Author: LANKA24X7

ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් අද (18) උදෑසන උස්වැටකෙයියාව තල්දියවත්ත, ගෑස් ගොඩබාන බෝයාව වෙත පැමිණ තිබුණි. ඉන් ගෑස් ගොඩබෑමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවය. මේ අතර ඊයේ (17) දිනයේ දී විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, මාර්තු මාසය තුළ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 38,000ක් දැනටමත් රටට ගෙනවිත් ඇති බවය. ඉදිරි දින දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් 33,000ක් ගෑස් තොග රටට ලැබීමට නියමිත බව ද ජනාධිපතිවරයා එහිදී පැවසීය. ඒ අනුව, රට තුළ ගෑස් සැපයුම ස්ථාවර කර ගැනීමට සහ පවතින අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. “අපිට මාර්තු මාසයේ ගෑස් අවශ්‍යතාව…

Read More

නිවාඩු සහ වෙනත් කටයුතු සඳහා ඊශ්‍රායලයෙන් පිටත් වී සිටින ශ්‍රමිකයින්ගේ වීසා කාලය 2026 අප්‍රේල් මස 30 වනදා දක්වා දීර්ඝ කර ඇති බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි. එම තීරණය අනුව, 2026 පෙබරවාරි 28 සිට අප්‍රේල් 21 අතර කල් ඉකුත් වූ හෝ කල් ඉකුත් වීමට නියමිත නැවත ඇතුළුවීමේ වීසා ස්වයංක්‍රීයව අප්‍රේල් 30 දක්වා දීර්ඝ කෙරෙන අතර, ඒ සඳහා වෙනම අයදුම් කිරීමක් අවශ්‍ය නොවන බවද සඳහන් වේ. යාවත්කාලීන වීසා වලංගුභාවය ඊශ්‍රායලයේ ජනගහන හා ආගමන අධිකාරියේ පද්ධතිය තුළ දිස්වන අතර, එම කාලසීමාව තුළ දේශසීමා හරහා නැවත ඇතුළුවීමට අවසර ලැබෙනු ඇති බව සඳහන්ය. මේ අතර, හිස්බුල්ලා සංවිධානය හා ඉරානය විසින් ඊශ්‍රායල…

Read More

අමෙරිකානු ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යොමු කළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මඟින් වත්මන් ඉරාන යුද්ධය පිටුපස ඇති කුමන්ත්‍රණකාරී ස්වභාවය පිළිබඳව තවදුරටත් කරුණු හෙළිකර ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළදී, නිමාවක් නොමැති යුද්ධවලට අමෙරිකාව පටලවා නොගෙන මිලිටරි බලය තීරණාත්මක ලෙස භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔහුට මනා අවබෝධයක් තිබූ බව කෙන්ට් පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය ආරම්භයේදීම උසස් ඊශ්‍රායල නිලධාරීන් සහ අමෙරිකානු මාධ්‍යවල සිටින බලගතු පිරිස් එක්ව ඉතා සූක්ෂ්ම ලෙස වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමේ ව්‍යාපාරයක් ක්‍රියාත්මක කළ බවට ඔහු…

Read More

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගනිමින් ඊට මුහුණ දීම සඳහා අද (18) සිට සෑම සතියකම බදදා දිනවල රජයේ සේවකයින්ට නැවත දැනුම්දෙන තුරු නිවාඩු ලබා දීමට රජය තීරණය කර තිබේ. අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසුවේ මෙම නිවාඩුව පාසැල්, විශ්ව විද්‍යාල සහ අධිකරණ කේෂ්ත්‍රයටද අදාළ බවය. එමෙන්ම රජයේ අනුමත පාසැල් හා පෞද්ගලික උපකාරක පංති සඳහා ද අද දිනයේ නිවාඩු ලබාදෙන ලෙස රජය ඉල්ලා තිබේ. කෙසේවෙතත් සෞඛ්‍ය, වරාය, ජලය සහ රේතුව වැනි අත්‍යාවශ්‍ය සේවා සඳහා මෙම නිවාඩු දිනය අදාළ නොවන බව අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය. මේ අතර විශේෂ නිවාඩු දිනය හේතුවෙන් අද දිනයේ දී සෙනසුරාදා…

Read More

2025 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය සියයට 5ක් ලෙස ඇස්තමේන්තු කර ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ පසුගිය වසරේ ආර්ථිකයේ ප්‍රධාන ක්ෂේත්‍ර තුනම වර්ධනයක් පෙන්නුම් කරන බවය. එහිදී කැපී පෙනෙන වර්ධනයක් කර්මාන්ත අංශය වාර්තා කර තිබේ. ආර්ථිකයේ ප්‍රධාන සංරචක තුන වන කෘෂිකාර්මික, කර්මාන්ත සහ සේවා ක්ෂේත්‍රයන් 2025 වසරේදී පිළිවෙළින් 1.4%, 7.8% සහ 3.3% ලෙස වර්ධනය වී ඇති බව ද සඳහන් වේ. 2024 වසරට සාපේක්ෂව 2025 වසරේදී මෙරට ආර්ථිකය සැලකිය යුතු මට්ටමක ස්ථාවරත්වයක් සහ වර්ධනයක් අත්කරගෙන ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කල නවතම වාර්තාවල දැක්වෙයි. තවද, 2025 වසරේ සිව්වන කාර්තුවේ දළ…

Read More

ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදු කරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (18) දින 19ක් ගතවී තිබේ. ————- 5.45 AM සෞදි අරාබියේ, අල්-ඛර්ජ් වෙත එල්ල කරනු ලැබූ බැලස්ටික් මිසයිලයක් සාර්ථකව බිම හෙළීමට තම බලකා සමත් වූ බව එරට ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කළේය මෙම සිද්ධිය හේතුවෙන් එම ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කර ඇති බවද සවුදි බලධාරීන් වැඩිදුරටත් සඳහන් කළහ.

Read More

මාර්තු මාසය තුළ ලිට්‍රෝ ගෑස් මෙට්‍රික්ටොන් 38,000ක් දැනටමත් රටට ගෙනවිත් ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (17) පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, ඉදිරි දින දෙකක් ඇතුළත මෙට්‍රික් ටොන් 33,000ක් ගෑස් තොග රටට ලැබීමට නියමිත බවය. ඒ අනුව, රට තුළ ගෑස් සැපයුම ස්ථාවර කර ගැනීමට සහ පවතින අවශ්‍යතා සපුරාලීමට හැකි වනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “ඉන්ධනවලට අපි දිගු කාලීන ටෙන්ඩර් ප්‍රධානය කරලා තිබුණා. නමුත් අපි දිගුකාලීන ටෙන්ඩර් දෙකක් විශේෂයෙන් මෙට්‍රික් ටොන් 90,000 නැව් දෙකක් නියමිත කාලයට ලබා ගන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. පෞද්ගලික අපේ තෙල් සැපයුම්කරුවන් ඉන්නවා ඔවුන්ගෙන් එක…

Read More

මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඇතිවී ඇති බලශක්ති අර්බුදය හමුවේ ශ්‍රී ලංකාව විසින් ඇනවුම් කළ ඉන්ධන තොගයක් රැගත් තවත් නෞකාවක් කොළඹ වරයාට පැමිණ ඇති බව වරයා හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශය පැවසුවේ හොංකොං රාජ්‍යයට අයත් සීෆ්‍රොන්ට්ටියර් (Seafrontier) ඉන්ධන නෞකාව මෙලෙස පැමිණ ඇති බවය. එම නෞකාව මගින් රැගෙන ආ ඉන්ධන අද උදෑසන කෙරවළපිටිය ඉන්ධන ගබඩාව වෙත ඉන්ධන ගොඩබෑමට කටයුතු කළ බවත් සඳහන් කළ අමාත්‍යාංශය පැවසුවේ එම ඉන්ධන තොගයෙන් තවත් කොටසක් අද පස්වරුවේ කොළඹ වරය, ඩොල්පින් ජැටිය වෙත පැමිණි එමඟින් කොලොන්නාව ගබඩාව වෙත සම්ප්‍රේෂණය කිරීම සිදු වූ බවය. මෙම නෞඛව මගින් 90 ඔක්ටේන් පෙට්‍රල් මෙට්‍රික් ටොන් 17,000ක්ද, ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක්ද…

Read More

පවතින තත්ත්වය සම්බන්ධව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අද (17) රාත්‍රියේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. පාර්ලිමේන්තුවේදි අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එළැඹෙන සිකුරාදා දින ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමටද බලාපොරොත්තු වන බවය. “සිකුරාදා දිනයේදී ජනාධිපතිතුමා පාර්ලිමේන්තුව අමතනවා කියලා දැනුම්දීලා තියෙනවා. අද රාත්‍රි 7.30ට මාධ්‍ය සාකච්ඡාවකුත් පැවැත්වෙනවා. අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂයේ පක්ෂ නායකයින් ඒ වෙලාව වෙනකොට පාර්ලිමේන්තුවේ රැඳී සිටියොත් ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකුත් ඇතිකරගන්න. ජනාධිපතිතුමාගේ මට්ටමින් අදහස් දක්වන්න බලාපොරොත්තු නම් ඒ සඳහාත් අපි බලාපොරොත්තු වෙනවා සිකුරාදා විපක්ෂයේ පක්ෂ නායකයින්ට ඒ අවස්ථාව ලබා දෙන්න.”

Read More

අනුරාධපුර සහ මිහින්තලය ප්‍රදේශවල ලැගුම්හල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය සංවිධානාත්මක මාර්ගගත වංචා (Online Scams) මෙහෙයුමක් වටලා එහි නිරතව සිටි විදේශීය ජාතිකයින් 134 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට යුද හමුදා බුද්ධි අංශ සහ ආගමන විගමන දෙපාර්තමේන්තුව සමත්ව තිබේ. අත්අඩංගුවට ගත් විදෙස් ජාතිකයින් වයස අවුරුදු 23 – 35 අතර චීන ජාතිකයින් 126 දෙනෙකු ( කාන්තාවන් 06 ඇතුලුව), මියන්මාර් ජාතික කාන්තාවන් 04 දෙනෙකු සහ තායිවාන් ජාතිකයින් 04 දෙනෙකු ලෙස හදුනාගෙන ඇත. යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු රහසිගත තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ බුද්ධි නිලධාරීන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් ඒකාබද්ධව අදාළ ප්‍රදේශවල පිහිටි ලැගුම්හල් පහක් ඉලක්ක කරගනිමින් මෙම විශේෂ වැටලීම් සිදුකර ඇත. එහිදී…

Read More