Author: LANKA24X7

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් හිටපු ඇමති ප්‍රසන්න රණතුංග මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය. අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කර ඇත. ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ පනහ බැගින් වූ ශරීර අප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා සැකකරුගේ විදේශ ගමන් තහනම් කරන බවත් නියම කළේය. ඉන් අනතුරුව පැමිණිල්ල ජනවාරි මස 16 වන දා කැඳවීමටද නියම වුණි.

Read More

ව්‍යාපාර කරද්දී දැන් දේශපාලකයන් පස්සේ යන්නට වුවමනා නැතැයි ව්‍යාපාරිකයන් අතර මතයක් තිබෙන බව පත් කළ මන්ත්‍රී දිලිත් ජයවීර මහතා:-(සර්ව ජන බලය) පාර්ලිමේන්තුවේදී පැවසීය. “පහුගිය ආණ්ඩුවලට වඩා ව්‍යාපාර කරගන්න ගියාම කරදර අඩු යැයි අද රටේ ප්‍රධාන ව්‍යාපාරිකයන්, මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් අතර මතයක් තියෙනවා.අප ඒක අගය කරන්න ඕන.වෙනදා දේශපාලකයන්ගේ පස්සෙන් යන්න අවශ්‍ය යැයි විවේචනයක් තිබුණා.දැන් ඒක අඩු වෙලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුවේ අදූෂිත බව පිළිබඳව ප්‍රතිවෘත්තාව කැඩී තිබෙනවා.දූෂණ චෝදනා එල්ල වෙමින් තිබෙනවා.එම චෝදනා වල බැලූ බැල්මට සත්‍යයක් තිබෙන බව පෙනෙන්නට තිබෙනවා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Read More

රජරට විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපතිවරයා ඉවත් කොට ස්ථීර උපකුලපතිවරයකු පත්කරන ලෙස ඉල්ලා ආරම්භ කළ වැඩවර්ජනයට දින 14 ක් ගත වුවද උපකුලපතිවරයකු පත් කිරීමට රජය මෙතෙක් පියවරක් ගෙන නැතැයි බව රජරට විශ්වවිද්‍යාලීය ආචාර්ය සංගමයේ සභාපති මහාචාර්ය නාලක ගීකියනගේ මහතා පවසයි. රජරට විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන් විසින් ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතු, පර්යේෂණ කටයුතු, පුහුණුවීම් කටයුතු , විභාග කටයුතු සියල්ලම ඇන හිටිමේ හේතුවෙන් සිසුන්ද දැඩි අපහසුතාවයට පත්ව සිටිති. පසුගිය 04 වෙනිදා අධ්‍යාපන ඇමතිවරියත් සමග ඉසුරුපායේ පැවති සාකච්ඡාවේදී මෙය ඉතා ඉක්මනින් විසඳන බවට අධ්‍යාපන ඇමතිවරිය පොරොන්දුවක් දුන්නද මේ වනතෙක් කිසිදු ප්‍රතිචාරයක් රජය පාර්ශ්වයෙන් ලැබී නොමැති බව ද මහාචාර්ය නාලක ගීකියනගේ මහතා…

Read More

බිත්තර වී නිෂ්පාදන ගොවිපළවල සිදු කෙරෙන වී වගාව රක්ෂණය කිරීම සඳහා රක්ෂණ සැලසුමක් සකස් කර තිබේ. ගොවි ජනතාවගෙන් ලැබුණු ඉල්ලීම් පදනම් කරගෙන මෙම රක්ෂණ ක්‍රමය සකස් කර ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. මෙහිදී වගා කරන ලද බිත්තර වී වගාවට ගංවතුර, නියඟය, රෝග, කෘමි හානි, ස්වභාවික විපත්, වන අලි හානිවලින් සිදුවන හානි සඳහා ආවරණය කර ඇති අතර අක්කර 01ක් සඳහා කන්නයකට රු.13,600/- වාරික මුදලක් ගෙවීමෙන් අක්කරයකට රු.180,000 වන්දි මුදලක් ලබාගත හැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කරයි. මෙම බිත්තර වී ගොවිපළවලවලට රක්ෂණාවරණ ලබා ගැනීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහතික කිරීමේ සේවයේ ලියාපදිංචි වී තිබීම අනිවාර්ය බව…

Read More

ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන විනෝද් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරුවන් ඊයේ (11) දින චුන්නාකම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ආවා කල්ලියේ විනෝද් නැමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් පොලිස් භාරයට ගෙන තිබේ. එමෙන්ම ඔහුගේ සගයා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී අත්බෝම්බයක් සහ කඩුවක්ද ඔහු සතුව තිබී ඇත. චුන්නාකම් පොලීසිය විසින් සිදුකරන ලද වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගනිමින් සිටී.

Read More

විවිධ චෝදනා සහ ගැටලු හේතුවෙන් පසුගිය වසරේදී වෘත්තීය සමිති සීයක් අවලංගු කර ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. මේ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මස 31 වැනිදා වනවිට පැවැති මුළු වෘත්තිය සමිති සංඛ්‍යාව 2141කි. මේ අතර පසුගිය වසරේ ජනවාරි මස 1 වැනිදා සිට දෙසැම්බර් මස 31 දක්වා ලියාපදිංචි කරනු ලැබී ඇති වෘත්තිය සමිති සංඛ්‍යාව 123කි. වෘත්තීය සමිති ආඥා පනත අනුව සෑම වෘත්තිය සමිතියක්ම කම්කරු දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති රෙජිස්ට්‍රාර් යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්ය අවශ්‍යතාවක් වෙයි. මේ තොරතුරු සඳහන් වන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවේය.

Read More

රට පුරා විෂ මත්ද්‍රව්‍ය ගැටලුව දැඩි ව්‍යවසනයක් බවට පත්ව තිබෙනවා. සමස්ත ජනතාව ම එකට පෙළ ගස්වමින් දේශපාලන පක්ෂ භේදයෙන් තොරව සහභාගි කර ගනිමින් මුලිනුපුටා දැමීම සඳහා කටයුතු ආරම්භ කරගෙන යනවා. තල 4ක් යටතේ සමස්ත සමාජයම ආවරණ වන පරිදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරෙනවා යැයි මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ඊයේ (11) සවස ගම්පහදී පැවසීය. විෂ මත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන”රටම එකට ජාතික මෙහෙයුම” වැඩසටහනෙහි ගම්පහ දිස්ත්‍රික් මෙහෙයුම් සභාව පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවේදී අමාත්‍යවරයා එසේ පැවසීය. ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාගේ සහ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවති අතර මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ආනන්ද විජේපාල මහතා…

Read More

නවදිල්ලි අගනුවර මරාගෙන මැරෙන කාර් බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දිගටම සිදුවෙමින් පවතී. ප්‍රහාරයට සම්බන්ධ මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනා ගැනීමට හැකිවුණු බවත්, බෝම්බකරු මුස්ලිම් වෛද්‍යවරයකු බවත් ඉන්දීය ආරක්ෂක අංශ සවස පැවැසීය. මරාගෙන මැරෙන බෝම්බකරු හඳුනා ගැනීමට ආරක්ෂක අංශ සමත් වී ඇත්තේ, ආරක්ෂක කැමරා දසුන් අනුවය. බෝම්බකරු වෛද්‍ය උමාර් මොහොමඩ් නමැති වෛද්‍යවරයා බව ද ආරක්ෂක අංශ තහවුරු කරගෙන ඇත. උමාර් මොහොමඩ්, 1989 පෙබරවාරි 24 වන දින උපත ලබා ඇති බවත් ජම්මු – කාශ්මීරයේ පුල්වාමා හි අල් ෆලා වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරයකු ලෙස සේවය කර ඇති බවත් ආරක්ෂක අංශ අනාවරණය වැඩිදුරටත් පවසා ඇත. පෙරේදා (10) රාත්‍රියේ පුපුරා ගිය එම කාර් බෝම්බ ප්‍රහාරයෙන් 9…

Read More

ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙන බව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. අල- ලූනු ගොවීන්ගේ ප්‍රශ්නය ගැන මුලින්ම කතා කළ යුතුයි. අරගලයක් කරගෙන යන එකට ගොවි ජනතාවට ස්තුතිවන්ත වෙනවා.යම් උද්ඝෝෂණයක් කරන එක හොඳ දෙයක්.එතකොට මේ ප්‍රශ්නය ගැන ගැඹුරින් සාකච්ඡාවක් ගෙනත් උත්තරයක් හොයා දෙන්න පුළුවන්.මේ උද්ඝෝෂණයට සම්බන්ධ නොවූ අල ලූනු ගොවීනුත් ඉන්නවා.ඒ අය සම්බන්ධ වෙච්ච නැති එකත් හොඳයි.උද්ඝෝෂණ කළත් නැතත් මේ ප්‍රශ්නයට ජා.ජ.බ ආණ්ඩුව උත්තර සොයා දෙන බව ඔවුන් දන්නවා. ඊළඟ කන්නයේ සිට බී ලූනු වලට රුපියල් 150ක මිලක් ස්ථිර වශයෙන්ම ලබා දෙනවා.ඒ නිසා ලූනු කිලෝවක්…

Read More

‘නව්‍යකරණය තුළ විශ්වාසනීය මාධ්‍යකරණයක් උදෙසා ජනාධිපති මාධ්‍ය සම්මාන 2025’ යන තේමාව යටතේ නෙළුම් පොකුණ රඟහලේදී අද (11) පස්වරුවේ පැවැති ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටන් පස්දෙනෙක් ජීවිතයේ එක්වරක් පමණක් පිදෙන යාවජීව සම්මාන ලැබූහ. පුවත්පත් ක්ෂේත්‍රයට කළ අනගි මෙහෙවර වෙනුවෙන් ‘ලංකාදීප’ පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ සිරි රණසිංහ, මාධ්‍ය ක්ෂේත්‍රය වෙනුවෙන් කළ ප්‍රාමාණික මෙවෙර අගය කරමින් සම්මානිත මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, රූපවාහිනි ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් ශාන් වික්‍රමසිංහ, ගුවන්විදුලි ක්ෂේත්‍රයට කළ සේවය වෙනුවෙන් බී.එච්. අබ්දුල් හමීඩ් යන මහත්වරු සහ රූපවාහිනි ළමා වැඩසටහන් ප්‍රවර්ධනය සඳහා කළ සේවය වෙනුවෙන් ලලිතා සිරිබද්දන මහත්මිය මෙහිදී විශේෂ සම්මාන ලැබූහ. පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනි ආදි ක්ෂේත්‍රයන් කීපයක…

Read More