතියේ දින 4දී ද කොපමණ සේවකයින් ප්‍රමාණයක් සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති බවද ඒ මහතා පැවසීය. පාසල් සහ විශ්වවිද්‍යා එමෙන්ම අධිකරණ ක්ෂේත්‍රයට ද මෙම දිනය නිවාඩු දිනයක් ලෙස සැලකීමට තීරණය කර තිබේ. කෙසේ නමුත් සෞඛ්‍ය, වාරාය, ජලය සහ රේගුව…

Read More

වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයට අනුව ඉදිරියේදී ඉන්ධන නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසයි. සේවා අවශ්‍යතාව මත නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය දැක්වෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බව ඔහු ප්‍රකාශ කළේය. ” QR කෝඩ් එක දැම්මාම, භාගත කිරීමේ ප්‍රශ්න ඇති වෙනවා. යම් යම් තාක්ෂණික ප්‍රශ්න ඇති වෙනවා. දවසක් දෙකක් මේ ප්‍රශ්න තියෙයි. ඒවා තිබිලා විසඳිලා යාවි. අපි මේක හඳුන්වලා දීලා තියෙන්නේ පොදු චක්‍රලේඛයක් විදිහට තමයි තියෙන්නේ. සුවිශේෂී වූ රැකියා කාණ්ඩ තියෙනවා. සුවිශේෂී වූ සංවර්ධන ව්‍යාපෘතිවල යෙදෙන වාහන තියෙනවා. ඒවාට අදාළ වෙන වෙනම වූ මඟපෙන්වීම් සහ චක්‍රලේඛයන් ඉදිරි දවස් දෙක තුන තුළ එළිදක්වයි. වෛද්‍යවරුන් කියන්නේ, සුවිශේෂී…

Read More

පවතින අර්බුදය හමුවේ ජනතාව විසින් අරපිරිමැස්මෙන් යුතුව ඉන්ධන පරිභෝජනය කරන්නේ නම් QR ක්‍රමයක් අවශ්‍ය නොවන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පවසයි. අද (16) පැවති ජන හමුවක් අමතමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. එහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ මෙම ගැටලුව මෙරටට පමණක් නොව ලොව පුරා බලපා ඇති ගැටලුවක් බවය. එබැවින් හැකි පමණින් බලශක්ති පරිභෝජනය අඩු කරන්නැයි නියෝජ්‍ය අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Read More

ඒකාබද්ධ අලුත් අවුරුදු නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්කිරීමට දෙපාර්ශවයේම එකඟතාවය හිමි වූ බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනවි මහතා පවසයි. අද (16) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඈපා පංචාංග ලිත් කතෘ ඉන්දික ඈපා සෙනවිරත්න, තිරසර පංචාංග ලිත් කතෘ චමත් කොතලාවල සහ විකල්ප නැකත් කණ්ඩායමේ සාමාජිකයින් තමා සමඟ පැවති සාකච්ඡාවේ දී මෙම අවසන් එකඟතාවයට පැමිණි බවය. ඒ අනුව හෙට (17) දිනයේ නැකැත් සීට්ටුව මුද්‍රණය කර, රාජ්‍ය නැකැත් සීට්ටුව ලෙස ජනතාවට එය ලබාදෙන බවත් අමාත්‍යවරයා මෙහිදී පැවසීය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව 2024 වසරේදී ‘රාජ්‍ය නැකැත් කමිටුව’ විසුරුවා හැරි අතර මේ දක්වා රජය නැවතත් නැකැත් කමිටුවක් පත්කර නැහැ.…

Read More

අද (16) උදෑසන වන විට තවත් ඉන්ධන නෞකාවක් දිවයිනට පැමිණ ඇති බවත් එම නෞකාවේ ඉන්ධන අද දිනයේම ගොඩබෑමට කටයුතු සූදානම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාරගේ මහතා පවසයි. ඒ මහතා පැවසුවේ අද පැමිණි නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක් සහ සුපරී ඩීසල් මෙට්‍රික් ටොන් 3,000ක් අඩංගු බවය. එමෙන්ම මේ වන විට ඇනවුම් කළ සියලුම නෞකා දිවයිනට පැමිණෙමින් තිබෙන බවද පෙන්වා දුන් ඒ මහතා සඳහන් කළේ මේ වන විට පිරවුම්හල් වෙතින් ලැබී ඇති ඇනවුම්ද බෙදා හැරීමට පියවර ගෙන ඇති බවය. තවද QR ක්‍රමවේදය මගින් ඉන්ධන බෙදා හැරීමට අදාළව ගත් පියවර හේතුවෙන් ඇතැම්…

Read More

2022 වසරේ කොළඹ , නිදහස් චතුරස්‍රය අසල නීතී විරෝධී ලෙස වීදි නාට්‍යයක් රඟ දැක්වීම තුළින් මහජන පීඩාවක් ඇති කළේ යැයි චෝදනා කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකාරියන් 15 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති පැමිණිල්ල අගෝස්තු 17වනදා යළි කැඳවීමට කොළඹ මහේස්ත්‍රත් අධිකරණය අද (16) නියෝග කර තිබේ. මෙම පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම හමුවේ කැඳවනු ලැබීය. එහිදී කුරුඳුවත්ත පොලීසියේ නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නේ මෙම සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර විමර්ශන ගොනු උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවය. ඒ අනුව එම කටයුතුවල ප්‍රගතිය දැනුම් දීම සඳහා මෙම පැමිණිල්ල අගෝස්තු මස 17වනදා කැඳවන…

Read More

ඉන්ධන මත පනවා ඇති බදු අඩුකරමින් හැකිතරම් ඉන්ධන මිල ස්ථාවර අගයක පවත්වාගත යුතු බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් උවයිස් මහතා පවසයි. මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා අදහස් දක්වමින් පැවසුවේ මේ වන විට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇති බවත් යෙමනය සහ අප්‍රිකානු මහද්වීපය අතර පවතින තවත් සමුද්‍ර සන්ධියක් වසා දැමීමට ඉරානය පියවර ගත හොත් ලංකාව ඇතුළු තවත් රටවල් රැසකට ප්‍රභල බලපෑමක් ඇතිවිය හැකි බවය. මේ හේතුවෙන් ඉන්ධන සැපයුම්කරුවන් සමග නිසි සම්බන්ධතාවයක් පවත්වාගනිමින් සහ තොග කළමනාකරණය කරමින් සැපයුම නිසි කළමනාකරණයකින් යුතුව සිදුකළහොත් ඇතිවන ගැටලු අවම කරගත හැකි බවද හිටපු සභාපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. එහිදී අදහස් දැක්වූ ඛනිජ තෙල්…

Read More