Author: LANKA24X7

මත්තල අධිවේගි පිවිසුම ආසන්නයේදී ආසන පටි නොමැතිව අධිවේගී මාර්ගයට බස් රථයක් ඇතුළු කිරීමට උත්සාහ කිරීම සහ පොලිස් රාජකරියට බාධා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පස් දෙනෙකු හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. අදාළ සැකකරුවන් හෙට (20) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය. මත්තල අධිවේගී පිවිසුම අසල දී බස් රථයකින් පැමිණි පිරිසක් ආසන පටි සිද්ධියක් මුල්කරගෙන ජනාධිපතිවරයාට අපහාසාත්මක අයුරින් බැනවදිමින් පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට ද බාධා වන අයුරින් හැසිරීමේ විඩීයෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එම සිද්ධිය සම්බන්ධ පුද්ගලයින් පස් දෙනෙකු පෑලියගොඩ රථවාහන කොට්ටාශයේ නිලධාරීන්…

Read More

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තෙම්න්තුව නිවේදනය කරයි. ඌව පළාතෙත් මාතලේ, මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇති වේ. උතුරු පළාතෙත් අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත් මාතලේ,ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.30-40 දක්වා වන තරමක් තද සුළං ඇති වේ. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

Read More

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට මේ මස 20 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින්නැයි දැනුම් දීමක් සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද (18) දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය. ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා ය. මේ අතර, 2023 වසරේ එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍යයේ සිදුකළ පෞද්ගලික සංචාරයක් වෙනුවෙන් මුදල් අනුමත කිරීම තුළින් රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාව අද කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය…

Read More

ශ්‍රී ලංකා කණ්ඩායමේ සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණට මෙවර ලෝක කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමට ඉඩ ඇති බව වාර්තා වෙයි. ඔහුගේ වම් පාදයේ කලවා ප්‍රදේශයේ ඇති වූ ආබාධය හේතුවෙන් මෙලෙස විස්සයි20 ක්‍රිකට් තරගාවලිය බොහෝවිට අහිමිවීමට ඉඩ ඇත. විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වූ තෙවන තරගය ඔස්ට්‍රේලියාවට එරෙහිව ඉකුත් 16 වනදා පැවැති අතර එම තරගයේදී මතීෂ පතිරණ මෙලෙස ආබාධයකට ලක්වී තිබුණි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සමඟ සාකච්ඡා පවත්වා තිබේ. මෙම හමුව ඊයේ (17) කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික ස්ථාවරත්වය සහ ඒ සඳහා වත්මන් රජය දැක්වූ කැපවීම පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සිය ප්‍රසාදය පළ කළාය. තවද, ස්වභාවික විපත්වලින් සිදුවූ හානි සහ පවතින ආර්ථික අභියෝග සාර්ථකව කළමනාකරණය කිරීම සඳහා රජය ක්‍රියාත්මක කරමින් පවතින වැඩපිළිවෙළ පිළිබඳවද එහිදී විශේෂ අවධානය යොමු වූ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි. මේ අතර, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර ද හමුවක් සිදුව…

Read More

නැගෙනහිර පැසිෆික් සහ කැරිබියන් කලාපයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට කියන බෝට්ටු තුනකට එල්ල කළ ප්‍රහාරවලින් 11 දෙනෙකු මිය ගොස් ඇති බව ඇමෙරිකානු හමුදාව පවසයි. විදෙස් වාර්තා සඳහන් කළේ නැගෙනහිර පැසිෆික් කලාපයේ යාත්‍රා දෙකක සිටි අටදෙනෙකු සහ කැරිබියන් කලාපයේ යාත්‍රාවක සිටි තිදෙනෙකු මෙලෙස මියගොස් ඇති බවය. සැප්තැම්බර් මාසයේ සිට ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය කැරිබියන් මුහුදේ සහ පැසිෆික් සාගරයේ මත්ද්‍රව්‍ය යැයි සැකකරන බෝට්ටුවලට ප්‍රහාර 40 කට වඩා සිදුකර තිබේ. අමෙරිකානු බුද්ධි අංශ තොරතුරු මත මෙම ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකාව පවසයි. කෙසේවෙතත් ජනවාරි මස මුලදී අමෙරිකානු හමුදාව විසින් වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මධුරෝ අල්ලා ගැනීමෙන් පසු ප්‍රහාර එල්ල කිරීම සැලකිය යුතු ලෙස අඩු…

Read More

උතුරු, උතුරුමැද, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ දකුණු පළාත්වල විටින් විට වැසි ඇති වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප. ව 1න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Read More

යුද හමුදා නිලධාරීන් 20 දෙනෙකු සඳහා දුම්රිය රියදුරු පුහුණුව ලබා දීමේ තීරණය තාවකාලිකව නතර කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන සහ මහාමාර්ග නියොජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි. ඔහු පැවසුවේ දුම්රිය රියදුරන්ගේ මෙම වැඩ වර්ජනය හේතුවෙන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ඒ සඳහා බලපෑමක් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර මෙම පියවර ගත් බවය. ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා, “ඇත්තටම අපි මේක පිළිකුළෙන් යුතුව හෙළා දකිනවා. මොකද පහුගිය දිට්වා සුලි කුණාටුව පැවැති අවස්ථාවේදී යුද හමුදාව කොච්චර කැපවීමෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට, ප්‍රවාහන දෙපාර්තමේන්තුවට, අමාත්‍යාංශයට කොච්චර උදව් කළාද කියලා අපි දන්නවා දැනටමත් අපි…

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා අතර හමුවක් සිදුව තිබේ. ශ්‍රී ලංකා මහ බැංකු පැවසුවේ මෙම හමුවේදී, වත්මන් විස්තීර්ණ අරමුදල් පහසුකම යටතේ ලබා දුන් ස්ථිර සහයෝගය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට ක්‍රියාකාරීව පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ආචාර්ය නන්ද ලාල් වීරසිංහ මහතා සිය කෘතඥතාව පලකළ බවය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන යටතේ වත්මන් ශ්‍රී ලංකාවේ කාර්ය සාධනය සාර්ථක බව ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය එහිදී පවසා ඇත. ආර්ථික අර්බුදයෙන් පසු සාර්ව ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා මහ බැංකුවේ කාර්යභාරය සම්බන්ධයෙන් ද ඇය ප්‍රසාදය පලකර තිබේ. අවශ්‍ය ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ ආරම්භ කර…

Read More

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට දුම්රිය රියදුරන් තීරණය කර තිබේ. දුම්රිය රියදුරු ශ්‍රේණියට බඳවාගත් නවක රියදුරුන් සඳහා පැවැති රැස්වීමකදි දුම්රිය රියදුරන් ලෙස පුහුණු කිරීමට යෝජිත හමුදා නිලධාරීන් පිරිසකටද එම පුහුණුව ආරම්භ කිරීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස දුම්රිය සේවාවාරවලින් ඉවත් වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධව ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැති දීර්ඝ සාකච්ඡා අසාර්ථක වූ බැවින් අද සවස ලොකෝමොටිව් ඉංජිනේරුවන්ගේ විධායක කමිටු රැස්වීමක් පැවැති අතර එහිදී අද (17) මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය සේවාවාරවලින් ඉවත් වීමට ඔවුන් තීරණය කළ බව එම සංගමය පැවසීය.

Read More