Author: LANKA24X7

ඊශ්‍රායලයේ විශාලම තෙල් පිරිපහදුව ලෙසින් සැලකෙන හයිෆා හි බසාන් සමූහයට ඉරාන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබේ. එම ප්‍රහාරයෙන් තෙල් පිරිපහදුවට හානි සිදුවී ඇති අතර, එක් අයෙකු සුළු තුවාල ලබා ඇති බව සඳහන්. කෙසේ නමුත් මෙම ප්‍රහාරයෙන් යටිතල පහසුකම්වලට සැලකිය යුතු හානියක් සිදුව නොමැති බවත්, විදුලිය විසන්ධි වූ බොහෝ නිවාසවල විදුලිය යථා තත්ත්වයට පත් කර ඇති බව ඊශ්‍රායල බලශක්ති අමාත්‍යවරයා පවසා තිබේ. උතුරු ඊශ්‍රායලයේ හයිෆා බොක්කෙහි පිහිටා ඇති බසාන් සමූහය ඊශ්‍රායලයේ විශාලතම තෙල් සැකසුම් මධ්‍යස්ථානය වේ. දත්ත වාර්තාවන්ට අනුව ඊශ්‍රායලයේ පිරිපහදු මධ්‍යස්ථාන දෙකෙන් එකක් වන බසාන්, එරට ඩීසල්වලින් 60%ක් සහ පෙට්‍රල්වලින් 50%ක් නිපදවනු ලබයි. මෙම තෙල් පිරිපහදුවට දිනකට තෙල් බැරල් 197,000ක්…

Read More

බලපත්‍ර නොමැතිව පෙට්‍රල් ලීටර 65ක් සන්තකයේ තබා ගනිමින් ලොරි රථයකින් ඉන්ධන ප්‍රවාහනය කළ පුද්ගලයකුට රුපියල් 2,500ක දඩයක් සහා මාස 2ක අනිවාර්යය සිරදඬුවමක් නියම කිරීමට ගල්කිස්ස මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා අද (19) නියෝග කළේය. මෙලෙස අනිවාර්ය සිරදඬුවම් නියමව ඇත්තේ ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ පදිංචිකරුවෙකුටය. වැල්ලවත්ත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන තොඟයක් ලබා ගත් බවට වැල්ලවත්ත පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ (18 ) රාත්‍රීයේදී අදාළ ඉන්ධන පිරවුම්හල අසලදී මෙම පුද්ගලයා වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ලොරි රථයේ තිබී ඉන්ධන සහිත කෑන් 4ක් පොලිසිය විසින් සොයා ගෙන ඇත. ඉන්ධන තොඟයේ මුළු වටිනාකම රුපියල් 20,000ක් පමණ…

Read More

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, මන්නාරම, අනුරාධපුර සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් අද (20) පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරන්නේ, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

Read More

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශල්‍යකර්මයකට යොමු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (19) වරාය නගර කොමිෂන් සභා පනත යටතේ නියෝග පිළිබඳ විවාදයේදීය. එම ශල්‍යකර්මය ඉතා සාර්ථකව අවසන් කර ඇති බවත් හිටපු ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන බවත් ඔහු කීය.

Read More

ලොව විශාලතම ස්වභාවික වායු නිධියක් වන ඉරානයේ සවුත් පාර්ස් බලශක්ති බලශක්ති මධ්‍යස්ථාන ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාර මාලාවත් සමඟ ආසියානු වෙළෙඳපොළේ බොරතෙල් මිල 4% කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 112 දක්වා ඉහළ ගොස් තිබේ. එමෙන්ම අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් මිලද 3% කින් ඉහළ ගොස් ඇති අතර එය බැරලයක් ඩොලර් 99.27 ක් ලෙස සටහන් වී තිබේ. මේ අතර, බලශක්ති අර්බුදය හමුවේ අද (19) උදෑසන ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළවල් මෙලෙස පහත වැටී තිබුණි. දකුණු කොරියාව (Kospi): 3% කින් පහළට. ජපානය (Nikkei 225): 2.8% කින් පහළට. ඔස්ට්‍රේලියාව (ASX 200): 1.6% කින් පහළට.

Read More

QR ක්‍රමවේදය හරහා ඉන්ධන කෝටාව ලබාදීමේ දී අද (19) සිට වාහන අංක තහඩුවේ අවසන් අංකය මත ඉන්ධන ලබාදිම සිදුකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. වාහන අංක තහඩුවේ අවසන් අංකය බින්දුව හෝ ඉරට්ටේ සංඛ්‍යාවක් නම් ඉරට්ටේ දිනයක ඉන්ධන ලබාගත හැකි අතර අංක තහඩුවේ අවසන් අංකය ඔත්තේ සංඛ්‍යාවක් නම් ඔත්තේ දිනයක ඉන්ධන ලබාගත හැකි බව එම සංස්ථාව සඳහන් කළේය. ඒ අනුව අද ඔත්තේ දිනයක් වන අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවන් වන 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතී. මේ අතර QR ක්‍රමවේදය යටතේ මේ දක්වාත් ඉන්ධන කෝටාව ලබාගෙන නොමැති පුද්ගලයින්…

Read More

හබරාදූව, හැඬිවත්ත ප්‍රදේශයේ මුහුදේ දියේ ගිලීමෙන් ළමයෙකු මියගොස් තිබේ. අදාළ ළමයා තවත් මිතුරන් කිහිපදෙනෙකු සමග දිය මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතව සිටියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කළේය. එහිදි ප්‍රදේශවාසීන් හා වෙරළ ආරක්ෂක නිලධාරීන් විසින් ඔහු බේරාගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දරුවා මියගොස් තිබුණි. මියගොස් ඇත්තේ 16 හැවිරිදි හබරාදූව ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි. හබරාදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Read More

ලොව විශාල ස්වාභාවික ගෑස් නිදිය ලෙසින් සැලකෙන ‘South Pars/North Dome Gas-Condensate field’ සංකීර්ණයේ ඉරානයේ විසින් පාලනය කරන ‘South Pars’ ප්‍රදේශයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට (IRGC) අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සිය අදාළ ප්‍රහාරය තහවුරු කරමින් පවසා ඇත්තේ, ප්‍රහාරයත් සමග එම ප්‍රදේශය ගිනිගැනීමකට ලක්ව ඇති බවය. පර්සියානු බොක්කෙහි පිහිටා ඇති මෙම කලාපය ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය වන අතර, එය කටාර් සහ ඉරානය ඒකාබද්ධව පාලනය කරනු ලබයි. සමස්ත භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර් 9,700 (වර්ග සැතපුම් 3,700)ක් වන අතර, ඉන් South Pars අයත් වර්ග කිලෝමීටර් 3,700 (වර්ග සැතපුම් 1,400)ක ප්‍රමාණය ඉරානයට අයත්ය. කටාරය වර්ග කිලෝමීටර් 6,000 (වර්ග සැතපුම් 2,300)ක් පුරා…

Read More

බාල ගල්අඟුරු සිද්ධිය මුල් කරගනිමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව විශ්වාසභංගය යෝජනාවක් ගෙනඒමට විපක්ෂය පියවර ගෙන ඇත. ඒ සඳහා මේ වනවිට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් 17 දෙනෙකු අත්සන් කර තිබේ. එම විශ්වාසභංගය යෝජනාව හෙට (19) දිනයේදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බවද වාර්තා වෙයි.

Read More

කොළඹ මහ නගර සභා බලප්‍රදේශය තුළ වාහන නැවැත්වීමේ ගාස්තු ලබාගැනීම නැවත දැනුම්දෙනතුරු අත්හිටුවීමට එම නගර සභාව තීරණය කර තිබේ. මෙම තීරණය අද (18) පැවති විශේෂ සාකච්ඡාවකදී ගනු ලැබූ බව නියෝජ්‍ය නගරාධිපති හේමන්ත වීරකෝන් මහතා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් පැවසුවේ, වත්මන් ලෝකයේ පවතින යුදමය හා ආර්ථික අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ජනතාව විශාල පීඩාවකට පත්ව සිටින බැවින්, එම පීඩාව අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවය. පසුගිය කාලයේ උදෑසන 6 සිට රාත්‍රී 12 දක්වා වාහන නැවැත්වීම සඳහා ගාස්තු අය කළද, නැවත දැනුම් දෙන තුරු එම ගාස්තු අයකිරීම් සියල්ල ඉවත් කර ඇති බවද නියෝජ්‍ය නගරාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Read More