Author: LANKA24X7

තලාව 411 ගම්මානයට ගමන් කරන ජයගඟ මාර්ගයේදී ඊයේ (10) අනතුරට ලක් වූ පෞද්ගලික බස් රථයේ රියදුරා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. අනතුරින් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත පාසල් ශිෂ්‍යයකු ජීවිතක්ෂයට පත්ව පුද්ගලයන් 46 තුවාල ලැබූහ.

Read More

නවදිලිල් අගනුවර රතු බලකොටුව ආග්‍රිත කාර් බෝම්බ පිපිරීම සැලසුණු සැණින් තමන් මහත් සේ කම්පනයට පත්වුණැයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමාජ මාධ්‍ය ඔස්සේ පැවැසීය. ඉන්දීය ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා පිපිරීම සිදුවුණු ස්ථානයට පැමිණි පොලිස් ප්‍රධානීන් හමුවී සිදුවුණේ කුමක්දැයි විමසා බැලුවේය. ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා සියලු විස්තර එසැණින් දුරකතන ඇමතුම් ලබා දෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පැවැසූ බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. එය ඉස්ලාමීය ත්‍රස්තවාදීන්ගේ කුරිරු ප්‍රහාරයක් යැයි ඉන්දීය ආරක්ෂක අංශ අනුමාන කරන බව මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පැවැසීය. නවදිල්ලියේ කාර් බෝම්බ පිපිරීම සිදුවීමට පැය කීපයකර පෙර, නවදිල්ලි අගනුවර අයත් දිල්ලි ප්‍රාන්තයට යාබද, උතුරු දෙසින් පිහිටි හර්යානා ප්‍රාන්තයේ ෆරීඩාබාද් නුවර…

Read More

අල සහ ලූනු සමූපකාර තොග වෙළෙඳ සංස්ථාව හරහා ලබන වසරේ සිට කිසිදු අඩුවක් නැතිව මිලදී ගැනීමට රජය සැලසුම් කර ඇතැයි වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (10) පැවසීය. ඒ සඳහා අයවැයෙන් රුපියල් කෝටි සීයක් වෙන් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය. එම වැඩපිළිවෙල ආරම්භ කළ පසු ගොවීන්ට ආපසු හැරී යාමට අවශ්‍යතාවක් මතු නොවන බවද අමාත්‍යවරයා කීය. ඔහු මෙසේ පැවසුවේ අයවැය දෙවැනි වර කියවීමේ විවාදයේදීය වසන්ත සමරසිංහ මහතා මෙසේද පැවසීය. අල ලූනු ගොවීන් මුහුණ දෙන ප්‍රශ්නයක් මේ දිනවල තියෙනවා. අපි ඒක පිළිගන්නවා. ඒ ගැටළුවට විසඳුම් කඩිනමින් ලබාදෙනවා. මේ සියලු ප්‍රශ්න වලට විසඳුම් ලෙස සමූපකාර තොග…

Read More

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ඌව, දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වල් අම්පාර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකියි. බස්නාහිර ,දකුණ, සබරගමුව,මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාවලට අලුයම කාලයේ මීදුම් තත්වයක් පවතී. ස්නා

Read More

අම්පාර මහාධිකරණය විසින් අද (10) පුද්ගලයින් 6දෙනෙකුට මරණ දණ්ඩනය නියම කර තිබේ. ඒ 2015 වසරේ අප්‍රෙල් 15 වැනිදා සිදු වූ බව කියන ඝාතනයක් සම්බන්ධයෙනි. අදාළ පුද්ගලයින් 6දෙනා කෙහෙල්උල්ල ප්‍රදේශයේ කඩුපහර නම් ගම්මානයේ ලොරි රථයක් තුළ මත්පැන් පානය කර සිට ඇති අතර එයට විරෝධය දැක්වූ ගම්වාසීන් දෙදෙනෙකුට පහර දී, ලොරි රථයට යට කර ඝාතනය කර තිබේ. ඒ අනුව එම සිදුවීමට අදාළව මෙසේ ඔවුන්ට මරණ දණ්ඬනය නියම වී ඇත.

Read More

දෙපාර්තමේන්තු සහ රාජ්‍ය සංස්ථාවල අනියම් සේවකයන් දස දහසක් ස්ථිර කිරීමට කටයුතු කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද (10) පැවසීය. ගේට්ටු මුරකරුවන්ගේ දීමනාව රැපියල් හත්දහස මෙවර අයවැයෙන් පහළොස් දහසක් දක්වා වැඩි කළ බව කී අමාත්‍යවරයා එමඟින් දුම්රිය ගේට්ටුවල අනාරක්ෂිතභාවය සහමුලින්ම ඉවත් වේ යැයි විශ්වාස නොකරන බවද සඳහන් කළේය. දුම්රිය ගේට්ටු සම්බන්ධයෙන් දිගු කාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද ඔහු කීවේය. මාර්ග සංවර්ධන අධිකාරියේ හත්සිය ගණනක් ස්ථිර කළ බවත් තව තුන්සිය ගණනක් ස්ථිර කිරීමට අැති බවත් බිමල් රත්නායක මහතා පැවසීය. ස්ථිර කිරීමට ඔවුන් සාමාන්‍ය පෙළ විභාගයට ලියා තිබිය යුතු බව කී අමාත්‍යවරයා සමත්වීම නොවන බවද ප්‍රකාශ කළේය.…

Read More

පිළියන්දල කොටගෙදර ගංගාරාම විහාර මාවතේ නිවසක් පිටුපස වගා බිමක තිබී SFG වර්ගයේ අත්බෝම්බයක් අද (10) දා සොයා ගත් බව පිළියන්දල පොලිසිය පවසයි. මෙම නිවස පිටුපස අද ( 10 ) උදෑසන කුඩා ළමුන් පිරිසක් ක්‍රිකට් සෙල්ලම් කරමින් සිට තිබේ. එහිදී එක් දරුවකු එල්ල කළ පහරකින් ඊට යාබදව පිහිටි කෙසෙල් වගා කර තිබූ ඉඩමකට බෝලය ගොස් ඇති අතර එය ගැනීම සදහා දරුවකු එම ස්ථානයට ගිය අවස්ථාවේ කෙසෙල් පදුරක් අසල සැකකටයුතු බෝලයක් වැනි යමක් තිබෙනු දැක එය දරුවා ව්සින් මාපියන්ට ගෙනැවිත් දී තිබේ. පසුව මේ පිලිබදව නිවැසියන් භියට පත් වී පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව නිලධාරී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී…

Read More

ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම පසුගිය 2025 ඔක්තෝබර් මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 6,216ක් ලෙසින් වාර්තා වී ඇත. මෙය 2025 සැප්තැම්බර් මාසය අවසානයේ දී සටහන්ව තිබූ නිල සංචිත වත්කම් වටිනාකම වූ ඩොලර් මිලියන 6,244 හා සැසඳීමේ දී 0.4%ක සුළු පහළ යාමකි. මෙම පහළ යාම සඳහා නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත ප්‍රධාන සංරචකය වන, විදේශ විනිමය සංචිතය 2025 ඔක්තෝබර් මාසය තුළ දී ඩොලර් මිලියන 6,179 සිට ඩොලර් මිලියන 6,100 ක් දක්වා 1.3%කින් අඩු වීම ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. කෙසේවෙතත් 2025 ඔක්තෝබර් මාසයේ දී මහ බැංකුව සතු රන් සංචිතය ඩොලර් මිලියන 58 සිට ඩොලර් මිලියන…

Read More

උසස් පෙළ විභාගයට ජීව විද්‍යාව අංශයෙන් පෙනී සිටීමට නියමිතව සිටි සිසුවියක් හදිසියේම මියගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ දඹුල්ල ඉහළ ඇරෑඋල ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුෂි චමෝදි යන සිසුවියයි. ඇය ඊයේ (09) රාත්‍රියේදී සිය කාමරය තුළ අධ්‍යාපන කටයුතු සිදු කරමින් සිට ඇති අතර උදෑසන අවදි නොවීම හේතුවෙන් දෙමාපියන් විසින් සොයා බලා තිබේ. එහිදී ඇය කාමරයේ සිහිසුන්ව සිටින අයුරු දැක ඇති අතර ඔවුන් වහාම ඇයව දඹුල්ල මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇත. වෛද්‍යවරුන් ඇයව පරික්ෂා කර බලා පවසා ඇත්තේ රෝහලට රැගෙන ඒමට පෙර සිටම ඇය මියගොස් ඇති බවය. සිද්ධිය වාර්තා වීමත් සමඟ දඹුල්ල ‍පොලීසියේ නිලධාරීන් පිරිසක් අදාළ සිසුවියගේ නිවසට ගොස් පරීක්ෂා කර…

Read More

පිටකොටුව හෙට්ටිවීදිය ප්‍රදේශයේ රන් සහ රිදී භාණ්ඩ අලෙවි සැලකින් රුපියල් ලක්ෂ 60කට අධික රන් සහ රිදී භාණ්ඩ සොරාගෙන පලා ගිය සැකකරුවෙකු පිටකොටුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය විසින් CCTV දර්ශන 70කට ආසන්න ප්‍රමාණයක් පරීක්ෂා කිරීමෙන් අනතුරුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 1993 වසරේ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවෙකු ලෙස හඳුනාගත් 60 හැවිරිදි පුද්ගලයෙකු වන බවය. සැකකරු එම වෙළෙඳසැලින් සොරා ගෙන තිබූ රන් ආභරණවලින් පවුමක් බර රන් ආභරණ සහ රිදී ආභරණවලින් කිලෝ 3කට ආසන්න ප්‍රමාණයක් බොරැල්ල සිරිසෙත උයන මහල් නිවාස සංකීර්ණයේ නිවසක වැසිකිළියක් තුළ සඟවා තිබියදී සැකකරු හෙළිකළ තොරතුරු මත පොලීසිය විසින් සොයාගෙන ඇත. ඉකුත් මස…

Read More